සූර්යග්රහ මණ්ඩලයෙන් පිටතට අභ්‍යවකාශ ය&
මීට වසර 36 කට පෙර 1977 වසරේ උඩුගුවනට යැවුණු නාසා ආයතනයේ වොයෙජර් - 01 අභ්‍යවකාශ යානය දැන් සූර්යග්රහ මණ්ඩලයේ සීමාවෙන් පිටත තාරකා අතර හිස් අවකාශය වෙත පිවිසී ඇති බව වාර්තා වනවා. සූර්ය ග්‍රහ මණ්ඩලයේ සීමාවෙන් පිටතට ගිය මිනිසා විසින් නිපදවූ පළමු අභ්‍යවකාශ වස්තුව මෙයයි. එය වෙත දැන් රේඩියෝ තරංගයක් යැවීමට පැය 17 කට වැඩි කාලයක් ගතවන බව සඳහන්. කෙසේ නමුත්, එය දැනට ගමන් කරන පැයට සැතපුම් ලක්ෂයක වේගයෙන් ගමන් කළ ද තවත් වසර 40,000 ක් යනතුරු තාරකාවක් මුණ නොගැසෙනු ඇති.






