සුරංගනාවියක්

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    :(පුදුම සංවේදී කථාවක්.පියෙකුගේ ආදරය සහ අසරණ කම මටනම් කියාගන්න වචන නැති තරම්. ඒ තරම්ම දුක හිතුනු කථාවක්. ඇස්වලට කදුලු ආපු සංවේදීම කථාවක්. කිවල බලන්න. ඔයාලට දැනුන විදය ලියල යන්න.:(


    ස්තූතියි කේට් ! ... සත්තකින්ම ඔයා සුරංගනාවියක්


    2011 වසරේ අපේ‍්‍රල් 29 වැනිදා ලෝකයේ බොහෝ දෙනෙකු මෙන්ම ඩයමන්ඩ් මාෂල් ද විලියම් - කේට් රාජකීය විවාහය රූපවාහිනියෙන් නැරැඹුවාය. එහෙත්, ඒ වනවිටත් සය හැවිරිදි ඩයමන්ඩ් සිටියේ රෝහලේ සයනයක් මතය. පුංචි ඩයමන්ඩ් දරුණු පිළිකාවකින් පීඩා විඳිමින් ජීවත්වන්නට ඉතිරිව තිබෙන දින ගණින දැරියකි. එහෙත්, බලාපොරොත්තු මිනිසුන් ජීවත් කරවන බවට ඇති කථාව සත්‍යයකි. ඩයමන්ඩ්ට තිබුණේ එකම එක බලාපොරොත්තුවක් පමණි. ඇය ඒ බලාපොරොත්තුව තම පියාට කීවාය.

    ''තාත්තෙ එතකොට කේට් කියන්නෙ ඇත්තම කුමාරිකාවක්ද? සුරංගනා කථාවල ඉන්නවා වගේ ඇත්තම කුමාරිකාවක් නම් මට ඇයව මුණගැහෙන්න ඕන. ඔයාට පුළුවන්ද මට ඒක කරලා දෙන්න.''


    article20126160cee99b90.jpg


    ඩයමන්ඩ් සුරතල් ලෙස අසද්දී ඇයගේ පියා ලයාල් ඇය වැළඳ ගත්තේ උතුරා යන දරු සෙනෙහසිනි.''ඔව් ඩයමන්ඩ් මම ඔයාට පොරොන්දු වෙනවා. ඒ වෙනුවෙන් මම උපරිම උත්සහ කරනවා කියලා. ඒත් ඒක ලේසි වැඩක් නම් නෙවෙයි.'' ඔහු ඩයමන්ඩ්ට කීවේය.සැබැවින්ම ලයාල් පියෙකු ලෙස අන්ත අසරණ බවකට පත්ව සිටියේය.''අම්මත් නැති අසරණ දරුවා. මේ තරම් ඉල්ලන දේවල් තියෙද්දි ඩයමන්ඩ්ට ඕනේ කේට්ව මුණගැහෙන්න විතරමද?'' ඔහු සිය දෙවැනි බිරිය සමඟ කීවේ කඳුළු පිරි දෙනෙතිනි. මීට සිව් වසරකට පෙර ඩයමන්ඩ්ගේ මවද පිළිකා රෝගය නිසා ජීවිතයෙන් සමුගත්තාය. ආදරණීයන්ගෙන් සමුගැනීමේ වේදනාත්මක අත්දැකීම හොඳහැටි හඳුනන ලයාල් දියණියගේ ලොකුම බලාපොරොත්තුව ඉටු කිරීම වෙනුවෙන් කැපවුණේය.''අපි “Children’s wish” පදනමට ලියුමක් ලියමු.'' ලයාල් දියණියට යෝජනා කළේය. 1984 වසරේ ඇරැඹුනු කැනඩාවේ “Children’s wish” පදනම දරුවන්ගේ සිහින සැබෑ කරදීමට උත්සහ දරන සුබසාධන ආයතනයකි. මේ වනවිට දරුවන් 17,000 කගේ පමණ සිහින මෙම අගනා ආයතනය හරහා හැබෑ වී තිබේ.ඩයමන්ඩ්ද තම හීනය හැබෑ කර ගැනීමේ අරමුණින් ලිපියක් ලීවාය.

    diamondmarshall.jpg


    ''මම ඩයමන්ඩ් විලියම් කුමාරයාගේ අම්මා ඩයනා කුමරිය නම් සමහරවිට මම ගැන අහලා ඇති. ඇය මගේ අම්මාත් එක්ක ස්වර්ගයේ ඉන්නෙ කියලා මම දන්නවා. අම්මා එහෙදි මං ගැන කියනවා කියලා විශ්වාස නිසා ඩයනා කුමරිය මාව දන්නවා ඇති. ඇත්තටම මට ඕන වෙච්චරයි. මම කේට් කුමරිය (සමාවෙන්න කැතරින් ආදිපාදවරිය) මුණගැහෙන්න කැමැතියි. ඇයත් මාව මුණගැහෙන්න කැමති නම් වෙලාවක් යොදා ගමු.''ඩයමන්ඩ්ගේ සිඟිති අකුරින් ලියැවී තිබුණේ එයයිග ලයාල් ද සිය දියණිය වෙනුවෙන් ලිපියක් ලීවේය.''මගේ පුංචි දුවට ඩිස්නිලන්තයට ගිහිං සුරංගනා ලෝකයක් ඇස් දෙකින් බලාගෙන නිදි කුමරියගෙ කථාවේ කුමාරිකාව එක්ක දිවා ආහාරය ගන්න තරම් සනීපයක්වත් කාලයක්වත් ඉතිරි වෙලා නැහැ. ජීවත්වෙන්න ඇයට තියෙන්නෙ බොහොම ටික කාලයක් විතරයි. ඇගේ පියා විධියට ඉතාම බැගෑපත්ව මම ඉල්ලා සිටිනවා කේම්බ්‍රිජ් ආදිපාදවරයා සහ එම ආදිපාදවරිය එකම එක විනාඩියකට මුණගැහෙන්න මගේ පුංචි දුවට අවසර දෙන ලෙසට. ඒ විනාඩිය මගේ දුවට ශක්තියක් වේවි. ඇගේ හීනය ඉටුවීම අපිට සදාතනික සැනසීමක් වේවි.'' ලයාල්ගේ ලිපිය අතිශය හැඟුම්බර වූවකි.''සිහින පිළිබඳ විශ්වාස කරන්නෝ එම සිහින සැබෑ කර ගනිති.'' පුංචි ඩයමන්ඩ් ද තම සිහිනය සැබෑ කර ගත්තාය. කැනඩා සංචාරය සඳහා පැමිණි විලියම් - කේට් යුවළ “Children’s wish” පදනමට දන්වා තිබුණේ තමන් දෙදෙනා ඩයමන්ඩ් මුණ ගැසීමට සතුටු බවයි.අවසානයේ ඒ සුවිශේෂී දිනය උදාවුණි. රෝස පැහැති ලස්සන ගවුමකින් සැරසුන ඩයමන්ඩ් හිසකෙස් ගැලවී ගිය තට්ට හිස මත රෝස පැහැ හිස පටියක් ද පැළඳ ගත්තාය. ඒ සුවිශේෂී මොහොතට ඇගේ පියා ලයාල් මෙන්ම සුළු මව වූ ඩැනියෙල් ද එක්ව සිටියාය.


    katediamondmarshall.jpg


    සුරංගනා කථාවල එන කුමාරිකාවක් තරම්ම සුරූපී, එතරම්ම කරුණාවන්ත කැතරින් කුමරිය සිය පෙම්බර කුමරාද සමඟ දැන් ඩයමන්ඩ්ගේ දෑස් ඉදිරිපිටය.ඇයට සියුම් ලැජ්ජාවක් දැනුණි. එහෙත් කැතරින් කුමරිය පුංචි දරුවන්ට සමීප වීමට දක්ෂය. අවසානයේ ඩයමන්ඩ්ගේ අතෙහි වූ මල් පොකුර ඇය කුමරියට පිළිගැන්වූවාය. කැතරින් කුමරිය පුංචි ඩයමන්ඩ්ව ආදරයෙන් වැළඳ ගත්තාය. ඒ හැගුම්බර මොහොතේ ඩයමන්ඩ් හැරුණු විට අනෙක් සියල්ලන්ගේම ඇස් කඳුළින් පිරුණි. විලියම් කුමරු පවා ඒ සංවේදී මොහොතේ දෙනෙතට ඉනූ කඳුළු සැඟවූයේ නැත. යළිත් වතාවක් ඩයමන්ඩ් වැළඳ ගැනීමට තරම් කැතරින් කුමරියද කම්පනය වී සිටියාය.

    katemiddletondiamondmar.jpg


    ''කේට් කුමරිය ඇත්තටම ලස්සනයි. මට හිතෙන්නෙ එයා TV එකේ පේනවට වඩා ඇත්තට ලස්සනයි. ඇය කිව්වා මම ඇයට දීපු මල්වලට ඇය ගොඩක් කැමැතියි කියලා ඒක සතුටක්.'' ඩයමන්ඩ් කියා සිටියේ මහත් වූ පී‍්‍රතියකිනි.''මට දැනෙන සැනසීම වචනවලට පෙරළන්න බැහැ. දැන් මට හිත හදාගන්න දෙයක් තියෙනවා. මගේ දුවගේ හීනෙ හැබෑ කරගන්න මට උදව් කරන්න පුළුවන් වුණා. මේ සතුට ඇයට තව දවසක් හෝ වැඩියෙන් ජීවත්වෙන්න උදව් කරාවි.'' ලයාල් කියා සිටියේය. ඔහුගේ දෑසේ ලියැවී තිබුණේ දියණියකගේ වේදනාබර සමුගැනීමකට සූදානමින් සිටින පියෙකුගේ අසරණ බව විය යුතුය.ඩයමන්ඩ් පසුවන්නේ ඉස්පාසුවක් නැති සතුටකිනි.''ඔයා හිතනවද විලියම් කුමාරයා කඩවසම් කියලා?'' මාධ්‍යවේදියෙකු ඩයමන්ඩ්ගෙන් විමසා සිටියේය.මදක් කල්පනාකාරී වූ ඇය කියා සිටියේ මාධ්‍යවේදියා කිසිසේත් බලාපොරොත්තු නොවූ පිළිතුරකි.''ඔව් ටිකක් විතර. ඒත් කේට් කුමරිය නම් ඇත්තටම ලස්සනයි. ඒ දෙන්නම හරිම හොඳයි. මම වැඩිපුර කැමැති කේට් කුමරියට.'' ඇය කීවාය.


    article20126160ceaca1f0.jpg



    126608catherineduchesso.jpg


    katemiddletonduchessofc.jpg
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    මේක කලින් එළකිරියේ සහෝදරයෙක් දාලා තිබුනා මචන්..සංවේදී කතාවක්..:(:(
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    14.gif
    මේක කලින් එළකිරියේ සහෝදරයෙක් දාලා තිබුනා මචන්..සංවේදී කතාවක්..:(:(

    Oh! Sorry Ban. mama dekke ne ban. :( goda dawasakin adai elakiriyata awe.:sorry::sorry::sorry::sorry::sorry::sorry:
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    14.gif
    ඒකට කමක් නැ බන්..
    නොදැකපු අයත් ඇතිනේ..
    එලස්...
    11.gif



    අරව බැලූ දැන්ම ....

    ස්තූතියි බන්. දාපු ත්‍රෙඩ් එක්ක දැම්මාම ගොඩක් අය කරන්නෙ බනින එකත ඒ අතින් උබල එලකිරි.
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    Repost උනාට කමක් නෑ.. හිත නතර උනා මේක දැකල මචන්..
    අය්යෝ ඇයි බන් පොඩි උන්ට මෙහෙම වෙන්නෙ..
    ඕනි තරම් වල් වනචර කැ# වැඩ කරන උන් මේ ලෝකෙ ඕනි තරම් ඉන්නවනෙ.





    :(
     
    Last edited:
    • Like
    Reactions: Mr:Virus

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    කෙට් සහ විලියම් ගොඩක් හොඳ අය වෙන්න ඕන................
    ගොඩක් වටින වැඩක් කරලා තියෙන්නේ..........
     
    • Like
    Reactions: Mr:Virus

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    චගු;10659453 said:
    Repost උනාට කමක් නෑ.. හිත නතර උනා මේක දැකල මචන්..
    අය්යෝ ඇයි බන් පොඩි උන්ට මෙහෙම වෙන්නෙ..
    ඕනි තරම් වල් වනචර කැ# වැඩ කරන උන් මේ ලෝකෙ ඕනි තරම් ඉන්නවනෙ.






    :(

    Ow ban. me podi ewu monawada danne. :(