උබලට ගෙවන ගානට හරියට මඩක්වත් ගහන්න පුරුදුවෙයන්.
මෙතන තියෙන්නේ රටක අගමැතිලා දෙන්නෙක් අතරේ නිල වශයෙන් හුවමාරු වුණ ලියුම්නේ. හර්ෂ හිටියේ රනිල් අගමැති වුණ ආණ්ඩුවේ නෙවෙයිද? ඉන්දියාවේ අගමැති ලංකාවේ ඇමති කෙනෙක් එක්ක ලියුම් හුවමාරු කරගන්නවා කියලා හිතුවාද?
රනිල් (හෝ සිරිසේන) ඉන්දියාවේ ගිහින් Modi හම්බුණාම හර්ෂ තමයි ඕක යෝජනා කරලා තියෙන්නෙ. ඒකට රනිලුත් උදව් කරපු නිසයි Modi කැමති වෙන්නෙ. එහෙම නැතුව නිකන් ඇමති කෙනෙක් කියන දෙයක් කොහොමත් Modi ගනන්ගනීද
හර්ෂ ඕනවට වඩා සුවසැරිය ගැන කතා කරනවා තමයි, හැබැයි ඕක ගේන්න කලින් ඉඳලා පනික්කියයි GMOA එකේ අනාථයෝ ටිකයි කියපු බොරු ගහපු මඩ වල තරමට ඔහොම නෙවෙයි හර්ෂට ඕනි තරම් ඕක ගැන පංපෝරිගහන්න අයිතියක් තියෙනවා
ත්‍රෙඩ් එක දේශපාලනේ වුනාට, දේශපාලනයක් අදාළ කරගෙන නෙවෙයි මේ ලියන්නේ. හර්ෂ මේක එයාගේ ප‍්‍රතිරූපය හයිය කරගන්න යොදවනවා තමයි. ඒත් ඇත්තටම මනුස්සයා සුව සැරිය අද තියෙන තත්ත්වයට ගේන්න ලොකු වැඩගොඩක් කළා. ඒ කාලේ විපක්ෂයේ අය මේකට කිව්ව කතා (නම් එක්කම කියන්න පුලුවන්) අමතක නැතිව ඇති කට්ටියට.
කොටින්ම, මට මතක හැටියට රෝහල්වල පවා ඉඩ වෙන්කරලා දෙන්න කැමති වුනේ නැහැ (මම වැරදි වෙන්න පුලුවන් මෙතන) ඊට පස්සේ තමයි පොලිසිවල මේ ගිලන්රථ තිබ්බේ. ජරා දේශපාලනයෙන් වණ කරලා දාන්න හැදුවට මොකද, පක්ෂ විපක්ෂ භේදයක් නැතිව මේකෙ වටිනාකම තේරුම්ගත්තු පිරිසක් හිටපු හින්දා අදටත් මේ වැඩේ පවතිනවා. ඒ එක්කම, මේ අලුත් ආණ්ඩුවත් ඒ වටිනාකම තේරුම් අරගෙන, තවත් ගිලන්රථ මේකට යොදවන්න අරන් තියෙන තීරණයත් ඉතා හොදයි.
