සූක්ශමව බුදු දහම දියකිරීම

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    සූක්ශමව බුදු දහම දියකිරීම

    Brother Charles! WHAT is he?
    දැන් ටික වෙලාවකට කලින්, රූපවාහිනි චැනලයක වැඩසටහන් නිෂ්පාදකවරයෙක් මට දුරකථන ඇමතුමක් දුන්නා.

    '' මම මේ high way එකේ බස් එකක මාතර යන ගමන්...'' ඔහුගෙ හඬ ටිකක් කලබලයි.

    ''ඇත්තද? ඔය කවුද ඔය හයියෙන් කතාවක් පවත්වනවා වගෙ ඇහෙන්නෙ?'' පසුබිමෙන් ඇහෙන ටිකක් පුරුදු කට හඬ තහවුරු කරගන්න මට ඕන වුණා.

    ''මම ඒක කියන්න තමයි මේ ගත්තෙ..මොකද්ද DVD එකක් දාලා, කවුද දේශකයෙක්...මේ එක එක ආගම් ගැන කියනවා..බුද්ධාගම ගැනත් කියනවා...අන්න කාලෝ ෆොන්සේකාත් ඉඳගෙන ඉන්නවා...මට නිකං විකාරයි වගෙ, බැරිම තැන මේ ඔලුව නිදහස් කරගන්නත් එක්ක කතා කෙරුවෙ...'' ඔහු කියාගෙන යනවා.

    බ්‍රදර් චාර්ල්ස්!

    මම තහවුරු කරගත්තා.

    හරි! බ්‍රදර් චාර්ල්ස්ගෙ වැඩසටහන් දැන් එහෙනං යන - එන බස් වලත් ප්‍රචාරය කරන්න පටන් අරන්. බ්‍රදර් චාර්ලස් කරන්නේ කුමක්ද? අතර මග නැවතුණු ඒ සංවාදය ආයෙත් ඉස්සරහට ගන්න දැන් වෙලාව හරි!

    මම හිතන්න පටන් ගන්නවා.

    බ්‍රදර් චාර්ලස් මට මුණගැහෙන්නෙ, වෙන්නප්පුවෙ මැක්සීස් ආයතනයට මම, මාධ්‍ය සහ මානව සම්බන්ධතා උපදේශකත්වය ලබා දෙන කාලය පටන් ගන්න අතරෙ. ඔහු, ඒ ආයතනයෙ සභාපති මැක්සි පෙරේරාගෙ පවුලේ හිතවතෙක්. මම දැනගත්ත හැටියට, මේ පුජකවරයා සම්ප්‍රදායික ක්‍රිස්තියානි පල්ලියෙන් ඉවත්වෙලා, වෙනම ආගමික දේශකවරයෙක් හැටියට වැඩකරගෙන යනවා.

    ඔහුට ගීත ගයනා කිරීමේ හැකියාවක් තියෙනවා, අන්‍යයන් ආකර්ෂණය කරගන්න පුළුවන් පෞර්ෂයකුත් තියෙනවා. අනෙක, සුහදශීලී පුද්ගලයෙක්. ඒ වගේම විවිධ විදිහට එකතු කරගත්ත දැනුමක් - හොඳ මතකයක් එහෙමත් තියෙනවා. ඔහු, තම දේශනා අතර ගයනවා, තොරගන්නෙත් ජනප්‍රිය සුභාවිත ගී. සංගීතය බෙහෙවින් යොදා ගන්න නිසා ඒවා ජනප්‍රිය වෙනවා.

    ඉතිං ඔහුට අවශ්‍ය මොකක්ද? මම ඔහු සමග දීර්ඝ වශයෙන් කතාකරලා තියෙනවා. ඔහුට ඕන, මිනිස්සුන්ට ලෝකය ගැන කියලා දෙන්න, ලෝකය යහපත් පැත්තට හරවන්න. අදහස හොඳයි.
    ඒත් ඔහු තම මව් පල්ලියෙන් ගැලවුණා කිව්වට, දෙවියන්ගෙන් ගැලවෙන්නෙ නැහැ - අවසාන විසඳුම ''ලෝකය මවන සහ පාලනය කරන'' දෙවියො! එහෙම හිතන්න ඔහුට අයිතියක් තියෙනවා, එත් ඉතිං මට ඔහු සමග එතැනින් එහාට කතා කරන්න දෙයක් නැහැ. අපේ කතා බහ එහෙමම නැවතිලා ගියා. ඒත් ඒ අතර, මගෙ ඔළුවෙ ලොකු ආරවුලක් වැඩකරමින් තියෙනවා.

    බ්‍රදර් චාර්ල්ස් නිතරම වගෙ බුදුදහම උපුටා දක්වමින් එක එක විදිහෙ විග්‍රහයන් වලට යනවා. ඒ අස්සෙ ඉතාමත්ම සුක්ෂම විදිහට බුදුදහම දියවෙලා, දේවවාදයක් ඉස්මතුවෙනවා. මේ, කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවන්ගෙ ව්‍යාපෘතිය වගෙම සහ ඊටත් වඩා සියුම් 'වැඩක්'.

