සුරතල් නංගියෙ ශිරානි නැන්දා

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    සුරතල් නංගියෙ ශිරානි නැන්දා

    ]සුරතල් නංගියෙ ශිරානි නැන්දා

    නීතිය හොඳ හැටි කර නම්මා

    පොඩි අප රැක ගන්නට හදනා හින්දා

    නැන්දට මම වැන්දා



    අයියා කීවා මට හරි නෑ

    මහිනද මාම වැඩිය හොඳයි

    නිතරම අප ගැන සං-වේදී හින්දා

    මාමට මම වැන්ඳා




    නංගී එය හිතුවොත් වැරදී

    එතකොට නංගිට පවු සිදු වෙයි

    අප හට නීතිය කඩවෙනු බල බල

    නැන්දා දුක් වින්දා




    මාම කැරටුත් දෙන්නේය

    දුන්නම අයියත් කන්නේය

    මදිවී තව ඉල්ලන්නෙත් අයියයි

    බැන්නෙත් අද අයියයි




    කැරට් තියා මොනවා දුන්නත්

    මෝඩියෙ කොපමණ උඩ පැන්නත්

    නැන්දා මාමට වැඩිය හොඳයි මට

    නංගියෙ උඹ බැන්නත්




    යුද්දෙ බලන්නට එදා ගොසින්

    කොටියන් උතුරේ හිටිය නිසා

    කොටියන් මරලා පෙන්නුවෙ අයියේ

    මාම නොවෙද මගේ




    නංගිගෙ මාම කළුම කළුයි

    අපෙ නැන්දා නම් සුදුම සුදුයි

    එබැවින් නැන්දා මාමට වැඩියෙන්

    සුදු පාටින් ඉහළයි




    අයියේ සුදු නම් ලස්සනද

    පොල් බෑයත් හරි සුදු නේද

    එබැවින් අයියට සැමටම වැඩියෙන්

    ලස්සන පොල් බෑයයි




    නංගී හොඳ නෑ දඟ කෙල්ල

    කොයි දේකටවත් නෑ මෙල්ල

    නැන්දා නීතිය කඩා වැටෙන විට

    කඳුළු සළා හැඬුවා




    ඔය වචනේ අයියේ හරි නෑ

    අඬන්න නම් කාටත් බැරියෑ

    දවසක් අයියත් දොර ළඟ වැටිලා

    හූ කිය කිය ඇඬුවේ




    අපි දැන් මෙය බේරා ගනිමු

    රනිල් අයියාගෙන් ගොස් අසමු

    නැන්දද මාමද හොඳ කියලා

    එතකොට රනිල් අයිය කියයි




    ඔවු ඔව් මම ඒකට කැමතියි

    රනිල් අයිය ලවා බේරා ගනිමු

    යමු යමු අයියේ යමු යමු අය්යේ

    රනිල් අයියා ලඟටා




    රනිල් අය්යේ කරුණක් අසමී

    නැන්දද මාමද ද වැඩිය අගේ

    කරුණාවෙන් රනිල් අය්යා අප හට

    බේරා දෙනවා දෝ




    නැන්ද හොඳයි කීවත් වැරදී

    මාම හොඳයි කීවත් වැරදී

    එබැවින් නංගියෙ මල්ලියෙ පවසමි

    මමමයි හොඳය කියා:lol: :lol: :lol: :lol: [/QUOTE]
     
    • Like
    Reactions: erozan