සුසිල්_ඡන්දය නොදමන හැඩයි !
සුසිල් ඡන්දය නොදමන හැඩයි !
ජනාධිපතිවරයා විසින් ශ්රීලනිපය සාමාජිකත්වන් ඉවත් කර, තනතුරු වලින් පහ කරන ලදැයි පැවසෙන සුසිල් ප්‍රේම්ජයන්ත හා අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන් මෙවර ඡන්දය පාවිච්චි කිරීමෙන් වැලකි සිටීමට ඉඩ ඇතැයි වාර්තා වේ.
අධිකරණය විසින් නිකුත්කර ඇති අතුරු තහනම් නියෝගයක් බාරදීම සඳහා 'පිස්කල්' නිලධාරීන් පිරිසක් ඔවුන් දෙදෙනාගේ නිවාස ඉදිරිපිටත්, ඔවුන්ට අදාළ ඡන්ද මධ්‍යස්ථාන අසලත් රැඳී සිටීම ඊට හේතුවයි.
සන්ධානයේ වැඩබලන ලේකම් ලෙස පත් කෙරුණු මහාචාර්ය විශ්වා වර්ණපාල මහතාත්, ශ්‍රීලනිප ලේකම් ලෙස පත්කෙරුණු දුමින්ද දිසානායක මහතාත් ඔවුන්ගේ කටයුතු හිටපු ලේකම්වරුන්ගේ අවහිරයකින් තොරව පවත්වාගෙන යාම සඳහා කොළඹ දිසා අධිකරණයේ අතුරු වාරණයක් ලබා ගෙන ඇත.
කොළඹ දිසා විනිසුරු හර්ෂ සේතුංග මහතා ලබන 28 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි එම අතුරු තහනම නිකුත් කොට තිබේ.
මෙම අතුරු තහනම් නියෝගය මෙතෙක් සුසිල් ප්‍රේම්ජයන්ත මහතාට හෝ අනුර ප්‍රියදර්ශන යාපා මහතාට බාර දී නැත.
මම බාර ගන්න සුදානම් :
මේ සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකදී අනුර ප්‍රියදර්ශන යාපා මහතා කියා සිටියේ, තමා අද උදැසන ඡන්දය දැමීමට යන බවත් පිස්කල් විසින් තමා වෙත අතුරු තහනම් නියෝගය බාර දුනහොත් බාර ගන්නා බවත් ය.
මේ සම්බන්ධයෙන් සුසිල් ප්‍රේම්ජයන්ත මහතාගේ අදහස් දැනගැනීමට ගත් උත්සාහය අසාර්ථක විය.
කොළඹ දිසා අධිකරණය විසින් ලබාදුන් නියෝගයට අනුව මැතිවරණ කොමසාරිස්වරයා වගඋත්තර කරුවකු කර නොමැත.
http://www.sinhala.srilankamirror.com/news/item/7254-susila-adn-ele

Last edited: