සෙන් කතා තුනක්
සෙන් කතා තුනක්
හෙලවෙන්නේ කුමක්ද?-
සුළඟෙහි ලේලෙමින් තිබු කොඩියක් ගැන දෙදෙනෙක් වාදයක පැටලී සිටියහ.
"ඇත්තටම මේ සෙලවෙන්නේ හුලඟයි, කොඩිය නෙවෙයි." එක් අයෙක් කීය.
"නැහැ, හෙලවෙන්නේ කොඩියයි." අනෙකා වාද කළේය.
එතනින් යමින් සිටි සෙන් හිමි නමක් වාදයට බාධා කළහ.
"දරුවනේ, හුළඟවත් කොඩියවත් නෙමෙයි නුබලගේ හිතයි සෙලවෙන්නේ..."
-ශුන්‍යතව හා කෝප්පය-
තරුණ සෙන් සිසුවෙක් වූ යමොකෝ ටෙෂු, විවිධ ගුරුවරු වෙත ගොස් අවසානයේ ගොතොකු'හි දොකුඔන් හිමි වෙත පැමිණියේය.
තම කැපවීම හා උද්‍යෝගය ප්‍රකට කරනු සඳහා ඔහු මෙසේ කීය.
"අවසානයේදී මනස, බුදුන් සහ සියලු සචේතනික වස්තුන් කිසිවක් පවතින්නේ නෑ. සංසිද්ධිවල සැබෑ ස්වභාවය තමයි ශුන්‍යතාව. කිසිඳු අවබෝධ කරගැනීමක් නැහැ. ආර්ය හෝ අනාර්ය බවක් නැහැ. දීමට හෝ ගැනීමට කියා දෙයකුත් නැහැ..."
දොකුඔන් හිමි නිහඬව තරුණයාගේ කතාවට කන්දී සිටියේ පයිප්පයෙන් දුම් උරමිනි. ඒ කතාව අවසන් වූ පසුව හෙතෙම තම පයිප්පය තරුණ සිසුවා වෙත වරෙන් දමා ගැසුවේය.
යමොකෝ ටෙෂු එයින් තදින් කිපුනේය.
"කිසිවක් නැතිනම් ඔය කේන්තිය ආවේ කොහෙන්ද?" දොකුඔන් හිමි විචාළේය.
-හෙට දවස-
ජපන් යුද සෙබළෙකු තම සතුරු හමුදා කණ්ඩායම අතට හසුවී සිරගත විය. එදින රාත්‍රියේ ඔහුට නින්ද කර එළැඹීම ඉතා අපහසු කටයුත්තක් විය.
පසු දින කෙරෙන ප්‍රශ්න කිරීම්, එයින් නොනැවතී කෙරෙන තර්ජන, පහරදීම් ආදිය ගැන සිතද්දී ඔහුගේ සිත සැලෙන්නට පටන්ගත.
එක්වරම ඔහුට සෙන් භික්ෂුවකගේ වදන් කිහිපයක් සිහිවූයේ අහම්බෙන් මෙනි.
"හෙට දවස සත්‍ය වශයෙන්ම පවතින දෙයක් නෙමෙයි, ඒක මුලාවක්. එකම යථාර්තය නම් මේ මොහොතයි..."
එයින්ම සෙබළා සුවයෙන් නිදාගත්තේය.
උපුටා ගැනීම
http://sammathayenobbata.blogspot.com/2011/09/blog-post_06.html

Last edited: