සුරාගෙන් ලෝක වාර්තාවක්
සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි. සිය පළමු ඉනිම ක‍්‍රීඩා කරන ඉන්දියානු කණ්ඩායම අයපහත කාළගුණික තත්වය මත තරගය නතර කරන විට කඩුලු 05ක් බිද වැටී ලකුණු 74ක් ලබා සිටියි.
ඊයේ තරගය නතර කරන විට ලකුණු 17කට කඩුලු 03ක් දැවී සිටි ඉන්දියානු කණ්ඩායමේ ලකුණු පුවරුවට තවත් ලකුණු 13ක් එක් වන විට සි්ව්වැනි කඩුල්ල ලෙස ලකුණු 04ක් ලබා සිටි අජින්ක්‍යා රහානේ දවා ගැනීමට දසුන් ශානක සමත් විය. ඉන් අනතුරුව යළි ක‍්‍රියාත්මක වුනු දසුන් මුලු ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 20ක් එක්වෙද්දී ඉන්දියානු ඉනිමේ පස්වන කඩුල්ල ලෙස ලකුණු 04ක් ලබා සිටි රවිචන්ද‍්‍ර අශ්වින්ගේ කඩුල්ල ද දවා ගැනීමට සමත් විය.
එක් අන්තයක කඩුලු බිදවැටෙද්දී ඉන්දියානු කන්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් සිටින චිතේෂ්වර් පුජාරා හතරේ පහර 09ක් සමගින් ලකුණු 47ක් ද රිද්දිමාන් සාහා ලකුණු 06ක් ලබා නොදැවී ක‍්‍රිඩා කරයි. ශ‍්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දුයැවීමක නිරත වූ සුරංග ලක්මාල් කඩුලු 03ක්ද දසුන් ශානක කඩුලු 02ක්ද බිද හෙළිමට සමත් විය.
මේ අතර ලෝක ටෙස්ට් පිටියේ අඛණ්ඩව වැඩිම නිලකුණු පන්දු සංඛ්‍යාවක් යොමුකළ පන්දුයවන්නා වශයෙන් සුරංග ලක්මාල් අද දිනයේ වාර්තා පොත් අතරට එක් විය.ඒ කිසිදු ලකුණක් ලබා නොදී පන්දු 46ක් යොමු කිරීමෙන්. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ජෙරම් ටේලර් එහි වාර්තාවට හිමිකම් කියු අතර , ඔහු 2015 වසරේදී ඔස්ට්‍රේලියාව සමග පැවැති තරගයකදී නිලකුණු පන්දු 40ක් යොමුකර ඇත.
පළමු ටෙස්ට් තරගයේ, කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර කල්කටා හි ඊඩ්න් ගාර්ඩ්න්ස් පිටියට ඊයේ (16) සිට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව නිසාවෙන්, පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය ආරම්භ වූයේ පැය 4ක පමණ ප්‍රමාදයකට පසුවයි.
………………………….vigasapuwath24x7 ඇසුරෙනි……………………