4 පරිච්ඡේදය
එදා නම් මගේ හිතේ තිබ්බ සතුට දන්නේ මමයි ඔඩියයි විතරයි...
මට මතකයි.. මම ඔයා බස් එකට නගින තැන ට එනකල් පිටිපස්සෙන් ආවා... ඔයත් පිටි පස්ස බල බල හිනා වේවි ගියා මට මත්කයි...
ඔන්න ඊට පස්සේ තමා මට මාර කේස් එක උනේ.. කෝ දැන් ෆෝන් එකක් මැසේජ් එකක් දාන්න...
එතකොට ම මට මතක් උනා කිරි අම්මාගේ කඩේ කැෂියර් එක ඇතුලේ පරණ lenovo පොන් එකක් තිබ්බා.. පුංචි පාවිච්චි කරපු එකක්.. පන්ති ඇරිලා පයින් ම කඩේ ට ගියා... ගිහින් ඕකත් අරගෙන ගෙදර ගියා උඩ පැනගෙන....
හරි දැන් තමා අනිත් වැඩේ...
පොන් එකට බැටරි එකක් නෑ.. මම හැම තැනම හොයල හොයල පරණ නොකියා බැටරි එකක් හොයා ගත්තා මට මතකයි.. එකට වයර් දෙකක් පාස්සලා පොන් එක හදාගෙන... ඔයාට මැසේජ් එකක් දාලා දවසක් ම බලන් හිටියා ඔයාගෙන් රිප්ලයි එකක් එනකල්... මතකයි ඔය දවසකට විතර පස්සෙ රෑ මට මැසේජ් කරා.. මම නම් විනාඩියක් වත් පරක්කු කරේ නෑ රිප්ලයි කරන්න... ඔයා මට කීවා ඊළග සතියේ ඉස්කෝලෙත් ට්‍රිප් එකක් යනවා.. එදාට හරියට ම ඔයාගේ උත්තරේ දෙනවා කියලා.. මට ඒක හොදට මතකයි...
ඔහොම ඔහොම එදා දවසත් ආවා.... ඔයා ට්‍රිප් එක යනකල් ම මාත් එක්ක කතා කරා.. ඒ දවස් කීව හැම දේම තාමත් මට කොහොම මතක තියනවා ද කියලා මට හිතා ගන්නත් බෑ... දැන් ඉතින් මේ සිද්දිය වෙලා හරියටම අවුරුදු 16ක් නේ...
මට මතකයි රෑ ඔයා ට්‍රිප් එක ගිහින් ගෙදර යන වෙලාවේ කීවා... මම ඔයාට ආදරෙයි... හැබැයි කවදාවත් මාව දාලා යන්න එපා.. මේක හැමදාටම තියන ආදරයක් වෙන්න ඕනි කියල.... එක මම ඒ විදියටම රකිනවා කියලා පොරොන්දු උනා...
ඔහොම ඔහොම ටික ටික කාලේ ගෙවිලා ගියා... ගෙදරදී හොරෙන් මැසේජ් කළා..
පන්තියේදී හම්බුනා... මොකද අපි දෙන්නා හිටියේ ඉස්කෝල දෙකක නේ....
අපි දෙන්නා ගොඩක් ලං උනා... ඉස්කෝල දෙකේම අපි දෙන්නා ගැන නොදන්න කෙනෙක් නැති තරමට...
ඔක්කොම ලියන්න ගියොත් මේක ගොඩක් දිග වෙයි කියලා හිතෙනවා... ඒ නිසා ලස්සනම මතකයක් ලඟට යනකල් අපි ඉස්සරහට යමූ...
අපි සාමාන්‍ය පෙළ කියලා මම උසස් පෙළට පරණ ඉස්කෝලෙම නතර උනා.. ඔයා නම් කැකිරාව ඉස්කෝලෙට ආවා... මතකයි මට ඔයා ළමා සාරිය ට කොච්චර ලස්සනද කියලා.... ඒ මතක නිකන් හීනයක් වගේ...
මතකයි දවසක් මම එයාගේ ඉස්කෝලේ ලඟට ගියා හවස එක්කන් එන්න... පන්ති තිබුණ නිසා... එදා ලොකු වැස්සකුත් එක්ක... ඉස්කෝලේ ඉස්සරහ තිබ්බ බස් හොල්ට් එකේ අන්තිමට ඉතුරු උනේ අපි දෙන්න විතරයි...
අත් අල්ලන් ගොඩක් වෙලා කතා කර කර හිටියා... එදා තමා එයා මට පල්වෙනි කිස් එක දුන්නේ.... ඒ හැගීම තාමත් මාව අඩවනවා.... මන් ඔයාව අත් දෙකෙන් ම බදා ගත්තා මතකද...
බදාගෙන ඔයාගේ බෙල්ල මූණ අත්... කිස් කරා... ඒ සුවද තාමත් මට දැනෙනවා වගේ... අපි ගොඩක් වෙලා එතන හිටියා බස් එකක් එනකල්ම... ඔයා ගෙදර යන බස් එකට දාලා පෙන් නැති තරම් දුර බස් ඒක යන්කල් ම බලන් ඉදලා තමා මම ගෙදර අවෙ... ඔයා ඒක දකින්න නම් නැතුව ඇති...