සුමන හිමි අත්අඩංගුවේ
සුමන හිමි අත්අඩංගුවට ගැනීම හෙළා දකිමින් පොදු අපේක්ෂක මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්
දේශීය 2010 ජනවාරි 23 වෙනි සෙනසුරාදා, 23:21
නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය දැක්වීම සඳහා එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භික්ෂූ සංවිධානයේ ලේකම් පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් පොදු අපේක්ෂක මාධය ඒකකය සිය විරෝධය දක්වා ඇත. එම මාධ්‍ය ඒකකය මගින් නිකුත් කළ නිවේදනයක් මගින් මේ බව දක්වා ඇත. එම නිවේදනය මෙසේය.
සරත් ෆොන්සේකා මහතාට සහය දක්වන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා දරන උත්සහයන් දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.
ජරාජය අභිමුව සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ විජයග්‍රාහී ජනාධිපතිධූර අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය දක්වන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සහ මර්දනය කිරීම සඳහා ක්‍රියාත්මක කරන ඉතා පහත් පෙළේ ක්‍රියාදාමයන් අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය දක්වන පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන් වැඩසිටින මාලිගාවත්ත බෝධිරාජාරාම විහාරස්ථානයේ තිබී ආයුධ තොගයක් සොයා ගත් බව පවසමින් අත්අඩංගුවට ගැනීමට මේ මොහොතේ කටයුතු කරමින් සිටිනවා. උන්වහන්සේගේ විහාරස්ථායේ තිබී අත්බෝම්බ 50 ක් සහ ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක් සොයා ගත් බව පොලිසිය ප්‍රකාශ කර සිටී. මෙය ඉතා හාස්‍යට කරුණක් බව අප සැමට ඉතා පහසුවෙන් තේරුම් ගැනීමට හැක. මෙතරම් යුධ උපකරණ සංඛ්‍යාවක් සොයා ගැනීමට නම් එය පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පිහිටා තිබිය යුතු බව අප කවුරුත් තේරුම් ගත යුතුයි.
මෙවැනි ප්‍රකාශයන් තුළින් පැහැදිලි වන එක් කරුණක් වන්නේ පරාජය දැක දැක එයින් වියරු වැටී සිටින රාජපක්ෂ ජනාධිපතිවරයා ප්රමුණ ඔහුගේ සහචර ඥාති පවුලේ තවත් එක් ක්‍රියාකාරකමක් ලෙස මෙය ක්‍රියාත්මක වන බවයි. මීට පෙරද ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය දක්වන දේශහිතෛෂී ජාතික මධ්‍යස්ථානයේ සභාපති දඹර අමිල හිමියන්ද මෙවැනිම බොරු චෝදනාවක් එල්ල කරමින් අත්අඩංගුවට ගත් බව අප කාහටත් අමතක නෑ. මෙවැනි පහත් පෙළේ ක්‍රියාකාරකම් තුළින් විජයග්‍රාහී ජනාධිපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ජයග්‍රහණය නවතාලීමට කිසිවෙකුටත් නොහැකි බව අප තරයේ ප්‍රකාශ කර සිටිමු.
පොදු අපේක්ෂක මාධය ඒකකය.