සෙන් බොදු කතා

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    බන්කෙයි නම් සෙන් ගුරුතුමා රටරටවලින් පැමිණි විවිධාකාරයේ ගෝලයන් පිරිසකට ධර්මය ගැන කියා දෙමින් භාවනා ක‍්‍රම පුහුණු කරමින් සිටියේය. ඒ අතරින් එක් ගෝලයෙක් සොරකම් කරන්නට පුරුදුව සිටි අයෙකි. ගෝලයෝ තමන් සතු යම්යම් දෑ නැති වූයෙන් ඒ ගැන ගුරුතුමාට පැමිණිලි කළහ. ගුරුතුමා එය ගණන් නොගෙන සොරකම් කිරීමේ පුරුද්ද අත්හළ යුතු එකකැයි පොදුවේ සියලූ දෙනාම අවවාද කළේය. එත් සොරකම එතැනින් නතර නොවීය. ඉන්පසු ගෝලයන් විමසිල්ලෙන් පසු වූයෙන් සොරකම අතටම අල්ලා ගත හැකි විය. ඔවුහු සොරා අල්ලා ගෙන ගොස් ගුරුතුමාට ඉදිරිපත් කළහ. සොරා පන්සලෙන් පන්නා දමන ලෙස ඉල්ලා සිටියහ. ඒත් ගුරුතුමා ඔහුට අවවාද කළා මිස වෙන කිසිවක් කළේ නැත. සොරකම නතර නොවීය. තවදුරටත් ඉවසා සිටිය නොහැකි ගෝලයෝ සොරා පන්සලෙන් නොරපා නොදැමුවොත් තමන් සියලූ දෙනාම එක්ව පන්සල හැර වෙනත් ගුරුතුමකු සොයා යන බව ඔවුන් සියලූදෙනාගේම අත්සන් සහිත පෙත්සමක් ඉදිරිපත් කරමින් කියා සිටියහ.

    ගුරුතුමා ඔවුන් සියලූ දෙනාම එක් රැස් කළේය. චෝදනා ලැබූ ශිෂ්‍යයා ද එහි ගෙන්වීය. ඊළඟට ගුරුතුමා කාටත් ඇසෙන සේ පෙත්සම කියවීය. අනතුරුව ගෝලයන් අමතා මෙසේ කීය:

    ”බොහොම හොඳයි, ඔබ හැම දෙනාම හොඳ නරක හැම දෙයක් ගැනම දන්නා අයයි. ඒ නිසා ඔබ හැමදෙනාටම ඕනෑම තැනක ගොස් ඕනෑම ගුරුවරයකුගෙන් ඉගෙනීමේ හැකියාව තියෙනවා. ඒත් මේ ගෝලයාට එහෙම නෑ. ඔහු අඩු තරමින් සොරකම නරක දෙයක් බව දන්නේ නෑ. ඒ නිසා ඔහුට හොඳ නරක කියා දෙන්න ඉන්නෙ මං විතරයි. ඔහු යහමගට ගැනීම මගේ පරම යුතුකමයි. ඒ නිසා කැමති අයට යන්න පුළුවන්.”

    ගුරුතුමාගේ ඒ කතාව අසා සිටි ගෝලයාගේ දෑසින් කඳුළු කැට කඩා හැළුණේය. ඔහුගේ සිතෙහි සොරකමට ඇති ආශාව එකණෙහිම අතුරුදන් විය.
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    රියෝකාන් සෙන් ගුරුවරයෙක්. කන්දක් පාමුල පිහිටි පුංචි පැලක වී ඔහු ගත කළේ ඉතාමත් සරල ජීවිතයක්. එක් හැන්දෑවක හොරෙක් ඒ පැලට රිංගුවා මොනව හරි හොරකම් කරන්න හිතා ගෙන. ඒත් කිසි දෙයක් තිබුණේ නෑ.

    ඒ අතර රියෝකාන් ආවා. හොරා අතට ම අහුවුණා. ”ඔබ හුඟක් දුර ඉඳන් වෙන්න ඇති මාව හොයා ගෙන ආවෙ?” ඔහු හොරාට කීවා. ”ඔබ මෙච්චර දුර ඇවිල්ල හිස් අතින් යන එක හරි නෑ. ඒ හින්දා මං මේ ඇඳන් ඉන්න ඇඳුම තෑග්ගකට ගන්න.”

    අන්දුන්කුන්දුන් වූ හොරා ඒ ඇඳුමත් අරගෙන එතැනින් ඉක්මනට ම මාරු වුණා.

    රියෝකොන් නිරුවතින් වාඩි වී සිටියා. ඔහුට හඳ පායා ඇවිත් තිබෙනු දැකිය හැකි වුණා. ”අහිංසකයා, මට මේ ලස්සන හඳ එයාට දෙන්න පුළුවන්කමක් තිබුණා නම්” ඔහු තමාට ම කියා ගත්තා.
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    හකුයින් කියන සෙන් ගුරුවරයා පිරිසිදු ජීවිතයක් ගත කළ අයෙකු ලෙස ප‍්‍රකටව සිටියා. ඒ නිසා බොහෝ දෙනා ඔහුට ගෞරව කළා.

    ඒ ළඟපාත ලස්සන ජපන් තරුණියක් ජීවත් වුණා. ඇගේ දෙමාපියන් ධනවත් අය.
    තාත්තා පොහොසත් මුදලාලි කෙනෙක්. හදිසියේ ම ඒ දෙමාපියන්ට දැන ගන්න ලැබුණා, ඒ තරුණිය මවක් වෙන්න යන බව.

    මේක අහලා ඒ දෙමාපියන්ට හොඳටෝම තරහ ගියා. ඔවුන්ට දැන ගන්න ඕනැ වුණා දරුවගෙ තාත්ත කවුද කියල දැන ගන්න. ඒත් ඇය කියන්න කැමති වුණේ නෑ. අන්තිමේ දී නොයෙකුත් තාඩන පීඩන කරලා ඇයගෙන් අහ ගත්තා, දරුවගේ පියා කවුද කියලා. ඒ තමා හකුයින්.

    දෙමාපියන් ඒක අහපු ගමන්ම තරහෙන් පිපිරි පිපිරි එතුමා හමුවෙන්න ආරාමයට ගියා. ඔවුන් කී සියල්ල එතුමා නිහඬව අහගෙන හිටියා.

    අවසානයේ දී එතුමා මෙහෙම කිව්වා:”ඒකත් එහෙමද?”

    ”ඒකත් එහෙමද කියල හරියන්නෙ නෑ. අපි දරුවා ලැබුණාම ඔබට ගෙනත් දෙනවා.” දෙමාපියන් යන්න ගියා.

    දරුවා උපන්නාට පස්සෙ ඔවුන් දරුව ව අර ගෙන ගිහින් සෙන් ගුරුතුමාට බාර දුන්නා. ඔවුන් එතුමාට කළේ ලොකු ලැජ්ජාවක්. එතුමාගේ පිරිසිදු ජීවිතයට ලොකු කැලලක් සිදු වුණා. ඒත් එතුමා එයින් මඳක්වත් සැලූණේ නෑ. කිසිත් මුවින් නොබැණ දරුවාව බාර ගත්තා. අසල්වාසීන්ගෙත් උදවු ඇතුව ඒ දරුවාට කිරි ලබා දුන්නා. ඒ විතරක් නෙමෙයි, අවශ්‍ය හැම දෙයක්මත් ලබා දීලා දරුවාව හොඳින් හදා වඩා ගත්තා.

    අවුරුද්දක් විතර ගත වුණා. දරුවගෙ අම්මට දරුවා නැතුව තවදුරටත් ජීවත්වෙන්න බැරි තරම් දරු කැක්කුමක් ආවා. ඇය අවසානයේ දී ඇත්ත හෙළි කළා. ඒ දරුවාගේ ඇත්ත පියා මාළු වෙළෙඳ පොළේ තරුණයෙක්.

    ඒක අහපු ගමන් ම ගෑනු ළමයාගෙ අම්මත් තාත්තත් ගියා, ආරාමයට. ගුරුතුමා හමු වෙන්න. ගිහින් වැඳ වැටිලා අනේක වාරයක් සමාව ඉල්ලූවා, තමන් අතින් වුණු වැරැුද්දට. සමාව ඉල්ලල දරුවාව ආපහු ඉල්ලූවා.

    හකුයින් ගුරුතුමා ඒ ඉල්ලීමට එකඟ වුණා. දරුවාව ආපහු දෙන ගමන් කිවේ ”ඒකත් එහෙමද?” කියල විතරයි.
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    නැන්-ඉන් ජපන් සෙන් ගුරුවරයෙක්. මෙයිජි (1868-1912) යුගයේ තමයි, ජීවත් වුණේ. ඔහු හමුවීමට විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙක් ආවා, සෙන් ගැන ඉගෙන ගන්න ආසාවෙන්.

    මුලින් ම නැන්-ඉන් ඔහුට තේ පැන් පිරිනැමුවා. ඔහු අමුත්තාගේ කෝප්පයට තේ වත් කළා. ඒ කෝප්පය පිරී ඉතිරී ගියා. ඒත් නැන්-ඉන් තේ වත් කරන එක නතර කළේ නෑ.

    මහාචාර්යවරයා ඒ දෙස ගල් ගැසී බලා සිටියා. තේ පිරී ඉතිරී යනවා. තවදුරටත් බලා ඉන්න බැරි තැන මහාචාර්යවරයා හඬ අවදි කළා. ”ඒක පිරිලා නෙ. තවත් වත් කළාට වැඩක් නෑ”

    ”මේ කෝප්පෙ වගේ ඔබේ ඔළුවත් අදහස් හා සිතිවිලිවලින් පිරිලා ඉතිරිලයි තියෙන්නෙ. මං ඔබට සෙන් කියා දෙන්නෙ කොහොමද මුලින් ඔබ ඔබේ කෝප්පය හිස් කර ගත්තෙ නැත් නම්” නැන්-ඉන් කීවා.
     
    • Like
    Reactions: senarathna123

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මල් කැකුලෙන් ඉස්සුවේ
    රෙප් දෙන අයට රෙප් 10කින් ගහනවා
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    එල මචං පට්ට තව තියනවා නම් දාපන් සෙන් කතා තියන පොත් තියනවාද???
     
    vis2free

    Active member
  • Nov 30, 2007
    737
    69
    28
    SwEdEn
    Lassana Katha tikak kalekata passe ELAKIRI eken dakka hama kathawakama sagawunu arthayak tiyenwa tnx yaluwa....:yes::yes::yes: REP+
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    තෑන්ක්ස් ෆෝ යුවර් රෙප් ඇන්ඩ් කමන්ට්ස්
    අයි විල් ගිව් යූ රෙප්
     
    kavindagna

    Active member
  • Mar 10, 2008
    558
    88
    28
    at office...
    බන්කෙයි නම් සෙන් ගුරුතුමා රටරටවලින් පැමිණි විවිධාකාරයේ ගෝලයන් පිරිසකට ධර්මය ගැන කියා දෙමින් භාවනා ක‍්‍රම පුහුණු කරමින් සිටියේය. ඒ අතරින් එක් ගෝලයෙක් සොරකම් කරන්නට පුරුදුව සිටි අයෙකි. ගෝලයෝ තමන් සතු යම්යම් දෑ නැති වූයෙන් ඒ ගැන ගුරුතුමාට පැමිණිලි කළහ. ගුරුතුමා එය ගණන් නොගෙන සොරකම් කිරීමේ පුරුද්ද අත්හළ යුතු එකකැයි පොදුවේ සියලූ දෙනාම අවවාද කළේය. එත් සොරකම එතැනින් නතර නොවීය. ඉන්පසු ගෝලයන් විමසිල්ලෙන් පසු වූයෙන් සොරකම අතටම අල්ලා ගත හැකි විය. ඔවුහු සොරා අල්ලා ගෙන ගොස් ගුරුතුමාට ඉදිරිපත් කළහ. සොරා පන්සලෙන් පන්නා දමන ලෙස ඉල්ලා සිටියහ. ඒත් ගුරුතුමා ඔහුට අවවාද කළා මිස වෙන කිසිවක් කළේ නැත. සොරකම නතර නොවීය. තවදුරටත් ඉවසා සිටිය නොහැකි ගෝලයෝ සොරා පන්සලෙන් නොරපා නොදැමුවොත් තමන් සියලූ දෙනාම එක්ව පන්සල හැර වෙනත් ගුරුතුමකු සොයා යන බව ඔවුන් සියලූදෙනාගේම අත්සන් සහිත පෙත්සමක් ඉදිරිපත් කරමින් කියා සිටියහ.

    ගුරුතුමා ඔවුන් සියලූ දෙනාම එක් රැස් කළේය. චෝදනා ලැබූ ශිෂ්‍යයා ද එහි ගෙන්වීය. ඊළඟට ගුරුතුමා කාටත් ඇසෙන සේ පෙත්සම කියවීය. අනතුරුව ගෝලයන් අමතා මෙසේ කීය:

    ”බොහොම හොඳයි, ඔබ හැම දෙනාම හොඳ නරක හැම දෙයක් ගැනම දන්නා අයයි. ඒ නිසා ඔබ හැමදෙනාටම ඕනෑම තැනක ගොස් ඕනෑම ගුරුවරයකුගෙන් ඉගෙනීමේ හැකියාව තියෙනවා. ඒත් මේ ගෝලයාට එහෙම නෑ. ඔහු අඩු තරමින් සොරකම නරක දෙයක් බව දන්නේ නෑ. ඒ නිසා ඔහුට හොඳ නරක කියා දෙන්න ඉන්නෙ මං විතරයි. ඔහු යහමගට ගැනීම මගේ පරම යුතුකමයි. ඒ නිසා කැමති අයට යන්න පුළුවන්.”

    ගුරුතුමාගේ ඒ කතාව අසා සිටි ගෝලයාගේ දෑසින් කඳුළු කැට කඩා හැළුණේය. ඔහුගේ සිතෙහි සොරකමට ඇති ආශාව එකණෙහිම අතුරුදන් විය.

    patta macahn...rep++
     
    madushan2000

    Junior member
  • Jan 31, 2009
    105
    14
    18
    මචන් සෙන් දහම කියන්නේ බුදු දහමට සමාන ආගමක් ද ?