සුරත් සුවය

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
සුරත් සුවය

attachment.php

ඔබට මේ සටහන කියවන්න යැයි මම ඇරයුම් කරමි. මේ මෑත කාලයේදී අන්තර් ජාලයෙහි ඉහළම ස්ථානයක් ලබා ගත් ගීතයකි. මේ ඒ පිළිබඳව කියවීමකි..

නිල් වරළ පුරා මල් අතුරලා
බිඟුන් මත් කරන
රන් මුව මඩලින් රැස් විසුරුවා
තෝඩුන් දිදුලවන
නිම්නාද දී යන සත් ස්වරයෙන්
දෙසවන් සිල් බිඳින
හදසෙන් වැදි ගජසෙන් මඩිනා
දෙව්ලියේ ඔබ කවුද ….

ශෘංගාරී මගේ හද විල් තීරයේ
බැස කිමිදෙන්න…
දැහැමින් බැඳ උන් සලෙලුන් මුදමින්
සුරත් සුවය විඳගන්න ….

මල් මකරන්දයෙන් නා දළු තෙමා
මීවිත බොන්න
පෝසඳ අසලින් පුන්සඳ තියා
සාවුන් සිප ගන්න…
හද හද බැඳී, ගත ගත වෙලී යන
මේ රැය පුරාවට
වීණා වැයුමට සකි පන්සිළු හට
ඇරයුම් කරන්නද…

මේ නඳුන් උද්‍යානයේ දැහැනින් සුව වින්ද
සිත බොළඳ වෙයි සසැලෙයි
සොඳුරියේ නුඹ නිසාමද …..


මේ ගීය මතුපිටින් පෙනෙනවාට වඩා බොහෝ ප්‍රබල ගීතයකි. වෙනත් සාමාන්‍ය ගීයක මෙන් ස්ථායී කොටසක් සහ සමාන අන්තරා කොටස් දෙකක්ද මෙහි නොමැත. අසමතුලිත සංගීත රටා ගීය පුරා විසිරී තිබෙන මේ ගීතය නිකම්ම නිකන් වචන හරඹයක්ද නොවේ.. එසේනම් මෙය අන් ගීත අතුරින් සුවිසෙස් ගීතයක් වන්නේ කෙසේදැයි යන්න විමසා බලමු…

නිල් වරළ පුරා මල් අතුරලා
බිඟුන් මත් කරන
රන් මුව මඩලින් රැස් විසුරුවා
තෝඩුන් දිදුලවන
නිම්නාද දී යන සත් ස්වරයෙන්
දෙසවන් සිල් බිඳින
හදසෙන් වැදි ගජසෙන් මඩිනා
දෙව්ලියේ ඔබ කවුද ….

කාන්තා රූපකායක් යනු ක්ෂණයකින් පිරිමි සිතක් ඇද බැද තබාගන්නා දෙයකි. එය මෙලොව කාහටත් පොදුවූ අත්දැකීමකි. නමුදු මෙතන කතා නායකයා එවැනි සාමාන්‍යවූ කෙනෙක් නොවේ. ඔහු සිත දියුනු කල භෞතික ලෝකය හා නොගැටී සිටීමට උත්සාහ කල අයෙකි. හදිසියේ නෙත ගැටෙන ( හෝ සිත ගැටෙන ) ස්ත්‍රී රූපයක් නිසා මොහුගේ මේ සිතේ සමාධිය බිඳ වැටෙන අයුරු ගීතයෙන් කියැවේ.
නිල් වරල පුරා පැලඳූ මල් වල සුවඳින් හා තෝඩුවල ස්වරයෙන් හා ඇගේ රූපශ්‍රීයෙන් ඔහුගේ දැහැන බිඳවැටේ. “හද සෙන් වැද ගජසෙන් මඩිනා ඔබ කවුද ” යනුවෙන් ඔහු විමසයි. මේ වචන ගීතය තුල ඉතා ප්‍රභලත්වයක් ගෙන එයි. ගජසෙන් යනු ඇත් සේනාවකි,ඇත් පවුරකි. ඔහු කිසිම බාහිර අරමුණක් තම සිතට ඇතුලු නොවන්න ඇත් පවුරක් මෙන් සිත රැකගත් අයෙකි. එහෙත් ඒ ඇත් පවුර බිඳගෙන හදවතට ඇතුලුවූ මේ ස්ත්‍රිය කවුද යනුවෙන් ඔහු ඔහුගේම සිතින් විමසයි…

ශෘංගාරී මගේ හද විල් තීරයේ
බැස කිමිදෙන්න…
දැහැමින් බැඳ උන් සලෙලුන් මුදමින්
සුරත් සුවය විඳගන්න ….

මෙතනදී කෙරෙන්නේ ස්වයං පාපෝච්චාරණයක් වැනිවූ දෙයකි. ඔහු ඒ මනසින් හෝ පියවි ඇසින් දුටු ස්ත්‍රියට රාගිකව ඇළුම් කරයි.දැහැමින් බැඳ උන් සලෙලුන් යනු මේතාක් සිතෙහි බලහත්කාරයෙන් යටපත්කොටගෙන තිබූ රාගී සිතුවිලිවේ. එය දැන් මුදාහරින්න ඔහුට උවමනාවී ඇති සැටියකි. “සුරත් සුවය ” – සුරත් යනු බහු විධි අරුත් දෙන සිංහල බසෙහි එන වදනකි. තද රතු පැහැය, රාගීබව මෙන්ම කෙනෙකුට හුරුවූ අත යන වදන් එහි අරුත් වේ. ( මෙය බොහෝ අය දකුණු අතයැයිද පවසයි. ) මෙතනදී මේ මනසින් පමණක් ස්ත්‍රියක් හා එක්වන ඔහු සුරත් සුවය විඳීම යනුවෙන් අදහස් කරන්නේ මින් කුමන අරුතද යන්න ඔබට පැහැදිලි වනු ඇත..

මල් මකරන්දයෙන් නා දළු තෙමා
මීවිත බොන්න
පෝසඳ අසලින් පුන්සඳ තියා
සාවුන් සිප ගන්න…
හද හද බැඳී, ගත ගත වෙලී යන
මේ රැය පුරාවට
වීණා වැයුමට සකි පන්සිළු හට
ඇරයුම් කරන්නද…

මල් මකරන්ද යනු මල් පැණි වේ. නා දළු සාහිත්‍යයේ උපමා කෙරෙනුයේ ස්ත්‍රී තොල් වලටයි.නා දළු තෙමා මී විත බීම ඔබ දනී. එසේම මෙයට මීටත් එහා ගිය අර්ථයක් උවද යමෙකුට දීමට හැක . එය එක් එක් කෙනාගේ ශෘංගාරාත්මක රසවිඳීම අනුව අර්ථකථනය වීමට පුළුවන. පෝදා සඳ සහ පුරසඳ පිහිටන්නේ එක ලඟය. පෝදා සඳට වඩා පෝදාට පසුදින සඳ ප්‍රමාණයෙන් හා ප්‍රභාවයෙන් විශාලය. එය පුරසඳයි. මෙතන ඉතාමත් සංයමයෙන් යුක්තව රචකයා ස්ත්‍රී පයෝධරයන් පිළිබඳව වර්ණනා කරති. සැවොම දන්නා කරුණක් ලෙස ගැහැණියකගේ පයෝධර සම ප්‍රමාණයේ ඒවා නොවෙති . එය විද්‍යාත්මක සත්‍යයකි . එකකට වඩා අනෙක ප්‍රමාණයෙන් විශාලවේ. සාහිත්‍යයට අනුව සාවා සිටිනුයේ හඳේ මැදය. සඳෙහි සාවෙකු මිස සාවුන් දෙදෙනෙකු නැත . එසේනම් සාවුන් යැයි බහු වචනයෙන් කියැවෙන්නේ ඇයිදැයි ඔබට සිතෙනු ඇත. මෙතන ප්‍රමාණ දෙකකින්‍ යුතු සඳවල් දෙකක් ගැන කියැවේ. එකක් පෝදා සඳයි.. අනික පුරහඳයි.. සඳවල් දෙකක් නිසා එහි සාවුන් දෙදෙනෙකු සිටී. සඳ මැද සාවුන් කවුරුන්දැයි දැන් ඔබට දැන් වැටහෙනු ඇත.. ඒ සාවුන් සිප ගැනීම ව්‍යංග්‍යර්ථයෙන් දක්වා ඇති අයුරු මනරම්‍ ලෙස ගීයෙහි සටහන්වේ..

මේ වේලාව අතිශයින් රමණීයය… හදින් හද ගතින් ගත වෙලීයන මේ වේලාවේ ඔහු පන්සිළු හට ඇරයුම් කරන්නදැයි අසයි. පන්සිළු යනු ශ්‍රක දෙවියන්ගේ වීණා වාදකයාය. මේවෙලේහී පවතින රසවත් බවට පසුබිම් සංගීතයක අගයක් ඔහුට දැනේ. මේ සුවයට අනුබල දෙන සංගීතයක් සැපයිය හැකි ශිල්පියෙකු ලොව වසයි නම් ඒ පන්සිළු ම හැර අනෙකෙක් නොවේයැයි ඔහුට සිතේ. එය ඔහුට එතරම්ම මාධුර්‍යවූ අවස්ථාවෙකි..

මේ නඳුන් උද්‍යානයේ දැහැනින් සුව වින්ද
සිත බොළඳ වෙයි සසැලෙයි
සොඳුරියේ නුඹ නිසාමද …..​

ඔහු වෙසන්නේ නදුන් උද්‍යානයේය. නදුන් උයන පිහිටන්නේ දිව්‍ය ලෝකයෙහිය. සිතු පැතූ සම්පත් දෙන නදුන් උයනක විසූවද ඔහුගේ සිත මේ ස්ත්‍රී රුව දැකීමෙන් බොළඳවී ඇත්තේ ඇයි..

නදුන් උයන යනුවෙන් උපමාකොට ඇත්තේ ඔහු මෙතෙක් කලක් රැකගත්තාවූ ඔහුගේ මනසයි. බාහිර කිසිවකගෙන් කිළිටි නොවන්නට ඔහු තම සිත සමාධිගත කොටගෙන ජීවත්වූයේය.එහෙත් හදිසියේ දුටු ( හෝ සිතෙහි පහලවූ ) මේ ස්ත්‍රී රූපය නිසා ඔහුගේ දැහැන බිඳවැටුනි. එය ඔහුටම පැණයකි. අවසන ඔහු, “සිත බොළඳ වෙයි සසැලෙයි සොඳුරිය නුඹ නිසාමදැයි විමසන්නේද එහෙයෙනි…

ශෘංගාරාත්මක ගීත කලාව අප රටට එතරම් හුරුවූ දෙයක් නොවේ. මේ ගීතයට පෙර මීටම තරමක් සමීප අදහසකින් එඩ්වඩ් ජයකොඩි ගායන ශිල්පියා ගැයූ ” සිරියහනේ ” ගීතය බිහිවිය. ඒ ගීයෙන්ද කියැවෙනුයේ හුදකලාව වසන පිරිමියෙකු මනසින් කාන්තාවක් පිළිබඳව එලඹෙනාවූ සරාගික හැඟීම් සමුදායක් පිළිබඳ කතාවකි.

නමුත් මේ ගීත දෙකෙහිම අසන්නාට වැරදි හැඟීමක් නොදැනෙන අයුරින් ඉතාමත් සංයමයකින් භාෂාව හසුරුවා තිබේ. කියන්න උවමනා දේ අමු අමුවේ නොපවසා සාහිත්‍යය රසයෙන් තනුක කොට මනරම් ලෙස පද හසුරුවා බස මෙල්ල කොටගෙන ඇත. මේ ගීතයෙහි එන පුදගලයාගේ මනසේ ඇතිවන කැළඹීම ගීයට යොදා තිබෙන සංගීත ස්වර මගින් අසන්නාට දනවයි.. ගීතයට පැහැදිලිව සවන්දීමේදී ඔබට ඒබව වැටහෙනු ඇත.

මේ මනරම් ගීතය රචනාකලේ නව පරපුරේ ගීත රචකයෙකු මෙන්ම ගායන ශිල්පියෙකු වන සාදර බණ්ඩාර විසින්.ඔහුගේ භාෂා හැසිරවීම කෙතරම් දක්ෂදැයි ඔබට මේ පද රචනාව තුලින් තේරුම් යනු ඇත. නව පරපුරේ ගායක සුපුන් පෙරේරාගේ ගායනයද අතිශයින්ම සිත්ගන්නාසුළුය. විවිධ හැඩතල යෙදූ තනුව ශිල්පී ශරිත එදිරිසිංහ ගෙනි..
සංගීතය ශිල්පී චරිත අත්තලගේ ගෙනි ….



source http://thewoman.lk/surath-suwaya-song/
 

Attachments

  • thewoman.lk-image-music.jpg
    thewoman.lk-image-music.jpg
    96 KB · Views: 218
  • Like
Reactions: Dodo Mahaththaya

foundation one

Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    oya wagemai pandama kiyana song ekath. eke meaning eka 1st comment ekema tiyanawa.





    ~ පන්දම විචාරය ~ මේ ගීතයේ මොකක් හෝ ශෘංගාරාත්මක තේරුමක් තියෙන්න ඕනි කියලා අහපු පළවෙනි දවසෙම හිතුණා.. ආයේ ආයේ අහද්දි තේරුණා මේකේ බොහොම අපූරු තේරුමක් තියෙනවා කියලා... මේකේ 'පන්දම' කියලා අදහස් කරන්නේ පුරුෂ පාර්ශවයේ ලිංගික හැඟීම/අවයවය කියලා තමයි මට හිතෙන්නේ.. ඇත්තටම ඒකේ සරලම වචනේ මෙතන කියන එක ශිෂ්ඨ සම්පන්න නෑ. 'පන්දම රැගෙන යන්න එන්න මා හදවතට' ඒ කියන්නේ රචකයාට අවශ්‍යයි මේ කාන්තාව සමඟ 'ඒ දේ' කරන්න. ඒත් ඒක නිකංම වෙන්න බෑ. ආදරයේ අන්තිම ඵලය විදියටයි ඒක වෙන්න ඕනි. ඒකයි 'පන්දම' අරන් යන්න කලින් මගේ හදවතට එන්න කියලා කියන්නේ... 'නෙතු දැහැන් බිඳිනා රන් සලුව ඇඳ' හැබැයි හදවතට එන්න ඕනි 'රන් සළුව' ඇඳගෙන. ඇයි මේ රන් සළුවක්? 'ඒකි පට්ට කෑල්ල බං. ඇඟ රත්තරං පාටයි' කියලා කොල්ලෝ කියන්නේ ඇඟේ පාට ගැන. ඉතින් එහෙනං මේ එන්න කියන්නේ දැහැන් බිඳින ඒ ඇඟේ පාට ඇඳුම විතරක් ඇඳගෙන. 😉 රාගයේ හැඟීමෙන් හදවත කම්පනය කරලා පන්දමේ තියෙන ගින්දර පපුවටත් දෙන්න කියලා තමයි මේ කියන්නේ.. "ලියතඹර ලෙලවා හද මඬල යට.. දෙන්න මැණිකෙ මගෙ පපුවට ගින්දර" 'පන්දම' ට විතරක් නෙවෙයි. මගේ පපුවටත් ගින්දර ඕනි.. මට 'ඒක' විතරක් කරලා වැඩක් නෑ. ඔයාගේ ආදරෙත් ඕනි. අන්න ඒකයි මේ කියන්නේ. මෙතනින් එහාට වචන යනවා ඉහල ස්වර පරාස වලට. සංගීතයත් උද්වේගකර වෙනවා. ඒ කියන්නේ හැඟීමේ උපරිම අවස්ථාවක්. 😉 'මේ දිගු දිවි කතරේ අතරමඟදි දැකලා නැතී.. රුවකට නෙත ගැටුණේ කතරක වැසි වැටෙනා දැනේ' මෙච්චර කාලයක් දැකලා නැති තරම් ලස්සන රූපයක්. ඒ රූපය නිසා 'අහවල්' කාන්තාරෙට වැසි වැටෙනවා දැනෙනවා ලු. 'වැසි' කියන්නේ මොනාද කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑ නේ.. 😉 'සිරි යහනේ ලණු ඉහිරී' සින්දුවේ 'නෙතට නුහුරු කඳුළු බින්දු' වගේ දෙයක්... 'හදවත පතුලේ යකු බෙර වැයුණේ තම්දෙන තානේනේ නා’ හදවත රාග හැඟීමෙන් පිරිලා..යකු බෙර වැයෙනවා... 'අනේ මගේ යකුනේ නටපන් හනිකේ තම්දෙන තානේනේ තානේනේ තානානේ...' හදවතේ රාග හැඟීම අරන් අනේ ඉක්මනට නටපන් යකුනේ කියලා බොහොම උද්වේගකර හැඟීමකින් 'යම් කිසි' ක්‍රියාවලියක් කරනවා.... ස්වයං(එක්කෝ ඕනි නෑ) 'ඉණ වට බැන්දා වූ මුතු පොට සැලෙනකොට.. පන්දම දැවෙනවා හද ගිනි ලවාගෙන..' බොහෝ විට මේ කාන්තාව ඇඳන් ඉන්නේ සාරියක් වෙන්න ඕනි. මොකද මුලින්ම මැණිකේ කියලත් කියනවා නේ. ඉන වටේ තියෙන මුතු කියන්නේ දාඩිය වලට වෙන්න ඇති. ඒ දාඩිය දකිනකොට 'පන්දම' දැවෙනවා ලු. 😉 හැබැයි නිකං නෙවෙයි. හදේ ගින්න ලබාගෙන. ඒ කියන්නේ රාගය විතරක් නෙවෙයි. ආදරය මිශ්‍ර වුණ රාගයක්... 'වැහි කළුව එනවා නුඹ නැති දාට.. හිත් අහසම පුරවා අන්ධකාරෙක' නුඹ දකින්න නැති දවසට මුළු හිතම 'වැස්සක්' නැති කළුවැක් විතරක් තියෙන අන්ධකාර අහසක් වගේ ලු... ඊට පස්සේ ආයෙත් උද්වේගකර හැඟීම...... 😉😉 මේ විදියට 'පන්දම' දවන, 'වැසි' වට්ටන, පන්දම අරන් හදවතට යන්න එන්න කියන ,යක්කු හනි හනික නටවන, සාරිය අඳින, මැණිකේ කවුද කියලා ධනිත්ගෙන්ම තමයි අහන්න වෙන්නේ... 😉😉
     
    • Like
    Reactions: buddikagayan