සුවද හාදුවක් වගේ මට ඔබේ ආදරේ....

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
සුවද හාදුවක් වගේ මට ඔබේ ආදරේ....

සුවද හාදුවක් වගේ මට ඔබේ ආදරේ....
මියුරු ගීතයක් වගේ මට ඔබේ ආදරේ....
තුරුණු මීදුමක් වගේ මට ඔබේ ආදරේ....
හිතට සිසිලසක් දැනේ මට ඔබේ ආදරේ....

ඈත් පෙර අත්බවේ ඔබ මගේ වෙන්නැතී
අපිට අපි ආදරෙන් ළංවෙලා ඉන්නැතී
ඔය ලැමේ හිස තියා තුරුළු වී ඉන්නැතී
සෙනෙහසේ නාමයෙන් අපි අපේ වෙන්නැතී

සුවද හාදුවක් වගේ මට ඔබේ ආදරේ....
මියුරු ගීතයක් වගේ මට ඔබේ ආදරේ....
තුරුණු මීදුමක් වගේ මට ඔබේ ආදරේ....
හිතට සිසිලසක් දැනේ මට ඔබේ ආදරේ....

ඈත දුර සාගරේ හිරු ගිලී යන්නැතී
රැයේ ඔබ හා බැදී හාදුවක් දෙන්නැතී
කදුළු වැල් සගවලා හිනැහිලා ඉන්නැතී
ලොවට රහසින් අපි බොහොදුරක් යන්නැතී

සුවද හාදුවක් වගේ මට ඔබේ ආදරේ....
මියුරු ගීතයක් වගේ මට ඔබේ ආදරේ....
තුරුණු මීදුමක් වගේ මට ඔබේ ආදරේ....
හිතට සිසිලසක් දැනේ මට ඔබේ ආදරේ....