සුබ අනාගතයක්

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    :rolleyes::rolleyes: සුබ අනාගතයක් :rolleyes::rolleyes:


    හිතේ හැටියට මුදල් වියදම් කර, හිතේ හැටියට කටවුට් ගසා, හිතේ ඇති තැන්වල ඉදි කළ නාම පුවරුවල දුටුවේ අපේ සුබ අනාගතය පෙන්වන රූප පෙළහරකි. ඒ සෑම එකකම රටේ ජනතාවගේ අනාගතය සුබ වන බව පෙර නිමිති පහළ කළහ.


    ජනවාරි 26 දායින් පසුව එළැඹුනේ සුබ අනාගතයේ කාලයයි. ජනවාරි 24 දින ප‍්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් විය. ජනවාරි 28 දින ජවිපෙ නායක සෝමවංශට මරණීය තර්ජන එල්ල විය. ජනවාරි 30 වන විට දශක හතරකට පසුව ලංකා ඉරිදා සංග‍්‍රහය පුවත්පතට සීල් තබා එහි කර්තෘ චන්දන සිරිමල්වත්ත අත්අඩංගුවට ගනු ලැබීය. පෙබරවාරි 08 වන දින ජෙනරාල් සරත් ෆොන්සේකා චෝදනා රහිතවම පැහැරගෙන යන ලදී. ඊට එරෙහිව ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහපාලනය සඳහා පැවැත්වීමට නියමිත වූ සංඝ සම්මේලනය හිටි හැටියේම ආරක්‍ෂක නොවන හේතූන් මත අතුරුදන් විය. ඊට අමතරව ජෙනරාල්ගේ සහායට පැමිණි විශ‍්‍රාමික යුධ විරුවන් චෝදනා රහිතව සිර ගෙවල් වල ගාල් කොට ඇත.


    ජනාධිපතිවරණ මැතිවරණ සමයේ ජෙනරාල්ට එරෙහිව මඩ පත‍්‍රිකා, පෝස්ටර් මුද්‍රණය කළ මුද්‍රණාලයක් වැටලූ බස්නාහිර පළාත් විශේෂ විමර්ෂණ ඒකකයේ ස්ථානාධිපතිවරයා වැඩ තහනමට ලක්ව ඇත. ජෙනරාල්ට එරෙහි මඩ පත‍්‍රිකා හා පෝස්ටර් විශාල ප‍්‍රමාණයක් සහිත නාවික හමුදා ලොරියක් අත්අඩංගුවට ගත් කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්‍ෂකගේ වැඩ තහනම් කොට ඇත. ටිරාන් අලස්ගේ නිවසට බෝම්බ ගැසුවේ නිල් බලකාය විසින් යැයි උසාවිය හමුවේ කියා සිටි වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනමට ලක් වී ඇත. මාතර, යාපනය, නෙල්ලඩි හා චුන්නාකම් වල ජෙනරාල්ගේ ඡන්ද ප‍්‍රතිශතය වැඩිවීම මත එම පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ වැඩ තහනම් වී ඇත.


    ආණ්ඩුවේ මැරයන් විසින් තංගල්ලේ දී කාන්තාවක් වෙඩි තබා මරා දමන ලදී. මහනුවර නාවලපිටියේ දී භික්‍ෂූන් වහන්සේ නමක් බෝම්බ ගසා අපවත් කරන ලදී. අම්බලංගොඩ නගර සභාවේ මන්ත‍්‍රි චන්ද්‍රදාස නයිදුවාවඩු ඝාතනය කෙරිණි. රාජ්‍ය ආයතන බොහෝ ගණනක ලංගම, ඛණිජතෙල්, වරාය, සමෘද්ධි, ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය වැනි ආයතන ගණනාවක දැනටමත් සේවක මාරුවීම් අරඹා ඇත. හමුදාව, පොලීසිය, ආගමික නායකයින්, ආගමික ආයතන රාජපක්‍ෂකරණය කරමින් සිටී.


    ආණ්ඩුව පවසන්නේ කුමක් ද? තමන්ගේ පාලනය කොයිහැටි වෙතත් බාරගන්නා ලෙසය. පාලකයාගේ සිට පාලනයට හවුල්ව ඇති උන්ගේ ද අවශ්‍යතාවය තමන්ගේ ජනතාවට තම පාලනය තහවුරු කිරීමය. තම පාලනයට එකඟවන පුද්ගලයන්ට වරදාන, වරප‍්‍රසාද හා සංතෝෂම් දෙන වත්මන් පාලනය තමන්ට විරුද්ධ වන්නන්ට සැලසුම් සහගත ලෙස මර්ධනය මුදා හරී. තම අධ්‍යාත්මය නොවිකුණූ කලාකරුවන්ට, මාධ්‍යවේදීන්ට හා දේශපාලකයන්ට එම මර්ධනය දිනපතා එල්ල වෙමින් පවතී.


    මේ අරඹා ඇති පාලනය ජනතාවට නොවැටහුනත් සරලව සිතිය නොහැක. මුළු මහත් ජනතාවම කොතරස් ආලෝකය තිබුණත් අඳුරේ ජීවත් වීමට හුරු වෙමින් සිටී. දේශපේ‍්‍රමය නමැති ආයුධය අසුව තිබෙන්නේ භයානක කල්ලියකටය. ඔවුන් සිහිමද ගතියෙන් යුක්තව හැසිරෙන නිසා අනාගතය සුබ විය හැකි අයුරු සිතාගත හැක. තවමත් ඔබේ දොරට ඔවුන් තට්ටු කර නොමැති විය හැක. එහෙත් අද නොව හෙට ඔවුන්ගේ ගොදුර බවට ඔබ පත් විය හැක.


    එහෙයින් අනාගතය සුබ වීම සඳහාත් වර්තමාන සමාජයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහාත් අප සියලූ දෙනා එක් විය යුතුය. දැන් අරඹා ඇති සටන කෙළවර කළ යුත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා ගැනීමෙන් පමණකි. මෙය මැතිවරණ සටනක් තුළ පමණක් කළ නොහැක. උකටලීව බිය වී යටහත්ව සිටින ජනතාව මුදා ගත හැක්කේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් වූ පුළුල් ජනතා බලවේගයකට පමණි. ඒ සඳහා අප සූදානම් විය යුතුය. වර්තමාන සමාජයේ අපට කිසිදු දෙයක් සටන් කොට මිස දිනාගත නොහැක. අප යටහත්ව නොසිට සටන් කළ යුතුය. ආරම්භක මොහොතේ ජයග‍්‍රහණ අවම වුවද, අවසානයේ දී ජයග‍්‍රහණ ලැබිය හැක. එහෙයින් ධෛර්යය ගෙන අවබෝධයෙන් යුක්තව සටන අරඹමු!



    "අද දවසේ දරුණුම ඛේදවාචකය වනුයේ නපුරු මිනිසුන්ගේ දුෂ්ට ක‍්‍රියා නොව යහපත් මිනිසුන්ගේ නිහඬතාවය බව මතක තබා ගන්න”
    - මාටින් ලූතර් කිං -



    Source :- http://8freebirds.blogspot.com/2010/03/blog-post_19.html
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,002
    113
    wadak nah ban katha karala....ape rateth innawa harak set ekak...maha rajwa wadakaraya kiyala hithan set ekak...
     
    • Like
    Reactions: urajdrlk

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    http://www.elakiri.com/forum/showthread.php?t=483875

    ජාතකපොත අස්සේ හසුන් පතක්


    උමංදාව කියවාගෙන යන කොට ඔන්න බොලං පිස්සාට පොත අස්සේ තිබී ලවු ලෙටරයක් හමුවිය.මෙය ලවු ලෙටරයක් කීවාට ඉලවු ලෙටරයක්ද වේ.මෙය කවරකු විසින් කුමන කරුණක් අරභයා කාට ලියන ලද්දක් දැයි මට තවමත් මීටර් වන්නේ නැත.එසේ වුවත් සීයා කීවේ මෙය බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් විසින් සතර කෝරලය බාර හාමුදුරු ගොල්ලට යවාපු ලෙටරයක් කියාය.රජ්ජුරුවෝ අති ධාර්මිෂ්ට බව පිස්සා දැනටමත් දන්නා බැවින් ලෙටරයේ ආමන්ත්‍රණ කොටස සහ නැට්ට කොටස පිස්සා විසින් සම්පූර්ණ කොරන ලදී.


    ලෙටරය මෙසේය;


    සතර කෝරලය භාර මහතෙරුන්නාන්සේලා වෙත බුද්ධි ගෝචරවය,
    ජීවිතාලය ඇති තෙරුනි,


    තොපි වහන්සේලා වනාහි අනවශ්‍ය කර්තව්‍යයකට අතගසා ඇත්තාහු යයි බලු ගැත්තාට දැනගන්නට ලැබී ඇත.ඒ නම් නවම් මසැ සිවු ඌන විසි ලත් ගුරුදා මාගේ අභීත රාජ්‍ය පාලනයෙට කොණහනු පිණිසැ මහ සඟසමුළුවක් පවත්වන්නටැ යන බවයි.තොපි වහන්සේලා විසින් කොටැපියැයුතු අප්‍රමාණ කාරියන් තිබියැදී මාගේ අසුවල් ස්ථානයමැ අතගා බලාපියන්නට සැරැසීම නම් ඒකාන්තයෙන්ම හිතකර නොවන්නාහුය.මා විසින් රට තුළැ පාලනය කටයුතු සෝලි කොතෙකුත් ඇතත් තොපි වහන්සේලාගේ සෝලියට පොලු මුගුරු රැගත් වසලයන් කිහිපදෙනෙකු එවාපීම වැඩියක් නොවන්නේය.ඉදින් උන් ආපීනම් තොපි වහන්සේලාගේ මුඬුහිස් පළාපියා තූතූ කොටැ හැරපියනු ඇත.තවද ඩප්පියක් දෙකක් පුපුරවාපියා කිහිපනමක් ස්වර්ගස්ථ කොටැපීමද නොවියහැක්කැයි නොසිතමි.


    මා තුළ ඇති ශාසනාලය තොපි වහන්සේලා නොදන්නාහු ය.තෙරවරුන් නම් තොපි වහන්සේලා පමණක්ම නොවන බව ප්‍රඥාගෝචර කටපියැ යුතුය.එනයින් බලාපියන කලැ මට කම්කරන්නාවූ රතුඑළියේ අතනයා වුවද මහතෙරනමක් කොටැපියා ශාසනය වඩවන්නට මටැ බැරි නොවේ.සෙසු කෝරල තුනටැ සෙප්පඩවිජ්ජා චක්‍රවර්තී මේ දහවල එල්ලානන්දයාද,දඩුවේ උම්මාලෝකයාද,සුළුන්නාවේ කොමඞ්ගලයාද පත්කොටැපියමි.මෙපවත් තොපි වහන්සේලා වෙතැ හුදෙක් ඉතකමටමැ ලියා එවමි.කිරුබාහර සෝලිය සමයේ ඔරු බැඳි සියඹලාවැ භාරවැ සිට දැන් මාහට කම්කරන්නාවූ කරන්නාගොඩ අප්පුහාමි නම් පණ්ඩකයා අතැ මේ හසුන තොපි වහන්සේලා වෙත එවාපියමි.


    ඉදින් තොපි වහන්සේලා මා කියන්නක් නොඅදහන්නාහු නම් ස්වර්ගරාජ්‍යයට යවාපියන දින වකවානුද පරිච්ඡින්නකොටැ ඇතිබව ශාසනාලයෙන් දන්වමි.


    මේ වගට,
    බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ වම්හ


    Thanks a lot for original writer. :) :)


    Original :- http://palaamalla.wordpress.com/2010/02/16/ජාතකපොත-අස්සේ-හසුන්-පතක්/


    Part 1 :- http://www.elakiri.com/forum/showthread.php?t=483862

    Part 2 :- http://www.elakiri.com/forum/showthread.php?t=483864

    Part 3 :- http://www.elakiri.com/forum/showthread.php?t=483865

    Part 4 :- http://www.elakiri.com/forum/showthread.php?t=483869

    Part 5 :- http://www.elakiri.com/forum/showthread.php?t=483870

    Part 6 :- http://www.elakiri.com/forum/showthread.php?t=483873

    Part 7 :- http://www.elakiri.com/forum/showthread.php?t=483875

    Part 8 :- http://www.elakiri.com/forum/showthread.php?t=483877
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,002
    113
    suba anagathayak kiyana themawa..ara hariyata nikan bala kiri dose ada neme heta wage....hamada suba anagathayak kiyanawa...etha oya kiyana anagathaya kawadawath suba wena patak penenna naha..
     
    suba anagathayak kiyana themawa..ara hariyata nikan bala kiri dose ada neme heta wage....hamada suba anagathayak kiyanawa...etha oya kiyana anagathaya kawadawath suba wena patak penenna naha..
    :lol:දැන් 3/2 ඕනළු නේ:rolleyes: ඒක වැරදුනොත් කියාවි දැන් ඉතිං මක් කොරන්නද කියලා?:P
     
    • Like
    Reactions: urajdrlk

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    හිතේ හැටියට මුදල් වියදම් කර, හිතේ හැටියට කටවුට් ගසා, හිතේ ඇති තැන්වල ඉදි කළ නාම පුවරුවල දුටුවේ අපේ සුබ අනාගතය පෙන්වන රූප පෙළහරකි. ඒ සෑම එකකම රටේ ජනතාවගේ අනාගතය සුබ වන බව පෙර නිමිති පහළ කළහ.

    Sira Ban Eka Nam Eththa

     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    "අද දවසේ දරුණුම ඛේදවාචකය වනුයේ නපුරු මිනිසුන්ගේ දුෂ්ට ක‍්‍රියා නොව යහපත් මිනිසුන්ගේ නිහඬතාවය බව මතක තබා ගන්න”
    - මාටින් ලූතර් කිං -

    නිදාගෙන සිටින මිනිසා ඇහැරවිය හැක...
    නමුත් , බොරුවට නිදාගෙන සිටින මිනිසකු කවරකලෙකවත් නැගිටවිය නොහැක..
    - gora -
     
    හිතේ හැටියට මුදල් වියදම් කර, හිතේ හැටියට කටවුට් ගසා, හිතේ ඇති තැන්වල ඉදි කළ නාම පුවරුවල දුටුවේ අපේ සුබ අනාගතය පෙන්වන රූප පෙළහරකි. ඒ සෑම එකකම රටේ ජනතාවගේ අනාගතය සුබ වන බව පෙර නිමිති පහළ කළහ.

    Sira Ban Eka Nam Eththa

    ආ..ඒ කියන්නෙ ඒතරං වියදං කරන්න කට්ටියකට හොඳටම සුබ වෙලා තියනවා කියන එකනේ.අනේ වාසනාවන්:dull:
    අර පචායුදේ පහුගිය කාලෙ පඩියවත් ගත්තෙ නැතිලු.ඉතිං ඒවගේ අයට කොහෙන්ද දන්නෑ ඔයතරම් කාසි පනං?
    :angry:
     
    "අද දවසේ දරුණුම ඛේදවාචකය වනුයේ නපුරු මිනිසුන්ගේ දුෂ්ට ක‍්‍රියා නොව යහපත් මිනිසුන්ගේ නිහඬතාවය බව මතක තබා ගන්න”
    - මාටින් ලූතර් කිං -

    මාර්ටින් ලූතර්ට අප්‍රිකාව වගේ (තවමත්)ඉතා දුක්ඛිත රටක මිනිස්සුන්ගේ ඇස් අරවන්න පුලුවන් වුනත්,මේ හිටගෙන නිදාවැටෙන එහෙය්යන් අවදි කරන්න ඒ වගේ ලූතර්ලා දහසක් ඉපදුනත් ලේසි නෑ.:(
     

    tharindu143

    Well-known member
  • Mar 5, 2007
    2,769
    82
    48
    On the way.....
    ආ..ඒ කියන්නෙ ඒතරං වියදං කරන්න කට්ටියකට හොඳටම සුබ වෙලා තියනවා කියන එකනේ.අනේ වාසනාවන්:dull:
    අර පචායුදේ පහුගිය කාලෙ පඩියවත් ගත්තෙ නැතිලු.ඉතිං ඒවගේ අයට කොහෙන්ද දන්නෑ ඔයතරම් කාසි පනං?
    :angry:

    ස්භාව ධර්මය විසින් මිනිසා යන සත්වයට බුද්ධියක් ලබා දී ඇත්තේ සිතිමටය
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    "අද දවසේ දරුණුම ඛේදවාචකය වනුයේ නපුරු මිනිසුන්ගේ දුෂ්ට ක‍්‍රියා නොව යහපත් මිනිසුන්ගේ නිහඬතාවය බව මතක තබා ගන්න”
    - මාටින් ලූතර් කිං -

    නිදාගෙන සිටින මිනිසා ඇහැරවිය හැක...
    නමුත් , බොරුවට නිදාගෙන සිටින මිනිසකු කවරකලෙකවත් නැගිටවිය නොහැක..
    - gora -

    1st ekkena dannawa me second ekkena kawuda :P(jk)
     

    tharindu143

    Well-known member
  • Mar 5, 2007
    2,769
    82
    48
    On the way.....
    මාර්ටින් ලූතර්ට අප්‍රිකාව වගේ (තවමත්)ඉතා දුක්ඛිත රටක මිනිස්සුන්ගේ ඇස් අරවන්න පුලුවන් වුනත්,මේ හිටගෙන නිදාවැටෙන එහෙය්යන් අවදි කරන්න ඒ වගේ ලූතර්ලා දහසක් ඉපදුනත් ලේසි නෑ.:(

    නිදහස් නිවහල් ජාතියක් ලෙස අප කෙතරම් ආඩම්බර වුවද බුද්ධිමත් ජාතියක් ලෙස අපට ආඩම්බර විය නොහැක.