සුසිල් - අනුර යාපා තනතුරුවලින් ඉවතට

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
සුසිල් - අනුර යාපා තනතුරුවලින් ඉවතට

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් අනුර ප‍්‍රියදර්ශන යාපා සහ එක්සත් ජනතා නිදහස් සන්‍ධානයේ මහලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත් යන මහත්වරුන් එම තනතුරුවලින් ඉවත් කිරීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා.

මහලේකම් තනතුරුවලින් ඉවත් කෙරුණු ඔවුන් දෙදෙනා පක්‍ෂ සාමාජිකත්වයෙන් ද නෙරපා ඇති බවයි වාර්තා වන්නේ.

වහාම ක‍්‍රියාත්මක වන පරිදි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නව මහලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක මහතා පත්කර ඇති අතර එක්සත් ජනතා නිදහස් සන්‍ධානයේ මහලේකම්වරයා ලෙස මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා පත්කර තිබෙනවා


source - http://nethfm.com/article/79896
 

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
දුමින්ද දිසානයක? අනේ මෙහෙමත් හරකෙක් ජනාධිපති උනානෙ. ඔන්න හැමෝම දැන් දැක්කනෙ සුදුස්සාට සුදුසු තැනක් හම්බෙන මෛත්‍රීපාලනේ. ලොල් 7යි
 

daya555

Member
Dec 7, 2014
32
4
0
විධායක ජනාධිපතිනේ බන්..ඒක මතක නැති සොන්නයන්ට මතක් කරලා දෙනවා වගේ පේන්නේ ..
 
  • Like
Reactions: SHANUXLK

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
එහෙන් මධ්‍යම කාරක සභාව රැස්වෙන එක උසාවි නියෝගයකින් වලක්වගන්නවා. දැන් තමන්ගේ හිතුමතේට නිලධාරීන් වෙනස් කරනවා. මෛත්‍රීපාල හොදටම බය වෙලා. මහින්ද දිනන බව දැන් හොඳටම පැහැදිලියි. ඊට පස්සේ මෛත්රීපාලගේ සභාපතිකමත් ඉවරයි. ඒකට තමයි බය වෙලා ඉන්නේ.
 
Last edited:

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
විධායක ජනාධිපතිනේ බන්..ඒක මතක නැති සොන්නයන්ට මතක් කරලා දෙනවා වගේ පේන්නේ ..

මාස 9කට කලින් "මම තමයි අන්තිම විධායක ජනාධිපති", "දින 100කින් විධායක ජනාධිපතිකම අහෝසි කරනවා" , "මේ විධායක ජනාධිපති ධූරය රටට විශාල හෙණයක්" කියල කිව්වේ කවුද මන්දා.
 

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මාස 9කට කලින් "මම තමයි අන්තිම විධායක ජනාධිපති", "දින 100කින් විධායක ජනාධිපතිකම අහෝසි කරනවා" , "මේ විධායක ජනාධිපති ධූරය රටට විශාල හෙණයක්" කියල කිව්වේ කවුද මන්දා.
    :yes::yes::yes::yes::yes::yes: