සුළුතරය සහ බහුතරය
සුළුතරය සහ බහුතරය
මහනුවර දැන් සන්සුන්ය. මහනුවර සන්සුන්ව ඇති නිසා රටම සන්සුන්ය. එක් ප්‍රදේශයක අස්ථාවරත්වය සමස්ත රටම අරාජික කිරීමට බලපාන බව පැහැදිලිය. කවරක් නමුත් සමහර කණ්ඩායම් දිගනේ සිද්ධිය පෙන්වා බෞද්ධයින්ට නිග්‍රහ කිරීමේ වැඩපිළිවෙළක් අරඹා ඇත. එහෙත් මෙය සාධාරණ ක්‍රියාවක් නොවේ. බෞද්ධයා සැමවිටම සංහිඳියාව පැතිරවීමට මූලිකවූවා මිස එය කඩාකප්පල් කිරීමට කටයුතු කළේ නැත. කිහිපදෙනෙකුගේ ක්‍රියා නිසා සමස්ත බෞද්ධ සමාජය නිග්‍රහයට ලක්විය යුතු නැත.
තෙල්දෙණිය ගිනිගද්දී ගොමගොඩ ගමේ මුස්ලිම් වැසියෝ ජීවිතාරක්ෂාව පතා දිවගියේ මුස්ලිම් පල්ලියට නොව ගමේ පන්සලටය. එතැන නිසි ආරක්ෂාව ඇති බව ඔවුහු හොඳින් දැන සිටියහ. ගොමගොඩ ශ්‍රී ජිනාලංකාර විහාරයේ කහගල ධම්මානන්ද හිමියෝ ඒ වැසියන්ට උපරිම ආරක්ෂාව ලබාදුන්හ. බෞද්ධයන්ට නිග්‍රහ කරන පුද්ගලයන් මේවා ගැන කතා කරන්නේද නැත. ඊනියා බටහිර ජනමාධ්‍යවලටද අවශ්‍ය මෙරට බහුතර බෞද්ධයන්ට නිග්‍රහ කිරීමටය. අන්‍යාගමික අන්තවාදය ගැන ඔවුහු නිහඬවෙති.
ගොමගොඩ විහාරස්ථානය පමණක් නොව නුවර සෑම ප්‍රදේශයකම බෞද්ධ වෙහෙර විහාර මුස්ලිම් වැසියන්ට ආරක්ෂිත නවාතැන් බවට පත්විය. එයින් පෙන්වූයේ බෞද්ධ සමාජයේ සංහිඳියාව නොවේද? එහෙත් බෞද්ධයන්ට සංහිඳියාව ගැන කියාදුන් අයටම දැන් ජාතිවාදී ගිනි ඇවිලීම ගැන චෝදනා එල්ලවනු පෙනේ.
දෙහිගම, මුරුතලාව, කුරුගම, දෙහිඅංග වැනි ප්‍රදේශවල වෙසෙන මුස්ලිම් ජනතාව භීතියට පත්ව සිටියදී ඒ පිරිස ආරක්ෂා කළේ නෙල්ලිගල බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ වතුරකුඹුරේ ධම්මරතන හිමියන් ප්රමුඛ බෞද්ධ ජනතාවයි. පසුගිය සිකුරාදා දිවයින පුරා මුස්ලිම් පල්ලිවල දේවමෙහෙයන් සිදුකරද්දී භික්ෂූන් වහන්සේලාද එතැනට වැඩම කර සිටියේ ආරක්ෂාව සහතික කිරීම සඳහාය. බෞද්ධ ජනතාව විසින් සිදුකරන මේ කැපවීම් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට නම් පෙනෙන්නේ නැත.
රටේ නැවත යුද්ධයක් ඇතිවීමට කිසිවෙකුත් කැමැති නැත. එහෙත් මේ ගැටුම් ඇතිවීමට හේතු කවරේද යන්න සොයා බැලිය යුතුය. සුළු ජාතිකයන් ගැන පමණක් නොව සිංහල සමාජයද පීඩාවට පත්කරන ප්‍රශ්න ගැන සොයා බැලිය යුතුව ඇත. අන්‍යාගමික ආක්‍රමණයන් ගැන බෞද්ධ ජනතාව තුළ ඇති සැක බිය තුරන් කළ යුතුව ඇත. එසේ නොවන්නේ නම් මේ ගැටුම් යළි ඇතිවීම වැළැක්විය නොහැකිය. මෙරට බහුතරය කිසිවිටක සුළු ජාතීන්ගේ අයිතීන් සීමා කිරීමට ඉල්ලීම් කර නැත. නමුත් සුළු ජාතීන් බහුතරයේ මතය ගැනද අවධානයෙන් සිටිය යුතුය. එයට ගරු කළ යුතුය. සියලු දෙනාට මනුෂ්‍ය ගුණධර්ම පුරුදු පුහුණු කළ යුතුය. මනුෂ්‍ය ගුණධර්ම වියෑකී ගිය කල්හි නිර්මාණය වන්නේ තිරිසන් ගති ලක්ෂණයි. තිරිසනාට අවශ්‍ය කා කොටා ගැනීමට මිස අන්දෙයක් නම් නොවේ.
ජාතිවාදී ගැටුම් නිසා ජාතික ආරක්ෂාවටද බරපතළ ප්‍රශ්නයක් පැන නගී. එසේම ඩොලර් බිලියන ගණනක ආදායමක් රටට උපදවන සංචාරක ව්‍යාපාරයටද මේ ප්‍රශ්න නිසා බලවත් පහරක් එල්ලවිණි. බහුතර වැසියන් ප්‍රචණ්ඩත්වයට අතවනන්නේ නැත. එය සුළු පිරිසකගේ අවශ්‍යතාවයි. කවරක් නමුත් දිගන පෙන්වා බෞද්ධයන්ට ප්‍රහාර එල්ල කරන පිරිස දැනගත යුතු එක් කරුණක් ඇත. එනම්, සියලු ජාතීන්ට රැකවරණ සැලසෙන්නේ බෞද්ධ සමාජය ආරක්ෂාවීම මත පමණක් බවය.