සුලභතම transgender ශල්‍යකර්මයන්

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    :baffled::baffled: අප්පේ බං ඔරිජිනල් එක වගේමයි නේ, ගැනියෙක් ගනිද්දී හොදට හොයල බලන්න වෙයි වගේ ඉස්සරහට :angry::angry: :eek::eek:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අප්පා ගැනියෙක් වෙන්න මුන් විදින දුක
    5112034.png
     

    stealthgal

    Member
    Nov 4, 2015
    2
    0
    0
    Yes it is a painful journey. Specially when no one understand what you are going through.
    Aththatama godak duka hithena saha thanikama danena deyak. Whisheshayenma demapiyan Saha yahaluwanta meya therum ganeemata nohaki wu wita
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,028
    6,936
    113
    Nawala
    සුලභතම transgender ශල්‍යකර්මයන්


    පිරිමියෙක් ගැහැණියක් බවට පත් කරවන ශල්‍යකර්ම - Male-to-Female Surgeries

    මෙම ලිපියෙන් විමසා බැලීමට සූදානම් වන්නේ පිරිමියෙක් ගැහැණියක් බවට පත් කීරීමේ සංකීර්ණ ක්‍රියාදාමයේදී සිදුකරනු ලබන සුලභතම ශල්‍යකර්ම කිහිපයක් පිළිබඳවයි.ඉදිරියේදි මෙම ශල්‍යකර්ම පිළිබඳව වැඩි විස්තර තවත් ලිපි පෙළකින් ඔබ වෙත ගෙන ඒමට සූදානමින් සිටිමි.


    Orchiectomy - වෘෂණ ඉවත් කිරීම


    343px-Diagram_showing_how_the_testicle_is_removed_(orchidectomy)_CRUK_141.svg.png

    වෘෂණ ඉවත් කිරීම සිදුකරන අයුරු

    Orchiectomy යනු පිරිමියෙක්ගේ වෘෂණ ඉවත් කිරීමේ ශල්‍යකර්මයයි.සමහරක් transwomenලා මෙම ශල්‍යකර්මය සිදුකරගන්නේ vaginoplasty(ශිශ්නය ඉවත් කර ඒ වෙනුවට යෝනියක් පිහිටුවා ගැනිමේ ශල්‍යකර්මය )හෝ penectomy(ශිශ්නය ඉවත් කිරීම පමණක් මෙහි දී සිදුකරයි.)යන ශල්‍යකර්ම නොමැතිවයි.මෙම ශල්‍යකර්මයෙන් අනතුරුව ඊස්ට්‍රජන් ප්‍රතිකාරය සිදුකල යුතුය.ටෙස්ටොස්ටෙරෝන් අවහිර කිරීමට පසුව අඩු මාත්‍රාවක ඊස්ට්‍රජන් ප්‍රතිකාරය අවශ්‍ය වේ.



    Orchi-Post-Scrotectomy.jpg


    වෘෂණ ඉවත් කිරිමෙන් පසු





    Vaginoplasty - ශිශ්නය ඉවත්කර යෝනියක් පිහිටුවීම



    SchrangSRS7As.jpg

    ශිශ්නය ඉවත් කර නිර්මාණය කල යෝනියක්

    Vaginoplasty යනු ශිශ්නයේ පටක හෝ අන්ත්‍රවල පටක යොදාගෙන යෝනියක් නිර්මාණය කරන ශල්‍යකර්මයයි.මෙහිදී එතරම් සංවේදීත්වයක් නැති භගමණියක් හා ස්ත්‍රීයකගේ යෝනියක ඇති අනෙකුත් කොටස්ද නිර්මාණය කරයි.නමුත් එයට සත්‍ය යෝනියක් මෙන් ස්වයං ස්නේහනය/තෙත් වීම සහ විස්තාරණය යන ක්‍රියාවන් සිදු කිරීමේ හැකියාවක් නොමැත.






    Penectomy - ශිශ්නය ඉවත් කිරීම


    images

    ශිශ්නය ඉවත් කිරිමෙන් පසු

    Penectomy යනු ශිශ්නය ඉවත්කිරීමේ ශල්‍යකර්මයයි.මෙම ක්‍රියාවලිය සුලභව සිදු නොකරයි.සාමාන්‍යයෙන් ශිශ්නය ඉවත් කිරීමත් සමඟම යෝනියක්ද ස්ථාපනය කෙරේ. එනම් Penectomy ශල්‍යකර්මයත් සමගම Vaginoplasty ශල්‍යකර්මයත් සිදුකරයි.සමහරක් ශල්‍ය ක්‍රමවේදයන්හිදී ශිශ්නයේ සම යෝනිය පිහිටුවීමට භාවිත කරයි.එහි අරමුණ ශිශ්නයේ ස්නායුවල ලිංගික ප්‍රතිචාර්යතාවය යම් ආකාරයකින් ප්‍රයෝජනයට ගැනීමයි.





    Breast Augmentation - පියයුරු වර්ධනය කිරීම


    breast-augmentation2.jpg

    Breast Augmentation යනු පියයුරු වර්ධනය කිරීමේ ශල්‍යකර්මයයි.බොහෝමයක් shemale/TG නිරූපිකාවන්/නිලියන් මෙම ශල්‍යකර්මය සිදු කරගෙන තිබෙන බව ඔබට හොඳින්ව වැටහෙනවා ඇති.පියයුරු ස්වභාවිකව වර්ධනය කිරීම කරන්නේ ඊස්ට්‍රජන් හෝමෝනයේ උත්තේජනය ඔස්සේය.මෙම ශල්‍යකර්මය සිදුකිරීමට ප්‍රථමව අදාල පුද්ගලයාට සමාජය තුල ස්ත්‍රියක් මෙන් හැසිරීමේ හැකියාව තිබේ දැයි සහතික කර ගැනීම අනිවාර්‍යයෙන්ම සිදු කෙරේ.






    Reduction Thyroidchrondroplasty - තයිරොයිඩ් කෝමලාස්ථිය අඩු කිරීම


    Adamshaving5-150x150.jpg

    පුරුෂයන් වැඩිවියට පැමිණිමේදි ඔවුන්ගේ බෙල්ලේ ඇති කෝමලාස්ථිය (adams apple)ඉදිරියට නෙරා ඒම සිදුවේ.නමුත් ස්ත්‍රීන්ගේ එවැන්නක් සිදු නොවේ.transwoman කෙනෙක් කොතරම් ශල්‍යකර්ම සිදුකලත් ඔවුන්ගේ බෙල්ලෙ තිබෙන මෙම වෙනස ඔස්සේ ඔවුන් සත්‍ය ස්ත්‍රියක් නොවන බව හඳුනාගත හැකිය.නමුත් මෙම නෙරා විත් තිබෙන අස්ථි කොටස අඩුකිරීමේ ශල්‍යකර්ම පවා දැන් සිදුකෙරේ.මෙම ශල්‍යකර්මය මිලෙන් අධික මෙන්ම භයානක ප්‍රතිවිපාක ඇතිකල හැකි එකක් යැයි සඳහන්කල යුතුය. ශල්‍යකර්මය සිදුකිරීමෙන් අනතුරුව හුස්ම ගැනීමේ සහ ගිලීමේ අපහසුතා ආදී අතුරු ආබාධ රැසකට මුහුණ දීමේ ඉහළ අවධානමක් තිබෙන අතර මින් සමහරක් නැවත යථාතත්වයට පත් කල නොහැකි ඒවාද වේ.
    මෙවැනි ශල්‍යකර්මයකට නොයා පහසුවෙන්ම මෙම බෙල්ලේ ඇතිවන නෙරා ඒම වළක්වාගත හැකිය.ඒ වැඩිවියට පත් වීමට ප්‍රථමව ටෙස්ටොස්ටෙරොන් ප්‍රතිශතය අවම කිරීම ඔස්සේය.







    Voice Surgery - කට හඬ වෙනස් කිරීම


    phono_image1.jpg

    Voice Surgery හිදී ස්ත්‍රියකගේ කටහඬ ලබා ගැනීම සිදුකෙරේ.මෙම ක්‍රියාවලිය තවමත් ප්‍රමාණවත් ලෙස දියුණුවී නොමැති අතර මෙහිදී කටහඩේ තාරතාවය වෙනස් කෙරේ.ශල්‍යකර්මයට පෙර කථන චිකිත්සාව සිදුකරගැනීම අවශ්‍යබව වෛද්‍ය නිර්දේශයයි.





    Facial Feminization - මුහුණේ හැඩය වෙනස් කිරීම


    ffs-sagittal1.jpg

    Transwomen බොහෝදෙනෙක් උනන්දුවන ශල්‍යකර්මය වන්නේ මෙයයි.ස්ත්‍රියකගේ මුහුණේ ස්වභාවය ලබා ගැනීමට ප්ලාස්ටික් සැත්කම් අනිවාර්‍යයෙන් සිදුකරයි





    Buttock augmentation - තට්ටම් සහ උකුල වර්ධනය කිරීම


    images

    මෙම ශල්‍යකර්මය අවශ්‍ය වන්නේ පුරුෂයන්ගේ උකුල සහ තට්ටම ස්ත්‍රියකට වඩා ප්‍රමාණයෙන් කුඩා වන නිසාය.මේ නිසා MTF පුද්ගලයන් Buttock augmentation ශල්‍යකර්මය සිදුකර ගැනීමට යොමුවේ.ඔහු මල්වර වීමට පෙර හෝමෝන ච්කිත්සාවක් කර තිබේ නම් යම් ප්‍රමාණයකට උකුල් ප්‍රදේශය පළල් වීමක් දැකිය හැක.


    Source: http://goo.gl/EmnpZC
    @erozan It is your call..