සුරතලේට හෝ ඇති කරන්න තහනම් සතුන් වර්ග 7 ක්

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,039
    3,736
    113
    සුරතලේට හෝ ඇති කරන්න තහනම් සතුන් වර්ග 7 ක්

    ලංකාවේ සුරතලේට හෝ ඇති කරන්න තහනම් සතුන් වර්ග 7 ක්

    අපි ඕනම කෙනෙක් කැමතියිනේ හුරතලේට සතෙක් හදන්න. ගොඩක් වෙලාවට ගොඩක් කට්ටිය ඇති කරන්නේ බල්ලෝ නැත්තං පූසෝ තමයි. හැබැයි සමහරු පොඩ්ඩක් එතනින් එහාට ගිහින් ඔය හාවෝ, ගිනියා ඌරෝ, කුරුල්ලෝ එහෙමත් ඇති කරනවා. සමහරු නං අලි ඇතුන් වුනත් හදනවා. සමහරු බලපත්‍රයක් නැතුව හොරාට අලි පැටවු හදන්න ගිහින් උසාවිත් යනවා.

    කොහොම වුනත් මේ කියන්න යන්නේ සමහර වෙලාවට සමහරු දැනගෙන හෝ නොදැනගෙන සුරතල් සතුන් විදියට ඇති කරන්න උත්සාහ කරන, ඒත් නීතියෙන් ඇති කරන්න තහනම් සතුන් කිහිප දෙනෙක් ගැන තමයි. හතක් නෙවෙයි, එහෙම තහනම් සතුන් සෑහෙන්න ඉන්නවා. ඒත් මේ සතුන් හත සෑහෙන්න පොදුවේ දකින්න ලැබෙන නිසා තමයි අපි ලැයිස්තුගත කලේ. මේ සතුන් වනජීවී ආඥා පනතට අනුව ආරක්ෂා කළ යුතු සතුන්ගේ නාමලේඛණයේ ඉන්නවා.

    කවුරුහරි මෙහෙම සතෙක් ඇති කරනවා නම් ඔබට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්න පුලුවන්. ඒ වගේම ඔබට මේ වගේ සතෙක් ආබාධිත වෙලා හෝ හමුවුනොත් හුරතලේට ඇති කරන්න යන්නෙ නැතුව වහාම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වන්න ඕන. ඒක තමයි හරි ක්‍රමේ.


    1. දැඩි ලෙස ආරක්ෂිත ලැයිස්තුවේ සිටිනා කුරුළු වර්ග

    Illegal-Exotic-Pets-aniwa-01.jpg


    දැන් ඔය ගෙවල් වල ඉස්සර ගොඩක් වෙලාවට කූඩුවේ දාගෙන හැදුවේ ගිරව්. හැබැයි පස්සෙ පස්සෙ සමහරු විලාසිතාවටත් එක්ක එක එක විදියේ ලස්සන කුරුල්ලෝ කූඩුවල දාලා හදන්න පටන් ගත්තා. හැබැයි පු‍තෝ වනජීවී ආඥා පනත යටතේ දැඩි සේ ආරක්ෂිත ලැයිස්තුවේ ඉන්න කුරුල්ලෙක් හදලා අහුවුණොත් කෙලින්ම නඩු. පැස්තුඩුවා, දියකාවා, අලි මානාවා, හීන් බහුරු මානාවා, ජර්ඩන් සර්පකුස්සා, ර‍තෝදර රාජාලියා, කොණ්ඩ රාජාලියා, පෙරි කුරුලු ගොයා, කුරුලු ගොයා, තිත් ව‍ටුකුකුලා, අලු ව‍ටුකුකුලා, පඳුරු ව‍ටුවා, කතු කිතලා, උලු කැස්ව‍ටුවා, මහ ගොලු කිරළා, මූකලන් බස්සා, අ‍ටු බකමූණා, වැහි ලිහිණියා, මල් පිලිහුඩුවා, දුඹුරු කෑරලා, පොදු පරවියා, මාල කොබෙය්යා, ශ්‍රී ලංකා හබන් කුකුලා, අළු කෑදෑත්තා, මූකලන් කොට්ටෝරුවා, ගිරා මලිත්තා, සැළලිහිණියා ඒ ලැයිස්තුවෙන් කීපයක්. මීට අමතරවත් තව නම් ගණනාවක් ඔය ලැයිස්තුවේ තියෙනවා. දැන් තේරෙනවනේ ලස්සන පලියට නොදන්න සතුන් අල්ලගෙන ඇති කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් කියලා. මේ ලිස්ට් එක බැලුවොත් පේනවා අපි ඇති කලාට කමක් නෑ කියලා හිතාගෙන ඉන්න සමහර කුරුල්ලන්ව පවා ඇත්තටම ඇති කරන්න බෑ කියලා. උදාහරණයක් විදියට පරවියා.

    2. පිඹුරා

    Illegal-Exotic-Pets-aniwa-02.jpg


    දැන් ඔය අනුරාධපුරේ පොළොන්නරුව පැත්තේ වගේම කතරගම එහෙමත් දකින්න පුලුවන් පිඹුරෝ කරේ දාගත්තු වයසක උන්දැලා එහෙම. මේ අය කියන්නේ මේ හීලෑ කරපු පිඹුරෙක් කියලා. එතකොට ඔය සංචාරයේ, වන්දනාවේ එහෙම එන අයටත් පුලුවන් පිඹුරව කරේ දාගෙන ෆොටෝ කෑල්ලක් ගන්න. හැබැයි ඉතින් සෑහෙන ගාණක් අය කරනවා. විදේශිකයින්ගෙන් එහෙම ගාණ කපනවා ලෙසටම. හැබැයි වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කියන්නේ පිඹුරා කියන්නේ ඇති කරන්න තහනම් සතෙක් කියලා. එහෙම ඇති කරලා නඩු දාපු අවස්ථා පවා තියෙනවාලු.

    3. දඬු ලේනා

    Illegal-Exotic-Pets-aniwa-03.jpg


    ඔය ඈත පළාත් වල සමහරුන් දඬු ලේන්නු අල්ලගෙන ඇති කරලා අහුවෙලා තියෙනවා විතරක් නෙවෙයි, දඬු ලේන්නුන්ව මරලත් තියෙනවා. හැබැයි ශ්‍රී ලංකාවේ ජාතික සත්වයා විදියට හඳුනාගෙන තියෙන දඬු ලේනා ඇත්තටම වඳවීමේ තර්ජනයට මුහුණ පාලා තියෙන සතෙක්. ඒ නිසා දඬු ලේනෙක් අල්ලගෙන සුරතල් සතෙක් විදියට ඇති කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්. ගොඩක් වෙලාවට ශ්‍රී ලංකාවේ මධ්‍යම සහ ඌව ප්‍රදේශවල තමයි දඬු ලේන්නු දකින්න ලැබෙන්නේ.

    4. වල් හාවා

    Illegal-Exotic-Pets-aniwa-04.jpg


    දැන් ඔය පිටරටින් ගෙන්නන පුලුන් බෝල වගේ ඉන්න හාවන්ව ඇති කරන්න කිසිම තහනමක් නෑ. උන්ව බලාකියාගෙන හදාගන්න එක ටිකක් අමාරු වැඩක් තමයි. හැබැයි ඉතින් ලස්සනට හුරතලේට බෝල ගෙඩි වගේ ඉන්නවනේ. ඒක එහෙම වුනාට ඔය ලංකාවේ කැලවල් වල ඉන්න වල් හාවෙක් කූඩුවේ දාලා හුරතල් කරලා ඇති කරනවා කියන්නේ අහුවුනොත් දඬුවම් ලැබිය හැකි වරදක්.

    5. මුවා, ගෝණා

    Illegal-Exotic-Pets-aniwa-05.jpg


    ගොඩක් වෙලාවට එක්කෝ කතරගම පැත්තට යනකොට එහෙම දකින්න පුලුවන් දර්ශනයක් තමයි මිනිස්සුන්ට ලං වෙලා කෑම එහෙම කවන්න පුලුවන් විදියට හීලෑ කරලා ඇති කරන මුවෝ. ගොඩක් වෙලාවට ඒ පැත්තේ හොටෙල් වලින් එහෙමත් ඔය වැඩේ කරනවා. හැබැයි කොයි තරම් හුරතලේට හිටියත් මුවෝ ඇති කරන්න බෑ. ඒක දඬුවම් ලබන්න පුලුවන් වරදක්. ඒ එක්කම ගෝන්නු වුනත් ඇති කරන්න තහනම්.

    6. ඉබ්බෝ සහ කැස්බෑවෝ

    Illegal-Exotic-Pets-aniwa-06.jpg


    මතක ඇතිනේ පහුගිය දවස්වල සුදු කැස්බෑවෙක්ව හොරකං කලා කියලා නඩු යන කේස් එකක් වුනා. ඇත්තටම ලංකාවේ ඉබ්බෝ වර්ග කීපයක් සහ කැස්බෑවෝ වර්ග කීපයක්ම ඉන්නේ දැඩිසේ ආරක්ෂිත සත්වයින්ගේ ලැයිස්තුවේ. පාකර්ගේ ගල් ඉබ්බා, කිරි ඉබ්බා, තාරකා ඉබ්බා හෙවත් මාවර ඉබ්බා කියන ඉබි වර්ග මේ අනුව ගෙවල්වල හුරතලේට ඇති කරන්න බෑ. එතකොට කැස්බෑවෝ ගත්තොත්, ඔළුගෙඩි කැස්බෑවා, ගල් කැස්බෑවා, පොතු කැස්බෑවා හෙවත් ලෙලි කැස්බෑවා, බ‍ටු කැස්බෑවා, දාර කැස්බෑවා කියන කැස්බෑ වර්ගත් එහෙම හිතෙන විදියට හුරතලේට ඇති කරන්න බෑ. දඬුවම් ලබාදෙන්න පුලුවන් එහෙම ඇති කරලා අහුවුනොත්.

    7. ආරක්ෂිත ලැයිස්තුවේ මත්ස්‍යයෝ

    Illegal-Exotic-Pets-aniwa-07.jpg


    දැන් ලංකාවේ ඕන තරම් ටැංකි වල දාලා මාලුන්ව ඇති කරනවනේ. මෙහෙම මාලු ඇතිකරන අයගෙන් සමහරු මාළු ගන්නේ සුරතල් මසුන් ඇති කරමු කියලා ගහලා තියෙන කඩෙන් තමයි. නිකම්ම නෙවෙයි, එතන ඉන්න අය්යගෙන් හොඳට අහලා බලලා, එකට ඇති කරන්න පුලුවන් මාළු මොක්කුද කියලා හොයලා එහෙම පොතේ හැටියට තමයි මාළු ඇති කරන්නේ. හැබැයි තව සමහරු ඉන්නවා ටැංකියක් ගත්තා, අහුවෙන මාළු ටිකක් ඒකට දැම්මා, වත්ත පහළ ඇලෙන් හරි වෙලෙන් හරි අහුවුණු මාලු දෙතුන් දෙනෙකුත් ඒකට දැම්මා ටයිප් එකට වැඩ කරන. ආන්න ඒ අයට තමයි මේ කියන්නේ. ආරක්ෂිත මත්ස්‍යයන්ව එහෙම ඇති කරන්න බෑ. ලයන් ‍ෆිෂ්, ඩස්කි ඒන්ජල් ‍ෆිෂ්, රීගල් ඒන්ජල් ‍ෆිෂ්, ඩොටඩ් බටර්ෆ්ලයි ‍ෆිෂ්, බැට්‍ෆිෂ්, පෙතියා, අසෝක පෙතියා, බන්දුල පෙතියා, පතිරණ සාලයා මේ ආරක්ෂිත මත්ස්‍යයින්ගෙන් සමහරක්. හැබැයි ඉතින් නම් තිබ්බට අපි දන්නෙ නෑනේ. ගොඩක් වෙලාවට වෙන්නේ ලස්සන මාලුවෙක් නං අල්ලලා ටැංකියක දාන එක.

    වඩාත් ඇඟට ගුණ දේ තමයි සුරතල් මසුන් ඇති කරමු කඩේ අය්යා කියන විදියට ගෝල්ඩ්‍ෆිශ්ලා ටිකක්, එහෙම බැරි නං සාරි ගප්පි ටිකක් ඇතිකරගෙන ඉන්න එක.


     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,986
    1
    9,808
    113
    Gampaha
    කිරි ඉබ්බෙක් අපේ ගෙදරත් හිටිය.. ගමනක් යනකොට පාරෙ ඉදල වාහනේට දාගෙන අරන් ආවෙ. හැබැයි ඌ ආගිය අතක් නෑ, මෙහෙ උන් කිරි ඉබ්බන්ව කනව බන්.. මොකෙක් හරි හොරකම් කරල. අඩේ උන්ව හදන්න බැරිද බන්..
     

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    "හැබැයි ශ්‍රී ලංකාවේ ජාතික සත්වයා විදියට හඳුනාගෙන තියෙන දඬු ලේනා ඇත්තටම වඳවීමේ තර්ජනයට මුහුණ පාලා තියෙන සතෙක්." :confused:
    "There is no official national animal in Sri Lanka even though the elephant, lion, and grizzled giant squirrel are locally considered as such." - Wikipedia
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    හොඳ ත්‍රෙඩ් එකක් මචන්..:)
    දඬු ලේන්නුනම් ගෙවල් වල කූඩු කරලා ඉන්නවා දැකල තියෙනවා බං සමහර තැන් වල.. මුවෝ එහෙමත් සමහර වතුවල ඉන්නවා..:sorry: