සුළුතරය සහ බහුතරය

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    සුළුතරය සහ බහුතරය

    සුළුතරය සහ බහුතරය

    මහනුවර දැන් සන්සුන්ය. මහනුවර සන්සුන්ව ඇති නිසා රටම සන්සුන්ය. එක්‌ ප්‍රදේශයක අස්‌ථාවරත්වය සමස්‌ත රටම අරාජික කිරීමට බලපාන බව පැහැදිලිය. කවරක්‌ නමුත් සමහර කණ්‌ඩායම් දිගනේ සිද්ධිය පෙන්වා බෞද්ධයින්ට නිග්‍රහ කිරීමේ වැඩපිළිවෙළක්‌ අරඹා ඇත. එහෙත් මෙය සාධාරණ ක්‍රියාවක්‌ නොවේ. බෞද්ධයා සැමවිටම සංහිඳියාව පැතිරවීමට මූලිකවූවා මිස එය කඩාකප්පල් කිරීමට කටයුතු කළේ නැත. කිහිපදෙනෙකුගේ ක්‍රියා නිසා සමස්‌ත බෞද්ධ සමාජය නිග්‍රහයට ලක්‌විය යුතු නැත.

    තෙල්දෙණිය ගිනිගද්දී ගොමගොඩ ගමේ මුස්‌ලිම් වැසියෝ ජීවිතාරක්‍ෂාව පතා දිවගියේ මුස්‌ලිම් පල්ලියට නොව ගමේ පන්සලටය. එතැන නිසි ආරක්‍ෂාව ඇති බව ඔවුහු හොඳින් දැන සිටියහ. ගොමගොඩ ශ්‍රී ජිනාලංකාර විහාරයේ කහගල ධම්මානන්ද හිමියෝ ඒ වැසියන්ට උපරිම ආරක්‍ෂාව ලබාදුන්හ. බෞද්ධයන්ට නිග්‍රහ කරන පුද්ගලයන් මේවා ගැන කතා කරන්නේද නැත. ඊනියා බටහිර ජනමාධ්‍යවලටද අවශ්‍ය මෙරට බහුතර බෞද්ධයන්ට නිග්‍රහ කිරීමටය. අන්‍යාගමික අන්තවාදය ගැන ඔවුහු නිහඬවෙති.

    ගොමගොඩ විහාරස්‌ථානය පමණක්‌ නොව නුවර සෑම ප්‍රදේශයකම බෞද්ධ වෙහෙර විහාර මුස්‌ලිම් වැසියන්ට ආරක්‍ෂිත නවාතැන් බවට පත්විය. එයින් පෙන්වූයේ බෞද්ධ සමාජයේ සංහිඳියාව නොවේද? එහෙත් බෞද්ධයන්ට සංහිඳියාව ගැන කියාදුන් අයටම දැන් ජාතිවාදී ගිනි ඇවිලීම ගැන චෝදනා එල්ලවනු පෙනේ.

    දෙහිගම, මුරුතලාව, කුරුගම, දෙහිඅංග වැනි ප්‍රදේශවල වෙසෙන මුස්‌ලිම් ජනතාව භීතියට පත්ව සිටියදී ඒ පිරිස ආරක්‍ෂා කළේ නෙල්ලිගල බෞද්ධ මධ්‍යස්‌ථානයේ නිර්මාතෘ වතුරකුඹුරේ ධම්මරතන හිමියන් ප්‍රමුඛ බෞද්ධ ජනතාවයි. පසුගිය සිකුරාදා දිවයින පුරා මුස්‌ලිම් පල්ලිවල දේවමෙහෙයන් සිදුකරද්දී භික්‍ෂූන් වහන්සේලාද එතැනට වැඩම කර සිටියේ ආරක්‍ෂාව සහතික කිරීම සඳහාය. බෞද්ධ ජනතාව විසින් සිදුකරන මේ කැපවීම් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට නම් පෙනෙන්නේ නැත.

