සෙබළ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,450
    13,171
    113
    ලංකාවේ අපේ ලංකාව
    සෙබළ රුධිරය මව හා බිළිඳා බේරයි....

    12249981_10153629268551259_7293560820985874465_n.jpg


    මුලතිව් ප්‍රදේශයේ, මන්චෝලේ රජයේ රෝහලේදී ඉකුත්දා (19දා) 34 හැවිරිදිකාන්තාවක් සිය දරුවා ප්‍රසූත කළ ඒ අතර, එහිදී ඇගේ ජිවිතය බේරාගැනීම සඳහා ඇයට අවශ්‍ය රුධිරය යුද හමුදා නිලධාරියෙකු ඇතුළු සෙබලුන් පිරිසක් විසින් පරිත්‍යාග කරන ලද බව හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.

    ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ පදිංචි එස්. ශෂී මහත්මිය සිය දරු ප්‍රසූතිය සඳහා රෝහලට ඇතුළත් වන අවස්ථාවේ ඇයගේදරු ප්‍රසූතිය සඳහාරුධිරය අවශ්‍ය වී තිබිණි. එම අවස්ථාවේ ලේ බැකුවේ වෛද්‍ය අප්සරා මහත්මිය ආසන්නතම යුද හමුදා කඳවුර වූ 592 බලසේනාවේ බලසේනාධිපති ඩබිලිව්.එම්.ජී.සී.බී විජේසුන්දර මහතාගේ සහාය ඉල්ලා තිබේ.

    එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් 592 බලසේනා ආඥාපතිවරයා නිලධාරියෙකු සහ සෙබළුන් 07 දෙනෙකුහරහා එම කාන්තාවට අවශ්‍ය රුධිරය මිලිලීටර් 750 ක ප්‍රමාණයක් පරිත්‍යාග කරන්නට කටයුතු කර තිබිණි.

    එම රුධිර පරිත්‍යාගයෙන් පැය දෙකකට පසු මෙම මව විසින් දරුවා නිරුපද්‍රිතව බිහිකරනු ලැබූ අතර, අඩු බර හේතුවෙන් දරුවා සහ මව දැඩි සත්කාර ඒකකයට ඇතුළත්කෙරිණි.
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    503
    0
    හොඳ වැඩක් අපේ රණවිරුවෝ කවදත් එහෙමයි
    ඔය කොටි වගේ බඩ කපල බඩේ ඉන්න දරුවාව බඩ උඩින් තියල මන්න පාර දුන්නේ නැහැ
     

    Similar threads