සුභ උපන්දිනක්

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අන්තර්ජාලයේ මිතුරන් වට වූවා...
    ෆේස්බුක් එකක් කියලා නම පැතිරූවා...
    වි‍නෝදයට නව මිතුදම් බිහි වූවා....
    කොයි කවුරුවත් නිතරම වගෙ එහි ආවා.....

    උ පෙළ ලියා අවසන් කරලා ඔන්න.....
    හා හා පුරා කියලා ඔන්ලයින් වෙන්න.......
    ඩී ඇක්ටිව් ගිනුම යලි ඇක්ටිව් වෙන්න...
    ආවා දිනක් මුහුනු පොතට මං මෙන්න.....

    අමුතු අමුතු මිතුදම් ඉතිරී ගොසිනේ.....
    සිනිදු සිහින් මල් යහනාවක් ලෙසිනේ......
    පළමු වරට දුටුවෙමි ඔබෙ නම ලදුනේ...
    නමුදු ඔබව නම් නෑ තවමත් පෙනුනේ.....

    කොයිවැනි අයෙකු උව තව නොදුටුවෙමි ඔයා....
    යනතර මුහුනු පොතෙ ලිංකුව දමං ගියා.....
    ආසයි හිතවතුන් ඇසුරට නොයෙක් දිහා....
    ඒකයි කවි කලේ අදහස් මෙහෙම ලියා.......

    පාට පාට රූප ගොඩක් මෙහි දාලා.....
    ආල වඩන සිතුවිලි හද ඇති කරලා....
    කරුණාවන්ත හදකින් හසරැල් පුදලා...
    පාලුව කාන්සිය මදකට නතර කලා....

    මිහිරිය ඔබෙ වදන් චැට් ලිස්ට් එක පිරුණ......
    සුමුදුය එහි අරුත හදවතෙ කැටි ගැසුන.......
    වියැලුනු කතරෙ නිල්වන් ගගුලක් ලෙසින...
    මිහිරියෙ කව්ද ඔබ කියලා කියනු මැන.....

    දිනයෙන් දිනය කාලය ගත වී ඇත්තේ.....
    අදමෙන් දැනේ මුල් දින අමතක නැත්තේ.....
    වසර කිහිපයක් දැං ගතවී ඇත්තේ.........
    ඉදිරි වසරටත් චැට් මද කළ යුත්තේ.... ? :(

    ආසයි ඔබව මගෙ දෑසින් දැකගන්න.....
    ලේසියි නොවෙද ස්කයිප් එකෙ වැඩගන්න....
    එනමුත් බැරිද ගෙදරින් අවසර ගන්න......
    එහෙනම් එන්න මග තොටකදි හමුවන්න....

    රිප්ලයි දකින තුරු මගෙ සිත නලියනවා....
    සරණක් නොමැති ලෙස හැල්මේ දුව යනවා....
    පවනක් විලස ඔබ මගෙ මතකෙට එනවා....
    ඉක්මන් කලොත් නං අද හෙට ජය වෙනවා..

    මැයි දහ අට වෙනිදා ගතවෙන සිකුරු දින.....
    දහනව වෙනි උපන් දිනයත් ලබපු දින.......
    මෙතෙක් කාලයක් ඇති වූ මිතු දමින.....
    දෙන්නම් යමක් මං තුති පඩුරක් ලෙසින....

    යෙහෙලිය වැනිය ඔබ මට ජය ගෙන ආවා....
    විශ්වාසයට ඔබ කියු දේවල් ඇසුවා...
    වස්දොස් දුරැර දුක් දොම්නස නැති වේවා...
    තිස් තුන් කෝටියක් දෙවිවරු රැක දේවා..
    ..


     
    • Like
    Reactions: sameerasadaru

    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    Bump-620x303.png





    rep iwarailu macho:(
     
    • Like
    Reactions: Dinushasankalpa