සෙව්වන්දියකට පෙම් බැන්දා

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මම දන්නෙ නැහැ Room එක ඇතුලේ මොනවා උනාද කියලා, එත් මම කලින් ආදරේ කරපු කෙල්ලවත්, මගේ යාළුවාවත් මට ඒ බව කිව්වේ නැහැ. එත් මගේ වෙන යාළුවෙකුට "මම අරුගේ පරන කැල්ලව Room එකකට අරගෙන ගියා" කියලා කියලා තිබුනා. මගේ අනිත් යාළුවා මට ඒ බව කිව්වා, මම හොයලා බැලුවම කතාව ඇත්ත. මම හොදටම බිලා Room එකේ ඉන්නවා, ඔයා අතුලට ගිහින් ඔයාට ඕන දෙයක් කරගන්න එතකොට එයාට ඔයාව අතාරින්න බැරිවෙවි කියලා මගේ පරන කෙල්ලට කියලා තමයි Room එකට එක්කගෙන ගිහින් තියෙන්නෙ.

    එකිත් හරකියෙක් වගේ මුගේ කතාව විශ්වාස කරලා, මම යාළුවාගෙන් කෙලින්ම අහුවා. එතකොට මට යාළුවා කිව්වා "උබට වැඩක නැහැනේ උබ දැන් එක නවත්තලානේ උබට මොකද කියලා" මම ඉතින් මොනවා කියලා කරන්නද ඔහේ කට පියාගෙන හිටියා,

    මම එකිගෙන් අහුවා එකිත් කිව්ව විදියට කතාව ඇත්ත. "මට දැන් ඔයාට මුන දෙන්න බැහැ මට සමාවෙන්න මම නරක කෙල්ලෙක් කියලා හිතන්න" කියලා එයා මට කිව්ව. මම එයාට සමාව දුන්නා. දිලා මම කිව්වා "අයිමත ඔය වගේ දෙවල් වලට අහුවෙන්න එපා, මම කාවවත් බදින්නෙ නැහැයි කියලා තිරනය කරලයි ඉන්නේ එක නිසා ඔයා ගෙදරින් හොයලා දෙන එකකට කැමති වෙන්න" කියලා. කොහොම හරි ඒ සිද්දියෙන් පස්සෙ මගේ පරන කෙල්ල මගේ පස්සෙන් එන එක නැවතුනා. එකිට ගෙදරින් කතා කරපු එකකට එකි කැමැත්ත දිලා,
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔන්න ඔය අතරේ මගේ තව යාළුවෙක් (එයාට අපි රංගන කියමුකො ) පොඩි හොර ලව් එකක් පටන් අරගෙන, එකා බැදලත් ඉන්නෙ, කෙල්ල ටිකක සිරියස් එනකොට මට කිව්ව "මචන් කෙල්ල ටිකක සිරියස් එනවා, මොනවා හරි කරලා මේක නවත්තලා දිපන් කියලා, මමත් එතින් දුක්ගන්නාරාල්වගේ ඒ ගෙමත් බාරගත්තා. මගේ දුක කියන්න මට කෙනෙක් හිටියේ නැති උනාට මම හමොගෙම දුක් අහුවා, එවට උපදෙස් දුන්නා, ඔන්න එක දවසක් මම රංගනගේ වැඩෙට මුල පිරුවා, ඒ කෙල්ලට මම කතා කලා. ඔහොම යනකොට මෙකි මාත් එක්ක ටිකක ෆිට් උනා. එතින් මම මෙ කෙල්ලට රංගනට ගෙදරින් කෙනෙක් කතා කරලා, එක නිසා ඔවා නොකෙරෙන වැඩ නංගි වගේ දෙවල් කියලා කොහොම හරි හිත් හැදුවා. කොහොම හරි එකිත් හිත හදාගත්තා. එකි මාත් එක්ක ගොඩක් ෆිට් උනා. "මට ඔයා මගේ අයියටත් වඩා හිතවත්" කියලා මෙකි මට කිව්වා.

    ඇත්තටම මේ කෙල්ල මගේ නංගි වගේ දැන්. මට හැමවෙලාවෙම කතා කරනවා, ඔෆිස් වෙලාවටත් කතා කරනවා, දවසක් මම ඒ නංගිත් එක්ක කතා කර කර ඉන්නකොට මේක මගේ අර අතිජාත මිත්‍රයා දක්කා, දැකලා මගෙන් අහුවා කව්ද කියලා, මම ඉතින් කිව්වා මගේ නංගි කෙනෙක් කියලා, ඔන්න ඌටත් කතා කරන්න ඕනා කිව්වා. මම ඉතින් ඒ නංගිට කිව්වා මගේ යාළුවෙක් ඉන්නවා ඔයත් එක්ක කතා කරන්න අසයි කියලා කියනවා කියලා, ඉතින් ඒ නංගි කිව්වා "ඔයගේ යාළුවෙක්නේ ඔයා වගේම හොද කෙනෙක් වෙන්න ඇතිනේ ෆොන් එක එයාට දෙන්න කියලා". මමත් ෆොන් එක දුන්නා.

    ඔන්න ටික දවසක් යනකොට මගේ අතිජාත මිත්‍රයත් අර නංගිත් එක්ක ෆිට් උනා. දැන් මට හොරෙන් මෙකා ඒ නංගිත් එක්ක කතාව. මම එක එච්චර ගානක් ගත්තේ නැහැ, දවසක් ඒ නංගි මට කතා කරලා කිව්වා "අයියේ ඔයාගේ යාළුවා මට කෑමකට එලියට යන්න කතා කරනවා ඔයත් එනවා නේද" කියලා. මම එහෙම් දෙයක් දැනගෙන හිටියේ නැහැ එත් මම කිව්ව "නංගි මට එන්න වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඒ නංගි කිව්වා "ඔයා නැත්තන් මම යන්නෙ නැහැයි කියලා" මට ටිකක තේරුනා මෙකා යන්නෙ හොදකට නෙමේ කියලා. මම නංගිට කිව්වා, නොගිහින් ඉන්න එපා යන්න හැබැයි තමන්ගේ ආරක්ෂාව තමන් සලසගන්න. මට කිසි වගකිමක් ගන්න බැහැයි කියලා. කොහොම හරි මේකා ඒ නංගියව කෑමකට එක්කගෙන ගිහින් තිබුනා.
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කොහොම හරි ඔහොම ටික දවසක් යන්කොට මගේ අතිජාත මිත්‍රයා මේ නංගිට පොඩි ලව් ටොක් එකක් දාලා. මට නංගි ඒ බව කිව්වා, මගෙන් අහුවා මිනිහා හොදද කියලා, මම කිව්වා දන්න තරමින් නම් වරදක් කියන්න බැහැ, හැබැයි මට මේකට වග කියන්න නම් බැහැයි කියලා, කොහොම හරි ඔහොම කාලයක් යද්දි වඩේ සෙට් උනා. දැන් ලව් එක නැගලම යනවා, හැබැයි තමත් මගේ ගැන සෙව්වන්දිට වැරදි කියන එකවත්, සෙව්වන්දිත් එක්ක යාළුවෙන්න යන එකවත් මේකා නැවැත්තුවේ නැහැ,

    ඔහොම කාලයක් ගත උනා, දවසක් අර නංගි මට කතා කරල කිව්වා මගේ යාළුවා එයාව මග අරිනවා කියලා, මම අහුවා අයි කියලා, එත් එයා මුකුත් කිව්වෙ නැහැ. පස්සේ මට ඒ නංගි කිව්වා මගේ යාළුවා එයාගෙන් හැමදෙයක්ම අරගෙන දැන් මග අරිනවා කියලා. මට තෙරුනා වෙලාතියෙන දේ, මම මගේ රංගන කියන යාළුවටත් මේ බව කියලා කොහොම හරි දෙන්නව බැන්දුවා, අත්සන් කලෙත් මමයි , රංගනයි, දැන් ඒ ප්‍රශ්නෙත් ඉවරි, එත් තාමත් මගේ ගැන සෙව්වන්දිට වැරදි කියනවා. සෙව්වන්දි ඉන්න තැනට යනවා.

    මම සෙව්වන්දිට ඇත්තටම හරි ආදරෙයි එත් දැන් මගේ ගැන තිබුනු පැහැදීම මගේ අතිජාත මිත්‍රයා නැතිකරලා ඉවරයි. මේ හැම දෙයක්ම උනාට පස්සේ මම මාව සෙව්වන්දි එන්න තැනට එකක්ගෙන ගිය යාළුවට කිව්වා බලපන් මචන් දැන් සෙව්වන්දි මාත් එක්ක එච්චර ෆිට් නැහැයි කියලා, එතකොට මගෙ යාළුවා මට කිව්වා, සෙව්වන්දි උබට ගොඩක් ආදරෙන් ඉදලා තියෙනවා කියලා, මම ඇහුවා උබ කොහොමද එහෙම කියන්නෙ කියලා, ඊට පස්සේ මගේ යාළුවා කාටහරි කොල් එකක් ගත්තා, මට කිව්වා සද්ද නැතුව අහගෙන හිටපන් කියලා. එහා පැත්තෙන් කතා කලේ සෙව්වන්දිගෙ යාළුවෙක්.

    සෙව්වන්දි මට කොච්චර ආදරෙන් ඉදලා තියෙනවද කියලා මට තෙරුනේ එතකොටයි, ඉස්සර වචන 100 කතා කලොත් 99ක්ම මගේ ගැනලු එයා කතා කරන්නේ එත් ලගකදි ඉදන් කවුරු හරි එයගේ ඔලුවට විෂබීජ දානවා කියලා කතා කරපු කෙනා කිව්වා. මම ඔක්කොම අහගෙන ඉන්නවා ඇර වෙන මොනවා කරන්නද, බැරිම තැන මම මගේ අතිජාත මිත්‍රයට කිව්වා, මගේ ගැන උබ සෙව්වන්දිට එක එක එවා කියන්නෙ ඇයි කියලා. එතකොට මට මිනිහා කියනවා සෙව්වන්දි එච්චර හොද බඩුවක් නෙමේයි, උබගෙ ඇගේ එල්ලෙන්න එන නිසයි මම එකිට එක එක එවා කියලා කොහොමහරි උබව බෙරන්නයි හදන්නෙ කියලා. මම කිව්ව පින්සිද්දවෙයි උබ උබගේ වැඩක් බලගෙන හිටපන් කියලා, එත් තාමත් එකා ඒ වැඩේ නවත්තලා නැහැ, මේ ලගදි මාව ලොකු ඔපරේශන් එකක් කලා එත් සෙව්වන්දි මාවබලන්න අවේ නැහැ, මට ගොඩක් දුකයි ඇයි මගේ යළුවා මට මෙහෙම කලේ කියලා, මම එකට සැලකුවේ මගේම මල්ලිට වගේ ඔෆිස් එකේ උගේ වැඩත් මමයි කලේ ඒ ඌට එහෙමෙහෙ අවිදින්න ඕන නිසා. තමත් එකා මාත් එක්ක එකට වැඩ, එත් මම දැන් එකා ගැන හොයන්නෙ නැහැ, මම දන්නවා එකට ඕනා සෙව්වන්දිත් එක්ක අහවල්දේ කරගන්න කියලා, ඊටවඩා ඔකට වෙන ඔන දෙයක් නැහැ සෙව්වන්දිගෙන්,
     
    Last edited:

    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,507
    406
    83
    ම්ම්හ්.. ඔතන උඹ ඔයිට වඩා කෙලින් ඉන්න තිබුණ මචං. විශේෂයෙන්ම අරූ සෙව්වන්දිට උඹ ගැන අවලං විදියට
    කතා කරන්න පටන් ගත්ත කියල උඹ දැනගත්ත වෙලේම ඌව හලල දැම්මනං ඉවරයි නෙ. ඇයි තවත් ඌත් එක්ක
    ඉන්නෙ? මට පේන විදියට හැම කේ‍ස් එකක්ම උඹේ පිටින් යන්න වගේ යන්නෙ... :yes::yes:
     

    narakaya

    Member
    Oct 30, 2006
    325
    3
    0
    Colombo
    උබ නම් මහ ගොනෙක්.. ඌ ගැන දැන දැන ඌට තව කෙල්ලොත් සෙට් කරලා දීලා....
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ම්ම්හ්.. ඔතන උඹ ඔයිට වඩා කෙලින් ඉන්න තිබුණ මචං. විශේෂයෙන්ම අරූ සෙව්වන්දිට උඹ ගැන අවලං විදියට
    කතා කරන්න පටන් ගත්ත කියල උඹ දැනගත්ත වෙලේම ඌව හලල දැම්මනං ඉවරයි නෙ. ඇයි තවත් ඌත් එක්ක
    ඉන්නෙ? මට පේන විදියට හැම කේ‍ස් එකක්ම උඹේ පිටින් යන්න වගේ යන්නෙ... :yes::yes:

    උබ හරි මචන් හැම දෙයක්ම මගේ පිටින් තමයි ගියේ,
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මට තියෙන ප්‍රශ්නෙ ඇයි මු මටම මෙහෙම කරන්නෙ කියලා.

    මම උබලට කියන්නෙත් හරි යාළුවෝ කව්ද කියලා හරියට අදුනගන්න කියලා, හැමොම යාළුවෝ නෙමෙයි,