සෙවනැලි_මායා

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,382
    4,007
    113
    #සෙවනැලි_මායා___

    “සුගත්…සුගත්…කෝ මේ යකා…හදීසියකට මූ නෑනේ ඉතින්”

    “මුදලාලී බොඩි එකනම් රේඩී”

    “නිමලේ සුගත්ට කෝල් එකක් ගනින්”

    “සුගත් ගේ පෝන් වැඩ නෑ මුදලාලි”

    “ඔය බලහන්කො ඉතින්….මේ වෙලාවට තමයි මුගෙ අම්ම මතක් වෙන්නේ”

    “මුදලාලි මොකෝ කෑගහන්නේ”

    “ආ…උබ ආවද…බලපං මිනිහෝ දැන් වෙලාව රෑ අටටත් ලගයි…මේ බොඩි එක එක ගෙනියන්න තියෙන්නේ මැදවච්චි”

    “හරි හරි මුදලාලි…ඕවද අපි ගෙනිච්චේ”

    “මේ මේ තවත් කයිය නොගහා මේ බොඩි එක දාගෙන පලයන්”

    “හරි මුදලාලි….නිමලේ අයියා මෙන්න මේක අල්ලහන් බං”

    “අල්ලමු සුගත් මල්ලි”

    “මොකක්ද මේ කේස් එක”

    “ගාමන්ට් කෙල්ලෙක් බං වහ බීල වැඩි වයසකුත් නෑ ”

    “අනේ මෙහෙම කෙල්ලෝ….මුන්ට එහේ මැරෙන්න බැරුව මෙහෙට එනවනෙ මැරෙන්න අපිට වද දෙන්න”

    සුගතුත් නිමලුත් එක්ව මෘත්‍ර දේහය හ(ර්)ස් රතයට දැම්හ.

    “සුගත්”

    “ඕ…මුදලාලි”

    “බොඩි එක රෑ දොලහට කලින්වත් දෙන්න ඕන…අද උබ විතරයි යන්න ඉන්නේ පරිස්සමින් ගිහින් වරෙන් කොල්ලො එහෙනම්”

    “මුදලාලි බයවෙන්න එපා මං ලෙසටම වැඩේ දෙන්නම්”

    “හ්ම්ම්…ඉදා මේක තියාගනින්…හැබැයි පරිස්සමින් එලවපන්..නැත්නම් මට තව හර්ස් එකක් අරං එන්න වෙයි උබව ගන්න”

    සුගත් අත මත්පැන් බෝතලයක් තබන ගමන් මල්ශාලාකරු එසේ කීවේ මත්පැන් පානය කල පසු සුගත් ගේ ක්‍රියා කලාපය හොද හැටි දන්න නිසාවෙනි…

    ඔහු දුන් මත් පැන් බෝතලයත් පසකින් තබා සුගත් ගමන ආරම්බ කරහ..අසල වෙලද සලකින් සිගරට් පැකට් එකක් ගනිමින් ය…

    සුගත් වයස 38 පමන පුද්ගලයෙකි ඔහු මෙම රැකියාවට පැමින දැන් වසර හතකුත් ගෙවී යන්නට පැමින ඇත….ඒ කාලය තුල සුගත් විසාල මිනි සංකයාවක් ප්‍රවාහනය කර ඇත…

    “අදනම් මහ මූසල දවසක් වගේ…..ඒ මදිවට කොහෙවත් නැති වැස්සක්.”

    ඔහු දුම් වැටියක් දල්වා බොනවත්වා රිය දාවනය කලහ.. පැය දෙකක් පමන රිය පැදවු ඔහු තම රිය මාර්ගය අයිනට කර නතර කලහ..

    “බෝතලයක් තියන් ඉන්නේ හැඩ බලන්නද ..ටිකක් දාගෙන යන්න ඕන තාම දහයයි පහයි වෙලාව”

    සුගත් එහෙම සිතමින් මත් පැන් බෝතලයෙන් කාලක් පමන පානය කර නැවතත් දුම් වැටියක් දල්වා ගමන ආරම්භ කරහ..

    තව පැයක් එකහමාරක් පමන යනවිට සුගත්ට මැදවච්චි නගරයට පැමිනිමට හැකි උනි..

    “මැදවච්චියටනම් ආවා…ඒත් මේ බොඩි එක දෙන්න ඕන කොහාටද…ශික් පාරේ බලු බල්ලෙක් නෑනේ”

    සුගත් එසේ සිතමින් තවත් ඉදිරියට අදුනහ…

    “අතන වයසක මනුස්සයෙක් ඉන්නව නේද අහල බලන්න ඕන”

    “මේ මාමේ..මට මෙන්න මේ ඇඩ්‍රස් එක කියන්නකෝ”

    “අනේ මහත්තයෝ මේ පාරේ තව හැතැම්ම දයක් වගේ ගියාම තුන්මන් හන්දියක් මුනිච්චි වෙයි..එතනින් දකුනට දාල යන්න…”

    “අනේ බොහොම ස්තූති මාමේ”

    “ඒකට කාරි නෑ මහත්තයෝ..බලං යන්න හද්ද මුකලන ඔය දෙපැත්ත”

    සුගත් එම පුද්ගලයාට නැවතත් ස්තූතිකර ඔහු කිව් මාරගය ඔස්සේ ඉදිරියට ඇදුනහ…ඔහුට එම තුම්මං හන්දිය දුටු විට හීනියට මුවේ හිනාවක් ඇදුනේ තරගෙකින් ජය ගත්ත මෙන් හැගීමක් දැනුන නිසාවෙනි..

    “මෙතන ටිකක් ඉදල තව ශොට් එකක් දාන් යනව”

    සුගත් නැවතත් මත් පැන් බෝතලයෙන් උගුරු තුනක් පමන පානය කර නැවත පිටත් විය..

    “පුදුම පාලු පාරක් නේ..ඒමදිවට කලුවර ආවෙන් ආවෙ නෑ මේම ගමනක්”

    සුගත් තමාටම කියමින් රිය දාවනය කරන්න විය.

    “ක…වු…ද අර මේ රෑ ජාමේ… බලමු කිට්ටු කරල…කෙල්ලෙක් නේද..මං හීනයක් දකිනවද මේ”

    ඔහු තම අතින් දෑස පිහිදා නැවතත් බැලූහ..

    “කෙල්ලෙක් නේන්නම්..මේ රෑ තනියම කොහේ යනවද”

    සුගත් රතය ඉදිරියෙන් නවතා ඈ එන තෙක් බලා සිටියහ…

    ඇය රතය පසුකර යනාවත් සමගම සුගත් ඇයට කතා කලහ..

    “ස්ස්ස්..මේ නංගී”

    ඇය කිසිත් නොකියා නතර උනි

    “නංගි කොහෙද මේ රෑ යන්නේ අනික තනියම”

    “අනේ අයියේ මං කොලඹ වැඩකරන්නේ අද නිවාඩු නිසා ගෙදර එන්න ආවේ..ටවුන් එකට එද්දි ගමට එන බස් එක ගිහින්..ඉතින් මං මේ පයින් යනවා”

    “මෙච්චර දුර පයින්…ඔයාට බය නැද්ද.. ”

    “බය…හිහි බය වෙන්නේ මොකටද අයියේ මේ අපේ ගමනේ අනික තව ටිකයි ගෙදරට තියෙන්නේ”

    “මාත් ඉස්සරහට තමා යන්නේ නංගි එනවනම් මං ගෙදර ලගින් බස්සන්නම්”

    “අනේ අයියේ ලොකු උදවුවක් පයින් ඇවිදලම දැන් ඇවිද ගන්නත් අමාරුයි”

    “එන්න එහෙනම් නගින්නකෝ….හැබයි ඉතින් මේක හර්ස් එකක්….කමක් නෑනේ”

    සුගත් එසේ කියමින් තරුනියද නංවා ඉදිරියට යන්න විය..

    “නංගිගේ නම මොකක්ද”

    “සේපාලිකා”

    “ශා..ලස්සන නමක්”

    “අයියගෙ නම මොකක් ද”

    “ම..මං සුගත්”

    ඇය කිසිම චකිතයකින් තොරව සුගත් හා ඉතා කුලුපගව කතාකලහ….

    “කවුද අයියේ මේ ”

    ඇය සුගත්ගෙන් විමසුවේ පිටු පස ඇති මිනී පෙට්ටිය දෙස දුකෙන් බලන ගමන් ය..

    “ආ ඔය ගෑනු ලමයෙක්..වහ බීල මැරිල තියෙන්නේ..පව් අපරාද ජීවිත”

    “හ්ම්ම්….අයියා මේ මැරුනු ලමයගේ මිනිය දැක්කද”

    “මං දැක්කේ නෑ නංගි…මං මිනී ගෙනිච්ච්ට කවදාවත් මිනිය දිහා බලන් නෑ”

    “ඒ ලමයට මොනව හරි ප්‍රස්න තියෙන්න ඇති නේද අයියේ”

    “අනේ මංදා නංගී..ඒත් ඒ ලමයගේ අම්ම තාත්ත පව් නේ”

    ඇය කිසිත් නොකී විට සුගත් ඇයගේ මූන දෙස බැලීය…එවිට සුගත් දුටුවේ ඇයගේ ඇස්වලින් කදුලු එන බවය..

    “ඇයි නංගි අඩන්නේ”

    “ආ..නෑ අයියේ..ඒ ලමයගේ අම්ම තාත්ත පව් තමයි ඒකයි මට ඇඩුනේ”

    “ම්ම්ම්ම්”

    “ඉතින් අයියා ඔයා බැදලද”

    “තා..තාම නෑ නංගි”

    සුගත් සිනාවෙමින් පිලිතුරු දුන්හ.

    “එතකොට නංගි”

    “මමත් තවම නෑ…ඒත් මං කලින් කෙනෙක්ට ආදරේ කරා..ඒත්….”

    “ඇයි ඒත්”

    “ඒත් එයා මාව රැවැට්ටුව”

    “අනේ සමාවෙන්න නංගි”

    “ඒකට කමක් නෑ අයියේ මට දැන් ඒව ගානක් නෑ”

    සුගත් සිනාසුනා පමනි

    “අයිය යාලු වෙලා ඉදලවත් නැද්ද”

    “මිනී හයර් කරන මට මොන කෙල්ලද නංගි කැමති වෙන්නේ….”

    “එහෙම කියන්න එපා අයියේ..ආස නැද්ද ආදරේ කරන්න”

    “ආදරේ කරන්න කවුද නංගි අක මැති..මාත් ආසයි ආදරේ කරන්න කෙල්ලෙක් එක්ක තනි වෙන්න”

    “ඉතිං අපි දෙන්න තනි වෙමුකෝ ඔයයි මායි විතරනේ දැන් ඉන්නේ”

    කෙල්ල එහෙම කියද්දී සුගත්ට වාහනයේ තිරිංග පෑගුනේ ඉබේමටය..
    කෙල්ල හිනාවෙමින් වාහනයෙන් එලියට බැස ඉදිරියට දිව ගියේ සිනා සෙමිනි..සුගත් ද ඈ පසු පස දිව ගියහ..

    “කොහෙද දුවන්නේ”

    සුගත් ඇයගේ අත අල්ලා ඒහේම අහද්දි කෙල්ල ලැජ්ජාවෙන් බිම බලා හත්තා

    “අපි මෙතන ටිකක් වෙලා ඉදල යමු”

    සුගත් හිස සලා එයට කැමති විය…ඔහු තම අත් ඔරලෝසුවේ වෙලාවද බැලුහ..වෙලාව රෑ 1.00

    සුගත් හා සේපාලිකා අසල තිබූ මහා රූස්ස ගහක් යට ඉද ගත් හ..කෙල්ල එක් වරම සුගත්ගේ පපුවට බර විය..සුගත්ට මේ කිසිවක් තේරුම් ගැනීමට වෙලාවක් නොවීය.

    “අයියේ මං ඔයාට ආදරෙයි”

    “නං…න්..ගි..ඔ.ඔ.යා.මේ…”

    සුගත් කිසිවක් පැවසීමට මත්තෙන් ඇය ඔහුගේ දෙතොල සිප ගන්න විය.
    තනිකඩව සිටී සුගත් ගේ හැගීම එකිනෙක මෝරා එන්න විය ඔහුද සේපාලිකා තරයේ වැලද ගෙන සිප ගන්නට විය..

    “අ…යි…ය..ට කැමති දෙය…ක්..අරගන්න ම්ම්ම්ම්”

    ඇය කෙදිරිලි හඩින් සුගත්ට පවසන්නට විය…

    ඔවුන් එසේ පැය දෙක තුනක් සිටින්නට ඇත ඒ අදුරු මූසල රාත්‍රියේ සුගත් හා සේපාලිකා අබුසැමි ඇසුරක් පැවැත් වූ හ..සුගත්ට තමන් පැමිනි කාරනය දැන් මතකෙවත් නැත

    කාලය ගෙවී යත්ම සුගත් නැවත වෙලාව බැලුහ.වෙලාව පාන්දර පහට ආසන්න වී ඇත.සුගත්ගේ ඉහ මොල රත් උනි ඔහු විගස සේපාලිකාද කැටුව නැවත ගමන ඇරබුහ.

    “සේපාලිකා”

    “ම්ම්ම්ම්”

    “අද දවස තමයි මගේ ජීවිතේ හොදම හා මතක හිටිනම දවස”

    “මටත් අයියේ”

    “මං එන්නම් ඔයාගේ අම්මලට අපි ගැන කියන්න..”

    “දැන්”

    “ඔව් ඇයි එපාද”

    “එපා කිව්වෙ කවුද ලමයෝ….මුලින් ඔයා මේ ආව වැඩේ කරන්නකෝ”

    “හ්ම්ම්ම්’

    “ආ අයියේ මෙතනින් මාව බස්සන්න”

    “ඇයි මෙතන”

    “මේ මල ගෙදරට යන්නේ මෙතනින් හැරිලා…අපේ ගේ තියෙන්න අන්න අතන”

    ඇය තම අත දිගුකර දිසාව සුගත් බැලුවත් ඔහුට එහි නිවසක් ඇති බව නොපෙනුනහ..තවමත් කලුවර නිසා එහි නිවසක් තිබුනත් නොපෙනන බව ඔහු සිතා ගත් හ.

    “එහෙනම් අයියේ පරිස්සමෙන් යන්න”

    “ඔයත් පරිස්සමින් නංගි”

    ඇය සිනා සුනා පමනි..සුගත් නැවත රතය පනගන්වා සේපාලිකා දෙස බැලුවත් ඈ පෙනෙන්නට නොවිනි

    “මේ කෙල්ල කොහාට ගියාද මේ විනාඩියට…ශිට් කලුවරේ මුකුත් පේන්නෙත් නෑ…කමක් නෑ එමින් ගමන් කෙල්ලගෙ ගෙදරටත් ගොඩ වෙලාම යනව.”

    සුගත් තමාටම කියා ගනිමින් දේහය රැගෙන එහි භාරකරුවන්ට දීමට පිටත් විය..මිනිත්තු පකින් පමන ඔහු දේහය අයිති නිවසට පැමිනියහ..
    දේහය ඔවුනට බාර දී එහි කාර්යන් වලටද සුගත් උදවු කලහ..වෙන කවදාකවත් නැති හිසේ කැක්කුමක් ශරීරයේ වේදනාවක් සුගත්ට දැනෙන්න විය..ඔහු අසල අසුනකට බර විය..

    “අනේ මගේ රත්තරං දුවේ…උබ කෝමද අපිව දාල ගියේ…ඇයි උබ මේ අපරාදේ කර ගත්තේ මගෙ දුවේ…..”

    නිවස ඇතුලින් ඇසුනු කාන්තා විලාපය මියගිය තරිනියගේ මව බව සුගත් හට වැට හුනි..

    “මහත්තය බුලත් විටක් කනව‍යි”

    සුගත් අසලට පැමිනි වයසක පුද්ගලයෙක් එසේ අසන ගමින් සුගත් අසලින් ඉද ගත් හ..සුගත් බුලත් විටක් සකස් කරන ගමන් ඔහු හා කතාකරන්න විය.

    “මොකක්ද මාමේ වෙලා තියෙන්නේ”

    “අනේ මහත්තයෝ ඔය මගේ ලොකු කෙලි”

    “ඇයි මෙහෙම දෙයක් කරං තියෙන්නේ”

    “කෙලී වැඩකරේ කොලඹ ගාමන් එහෙක..එහෙදි කවුද හාදයෙක් එක්ක පටලැවිල්ලක් හදන්…කොහොමින් හරි කෙල්ලගෙ බඩට ලමයෙක් ඇවිත් මහත්තයෝ”

    සුගත් මේ සියල්ල ඉතා ඔනෑකමින් අහන් සිටියහ

    “පස්සෙ හොයල බැලින්නම් ඌ බැදපු එකෙක් අපේ එකීට බොරු කිය කිය රවට්ටල…කෙලී හරි දුකෙන් හිටියෙ පහුගිය ටිකේ..ඉයේ ගෙදරින් ගියේ වැඩකරපු තැනින් අයින් වෙලා සල්ලිත් අරන් එන්නම් කියල මහත්තයෝ..ඒම ගීයපු කෙල්ල ආවෙ පෙට්ටියේ..වයසක මං මේව කොහොම ඉවසන්නද මහත්‍තයෝ”

    සුගත් කිසිවක් නොකියා එම පුද්ගලයාගේ පිටට තට්ටු කලහ..
    සුගත් කවමදාකවත් මිනි නිවස් වලට බාර දුන්නද ඒ මිනි දෙස නොබැලූහ..
    එහෙත් ඔහුට මේ තරුනියගේ මෘත්‍ර දේහය බැලීමට සිත් විය..ඔහුගේ සිත ඔහුට එයට බල කලහ

    සුගත් හිමින් හිමින් ඒ තරුනියගේ මෘත්‍ර දේහය අසලට පැමිනියේ වෙව්ලමි මෙනි..
    ඔහු දුටු දෙයින් එක් වරම ගල් ගැසුනි මුලු ඇගම දාඩියෙන් තෙත්වෙන්නට විය..

    “දෙ….දෙ…යි..ය්…ය..නේ
    සේ….ප්.ප්ප්..පාලිකා”

    ඔහු වෙව්ලන හඩින් ඔහුටම මුමුනා ගතහ.

    “මං මේ වෙනකන් ඉදල තියෙන්නේ මැ…මැ…රිච්…ච කෙ…කෙ.ල්…ල්..ලෙක්..එක්…ක…ද

    බුදු අම්මෝ”

    නාහින් කටින් ලේ දමමින් සුගත්ද සේපාලිකාගේ දේහය අසල ඇද වැටුනහ…
     
    Last edited: