සුළුතරයට_එරෙහි_භීතිකාව

siripala

Member
Oct 10, 2006
2,869
442
0
සුළුතරයට_එරෙහි_භීතිකාව

සුළුතරයට එරෙහි භීතිකාව, අන් මත නොඉවසීම සහ සාමයේ නොහැකියාව

outside-lead-1-sinhala-ravaya.jpg

කෙන්යාවේ බෞද්ධ පන්සලක් තිබිය යුත්තේ ඇයි?

සිංහලයන්ටවත්, බෞද්ධයන්ටවත් නැගෙනහිර අප‍්‍රිකාවේ කිසි ඓතිහාසික පදනමක් නැත. එහෙත් නයිරෝබි නුවර බෞද්ධ පන්සලක් තිබේ. එය, සිංහල භික්ෂුවක් විහාරාධිපතිත්වය දරණ, ථෙරවාද පන්සලකි. සිංහල-බෞද්ධ සංක‍්‍රමණික සේවකයන් විසින් පිහිටුවන ලද එම පන්සලට, නොබෝදා කෙන්යාවේ නිල සංචාරයකට ගිය අවස්ථාවේ, ජනාධිපති මහින්ද රාජපක්ෂ ද ගියේය.

කෙන්යානුවන් නොවන පිරිසක් විසින් අන්‍යාගමික ස්ථානයක් කෙන්යාවේ පිහිටුවීම ගැන කෙන්යානු ජනතාව භීතියට පත්ව ඇති බවක් පෙනෙන්ට නැත. එයට ගිනි තැබීමෙන් හෝ ගල් ගැසීමෙන් කෙන්යානුවන් සිය විරෝධය පෑ බවක් වාර්තා වන්නේ ද නැත.

කෙන්යාවේ බෞද්ධ පන්සලක් තිබීමෙන් පෙන්නුම් කරන්නේ, නූතන ලෝකයේ යථාර්ථයයි. සෞදි අරාබිය සහ බාගෙ විට ඇෆ්ගනිස්ථානයත් හැරුණු විට, අද ලෝකයේ ඒක-ආගමික රටවල් නැත. දැනුමේ සහ විද්‍යාවේ ප‍්‍රවර්ධනය මගින් මුළු මහත් ලෝකයම සියල්ලන්ට විවෘත කර තිබේ. ඒ තුළ, ඔවුන්ගේ ‘සර්වඥ’ නිර්මාතෘවරුන් දැන නොසිටි (සහ ඔවුන්ට සිතාගත නොහැකි වූ) දීපංකරවල පවා තම ආගමික විශ්වාසයන් ප‍්‍රචාරය කිරීමට ආගම් භක්තිකයන්ට අවස්ථාව ලැබී තිබේ. මිනිසුන් ලෝකය පුරා සැරිසරන විට සහ විදේශයන්හි පදිංචි වන විට, සිය ආගමික විශ්වාසයන් ද ඔවුහූ එහි රැගෙන යති. මේ සංක‍්‍රමණිකයන් සිය ආගම් අදහන විට සහ ඒවා එම රටවල ප‍්‍රචාරය කරන විට එයින් තමන් තර්ජනයට ලක්වෙති යි එකී වැසියන් සිතන්නේ නැත. එවැනි ස්වාභාවික මානව චර්යාවක් තුළ පිටදේසක්කාර ආක‍්‍රමණික තර්ජනයක් ඇතැ යි සිතන මූලධර්මවාදී වාර්ගික-ආගමික සුළුතරයක් හැම රටකම සිටින බව ඇත්ත. එහෙත්, තෙවරක් බුදුන් වැඩිය මාතෘ භූමියෙන් තමන්ගේම කැමැත්තෙන් පිටමංව වෙසෙන සිංහල-බෞද්ධයන්ගේ වාසනාවට, එවැනි පිස්සන්ට යකා නටන්ට ඉඩ නොදෙන, බුද්ධිමත් ආණ්ඩු සහ සිවිල් සමාජ එම රටවල තිබේ.

කුහක වංචාව, අන්තවාදයට සහජයෙන් උරුම වන දෝෂයකි. ඒ පොදු නියාමය, සිංහල-බෞද්ධ අන්තවාදීන්ටත් වලංගුයි. ලෝකය පුරා බුද්ධාගම ප‍්‍රචාරය කිරීම, පන්සල් තැනීම හෝ විදේශිකයන්ව බුද්ධාගමට හරවා ගැනීම තුළ කිසි වරදක් නොදකින මේ සිංහල-බෞද්ධයෝ, ඒ මූලික අයිතියම ලංකාවේ වෙසෙන අන්‍යාගමිකයන්ට නොදීමට වළිකති.

තමන් වනාහී, තමන් ජීවත් වන අතරේ අනෙකාට ද ජීවත් වීමට ඉඩහරින නිර්මල ඉතිහාසයක් සහිත, වෙනස් මත ඉවසන ජාතියකැ යි, සිංහල-බෞද්ධයෝ සාමාන්‍යයෙන් විශ්වාස කරති. සාමාන්‍ය විනීත බහුතරය ඒ ගැන ආඩම්බර වන අතර අන්තවාදියා එය දුර්වලකමක් සේ සළකයි. ථෙරවාදී නොවන (මහායාන) බුද්ධාගමට අතීතයේ අත්ව ඇති ඉරණම ගැන සළකා බලද්දී ඓතිහාසික සත්‍යයත් එතරම් ලස්සණ නැත.

මහායාන බුද්ධාගම සියවස් තුනක් තිස්සේ අතීත ලංකාවේ මල්ඵල දරා තිබේ. ‘පුරාණ ලංකාවේ 8 වැනි සියවසේ සිට 11 වැනි සියවස දක්වා මහායාන බුද්ධාගම ප‍්‍රචලිතව පැවති බවට, මෙතෙක් සොයාගෙන ඇති ශිලාලිපි, කලාත්මක, සංකේතාත්මක සහ දේව ආකෘති ආදිය දෙස් දෙයි’. මහායාන බුද්ධාගමේ මූලස්ථානය වශයෙන් ගොඩනැගුණු අභයගිරිය, ආසියාවේ, සමහර විට එයිනුත් ඔබ්බේ, අති මහත් කීර්තියක් ඉසිලූ අධ්‍යාපනික කේන්ද්‍රයක් විය. පාහියන් භික්ෂුව වැඩම කරන කාලයේ දන්ත ධාතූන් වහන්සේගේ භාරය තිබුණේ ද මහා විහාරයට නොව, අභයගිරියට ය.

මහා විහාරවාසී ථෙරවාද භික්ෂූන්, අභයගිරිවාසී මහායාන/වජ‍්‍රයාන භික්ෂූන්ව සැළකුවේ, මිත්‍යාදෘෂ්ටිකයන් වශයෙනි. බෞද්ධ සමාජය තුළ අධිපතිත්වය සඳහා මේ දෙපාර්ශ්වය අතර කෙරුණු දීර්ඝ අරගලය තුළ, එක පාර්ශ්වයක් පාගා දමා තමන් වැජඹීමට දෙගොල්ලන්ම පාවිච්චි කෙළේ රාජ්‍ය අනුග‍්‍රහයයි. දැනට ඇති වාර්තා අනුව, එක භික්ෂු පාර්ශ්වයක් තලා පෙලීම මුලින්ම ආරම්භ කෙළේ, මහා විහාරයට අනුග‍්‍රහය දැක්වූ, වෝහාරික තිස්ස රජුන් ය. එහි දී මහායාන භික්ෂූන්ගේ පොතපත ගිනිලෑ අතර, ඔවුන්ව ‘පාපී භික්ෂූන්’ වශයෙන් අපවාදයට ලක්කෙරුණි. මේ ආගමික හිංසාව තවත් පියවරක් ඉදිරියට ගෙන ගිය ගෝඨාභය රජු, ‘වෛතුල්‍යවාදී අභයගිරි භික්ෂූන් 60 නමකගේ සිරුරුවල හංවඩු ගැසුවේය.’

අභයගිරිවාසී භික්ෂූහු, මහසෙන් රජුගේ කාලයේ එහි පළිය ගත්හ. එහදී තාඩනපීඩනයට ලක්වූ මහා විහාරය අවුරුදු 9 ක් වල්වැදුණි.

මේ දීර්ඝ අරගලය අවසන් වුණේ, මහායාන/වජ‍්‍රයාන භික්ෂූන්ට ඓතිහාසික පරාජයක් අත්කර දෙමින්, මහ පැරකුම්බා රජු විසින් ථෙරවාදී අධිකාරය යටතේ සියලූ කණ්ඩායම් ‘එක්සේසත්’ කිරීමෙනි. රාජාඥාවකින් කෙරුණු මේ එක්සේසත් කිරීම මගින්, ථෙරවාද නොවන ආගමික කණ්ඩායම්වලට ලංකාවේ දොරටුව සදහට වැසුණි. එය, එතෙක් පැවති අන්තර්-ආගමික සංවාද සංස්කෘතියට ද දොර වැසීමක් විය. මෙයින් වැඩි කාලයක් ඉක්ම යන්නට මත්තෙන් ලාංකීය ශිෂ්ටාචාරය පරිහානිදායී මාවතකට පිවිසීම, එම සිද්ධියට කෙලින්ම අදාළත්වයක් නැති තත්වයක් වන්නට හෝ නොවන්නට පිළිවන. කෙසේ වෙතත්, ලෝකයේ වෙනත් තැන්වල ශිෂ්ටාචාර සතුව පැවති ගතිකත්වයන්, මිසදිටු ඇදහීම් මර්දනය කිරීම සඳහා යොදවා සාර්ථක වූ අවස්ථාවල, එම ශිෂ්ටාචාර එක තැන පල් වුණි. පරිහානියට පත්වුණි. රෝම ශිෂ්ටාචාරයේ සිට ඉතිහාසයේ එය අත්දැක තිබේ. ඓතිහාසික වශයෙන් සළකන විට, අනිත් අතට, අන්‍යාගම් ඉවසීම සහ භෞතික සංවර්ධනය අතර සමීප සබඳතාවක් ඇති බව ඉතිහාසයේ දී දැකිය හැකිය.

සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදීන් සහ රාජපක්ෂලා 21 වැනි සියවසේ දී ක‍්‍රියාත්මක කිරීමට මානන්නේ, මහ පැරකුම්බා රජුගේ ඒ අන් මත නොඉවසන, බහුත්වවාදය පිටුදකින, එක්සේසත් මොඩලයයි.

අතාර්කිකත්වය රජයන තැන

අන්තවාදය, කිසියම් ආගමක, ජාතියක හෝ කණ්ඩායමක තනි ජන්ම උරුමයක් වන්නේ නැත. මහාවංශ මානසිකත්වය සහ අනගාරික ධර්මපාලගේ ආර්ය මිථ්‍යාව මත ගොඩනැගුණු සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය වැජඹෙන අවදියේ වේලූපිල්ලේ ප‍්‍රභාකරන් යනු, කැටපෝලයෙන් කුරුල්ලන් දඩයම් කරමින් සිටි පොඩි කොල්ලෙකි.

මහාවංශය හරහා ලංකාව බුද්ධාගමට පූජා කිරීමත්, ඒ මගින් නිර්මාණය කළ ජීවන අවකාශය සහ නිර්-පාපී යුද මිථ්‍යාවනුත් සමගින් එය සිංහල-බෞද්ධයාගේ බයිබලය/කුරානය බවට පත්විය. බෞද්ධ පොතපත ගිනිලද්දී, බෞද්ධ අධ්‍යාපනික කේන්ද්‍ර විනාශ කරද්දී සහ මිථ්‍යාදෘෂ්ටිය පරාජය කිරීමේ නාමයෙන් බෞද්ධ භික්ෂූන්ව පිටුවහල් කරද්දී, මහාවංශය ප‍්‍රහර්ශයෙන් පිනාගියේය. ඒ ආකාරයෙන්ම, අපේ කාලය වන විට, මේ සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදයටම ඔබින ‘ශිෂ්ටාචාර අතර ගැටුමක්’, එනම්, ‘ක‍්‍රිස්තියානි, ඉස්ලාම් සහ හින්දු ලෝකයාට’ හතුරුව සිටින, ‘සිංහල-බෞද්ධ’ ශී‍්‍ර ලංකාවක් ගොඩනැගීමට පාර කපා තිබේ.

මේ අර්ථකථනය තුළ ලංකා ඉතිහාසය ගොඩනැගෙන්නේ, පිරිසුදු බුද්ධාගමේ එකම රක්ෂාස්ථානය සහ සිංහලයන්ගේ එකම දේශය, පිටස්තර ජාති/ආගම්/සංස්කෘතීන්ගෙන් බේරා ගැනීම සඳහා දියත් කෙරෙන නිමාවක් නැති අරගලයක් වශයෙනි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, සිංහල-බෞද්ධයන් වෙනත් බොහෝ රටවල දී කරන්නා සේ මේ රටේ සුළුතර ප‍්‍රජාවන් ඔවුන්ගේ ආගම ප‍්‍රචාරය කිරීමට යොමු වන විට ඔවුන්ව සැළකෙන්නේ පිටදේසක්කාර හතුරන් වශයෙනි. ශ‍්‍රී ලංකාවේ සිංහල-බෞද්ධ ගුණය කඩා ඉහිරවීමට කුරුමානම් අල්ලන මිථ්‍යාදෘෂ්ටිකයන් වශයෙනි. ජාතීන් ශුද්ධ කර දැමීමේ බරපතල චෝදනාවෙන් ගැලවී සුළුතර ප‍්‍රජාවන් භූගෝලීය වශයෙන් පළවා හැරීමක් මේ කාලයේ කළ නොහැකි නිසා, දේශපාලනික වශයෙන් ඔවුන්ට හිමි ‘නිසි තැන’ ඔවුන්ව තැබිය යුතුව ඇත. රටේ එක්සත් කම රැඳෙන්නේ, අවශ්‍ය වෙතොත් හිංසනය ද සහිතව, ඒ මාර්ගයෙන් ස්ථාපිත කෙරෙන, ධූරාවලියක් මතයි.

පශ්චාත්-නිදහස් ලංකාවේ/ශ‍්‍රී ලංකාවේ අනර්ථයට හේතු වුණේ, ඒ ලෝක දැක්ම මත ගොඩනැගූ, අනිකා බැහැර කිරීමේ දේශපාලනයයි. ලාංකීය අනන්‍යතාවක් ගොඩනගා ගැනීම එයින් වැළැකුණි. දීර්ඝ කාලීන ඊලාම් යුද්ධයකට පාර කැපුණි. යුද්ධයෙන් පසුවත් ඒ මාර්ගය වැටී ඇත්තේ, සාමයට නොව, සුළු සහ මහ පරිමාණ ගැටුම්වලටයි.

සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය සහ රාජපක්ෂ ස්වෝත්මවාදයේ තකට තක මංගල්‍යය මගින්, සීමාන්තික උමතු ඉමේ රඟන බුද්ධි හීනයන්ගේ අභිලාෂ ලැයිස්තුව මේ වන විට ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය ප‍්‍රතිපත්තිය බවට අභිෂේක ලබා තිබේ. ඊලාම් යුද්ධය ඇති වුණේ, සදාතන අමුත්තන් වශයෙන් වන තමන්ගේ තත්වය දෙමළ ජාතිය විසින් අමතක කරනු ලැබීමත්, ඉතා ඉවසිලිවන්ත සහ අතිශය ත්‍යාගශීලී සිංහල ජාතියෙන් අසාධාරණ ඉල්ලීම් කිරීමත් නිසා යැයි බොහෝ දෙනා සිතත්. ඔවුන් සිතන පරිදි, දේශපාලන විසඳුමක් රටට යෝග්‍ය නැත. මන්ද යත්, ස්වභාවික ධූරාවලිය ඒ මගින් ඉහිරවා, රජ ජාතිය ආගම විනාශ මුඛයට ඇදහෙලීමට තුඩුදෙන බැවිනි.

අන්තවාදය යනු, දේශපාලනික දෝෂයකට වැඩි දෙයකි: එය, ඇලෙන ගැලෙන, මානසික ඇබ්බැහියකි. එහි නරක ප‍්‍රතිවිපාක ඇස්පනා පිට පෙනෙන්ට තිබියදී පවා, එයින් නිදහස් වීම පහසු නැත. කිසිම ජාතියක් හෝ ආගමක් මේ රෝගයෙන් විනිර්මුක්ත නැත. ආගමික අන්තවාදය සහ නොඉවසීම, ලෝකයේ වෙනත් තැන්වල සේම ලංකාවේ ද, ඓතිහාසික ශාපයකි. ඒ ඓතිහාසික යථාර්ථය ගැන අප ඇස්කන් පියාගෙන සිටියොත් විය හැක්කේ, රාජපක්ෂලාගේ පූර්ණ දැනුවත් භාවයෙන් සහ සහයෝගයෙන් යුතුව මේ වන විට සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදීන් විසින් ප‍්‍රචාරය කොට විසුරුවා හරින විසකුරු අදහස් උදහස්වලට අප විසින් දැක්විය යුතු දේශපාලනික සහ මනෝමය ප‍්‍රතිරෝධය අඩාල වීමයි.

ජස්ටීනියානු දුර්ලබ්ධි නීතිරීති හරහා කුරුස යුද්ධවල සිට තලිබාන් දක්වා වන ඓතිහාසික සාක්ෂි මගින් ඔප්පු කෙරෙන පරිදි, අන්‍යාගමිකයන්ව නොඉවසීම විනාශකාරී ය. ස්වයං=විනාශකාරී ය. එයින් විචාර බුද්ධිය විකල් කෙරේ. සිත්සතන් භීතියෙන් ඔද්දල් කෙරේ. අසල්වැසියන්ව, යාළු හිතමිත‍්‍රාදීන්ව සහ පවුලේ සාමාජිකයන්ව පවා, එකිනෙකාට එරෙහිව කොටවයි. ඒ මාරක ආකර්ශණයට ඇලෙන ඕනෑම රටක්, මිනිස් වාසයකට නුසුදුසු දේශයක් බවට පත්වෙයි.

‘‘එකිනෙකා ගැන බියෙන් අප ජීවත් විය යුතු නැත. අවිචාර සමයකට අපව ඇද දමන භීතිකාවකට අපව මෙහෙයැවීමට ඉඩ දිය යුතු නැත.’’ 1950 දශකය ආරම්භයේ ඇමරිකානු සමාජය කොමියුනිස්ට් භීතිකාවකින් රෝගාතුර කිරීමට මූලිකත්වය ගත් සෙනෙට් සභික මැකාර්තිව ප‍්‍රසිද්ධියේ අභියෝගයට ලක්කරමින් එඞ්වඞ් ජේ. මුරෝ කළ ඉහත සඳහන් ප‍්‍රකාශය, අපේ පිස්සන් ආශ‍්‍රයෙනුත්, රාජවංශික පාලන ක‍්‍රමයක් ඇටවීම සඳහා සුළුජාතීන් පිළිබඳ භීතිකාවක් වැපිරීමට තතනන රාජපක්ෂ සැලසුම ආශ‍්‍රයෙනුත්, අප දැරිය යුතු, පුද්ගල සහ සාමූහික, ප‍්‍රතිචාරය විය යුත්තේය.

උපුටා ගැනීම " විකල්ප වෙබ් අඩවියෙනි "
 
Last edited:

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඔය පන්සල හදල තියෙන්නෙ කෙන්යාවේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියන තැනකද මචං, අර කුරගල වගේ.... නැත්තන් ඔය පන්සල අවට කෙන්යාවේ නටඹුන් එහෙම විනාස කරල තියනවද කියල බලහං පොඩ්ඩක් :lol::lol:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ඔබගේ කියමන පදනමක් නැති දෙයකි.

    ගෙඩි පිටින් සාක්ෂි තියනකොට පදනමක් නැහැලු :lol::lol:. මේ ඔයාලගේ අලුත්ම නාඩගමේ සාක්ෂි
    U9pAx.jpg
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සිරිපාල උබ කියන එකේ අත්තක් තියනවා. එත් උබ මොකද බුද්ද්දගමේ වදරිම දකින්නේ. උබ වෙන අගමකක හරි වෙන රටක හරි දෙයක් දැක්කොත් එක මහා ලොකුවට කියවනවා. එත් බුද්දාගමේ හොදක් දකින්නෙම නැහැ. බොදු බලසේනාව, සිංහල රාවය , රාවනා බලය කියන තුන නෙමයි බුද්දාගම කියන්නේ. ඒවා අවස්තනුකුලාව යම් පිරිසක් හදාගත්ත සංවිදාන ඒවගේ හරි දේවල් තියෙන්නත් පුළුවන් වැරදි දේවල් තියෙන්නත් පුළුවන්. උබ සන්දිදන දෙක තුනක් දිහා බලල බුද්දාගම එකට ලගු කරන්න එපා. උබම කල්පනා කරපන්සමහර සෙක්ස් ෆිල්ම් තියනවා කන්‍යා සහෝදරියෝ වගේ රගපාන. ඒවා බලල කවුරුත් මරියා තුමියට වේසි කියනවද????? පාප් තුමාට පොන්නයෙක් කියනවද????? කුපදියෙක් කියනවද ?????? එනිසා යමක් කියන්න කලින් කලපනා කරලා බලපන්. හැම ආගමකටම ගරු කරපන්. වැරදි කරන මිනිස්සුන්ව විතරක් හෙළ දැකපන් මුළු අගමටම මඩ ගහන්න එපා.
     
    Last edited:

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    එහෙ පන්සල් හැදුවට ලංකාවෙ උන් එහෙ ගිහිල්ල. වරිගෙ බෝ කරල, ඉඩ කඩන් අල්ලගෙන. කෙන්යාවෙ දේශීය ජනතාවගෙ උරුමය ආක්‍රමනය කරන්න ගිහින් නෑනෙ.

    එහෙම වෙනකොට තමයි ප්‍රශ්නෙ
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ඕව ඕනෑතරම් කෙස් පැහෙනකම් තර්ක කරන්න පුළුවන්. එත් තේරුමක් නැහැ. නමුත් ඔය ලිපියේ තියන දේවල් අවන්කවම කිවොත් 200 % සත්‍ය.

    සෝමහාමුදුරුවන්ටත් බැනපු යකාගෙ කටින් කොහොමද බං හොඳක් අහන්නෙ :lol::lol:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මචන් මම සැබෑ බෞද්ධයෙක්. මේ කිසිදෙයක් බුදුරජාණන් වහන්සේ අනුමත නොකරපු දේවල්. හරි උබට පුළුවන් නම් එක තැනක් පෙන්වපන් මම බෞද්දාගමට බැනපු තැනක්. මම කොහෙවත් බැනල නැහැ. මම එහෙම බැනල තියන තැනක් පෙන්නුවොත් මම එවලේම එලකිරියෙන් සමු ගන්නවා. පෙන්නපන් එක අපහස කරපු තැනක්.

    මම නිතරම පෙන්වන්නේ නාමික තාලිබාන් බෞද්ධයන් ( සැබෑ බෞද්ධයන් නොවේ ) වැරදි.

    සිරිපාල උබ කියන එකේ අත්තක් තියනවා. එත් උබ මොකද බුද්ද්දගමේ වදරිම දකින්නේ. උබ වෙන අගමකක හරි වෙන රටක හරි දෙයක් දැක්කොත් එක මහා ලොකුවට කියවනවා. එත් බුද්දාගමේ හොදක් දකින්නෙම නැහැ. බොදු බලසේනාව, සිංහල රාවය , රාවනා බලය කියන තුන නෙමයි බුද්දාගම කියන්නේ. ඒවා අවස්තනුකුලාව යම් පිරිසක් හදාගත්ත සංවිදාන ඒවගේ හරි දේවල් තියෙන්නත් පුළුවන් වැරදි දේවල් තියෙන්නත් පුළුවන්. උබ සන්දිදන දෙක තුනක් දිහා බලල බුද්දාගම එකට ලගු කරන්න එපා. උබම කල්පනා කරපන්සමහර සෙක්ස් ෆිල්ම් තියනවා කන්‍යා සහෝදරියෝ වගේ රගපාන. ඒවා බලල කවුරුත් මරියා තුමියට වේසි කියනවද????? පාප් තුමාට පොන්නයෙක් කියනවද????? කුපදියෙක් කියනවද ?????? එනිසා යමක් කියන්න කලින් කලපනා කරලා බලපන්. හැම ආගමකටම ගරු කරපන්. වැරදි කරන මිනිස්සුන්ව විතරක් හෙළ දැකපන් මුළු අගමටම මඩ ගහන්න එපා.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඕව ඕනෑතරම් කෙස් පැහෙනකම් තර්ක කරන්න පුළුවන්. එත් තේරුමක් නැහැ. නමුත් ඔය ලිපියේ තියන දේවල් අවන්කවම කිවොත් 200 % සත්‍ය.
    කුරගල මුස්ලිම් පල්ලියක් හදපු ඒක හරිද වැරදිද කියපන්කො ඉස්සල්ලම?
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    උබ මගෙත් එක්ක අමනාප වෙන්නේ එපා. බොක්කෙන් සදා

    හරි තම වරිගේ බො කිරීම වැරදි වෙන්නේ කොහොමද. ඒක මානව හිමිකමක්. උබ ලෝකේ කොහෙගියත් උගේ කසාද ගෑනි වෙන රටක උනත් උබට ළමයි සෑදීමේ හැකියාව තියනව

    එහෙ පන්සල් හැදුවට ලංකාවෙ උන් එහෙ ගිහිල්ල. වරිගෙ බෝ කරල, ඉඩ කඩන් අල්ලගෙන. කෙන්යාවෙ දේශීය ජනතාවගෙ උරුමය ආක්‍රමනය කරන්න ගිහින් නෑනෙ.

    එහෙම වෙනකොට තමයි ප්‍රශ්නෙ
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    උබ මගෙත් එක්ක අමනාප වෙන්නේ එපා. බොක්කෙන් සදා

    හරි තම වරිගේ බො කිරීම වැරදි වෙන්නේ කොහොමද. ඒක මානව හිමිකමක්. උබ ලෝකේ කොහෙගියත් උගේ කසාද ගෑනි වෙන රටක උනත් උබට ළමයි සෑදීමේ හැකියාව තියනව
    එතකොට සිංහල ගෑනුන්ට පේරාදෙණිය ඉස්පිරිතාලේ මුස්ලිම් ඩොක්ටර් කෙනෙක් වඳ සැත්කම කරපු ඒක ගැන මොකක්ද කියන්නෙ ඔබතුමා :lol::lol:. ඒවත් අපි ඉවසන්න ඕනෙද? උන්ට විතරද මානව හිමිකම? අපිට නැද්ද?
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    ඔය වගේ සිද්දි ඕන තරම් අහල තියනව. සමනය වඳ සැත්කම් ඕනෑතරම් දොස්තරලා කරනවා. දොස්තර සිංහල දෙමල මුස්ලිම් හෝ වෙනත් රටක පුරවැසියෙක් වෙන්න පුලුවන්. එකට වඳ සැත්කම සහ ජාතිය අතර සම්බන්ධයක් නැහැ.

    කොහොම නමුත් මම වාද කරන්න අකමැතියි මොකද අවසානයේ කුණුහරුප සාගරයක් වන නිසා.

    ඇත්ත, හැකියාව තියනව. අයිතියත් තියනව. නමුත් එහෙම හැදිල්ල ඔය මුස්ලිම් උන් වගෙ කරගෙන ගියොත් ඒ ගානට රටත් ලොකු වෙනවද.
    අනික තවත් සංස්කෘතියක උරුමයට ජන අනුපාතයට හානි වෙනවනම්. උන් අනිත් ජාතිය වද කිරීමට කටයුතු කරනවනම්. මගේ මතය නම් රටක් විදියට පියවරක් ගත යුතුයි..
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    ඔය වගේ සිද්දි ඕන තරම් අහල තියනව. සමනය වඳ සැත්කම් ඕනෑතරම් දොස්තරලා කරනවා. දොස්තර සිංහල දෙමල මුස්ලිම් හෝ වෙනත් රටක පුරවැසියෙක් වෙන්න පුලුවන්. එකට වඳ සැත්කම සහ ජාතිය අතර සම්බන්ධයක් නැහැ.

    කොහොම නමුත් මම වාද කරන්න අකමැතියි මොකද අවසානයේ කුණුහරුප සාගරයක් වන නිසා.
    උඹ සිද්ධිය ගැන හරියට නොදැන කතා කරනවද නැත්තන් මෙතන බොරුවට බබා පාට් ඒක දානවද කියලද නම් මම දන්නැහැ. හැබැයි උඹ මේ වගේ ත්‍රෙඩ් දානවනම්, උඹ සාධාරණ විදිහට කතා කරන එකෙක් නම් සුළුතරය ගැන වගේම, ඔය සුළුතරයෙන් බහුතරය කුපිත කරවන දේවල් මොනතරම් වෙලා තියනවද කියන දේ ගැනත් සාධාරණ විදිහට කතා කරන්න පුළුවන් වෙන්න ඕනෙ. නමුත් උඹේ කතා බහෙන් උඹ දාන ත්‍රෙඩ් වලින් පැහැදිලියි උඹ කතා කරන්නෙ, පෙනිහිටින්නේ කවුරු වෙනුවෙන්ද කියන එක.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    හම්බයො නන් නූක් කරල කරල දාන්නෝනෙ
     
    Mar 26, 2014
    275
    12
    0
    ඔය පන්සල හදල තියෙන්නෙ කෙන්යාවේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියන තැනකද මචං, අර කුරගල වගේ.... නැත්තන් ඔය පන්සල අවට කෙන්යාවේ නටඹුන් එහෙම විනාස කරල තියනවද කියල බලහං පොඩ්ඩක් :lol::lol:
    කොහෙ හැදුවත් බෞද්ධයො නැති රටවල් වලට මොකටද පන්සල්:lol::lol:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    அமைதி;16468916 said:
    කොහෙ හැදුවත් බෞද්ධයො නැති රටවල් වලට මොකටද පන්සල්:lol::lol:
    බෞධයෝ නැහැ කියන්න මොකක්ද සෝස් එක. පෙන්නන බලන්න:lol::lol:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මම අන්තවාදින්ව හැමතිස්සෙම විවේචනය කරලා තියනවා. උබ හිතන විදිහට මම මුස්ලිම් ,සිංහල , දෙමල වෙනුවෙන් පෙනී සිටලා නැහැ. මනුෂ්‍යයින් සඳහා පමණයි පෙනී සිටින්නේ. මම ඉරානයට පහරදීම කොයිතරම් සාධාරණිය කරලා තියනවා ඇති ද.

    මේකයි මචන් උබ අපි මහජාතිය. නමුත් පොඩ්ඩක් හිතපන් උබ සුලුජතියේ කෙනෙක් උනානම් උබට කෙරෙන කෙනහිලිකම් කොච්චරද කියල . අඩුම තරම කටක් ඇරලා කතා කරන්න බයයි. වැඩිය ඕනේ නැහැ එළකිරියේ පවා ගොඩක් අය ඉන්නවා. කතා කරන්න බයයි.