සුදු මැණික සිල් අරන්
වෙන පෝය දවස් වලට ගොඩාක් පරක්කු වෙන
ඔයාගෙ good morning call එක
අද වෙනදටත් වඩා කලින්ම හම්බ වුනත්
ඒ වෙනද තියෙන දගකාර කට හඬින් නෙවෙයි
හරිම සාන්ත සන්සුන් විදිහට
ඔයා කලින්ම සංවර වෙලා වගෙයි,
අද හවස් වෙනකන් කතා බහ තහනම්
වෙනදට සැරින් සැරේ ring වෙන මගෙ phone එකත්
අද සිල් අරගෙන වගෙයි,
ඔයාට එක දවසක් හරි මෙහෙම ඉන්න
පුළුවන් එක ගැන මට හරිම සතුටු වුනාට
මට හිතෙන්නේ ජීවීතේ හිමින්ම
ගිය දවස අද කියලා,
එක්තැන් කරන්න කොච්චර හැදුවත්
ඔයාගෙ හිතට මම එන එක නවත්තන්න
ඔයාට බෑ කියල නම් මම දන්නවා
ඒත් මේ සසරින් එතෙර වෙන්න ඕන කියල
ඔයාට ඇත්තටම හිතුනොත්
එදාට නම් මම ඔයාට හරස් වෙන්නෙ නෑ රත්තරන්
ඒ ඔයාගෙ සතුට වෙනුවෙන් කරන්න බැරි දෙයක්
මට නැති හින්දා
වෙන පෝය දවස් වලට ගොඩාක් පරක්කු වෙන
ඔයාගෙ good morning call එක
අද වෙනදටත් වඩා කලින්ම හම්බ වුනත්
ඒ වෙනද තියෙන දගකාර කට හඬින් නෙවෙයි
හරිම සාන්ත සන්සුන් විදිහට
ඔයා කලින්ම සංවර වෙලා වගෙයි,
අද හවස් වෙනකන් කතා බහ තහනම්
වෙනදට සැරින් සැරේ ring වෙන මගෙ phone එකත්
අද සිල් අරගෙන වගෙයි,
ඔයාට එක දවසක් හරි මෙහෙම ඉන්න
පුළුවන් එක ගැන මට හරිම සතුටු වුනාට
මට හිතෙන්නේ ජීවීතේ හිමින්ම
ගිය දවස අද කියලා,
එක්තැන් කරන්න කොච්චර හැදුවත්
ඔයාගෙ හිතට මම එන එක නවත්තන්න
ඔයාට බෑ කියල නම් මම දන්නවා
ඒත් මේ සසරින් එතෙර වෙන්න ඕන කියල
ඔයාට ඇත්තටම හිතුනොත්
එදාට නම් මම ඔයාට හරස් වෙන්නෙ නෑ රත්තරන්
ඒ ඔයාගෙ සතුට වෙනුවෙන් කරන්න බැරි දෙයක්
මට නැති හින්දා


