සූරිය වැවේ ඇත්ත කථාව​

udara65

Active member
  • Nov 12, 2013
    613
    105
    43
    සූරිය වැවේ ඇත්ත කථාව​

    මුලින්ම කියන්න ඕනේ මම කාටවත් කඩේ යනවා නෙමෙයි සහ මේ ත්‍රෙඩ් එකේ අරමුණ කාටවත් මඩගැසීමක් නොවේ..

    හැබැයි මේ දවස් වල හැමෝම කතා වෙන හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩා සංකීර්ණයේ ඉදිකිරීම් පිරිවැය (Construction cost) ගැනයි කතා කරන්නේ..මුලින්ම කියන්න ඕනේ කෝප් කමිටුවේදී සුනිල් හදුන්නෙත්ති මහතා ක්‍රීඩාංගනයේ වර්තමාන වෙලදපොල වටිනාකමත් (මිලියන 900 - Market value) එහි මූලික ඉදිකීරීම පිරිවැයත් (මිලියන 5000ට වැඩි - Construction cost) අහසට පොලව වගේ ඒ නිසා මෙතන මහ හොරකමක් වෙලා යැයි ප්‍රකාශ කිරීම ඇත්තටම මහ විහිලුවක්..එහෙම එතුමා කිව්වේ එතුමාගේ නොදන්නා කමටයැයි කීවොත් නිවැරදියි..එම කාරණය ඔවුන් දේශපාලන මඩගැසීමක් වෙනුවෙන් යොදාගැනීමෙන් ඔවුන් ගේ නොදන්නා බව මෙන්ම ජනතාව නොමග යැවීමක්ද ඔවුන් සිදු කරගත්තා..

    මම මේක උදාහරණයකින්ම පැහැදිලි කරන්නම්..දේපොලක තක්සේරු වටිනාකම සහ එහි මූලික පිරිවැය කියන්නේ සම්පූර්ණයෙන්ම අර්ථ වෙනස් වචන දෙකක්..එතනම අනාගෙන නේද​?

    හරි ගොඩනැගිල්ලක වර්තමාන වටිනාකම (Present value) බලනකොට තක්සේරුකරුවන් (Valuers) පහත දේවල් සැලකිල්ලට ගන්නවා..
    1. ඉඩමේ වෙලදපොල වටිනාකම (+)
    2. ගොඩනැගිලේ මූලික ඉදිකිරීම පිරිවැය (+)
    3. ක්ශය වීම කාලය සමග (-)
    4. ගොඩනැගිලේ භාවිතයත්, එය නිසා ධනාත්මක හෝ ඍණාත්මකව ඇතිවෙන මූල්‍ය බලපෑම වෙනි කරුණු

    අපි ලක්ශ 40 මූලික පිරිවැයකට කාර් එකක් ගන්නවා අවුරුදු 5කට පස්සේ එහි තක්සේරු වටිනාකම ලක්‍ෂ 25ක් වෙන්න පුලුවන්..ඉතින් ඒ වටිනාකම අඩුවුන නිසා අපි ලක්ශ 15ක හොරකමක් වෙලා කියලා නිගමන්‍යකට ආවොත් ඒක වැරදි නේද​? :lol:

    හැබැයි අවුරුදු 5කට කලින් එම කාර් එකම කවුරු හරි ලක්ශ 50කට ගත්තොත් අන්න එතන වංචාවක් හෝ නෙමග යැවීමක් වෙලා තියෙන්වා..

    ඒ නිසා අපි හොරකමක් හෝ වංචාවක් වෙලාද කියලා බලන්න ඕනේ ක්‍රීඩාංගනයේ ඉදිකිරීම පිරිවැයත් සමග ඒ කාලයේදීම ඒ හා සමාන ඉදිකිරීමකට ගිය ඉදිකිරීම පිරිවැයත් සංසන්දනය කිරීමෙන් පමණි..:cool:

    ඇත්තටම න්‍යායාත්මක්ව ගත්තොත් කාර් එකක් වගේ චංචල දේපලක් එක්ක ක්‍රීඩාංගනයක් වගේ නිශ්චල දේපලක් සැසදීම වැරදි..

    අපි මෙහෙම හිතමු සූරිය වැව ක්‍රීඩාංගනයත් දඹුල්ලත් එකම දවසේ ඉදිකිරීම් අවසන් උනා හිතමු, දඹුල්ල ක්‍රීඩාංගනය ඉදිකලාට පස්සේ එයින් ප්‍රයෝජනයක් නොගෙන අතහැර දානවා හැබැයි දඹුල්ල හදන්න ගිය හා සමාන වියදමක් ගිය සූරිය වැව හොදට තරග තියෙනවා, එක දිගට හොද ආදායමකුත් ලැබෙනවා ඉතින් මේ දෙකේ වෙලදපොල තක්සේරුවක් කලොත් සමහර විට සූරිය වැව ක්‍රීඩාංගනයේ වර්තමාන වටිනාකම එහි මූලික පිරිවැය වගේ කිහිප ගුනයක් වැඩි වෙන්න පුලුවන්..

    හැබැයි දඹුල්ලේ වෙලදපොල තක්සේරුව මූලික පිරිවැය වගේ කිහිප ගුනයක් අඩු වෙන්න පුලුවන් එයින් කිසිම ප්‍රයෝජනයක් නොගෙන දිරාපත් වෙන්න අත් හැරලා තිබ්බොත්..:angry:

    ඉතින් මන් හිතනවා වෙලා තියෙන දේ ඔයාලාට තේරුනා කියලා..ඇත්තටම කෝප් එකට දැනුමක් තිබ්බනම් කියන්න තිබ්බේ මේ ක්‍රීඩාංගනයට වටිනාකමක් එකතු වෙන විදිහට තව තරග වැඩි වැඩියෙන් පවත්වන්නත්, තරග නොමැති දිනවලට ඒ ක්‍රීඩාංගනයෙන් වැඩක් ගන්න පුලුවන් ක්‍රම හොයන්න කියලා බලධාරීනට නියෝග කරන එකයි..:(

    ඉතින් හොරකමක් වෙලා කියලා දේශපාලන වාසියක් ගන්න තිබ්බනම් කරන්න තිබ්බේ ජනතාවගේත් බලධාරීනගේත් කාලය අපතේ නොයවා ක්‍රමානුකූල විගනණයක් සිදු කිරීමයි..

    ස්තූතියි රෙප් දෙනවානම් මේ වගේ නොදන්න කම නිසා හොරු අල්ලන්න ආපු අය මෙන්ම හොරු යැයි කියන පිරිසගේද මේ ඔක්කොම එපා අපිට ඕනේ සිස්ටම් චේන්ජ් එකක් කියන අයගේද රසවත් ගොන් කතා පලකරන්නම්..:P:cool:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,678
    113
    ඕකා මොනාද බන් දන්නෙ. කැම්පස් ගිහින් ඉගෙනගන්නෙ නැතුව විප්ලව කරන්න බෝම්බ හදලා ඇඟිලි කුඩු කරගත්තු එකානෙ. රාජපක්ෂවරු එක්ක තියෙන තරහවට මරු විකල්ලෙන් චෝදනා කරනවා. සූරියවැවේ තියෙන අගේ දන්නෙ උදේ හවා ගාල් වෙන අපියි.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,364
    1
    4,065
    113
    Is he the same person who value loss from Bond issue. So what can we learn from this and also could not do simple mathematics on Tv interview. Can we believe them
     
    Last edited:

    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    Is he the same person who value loss from Bond issue. So what can we learn from this and also could not do simple mathematics on Tv interview. Can we believe them
    No he is not..Still there is no proper audit done and finalized on bond issue..
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Market value මිලියන 900)
    Construction cost මිලියන 5000ට
    අහසට පොලව වගේ :(
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    මාත් අද උදේ ඉදන් COPE කමිටුවේ වීඩියෝ ටික ඔක්කොම බැලුවා
    මම නම් හිතන්නේ ඒ වීඩියෝ ලංකාවේ චැනල් වල news නවත්තලා ඒ වෙලවට පෙන්නන්න ඕන කියලා :sorry:

    මේ ඒවගෙන් ටිකක්

    එක තැනක කියනවා 5%ක අහුවෙන විදිහේ audit එකක් කරාම මිලියන 84ක ගැහිල්ලක් හොයාගෙන කියලා අනිත් 95% කොහොම ඇද්ද එතකොට ?

    තව ගැනියෙක් අදින්න ඇදුමක් නෑ කියලා එන්නේ නැතුවා ඉන්නවා

    තව director කෙනෙක් ද කොහෙද අව්රුද්දෙ මුල ඉදන් පඩි අරන් තියෙනවා හැබැයි ඒ පොරව director කෙනෙක් විදිහට ගන්න තීරණය කරලා තියෙන්නේ ඒ අව්රුද්දෙ අගදී

    ලක්ෂ 130ක වගේ BMW එකක් ලක්ෂ 13කට වගේ ගානකට අයින් වෙලා යන ලොකු එකෙක්ට අරන් යන්න දීල තියෙනවා

    තව තැනක කියනවා සතොසේ advertising වැඩ වලට මාසෙකට ලක්ෂ 15 ගානේ UTV කියලා මිනිස්සු දන්නෙවත් නැති අහුවෙන්නේවත් නැති චැනල් එකකට වියදම් කරපු විදිහ

    උබ ඔය කියලා තියෙන සුරිය වැව ground එක ගැන Cricket Board එකෙන් අහනකොට එකෙක්ට දෙන්න උත්තරයක් නැතුව බලාගෙන ඉන්නව


    :confused::confused:





    එකක් දෙකක් බලනකොට තව suggest වෙයි
     
    • Like
    Reactions: lodbrok

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මාත් අද උදේ ඉදන් COPE කමිටුවේ වීඩියෝ ටික ඔක්කොම බැලුවා
    මම නම් හිතන්නේ ඒ වීඩියෝ ලංකාවේ චැනල් වල news නවත්තලා ඒ වෙලවට පෙන්නන්න ඕන කියලා :sorry:

    මේ ඒවගෙන් ටිකක්

    එක තැනක කියනවා 5%ක අහුවෙන විදිහේ audit එකක් කරාම මිලියන 84ක ගැහිල්ලක් හොයාගෙන කියලා අනිත් 95% කොහොම ඇද්ද එතකොට ?

    තව ගැනියෙක් අදින්න ඇදුමක් නෑ කියලා එන්නේ නැතුවා ඉන්නවා

    තව director කෙනෙක් ද කොහෙද අව්රුද්දෙ මුල ඉදන් පඩි අරන් තියෙනවා හැබැයි ඒ පොරව director කෙනෙක් විදිහට ගන්න තීරණය කරලා තියෙන්නේ ඒ අව්රුද්දෙ අගදී

    ලක්ෂ 130ක වගේ BMW එකක් ලක්ෂ 13කට වගේ ගානකට අයින් වෙලා යන ලොකු එකෙක්ට අරන් යන්න දීල තියෙනවා

    තව තැනක කියනවා සතොසේ advertising වැඩ වලට මාසෙකට ලක්ෂ 15 ගානේ UTV කියලා මිනිස්සු දන්නෙවත් නැති අහුවෙන්නේවත් නැති චැනල් එකකට වියදම් කරපු විදිහ

    උබ ඔය කියලා තියෙන සුරිය වැව ground එක ගැන Cricket Board එකෙන් අහනකොට එකෙක්ට දෙන්න උත්තරයක් නැතුව බලාගෙන ඉන්නව


    :confused::confused:

    එකක් දෙකක් බලනකොට තව suggest වෙයි

    මාත් ඔය වගේ පොඩි සමරි එකක් දාන්න හිතාගෙන හිටියෙ.

    කියල වැඩක් නෑ බන්. මුන් මේවට ඇවිල්ල කියන දේවල්.

    වෙන ඕනෑම ජොබ් එකක් කරද්දී හරියට වැඩ කරලා නැත්නම් ජොබ් එක දාල ගෙදර යන්න වෙන්නෙ. ඒ උනාට අමාත්‍යංශ වලට එහෙම නෑ. ඇමති කොච්චර ෆේල් උනත්. ඌ සදාකල් එතන.

    මම කවදාවත් මුස්ලිම් මිනිස්සුන්ට විරුද්ධ කෙනෙක් නෙමේ. ඒ ඈන්ගල් එකෙන් බලන්න එපා. ඒ උනාට බලපන් රිෂාඩ් ඉන්න සතොසෙ නිලධාරී මණ්ඩලේ. ඔක්කොම ඉන්නෙ මුස්ලිම් අය. ඒ කියන්නෙ ජොබ් එකක් අඩ්වටයිස් කරපුවම සුදුසු අය වැඩිපුර ඉන්නෙ මුස්ලිම් කියන එකද? වරායෙත් ඔහොමයි, ජල සම්පාදනෙත් ඔහොමයි.

    මේවා දැක්කම මතක් වෙන්නෙ 300 ෆිල්ම් එක. ඔක්කොම හොරු ටික එකට එකතු වෙලා COPE එකට විරුද්ධව ෆයිට් එකක් දෙන්න හදනවා. ඒත් Spartans ලා දිනනවා.

    උඹ දැක්කද විදුලිබල මණ්ඩලේ වීඩියෝ එකේ බටගොඩ එන්නෙ නැතුව වැඩ බලන්න ගැණු කෙනෙක්ව COPE එක තියන දවසෙ උදේ අපොයින්ට් කරලා එවලා තියනවා!! :angry::angry::angry:
     
    • Like
    Reactions: pulgaka

    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    monawa unath cope commitee kiyanne hodama hoda wedak..

    adu padu thiyenawa a unata horakam allaganna therenne nathi unath ewa ratata eli karana eka hari loku deyak athhatama..