    රටේ නැවත යුද්ධයක්‌ ඇතිවීමට කිසිවෙකුත් කැමැති නැත. එහෙත් මේ ගැටුම් ඇතිවීමට හේතු කවරේද යන්න සොයා බැලිය යුතුය. සුළු ජාතිකයන් ගැන පමණක්‌ නොව සිංහල සමාජයද පීඩාවට පත්කරන ප්‍රශ්න ගැන සොයා බැලිය යුතුව ඇත. අන්‍යාගමික ආක්‍රමණයන් ගැන බෞද්ධ ජනතාව තුළ ඇති සැක බිය තුරන් කළ යුතුව ඇත. එසේ නොවන්නේ නම් මේ ගැටුම් යළි ඇතිවීම වැළැක්‌විය නොහැකිය. මෙරට බහුතරය කිසිවිටක සුළු ජාතීන්ගේ අයිතීන් සීමා කිරීමට ඉල්ලීම් කර නැත. නමුත් සුළු ජාතීන් බහුතරයේ මතය ගැනද අවධානයෙන් සිටිය යුතුය. එයට ගරු කළ යුතුය. සියලු දෙනාට මනුෂ්‍ය ගුණධර්ම පුරුදු පුහුණු කළ යුතුය. මනුෂ්‍ය ගුණධර්ම වියෑකී ගිය කල්හි නිර්මාණය වන්නේ තිරිසන් ගති ලක්‍ෂණයි. තිරිසනාට අවශ්‍ය කා කොටා ගැනීමට මිස අන්දෙයක්‌ නම් නොවේ.

    ජාතිවාදී ගැටුම් නිසා ජාතික ආරක්‍ෂාවටද බරපතළ ප්‍රශ්නයක්‌ පැන නගී. එසේම ඩොලර් බිලියන ගණනක ආදායමක්‌ රටට උපදවන සංචාරක ව්‍යාපාරයටද මේ ප්‍රශ්න නිසා බලවත් පහරක්‌ එල්ලවිණි. බහුතර වැසියන් ප්‍රචණ්‌ඩත්වයට අතවනන්නේ නැත. එය සුළු පිරිසකගේ අවශ්‍යතාවයි. කවරක්‌ නමුත් දිගන පෙන්වා බෞද්ධයන්ට ප්‍රහාර එල්ල කරන පිරිස දැනගත යුතු එක්‌ කරුණක්‌ ඇත. එනම්, සියලු ජාතීන්ට රැකවරණ සැලසෙන්නේ බෞද්ධ සමාජය ආරක්‍ෂාවීම මත පමණක්‌ බවය.
     

    LezzyBO

    Member
    Jan 3, 2018
    171
    33
    0
    ලංකාවේ බහුතරය මුස්ලිම් වූ කල,

    සිංහල බෞද්ධ, සිංහල ක්‍රිස්තියානි
    දමිළ හින්දු, දමිළ ක්‍රිස්තියානි

    යන කිසිවෙකු ට තමාට රිසි සේ තම ආගම ඇදහිමේ අයිතිය නැති වන්නේය.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    chrome_2018-03-12_08-06-13.png
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔය උදව් වලට උන් කළෙහිගුණ සලකන දවසක් එයි.:rofl:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එදාට අපිට රට අත්ඇරලා දාල යන එක තමයි විකල්පේ...

    කැපුවත් කොළ සෙට් එකයි,සහජීවන සොන්නයෝ සෙට් එකයි නම් කොන කපාගෙන නබියා පස්සේ යයි.
     

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    634
    484
    63
    Colombo
    සහජීවනය වචනයකින් පමණක් කල හැක්කක් නොවේ. නරින්ට කුකුල්ලුන්ට එකට සිටීමට කියා සහජීවනය ඇති කල නොහැක . එක්කෝ කුකුල්ලුන්ට අයුධ දිය යුතුය. නැතහොත් නරින්ගේ දත් ගැලවිය යුතුය . කිසිදු ප්‍රමිතියකින් තොර අත්තනෝමතික ආගමික අධ්‍යාපන ක්‍රම පැවතිමම , මේ අනාගත ව්‍යසනයේ පිළිබද හැගීමක් ආණ්ඩුවට නැති බව මනාවට පෙනේ .
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    මුස්ලිම් අන්තවාදය වැලඳගැනීම වෙනුවට මුස්ලිම් අන්තවාදයට විරුද්ධව කැරැල්ලක් මුස්ලිම් සමාජයෙන් නොගසන තාක්කල් මේ බෙදුම්වාදය තව තවත් ශක්තිමත් වනු ඇත. විරසකය තව තවත් වර්ධනය වනු ඇත.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මුස්ලිම් අන්තවාදය වැලඳගැනීම වෙනුවට මුස්ලිම් අන්තවාදයට විරුද්ධව කැරැල්ලක් මුස්ලිම් සමාජයෙන් නොගසන තාක්කල් මේ බෙදුම්වාදය තව තවත් ශක්තිමත් වනු ඇත. විරසකය තව තවත් වර්ධනය වනු ඇත.

    කොහෙද බන් එහෙම දෙයක් වුනේ?


    මට පේන හීන
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,739
    113
    හස්තිශෛලපුර
    මුස්ලිම් අන්තවාදය වැලඳගැනීම වෙනුවට මුස්ලිම් අන්තවාදයට විරුද්ධව කැරැල්ලක් මුස්ලිම් සමාජයෙන් නොගසන තාක්කල් මේ බෙදුම්වාදය තව තවත් ශක්තිමත් වනු ඇත. විරසකය තව තවත් වර්ධනය වනු ඇත.

    උබ හරි බං.. එත් ඕක ලෝකේ තාම කිසිම රටක වෙලා නෑ.. ඉතින් මෙහේ වෙන්නෙත් නෑ.
    වෙන්නේ හොද එකාවත් නරක ගොඩට වැටෙන එක..

    ලොකු ප්‍රතිවිරෝධයක් සිංහල අපි ඕකට විරුද්ධව පෙන්නන්න ඕනේ.. දෙස්පාලුවාට ලොකු වැඩ කොටසක් කරන්න තියෙනවා නීතිමය පැත්තෙන් ඕකට විරුද්දව ක්‍රියාමාර්ග ගන්න..

    එත් උන් කරන්නේ සිංහල සමාජේ විරෝදය උන්ගේ චන්ද ගොඩ වැඩිකරගන්න පාවිච්චි කරන එක.. සිරිසේන රනිල් මහින්දගේ ඉදන් ජෙප්පා දක්වාම කරන්නේ ඒ සක්කිලි වැඩේ...
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    කොහෙද බන් එහෙම දෙයක් වුනේ?


    මට පේන හීන
    ඒක තමයි බන් මටත් තියෙන ප්‍රශ්නෙ. මුස්ලිම් එකෙක්වත් මේ අන්තවාදයට විරුද්ධව කතා කරලා වැඩ කරන්න ඉදිරිපත් වෙන්නෙ නෑනේ බන්

    මුස්ලිම් අන්තවාදය ඉදිරියේ මුස්ලිම් ප්‍රජාව හැසිරෙන විදිහ මට තේරුන විදිහට,
    සමහරු සිය කැමැත්තෙන්ම වැලඳගන්නවා.
    සමහරු දැන දැනත් කට වහගෙන හිත යටින් සපෝර්ට් එක දීගෙන ඉන්නවා.
    සමහරු නොදැක්කා වගේ ඉන්නවා.
    සමහරු විරුද්ධ වෙන්න කැමති උනත්, විරුද්ධව හඬක් නගන්න බැරි තරමටම උන්ගෙ කොඳු කඩලා.


    උබ හරි බං.. එත් ඕක ලෝකේ තාම කිසිම රටක වෙලා නෑ.. ඉතින් මෙහේ වෙන්නෙත් නෑ.
    වෙන්නේ හොද එකාවත් නරක ගොඩට වැටෙන එක..

    ලොකු ප්‍රතිවිරෝධයක් සිංහල අපි ඕකට විරුද්ධව පෙන්නන්න ඕනේ.. දෙස්පාලුවාට ලොකු වැඩ කොටසක් කරන්න තියෙනවා නීතිමය පැත්තෙන් ඕකට විරුද්දව ක්‍රියාමාර්ග ගන්න..

    එත් උන් කරන්නේ සිංහල සමාජේ විරෝදය උන්ගේ චන්ද ගොඩ වැඩිකරගන්න පාවිච්චි කරන එක.. සිරිසේන රනිල් මහින්දගේ ඉදන් ජෙප්පා දක්වාම කරන්නේ ඒ සක්කිලි වැඩේ...

    මොන මැදිහත් වීම්ද බන්. මුන් මුස්ලිම් රටවල් වලට බයයි. මේ ආණ්ඩුව ජාත්‍යන්තරේ දිනන්න කියලා හිතාගෙන වගකීම් වලින් ඈත් වෙනවා. ගිය ආණ්ඩුව කලීෆා පට්ටම් දිනන්න ගිහින් වගකීම් වලින් ඈත් උනා. අනුර මේවා ගැන කතා කරන්න ජවිපෙ මධ්‍යම කාරක සභාවෙන් අවසර ලැබෙනකම් ඉන්නවද කොහෙ. අවසරයක් නැතුව කට අරින්න තහනම්නෙ