    මේ ගැන විවෘතව කතාකරන්න අත්‍යවශ්‍ය වෙන්නෙ, බුදුදහම විකෘති කිරීම මානව ශිෂ්ටාචාරයට කරන වරදක් නිසා. 'මාර' වැඩේ කියන්නෙ, නිහඬ මහා නායක හාමුදුරුවරුන්ගෙ සිට, සිංහල බෞද්ධකමක් ගැන පාරෙ හඬ නගන අනිත් සියළු දෙනාට මෙවැනි සියුම් කරුණු නොදැනීමයි, නොතේරීමයි.

    බුදුදහම පිළිබඳ මහා දැනුම් පද්ධතිය විධිමත් ලෙස සමාජ ගත නොවන කල, බ්‍රදර් චාර්ල්ස්ලා කියන හැම දෙයක්ම පරම සත්‍යවීම වළක්වන්නේ කෙසේද? සිංහල බෞද්ධයන් වෙනත් මිත්‍යා ආගම්වලට හැරෙන එක සහ බෞද්ධයන් ලෙසම හිඳිමින් මිත්‍යාවක්, බුදුදහම ලෙස සැලකීම මොන තරම් අපරාධයක්ද?

    කල්පනාවෙන් සහ විවෘත මනසින් මේ video සටහන් 2 බලන්න.
    මේ, ඔබේ මෝඩ හැඟීම්වලට කරන ආමන්ත්‍රණයක් නෙවෙයි, වඩා පුළුල් සංවාදයකට ආරාධනාවක්!


    https://www.youtube.com/results?search_query=brother+Charles
     
    • Like
    Reactions: Dusty Killer

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,892
    648
    113
    ME AHAPAN BAN MATA KIAHAN UBA ANTHIMATA PANSALAKATA GIA DAWASA.
    MATA KIAPAN KAMAK NATHI MIHIHEKTA UBA DANAYAK DUNNU DAWASA.
    AS BADAGANA MULU LOKEMA ADURUI KIALA NODAKA HAMA DEKINMA HODA WITHARAK DAKINNA UTHSAHA GANIN.
    MATA KIAHAN UBA BUDHUDHAHAMA ARAKSHA KARANNE AI KIALA..ATHTHAMA KIUWOTHIN MAGE PIYATH BAUDHDHAYEK.ATH UBALA WAGE PATU SHETHANAWEN LOKE DIHA BALANA MINISSUATHARA A MATA WEERAYEK.
    MATHURA UBA RAKINNA HADANA DHARMAYATH MA RAKINNA HADANA DHARMAYATH ME LOKETH EKKAMA KAWADAHO DAWASAKA NATHIWELA YANAWA.A THURAWATA UBATATH MATAWATH ME KISI DEAK RAKAGANNA BA.
    ATH EKA DEAK KARANNA UTHSAHA GANIN...ME LOKE PENENA YATHARTHAYA THERUM GANIN..
    MAMA CHARLS PIYATHUMAN GANAWATH BAUDHDHA SASANE GANAWATH KATHAKARANNE WATH THARKA KARANNEWATH NA. EKATA HETHUWA A THARAM DE THERUM GANNA UBATA MATA BARI NISA..
    PULUWANAM EKA DAWASAK UBE AMMA THATHTHA EKKA PANSALATA YAMAN..
    EKA MANUSSAYEK WENUWEN KAMAK ADUMAK DIAN.
    THAWATH MINIHEKGE WARADI WALIN UBE HITHA KILUTU KARAGANNE NATHUWA HAMA KENEKTAMA MAITHRI KARAHAN..
    UBATA WARADINNE NA
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කතෝලික අය තමයි දැන් බුද්ධාගම ප්‍රමොට් කරන්නේ කාලෝ ෆොන්සේකා ,චාර්ල්ස් ලා නැත්තම් බෞදධයෝ 1000 ක් එක තැනකට එකතු කරගන්න බෑ.
     
    • Like
    Reactions: TaskManager

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඔහොම හිතනවනම් ජාතින් දෙකකට එකට ඉන්නත් බැරිවෙනව බන්. ආගම් දෙකක දෙන්නෙකුට එක සංකෘතියකින් පෝශනය වෙන්න බැරිද?
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,892
    648
    113
    රඹා;21043837 said:
    ඔහොම හිතනවනම් ජාතින් දෙකකට එකට ඉන්නත් බැරිවෙනව බන්. ආගම් දෙකක දෙන්නෙකුට එක සංකෘතියකින් පෝශනය වෙන්න බැරිද?

    :yes::yes::yes:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මම දැක්ක එක විඩියෝ එකක මෙතුමා කියනවා මේ රටෙ බුදු දහම නැත්තන් සින්හල කතෝලිකයන්ට ඉන්ඩ විදියකුත් නැති වෙනව කියල