සෙයිනාබ් හා සුසිත්
හත් හැවිරිදි පියකරු දැරියක් වූ සෙයිනාබ් ජීවත් වූයේ පකිස්තානයේ පන්ජාබ් ප්රාන්තයේ කසුර් නගරයේ ය. පසුගිය ජනවාරි 04 වැනිදා මේ දැරිය හදිසියේ අතුරුදන් වීම බොහෝ දෙනා විමතියට පත් කරන්නක් විය. දින ගණනාවක් තිස්සේ කරන ලද පරීක්ෂණවලින් අනතුරුව මේ කුඩා කු=මරියගේ දේහය හමුවිය. අතුරුදන් වී දින නවයකට පසුව ඇගේ සිරුර සොයාගත් අතර දරුණු වදහිංසනයට මෙන්ම දූෂණයට ද ලක් කර සෙයිනාබ් ඝාතනය කර තිබිණි. මේ මරණයත් සමඟ මුළු පකිස්තානයම කැළඹෙන්නට විය. වහා මිනීමරුවා සොයා ගත යුතු යෑයි පොලිසියට බලකරමින් ජනයා වීදි බැසි අතර, රජයේ ආයතන හා දේශපාලනඥයන්ගේ නිවාසවලට ද ප්රහාර එල්ල විය. මේ මහජන පීඩනය හමුවේ මොහොමඩ් ඉම්රාන් අලි නම් පුද්ගලයා අත්අඩංගුවට පත් විය. සිදුකළ පරීක්ෂණ අනුව මොහු සෙයිනාබ් මෙන්ම තවත් දැරියන් අටදෙනකුගේ ඝාතකයා බව තහවුරු විය. එම නිසාම මේ ඝාතනය සිදු වී සති හයක් යැමට ප්රථම 2018 පෙබරවාරි 18 වැනිදාම මේ ඝාතකයාට මරණ දඬුවම නියම විය. පකිස්තාන වැසියෝ සැනසුම් සුසුම් හෙලූහ.
සෙයිනාබ් ගැන සිහිකරන්නට සිදුවූයේ මන්ද?. ඉරණවිල සමිදුගම පදිංචිව සිටි නව හැවිරිදි සුසිත් නිර්මාල් දරුවා ද සැහැසි ලෙස ඝාතනය වී ඇති නිසා ය. සෙයිනාබ්ට අත් දකින්නට සිදු වූ කුරිරු ඉරණම අපේ සුසිත්ට ද උරුම විය. මෙය කිසිවකු සිහිනෙකින් හෝ ප්රාර්ථනා කළ දෙයක් නොවේ. දින දෙකක් තිස්සේ සුසිත් දරුවා අතුරුදන්ව සිටි අතර පසුව හමුවූයේ ප්රාණය නිරුද්ධ සිරුරය. මේ සිරුර දකිත්ම මවුපියන්ට ඇතිවන්නේ කවර හැඟීමක්ද?. මෙවන් විපත් කිසිවකුට ප්රාර්ථනා කළ යුතු නැත.
එහෙත් මේ අපරාධකරුවන්ට නම් උපරිම දඬුවම් ලබා දිය යුතුය. පකිස්තානයේ නම් මහජන නැගිටීම නිසාම ඉතා ඉක්මනින් අපරාධකරුවාට මරණ දඬුවම නියම විය. අපේ සමාජය ද මේ අපරාධ හමුවේ චූදිතයන්ට උපරිම දඬුවම් දිය යුතු බවට බලකළ යුතුය. නැත්නම් මේ දරුවා අපේ නොවේ යෑයි අහක බලා ගෙන සිටිය යුතුද?. එය කිසි විටෙක සාධාරණය කළ නොහැකිය. ළමා අපචාර සිද්ධීන් නිරන්තරව අසන්නට දකින්නට ලැබේ. වරදකරුවන් අත්අඩංගුවට ගත්තද මේවායේ අඩුවක් නැත.
දෙමාපියන් ද තම දරුවන් ගැන දැඩි අවධානයෙන් සිටිය යුතුය. දරුවන් ඉබාගාතේ යන්නට ඉඩ දුනහොත් සිදුවන්නේ ෙ€දයක්ම පමණි.
මිනුවන්ගොඩ ප්රදේශයේදී දූෂණයට ලක්ව ඝාතනය වූ සේයා දැරිය ගැන රටම කම්පාවට ලක්විය. මේ දූෂකයන්ට එරෙහිව ජනතාව වීදි බසින්නට විය. එහෙත් දැන් බොහෝ දෙනෙකුට සේයා දැරිය අමතක වී තිබේ. සේයා දැරියගෙන් පසු බිලි වී ඇත්තේ සුසිත් ය. එහෙත් මේ විපත ඉන් පසු උරුමවන්නේ කාටද? මේ ගැන සමාජය විමසිල්ලෙන් සිටිය යුතුය.
අපේ ළමා පරපුර සුරක්ෂිත නොවේ නම් අනාගත පරපුරම අනාරක්ෂිත බව පැහැදිලිව සටහන් කළ යුතුය. එම නිසාම සුසිත්ගේ ඉරණම තව දරුවකුට උරුම විය යුතු නැත.
divaina.com