සූර්යබල විදුලි ණය සහන

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඔන්න කැමති අය උත්සාහයක් දරන්න මමත් ට්‍රයි එකක් දෙන්න ඕනේ

    සූර්යබල විදුලි පහසුකම් ලබාගැනීමේ ණය සහන:

    රජයේ සේවකයන්ගේ විදුලි බිල අඩු කිරීමේ අරමුණින් සූර්යබල උත්පාදන කට්ටල සවි කිරීම සඳහා අවශ්‍ය ණය පහසුකම් සියයට 4 ක් වැනි අඩු පොලී අනුපාතයක් යටතේ 2021.01.01 දින සිට ලබා දෙන අතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ද තම ව්‍යාපාරික ස්ථානයන්හි වහලය මත සූර්යබල පද්ධති කට්ටල සවි කිරීම සඳහා මෙම ණය ලබාගත හැක. එමඟින්, රජයේ සේවකයෙකු, රු. 750,000 ක ණය මුදලක් අවුරුදු 10 කින් ගෙවී යන පරිදි ලබා ගෙන, 2021 අයවැය මඟින් යෝජනා කර ඇති පරිදි තම නිවසේ කිලෝවොට් 5 ක සූර්යබල උත්පාදන කට්ටලයක් සවිකළහොත් එම ණය මුදලේ මාසික වාරිකය පියවීමෙන් පසු පළමු අවුරුදු 7 තුළ මසකට රු. 3,000 ක පමණ අමතර ආදායමක් ලබා ගත හැකිවේ. මෙම ණය යෝජනා ක‍්‍රමය තෝරාගත් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු ආයතන 10 ක් හරහා ක‍්‍රියාත්මක කෙරේ.


    https://divaina.com/daily/index.php/puwath-2/51650-2020-12-10-15-41-25
     
    Last edited:

    atom34

    Active member
  • Sep 24, 2018
    129
    120
    43
    Colombo
    මචන් source එක දන්නා පුලුවන්ද.
    වැඩි විස්තර ටිකක් ගන්න ඕන..(y):unsure:
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Government ewuntama okkoma denna thiyenne..

    Ahinsaka minissunta kannath naha

    රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්ට නිවාස මිලදී ගැනීම සඳහා ණය පහසුකම් :

    මෑත කාලීනව, ග‍්‍රාමීය ප‍්‍රදේශවල තරුණ තරුණියන් රැුකී රක්ෂා වල නිරත වීම සඳහා අර්ධ නාගරික හා නාගරික ප‍්‍රදේශ වෙත ඇදී ඒමේ වැඩි ප‍්‍රවනතාවක් දක්නට ලැබේ. මෙසේ දිනපතා අර්ධ නාගරික හා නාගරික ප‍්‍රදේශ වෙත පැමිණීමට සිදු වීම නිසා විශාල වශයෙන් කාලය අපතේ යෑමක් සිදුවන අතර අර්ධ නාගරික හා නාගරික ප‍්‍රදේශවල අධික වාහන තදබදයක් ද ඇතිවේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ රැුකියාවක නිරතවී මාසික වේතනයක් උපයන මධ්‍ය මට්ටමේ ආදායම්ලාභීන්ට නාගරික සංවර්ධන අධිකාරිය විසින් අර්ධ නාගරික හා නාගරික ප‍්‍රදේශවල ඉදිකෙරෙන නිවාස යෝජනා ක‍්‍රමවලින් නිවසක් මිලදී ගැනීමේ අවස්ථාව 2021 අයවැය මඟින් උදා කර දී ඇත. මේ යටතේ, රාජ්‍ය බැංකු වන ලංකා බැංකුව, මහජන බැංකුව හා ජාතික ඉතිරි කිරීමේ බැංකුව හරහා රු. ලක්ෂ 100 ක උපරිම ණය මුදලක් 6.25% ක පොලී අනුපාතයක් යටතේ වසර 25 කින් ගෙවා අවසන් කිරීමට හැකිවන පරිදි ලබාගත හැක. මෙම ණය යෝජනා ක‍්‍රමය 2021 ජනවාරි 01 වෙනි දා සිට ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    120000BTU Inverter A/C එකක් හයි කලොත් කොච්චර KW Solar පැනල් එකක් ඕනේ වෙනවද !
    එදිනෙදා වැඩ කරලා අපිට මාසෙට 120/130 Unit යනවා..
     
    • Like
    Reactions: lakshitha2011

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    120000BTU Inverter A/C එකක් හයි කලොත් කොච්චර KW Solar පැනල් එකක් ඕනේ වෙනවද !
    එදිනෙදා වැඩ කරලා අපිට මාසෙට 120/130 Unit යනවා..

    Lankawe feed in tarif eka matha oka depend wenawa....3.3 kW ekak athi weyi
     
    • Like
    Reactions: lakshitha2011

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    120000BTU Inverter A/C එකක් හයි කලොත් කොච්චර KW Solar පැනල් එකක් ඕනේ වෙනවද !
    එදිනෙදා වැඩ කරලා අපිට මාසෙට 120/130 Unit යනවා..

    තැන අනුව වෙනස් වෙන්ව .. generally 3.3kW ඇති පැය 5ක් වගේ A/C දාල දවසට ..
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Solar power හයි කරපු කට්ටිය ඉන්නවා නම් පොඩි විස්තරයක් දීලා යනවද

    හොද කම්පනියක් කියන්න පුලුවන්ද Solar power හයි කරන

    මොනවද හොද Solar panels වර්ග ?

    ඉන්වටර් එක චීන ඉතාලි ජර්මන් ඊශ්‍රායල් ඒවායින් මොකද්ද හොද ?

    ලංකාවේ පලාතෙන් පලාතට නිෂ්පාදනය වෙන විදුලි ප්‍රමාණය වෙනස්ද ?

    විදුලි බල මණ්ඩලේට විදුලිය ගන්නේ කීයටද ?

    Solar power system කොච්චර කාලයක් පවතිනවද ?

    මේවට උත්තර බලාපොරොත්තුවෙන් ගොඩක් අය ඇති මේවට උත්තර හම්බෙනකන් උත්තර නොදන්නා අය මේක උඩට ගෙන්න උදවු කරන්න

    මට හම්බෙන විස්තර මම මේකේ දාන්නම්
     

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    Solar power හයි කරපු කට්ටිය ඉන්නවා නම් පොඩි විස්තරයක් දීලා යනවද

    හොද කම්පනියක් කියන්න පුලුවන්ද Solar power හයි කරන

    මොනවද හොද Solar panels වර්ග ?

    ඉන්වටර් එක චීන ඉතාලි ජර්මන් ඊශ්‍රායල් ඒවායින් මොකද්ද හොද ?

    ලංකාවේ පලාතෙන් පලාතට නිෂ්පාදනය වෙන විදුලි ප්‍රමාණය වෙනස්ද ?

    විදුලි බල මණ්ඩලේට විදුලිය ගන්නේ කීයටද ?

    Solar power system කොච්චර කාලයක් පවතිනවද ?

    මේවට උත්තර බලාපොරොත්තුවෙන් ගොඩක් අය ඇති මේවට උත්තර හම්බෙනකන් උත්තර නොදන්නා අය මේක උඩට ගෙන්න උදවු කරන්න

    මට හම්බෙන විස්තර මම මේකේ දාන්නම්
    මමත් හොයනවා විස්තර
    දන්න තරමින් නම් විදුලිබල මණ්ඩලය යුනිට් එකක් රු. 22 ගානෙ ගන්නෙ
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මමත් හොයනවා විස්තර
    දන්න තරමින් නම් විදුලිබල මණ්ඩලය යුනිට් එකක් රු. 22 ගානෙ ගන්නෙ

    ඔව් විදුලි බල මණ්ඩලය ඒකකයක් රු. 22/= ගන්නේ අවුරුදු 7ක් යනකන් ගන්නවා ඊට පස්සේ ගන්නේ රු. 15/= ගණනේ

    ලංකාවේ 5kw එකකින් ජනනය කරන්න පුළුවන් මද්‍ය අගය යුනිට් 600-500 ත් අතර හැබැයි අවුරුදු 10 කට පස්සේ මේ ප්‍රමාණය අඩු වෙනවා කියලා තමයි කියන්නේ සමහර පැනල් වල ඊටත් කලින් අඩු වෙනවලු මේ ගැන දන්නා අත්දැකීම් ඇති අය මේ තොරතුරු වැරදි නම් නිවැරදි කරන්න

    Sudarshi Madanayake

    මම රත්මලානේ CEB OFFICE එකට ගිහින් අත්සන් කලා. මුල් අවුරුදු 7 UNIT එකකට රු 22 බැගින් හා ඉතිරි අවුරුදු 13 රු 15.50 බැගින් CEB එකෙන් ගෙවනවා කියල ඒකේ තිබුනා.
    මම දැන් අවුරුදු 3 හමාරක් පමණ මුදල් ලැබෙනවා

    https://www.facebook.com/groups/177...k/300908158010691/?comment_id=300942118007295


    ජර්මන් ඉන්වර්ටර් එකේ efficiency එක 98% වගේ කිව්වා චීන එක 90-85% අතර කියලයි දන්නේ හැබැයි ජර්මන් එක චීන එකට වඩා ලක්ශ 2ක් විතර වැඩිලු

    මේ ගැන දන්නා අත්දැකීම් ඇති අය මේ තොරතුරු වැරදි නම් නිවැරදි කරන්න


    PLQrZaJ.png


    https://www.facebook.com/groups/177062740395234/permalink/300591968042310/

    Rooftop solar system එකක් සවිකර ගැනීමට අදහසක් තියෙනවා නම්, මේ දේවල් මුලින්ම කරගෙන ඉන්න.
    1. නම වෙනස් කිරීමට ඇත්නම් එය මුලින්ම කරගන්න.
    2. 5kW ට වඩා වැඩි ප්‍රමාණයක් සවිකිරීමට අදහස් කරන්නේ නම් නිවසේ විදුලි සැපයුම තෙකලා කර ගන්න.
    3. ණයක් ලබාගෙන සෝලා පද්ධතිය සවිකිරීමට අදහස් කරන්නේ නම් බැංකුවෙන් ණය මුදල ලබා ගත හැකිද යන්න සොයා බලන්න.
     
    Last edited:
    • Like
    Reactions: sidathsaumya