සුරේන්ද්‍ර පෙරේරා දඹුල්ල හෝටලයකදී යකා නට

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,586
    4,001
    113
    Lanka
    සුරේන්ද්‍ර පෙරේරා දඹුල්ල හෝටලයකදී යකා නට

    සුරේන්ද්‍ර පෙරේරා දඹුල්ල හෝටලයකදී යකා නටයි


    surendra.jpg



    තමාට එස්.එම්.එස් මනාප එවූ
    තරුණයාට සුරේන්ද්‍රගෙන් ගුටි

    සිරස සුපර් ස්ටාර් දෙවන අදියරත් සමගින් ජනප්‍රියත්වයට පත්වූ තරුණ ගායක සුරේන්ද්‍ර පෙරේරා ගිනිඅවි ළඟ තබාගැනීමේ චෝදනාව මත ලබන 27 වනදාට පෙර දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත්වරයා විසින් නියෝගකොට ඇත.


    ඒ දඹුල්ල හෝටලයකදී සිදුවූ ගැටුමකදී වෙඩි තැබීමට උත්සාහ කිරීමේ ඇතිවූ සිද්ධියක් මතයි.
    වාර්තා වන පරිදි සිද්ධිය මෙසේය.

    සුරේන්ද්‍ර පෙරේරා සහ ඔහුගේ යහළුවන් ඇතුළු පවුලේ උදවිය 12 දෙනෙකු පමණ පසුගියදා සිගිරිය බැලීමට විනෝද චාරිකාවක් ගොස් ඇති අතර රාත්‍රී කාලයේ දඹුල්ලේ හෝටලයක් ඉදිරිපිට වාහනය නවත්වා හෝටල් හිමිකරුගෙන්
    හෝටලයේ මත්පැන් පානය කිරීමට අවසර ඉල්ලා ඇත.
    එම ඉල්ලීම හෝටල් හිමියා විසින් ප්‍රතික්ෂේපකොට ඇති අතර සුරේන්ද්‍ර පෙරේරා ඇතුළු පිරිස හෝටලයෙන් ආහාර ඇනවුම් කොට වාහනය තුලට වී මත්පැන් පානයකොට ඇත.එහිදී තවත් තරුණයෙක්ද එම හෝටලයට පැමිණ ඇති අතර වාහනයේ සුරේන්ද්‍ර පෙරේරා සිටිනු දැක ඇත.

    සුරේන්ද්‍රගේ රසිකයෙකු වූ ඔහු වහා ගොස් සුරේන්ද්‍ර හමු වී තමාද ඔහුට එස්.එම්.එස් මනාප ලබාදුන් බව පවසා අතට අත දී ඇත.එහිදී කෝපයට පත් බීමතින් සිටි සුරේන්ද්‍ර පෙරේරා ඇතුළු පිරිස විසින් එම තරුණයාට පහරදී ඇත.
    හෝටලයේ ඇති පුටු මේස පිගන් පෙරලා දමමින් සුරේන්ද්‍ර ඇතුළු පිරිස විසින් එම තරුණයාට පහරදීම සිදුකොට ඇත.මෙම ගැටුම මැඩපැවැත්වීමට දඹුල්ල ප්‍රදේශවාසින් ද මැදිහත්වී ඇති අතර එවිට සුරේන්ද්‍ර හෝටලයෙන් පිටතට පැමිණ තමා සතුව ඇති ගිනි අවියක් ගෙන අහසට වෙඩි තබා ඇත.

    මේ සිද්ධියත් සමග ප්‍රදේශවාසින් විසින් මේ පිළිබඳව දඹුල්ල පොලිසියට පැමිණිලිකොට කොට ඇත.සිද්ධියේ බරපතලකම වටහාගත් සුරේන්ද්‍ර පෙරේරා ඇතුළු පිරිස වෑන් රියෙන් පලා යමින් සිටියදී පොලිස්
    අත්අඩංගුවට පත්වී ඇත.
    (22)
    දිනයේදී පැමිණිල්ලට අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී සුරේන්ද්‍ර පෙරේරාගේ නම පොලිස් පැමිණිල්ලෙන් කිසියම් බලපෑමක් මත ඉවත්වී තිබුන අතර ඔහු සමග සිටි අනෙක් පුද්ගලයින් පමණක් අධිකරණයට ඉදිරිපත්කොට ඇත.
    එහිදී පොලීසියෙන් මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රශ්නකොට ඇත්තේ සුරේන්ද්‍ර පෙරේරාට ගිනිඅවි ළඟතබාගැනීමට හැකියාවක් තිබුණේ කෙසේද යන්නයි. එහිදී පොලීසියෙන් පවසා ඇත්තේ සුරේන්ද්‍ර පෙරේරා සතුව තිබී ඇති ගිනිඅවිය බලපත්‍රයක් සහිත එකක් බවය.

    මහේස්ත්‍රාත්වරයා අනතුරුව පවසා නියෝගකලේ ගායකයින්ට ගිනිඅවි ළඟතබාගැනීමේ හැකියාවක් නොමැති බැවින් ලබන 27 වනදාට පෙර සුරේන්ද්‍ර පෙරේරා එම අවියද සමගින් අධිකරණයට ඉදිරිපත්කරන ලෙසයි.

