සුරත්_සුවය

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,602
    25,471
    113


    අනිවා අහලා බලපල්ලා :yes:

    සුරත් සුවය කියවීම - Prathap Eash

    ආධ්‍යාත්මයෙන් සංවර්ධනය වූද නිවුනු නිශ්චල වූ නිදහස් මනසක් හිමි වූද විල්තෙරක භාවනානුයෝගීව වසන තාපසයෙකුගේ චිත්ත ඒකාග්‍රතාවය බිදදමා, දිව්‍යමය සුන්දරත්වයෙන් හෙබි ශෘංගාරී ලඳකගේ රාගික ආගමනය මෙම ගීතයෙන් කියවෙයි. කෙටියෙන් කිවහොත් මෙම ගීතය යනු, ඔහුට ඇය ගැන හටගන්නා සරාගී සිතුවිල්ල හරහා මනසින් යෙදෙනා සරාගී චාරිකාව හෙවත් sensual trip එකයි. එහෙත් මට නම් මෙය psychological thriller එකකි. මක් නිසාද යත් මෙම ගීතය මා අර්ථකථනය කරන්නේ ලමයෙකුව සිට නව යොවුන් වියට එලඹෙන පිරිමියෙකුගේ මනසේ, රාගය නම් බීජය නිසා ගැහැණිය ගැන ඇතිවන මානසික විපර්යාසය ලෙසයි.

    නිසල විල්තීරය මදකට සසලව ඇත. ඇයගේ නීල කෙස් කලඹ සැරසූ මල්වල සුවඳට බඹරුන් මත්ව ඇතිබව මොහුගේ දිව්‍යමය ඇසට පෙනීයයි. ලාංකීය සාහිත්‍යය පුරා ගැහැණුන් ආභරන පලදා ඇත්තේ තම මුහුණ දීප්තිමත් කරගැනීමටය. ගැහැණියකගේ වැඩිවියට පත්වීම සමරන අවස්තාවේද නෑදෑ හිත මිතුරන් රන් ආභරන තෑගි කරන්නේ එම අදහසින්ම විය යුතුයි. එහෙත් මෙහි කියැවෙන ආකාරයට ඇයගේ තෝඩු දිදුලන්නේ ඇයගේ මුහුණේ පැහැය නිසාය. එවන් දිව්‍යමය සුන්දරත්වයක් ලග මොහුගේ සිත කලබල නොවීම පුදුමයකි.

    සංගීතය ලෙස බහුතරයක් පිලිගන්න සංකල්පය බොහෝවිට නිර්මාණය වන්නේ ස්වර 7ක් පදනම් කරගෙනය. ඇයගේ කටහඩ තුල ඔහුට සත්ස්වරය නැතහොත් සියලු සංගීතය ඇසේ. මුලින් සුවඳ නිසාද දෙවනුව පැහැය නිසාද දැන් කටහඬ නිසාද මොහුගේ පස්දොරින් ඇස, කන, නාසය යන තුනෙහිම මෙතුවක් රැකුනු සිල් බිදී ඇත.

    සේනාසනයක් යනු ධ්‍යාන ලැබූවන් භාවනානුයෝගීව වෙසෙන පිවිතුරු අසපුවකි. ගජ සේනාව යනු රජ සමයේ රාජ්‍යය වෙනුවෙන් යුද වැදුනු බලවත්ම සේනාවයි. එවන් බලවත් ගජසේනාවක් හා සමාන ශක්තියක් යොදා ආරක්ශා කල ධ්‍යානයක් බිද, එය සුනුවිසුනුකර මෙතෙක් සේනාසනයක් වැනි පිවිතුරු හදවතකට බලෙන් මෙන් සරාගී සිතුවිල්ලක් ඇතිකල ඔබ, කුමන දෙව්ලියක්ද?

    පිරිමියෙකුගේ කය උත්තේජනය ගැහැණියකට ඉතා ලෙහෙසිය. නමුත් හදවතේ කොනක ලැගුම් ගැනීම සියලු ගැහැණුන්ට කල නොහැක. රලු පිරිමි හදවතක් මුදු කිරීමට මුදු ගැහැණියක් හදවතේ කොහේ හෝ තැනක ලැගුම් ගෙන සිටිය යුතුමය. මෙසේ මුදුවන හදවත ඔහුව තවත් ජීවිතය නම් රිදවන සතුටෙහි බැද තබනු ඇත.
    ශෘංගාරී යනු අප විසින් බටහිර ගීත සාහිත්‍යයේ අසා ඇති sexy lady යන්නයි. විල්තීරයක බැස සිටි ඔහුගේ චිත්ත ෆැන්ටසිය ඔහු විසින්ම ඔහුගේ හදවතේ විල්තීරය වෙත ගෙන්වාගෙන ඇත. ඉතින් දැන් කිමිදෙන්න.

    මෙම පදපෙලෙහි මීලඟ කොටස ලාංකීය ගීත සාහිත්‍යය වෙනස් කිරීමට නියමිතය. වහෙන්ඔරෝ කියා තිබුනද කිසිදු කිසිවෙකු විසින් මෙතරම් ඍජුව වර්නනාත්මකව නොලියූ පෘතග්ජනව යථාර්තවාදී 'ස්වයං වින්දනය' හෙවත් masturbation නම් සංසිද්ධිය නිර්මාණාත්මකව පවසන්නේ කෙසේද යන්න රචකයා මනාව පැහැදිලි කොට ඇත. මෙහි සුර + අත යනු හුරු අත යන්නයි. මෙතුවක් හිතේ පැවති සල්ලාල ආශා බැඳ තැබුනේ ඔහුගේ ධ්‍යානයන් විසිනි. එම ආශා මුදාහැර ඔහු දැන් සිතින් සුරත් සුවය විඳිමින් සිටී.

    සුරත් සුවයක් නොවින්ද පිරිමියෙකු ලොව නැති තරම්. එවන් යථාර්තයක් ගැන කීමට කලාව මැලිවීම මට නම් පුදුමයක්. ළමයෙකුව officially වැඩිහිටියෙකු කරන්නේද මෙයයි. රාගය නොවින්ද ලමයෙකුගේ පලමු සුරාන්තය හෙවත් orgasm එකට සමාන හැඟීමක් රාගය බිඳ සිටි ඔහුට දැන් දැනෙනවා විය හැකිය. (ඉතිරිය ඊළඟට ඇති 02 කොටස comment එකෙන්)

    මීලඟට ඇත්තේ මා පුද්ගලිකව කැමතිම පදපේලියයි. සුරත් සුවය විඳින්නට ඔහුට පාදක වන ශෘංගාරී චාරිකාවයි.මෙතුවක් කවියන් නා දලුවලට ගැලපුවේ ගැහැණියගේ දෙතොල් පමණකි. නමුත් නා දලු ලෙස ඇත්තේ ඇගේ දෙතොල් පමණක් නොවේ. මකරන්ද(පැණි) වෑහෙන්නේ මුවගින් පමනක් නොවේ. එම නිසා රචකයා මොහු මීවිත මෙන් මෙසේ විඳින්නේ කුමන නා දලු යුගලක කුමන මකරන්දයද යන්න සිතීමට අපට අවස්තාව ලබා දී ඇත.

    උපමා කෙතෙක් අසා ඇතත් මෙවන් සුන්දර උපමාවක් කිසිදිනක අසා නැත. මට හැඟෙන පරිදි පෝ සඳ යනු පෝයදාට පායන සඳයි. පුන්සඳ යනු පසුව පිරිපුන්ව පායන සඳයි. පුන්සඳ පෝසඳට වඩා මදක් විශාලව දිස්වේ. ජීව විද්‍යාත්මකව ගැහැණියගේ එක් පියයුරුවක් අනික් පියයුරට වඩා විශාල වන්නේය. මෙලෙස උපමා කොට ඇත්තේ කුමක්ද යන්න දැන් ඔබට පැහැදිලි වනු ඇත. විශ්වය පරතෙර දැක තිබුනු ඔහුට සඳ හාවුන් මතක් වෙන්නට තරම් ඇය ඔහුව බොලඳ කොට ඇත. එම සඳ ද්විත්වය තවත් සුන්දර කරන සහ මොහු මෙහි සිපගන්න හාවුන් කවුද යන්නද ඔබට දැන් වැටහෙනු ඇත.

    මෙහි හාවුන් හෙවත් තනපුඩු යන්න වර්තමාන සමාජයේ එක් සංස්කෘතික මංසංදියක් ලෙස සැලකිය හැක. නිරූපිනියන් වුවද පියයුරෙන් බාගයක් නිරාවරණය කලද අතින් හෝ හාවුන් ආවරණය කරගනී. රැගුම් පාලක මණ්ඩලයන්වලද දර්ශකයක් ලෙස මෙය යොදාගැනේ. ලොවක් පෝශනය කරන සහ මිනිසෙකුගෙ පලමු ආහාරය සලසන මෙම උත්තරීතර අවයවය ආවරණය කිරීම මනෝ විද්‍යාත්මක ප්‍රතික්‍රියාවකි.

    හදෙන් හද බැඳී ගතින් ගත වෙලී මනසේ මේ සිතුවම අඳින්නට පසුබිම් සංගීතයක් තිබුනා නම් කියා ඔහුට දැන් සිතේ. මෙතෙක් දෙවියන් ඇසුරු කල ඔහුගේ හොද යාලුවෙකි පන්සිලු. පන්සිලු කියන්නේ ශක්‍රයාට සංගීතය සපයන්නා. ඉතින් මම පොරට එන්න කියන්නද?

    දෙව්ලොව ඇති සිතූ පැතූ සම්පත් සහිත උද්‍යානය නදුන් උයනයි. දිව්‍යාංගනාවන් පිරී හිටපු ඒ වගේ දිව්‍යමය සැප තිබෙන තැනකවත් ලෞකික දේවල්වලට ඇලුනේ නැති ඔහු වින්දේ ධ්‍යානයේ සුවය විතරයි. එවන් සිතක් නැවත බොලඳ කරන්නට වගේම එක් මොහොතකින් සසල කරන්නට ඇත්තටම හේතුවුනේ ඔබද?
    නොවටහා ගන්නා ලද සරාගී සිතුවිල්ලක් දැහැන් සිතකට මෙසේ බලපායි නම් නවයොවුන් වියට පැමිණි ඔබගේ සිත රාගය ඉදිරියේ කෙසේ සසැලෙන්නට ඇත්ද? ඔබෙන්ම අසන්න. රාගයෙන් තොරව තිබූ ඔබගෙ නිදහස් පිවිතුරු ලමා මනසද ඇත්තටම සසල කලේ ගැහැණියද?

    සාදරගේ සොඳුරු වදන් සරිතගේ මියුරු තනුව හා චරිතගේ Next Level සංගීතය සමග මුසුවුන සුපුන්ගේ ලාංකික ආර්ජිත් සිංමය හඬ ඔබව වශී කරනු ඇත. ලංකාවේ විශිෂ්ටතම සංගීතවේදියා චරිත බවට තවත් තහවුරු වනු ඇත.

    මාව විශ්වාස කරන්න. මේ Sri Lankan Modern Spiritual Sex Symphony එකයි. මේ ගීතය අසන වාරයක් පාසා ඔබ මෙයට ඇබ්බැහි වනු ඇත. අසන සෑම විටකම ඔබට මල්වර වියේදී ගැහැණියක ගැන හැඟුන මුල්ම ආදරණීය රාගික හැඟීම සිහිවනු ඇත. මනුෂ්‍ය හැඟීමක ඒ පලමු වසන්තය වෙත ඔබව රැගෙන යනු ඇත. ඔබව ශෘංගාරයෙන් නහවනු ඇත. ඔබ මත්වනු ඇත. මෙම සංගීතමය චාරිකාව ඔබට ජීවිතය හා ගැහැණිය කෙරේ ඇලෙන්නට තවත් හේතුවක් වනු ඇත.
     
    Last edited:

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,602
    25,471
    113
    machan me aththalage ge songs wala amuthu gathiyakui lassana arthekui thiyanawa neda Jazz lada kiyana song eka thawama release une nedda?

    :yes: ඒ උනාට අපේ උන්ට මේවගේ අගයක් නෑ, ඔන්න බලපන් ඉරාජ්ගේ විඩියෝ එක 9 රිලිස් උනාම මේකෙම ත්‍රෙඩ් කීයක් වැටෙයිද , ඒවට කමෙන්ට්ස් කීයක් වැටෙයිද කියලා :sorry:
     
    Mar 18, 2018
    25
    2
    0
    ඒ කියන්නේ මං ගෙදර හැමෝටම ඇහෙන්න සද්දෙට අහපු සින්දුවෙන් කියන්නේ @#තේ ගහපන් කියලද? සුරත් සුවය?
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    :love: චරිතගේ කම්පෝසින් ලස්සනයි.... පට්ට හැකියාවක් තියන කොල්ලේක්
    එ්වගේම සුපුන්ගෙත් කටහඩ නියමෙට ගැලපෙනවා.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,602
    25,471
    113





    :love: චරිතගේ කම්පෝසින් ලස්සනයි.... පට්ට හැකියාවක් තියන කොල්ලේක්
    එ්වගේම සුපුන්ගෙත් කටහඩ නියමෙට ගැලපෙනවා.


    :)