සූවස් ඇළේ සිර වූ නෞකාව මුදාගැනේ

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    දින 06 ක කාලයක් සුවස් ඇලේ සිරවී තිබු බහාලුම් ප්‍රවාහන නෞකාව මිට සුළු මොහොතකට පෙර මුදා ගැනීමට සහන කණ්ඩායම් සමත්වූ බව එම නෞකාව අයත් සමාගම ට්විටර් සටහනක් තබමින් සඳහන් කර සිටිනවා.

    MV Ever Given නම් නෞකාව ඉකුත් අඟහරුවාදා සුවස් ඇලේ සිරවීම හේතුවෙන් ලොවපුරා නෞකා ගමනාගමනයෙන් සීයයට 30 ක අධික ප්‍රමාණයක් ඇන හිටිනු ලැබුවා..

    බන්දුලය අපරාදේ කියල හිතනව අැති..ඕක පිටින් දාල ගෑස් වැඩි කරන්න හිටියේ..:D

    ඉන්ධන සහ ගෑස් මිල වැඩි කළ යුතුයි – ඇමති බන්දුල ගුණවර්ධන​


    Gas-1.jpg

    NEWS

    ඉන්ධන හා ගෑස් මිල ඉහළ දැමිය යුතුව ඇති බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන සඳහන් කර සිටිනවා. ලෝක වෙළඳපොලේ ඉන්ධන ගෑස් ඇතුළු භාණ්ඩ මිල අසාමාන්‍ය ලෙස ඉහල ගොස් ඇති බවයි ඔහු සඳහන් කර සිටින්නේ.​


    මේ අතර සූවස් ඇළ හරහා නැවක් හිර වීමෙන් භාණ්ඩ ප්‍රවාහනයට ලෝක පරිමාණයේ බාධා පැමිණ ඇති බවට පෙන්වා දුන් ඇමැතිවරයා ලෝක වෙළඳපොලේ පවතින මිල වෙනස්කම් වලට ශ්‍රී ලංකාවද ප්‍රතිචාර දැක්විය යුතු බවද සඳහන් කර සිටිනවා.

    https://mawurata.lk/archives/8948