    පහරදීමට ලක්වූ සුරේන්ද්‍රගේ රසිකයා සමන් මධුශාන් සෝමරත්න නම් තරුණයා මේවනවිට දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියි.


    TOP Comment
    s


    හොඳ වැඩේ අපෙ උන් ඕකුන්ට පු* දෙන්න යනවට... තව ගහපියව් SMS.
    ගොන් කතාව මේකයි

    මල්ලි: අයිය මමත් ඔයාට දුන්න අයියා . දුරෙන්ද : ඇ බෝල තොද මාව ලංකාවේ හොඳම ගායකයා කලේ. පල පරයෝ යන්න . තොහේ sms මට වෙඩක් නැහැ අඩෝ අපි කියක් වියදම් කරලද සිම් අරගෙන වැඩේ කලේ . ගහ පිය මූට . මල්ලියා ගුටි කමින් : අම්මෝ කොහෙද හිටපු ගොන් බයියෙක් මම වගේ මෝඩයෝ sms ගහල උඩ දාල දැන් හිටපු තැන ඉන්න විදිහ තමන් කවුද කියල මතක නෑ. අම්මෝ රිදෙනවා ජෝතිපාල මහත්තයාගේ සින්දු තොගේ වගේ විකුණන් කන්න ලජ්ජා නැද්ද පාහරයෝ ? තොට SMS ගහල රුපියල් දහය ගානෙ කපා ගත්ත ම ම ඇතුළු මෝඩයෝන්ට මෙහෙම වෙලා මදි නැහැදිච්ච තෝ වගේ උන් උඩ ගියාම උන් හැසිරෙන්න ඕන කොහොමද කියල දන්නේ නැහැ හැත්තෑ බුරුත්ත එක්ක පිස්සු කෙලින එක ඇරෙන්න . අම්මෝ රිදෙනවා

    Source : Internet/9

    :no::no::angry::angry::angry::angry:
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    onna eketh hati. api mokak hari damoth eka repost. ona ohe tibbaden :):lol:

    ah okata wada info mam daala tynwane
    යකෝ පෙරේදා වෙච්ච සීන් එකක් උඹ ඊයෙ උනා කියලා ඔය අද දාන්නෙ.
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මෙවනම් ඉතින් මම අනුමත කරන්නේ නැහැ. ඇත්තටම ගායකයෙක් කලා ලොකේ වැජභෙන්නේ රසිකයා හිනදයි.ඔය වැඩෙන් ජිවිතේට සුරෙන්ද‍්‍රට දඹුල්ලෙ සිංදු කියන්න හම්බ වෙන්නෙත් නැහැ.අනික එයාගේ කලා ලොකයටම කළු පැල්ලමක්.සුරෙන්ද‍්‍ර අද ඔතන ඉන්නේ ඒ රසිකයා එවපු එස්.එම්.එස් එක හින්දයි.එහෙම කෙනෙකුට ගහනවා කියන්නේ ඉතා පහත් කි‍්‍රයාවක්.මෙකයි මොන සෙල්ලම දලා උසාවියෙන් බේරුනත් සුරෙන්ද‍්‍රට වදින කළු ලෙබල් එක වැදිලා ඉවරයි.

    මෙයා මෙතන වැරදි ගොඩක් කරල තියනවා

    1.පුද්ගලයෙකුට පහර දීම.
    2.බිමතින් හැසිරිම/රිය පැදවිම.
    3.හොටලයේ බඩු වලට අලාභහනි කිරිම
    4.ගිනි අවියක් ලඟ තබා ගැනිම./වෙඩි තැබිම.
     
    Last edited:

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ගොන් හරක් බන්
    මුන්ට sms ගහපු එවුන්ට තමයි දැන් ආතල්
    පොඩ්ඩක් හොයල බලපන් මේ යකා
    සුපර්ස්ටා වෙන්න කලින් කොහෙද ජොබ් එක
    කරේ කියලා
    කාලකන්නි නුගත්තු
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ලකාවේ මුසික් වලට යන කල ගැන
    සෑහෙන්න සතුටු වෙන්න පුළුවන් ලොල්ස්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අර මේ ළගදි ඇමති කෙනෙක් කිව්ව වගේ බලය වැඩියෙන් එක් කේන්ද්‍රයකට ඒක රාශී උනාම මේක තමයි වෙන්නෙ

    බලයෙන් උද්දාමයට පත් වෙලා බලය අනිසි විදියට යොදාගන්නවා


    බලය වෙනුටට මේකට සල්ලි කියන වචනය අදේශ කරවලා කියවල බලන්න අන්න ඒක තමයි ඔය වෙලා තියෙන්නේ,ජනප්තියත්වය කියන එකත් ආදේශ කරන්න පුලුවන්
     

    ransing

    Well-known member
  • Feb 12, 2008
    5,420
    860
    113
    සලාපුරේ
    ගොන් හරක් බන්
    මුන්ට sms ගහපු එවුන්ට තමයි දැන් ආතල්
    පොඩ්ඩක් හොයල බලපන් මේ යකා
    සුපර්ස්ටා වෙන්න කලින් කොහෙද ජොබ් එක
    කරේ කියලා
    කාලකන්නි නුගත්තු

    සුපර්ස්ටා වෙන්න කලින් කොහෙද ජොබ් එක :- නගර සභවේ :eek: