සේනක බිබිලේ:යුගයේ මිනිසා
සේනක බිබිලේ : යුගයේ මිනිසා සොයායාම
ඒ 1990 දශකයේ මුල් භාගයයි. එවක 'විදුසර' පුවත්පතේ පළවූ ලිපි පෙළක් හේතුවෙන් 'විදුසර' සතිපතා අතට පත්වන තුරු අප සිටියේ මහත් නොඉවසිල්ලෙනි. 'යුගයේ මිනිසා' නමැති එම ලිපි පෙළ 'විදුසරට' ලියනු ලැබුවේ දෙනගම සිරිවර්ධන මහතා විසිනි. ඒ 'යුගයේ මිනිසා' අන් කිසිවකු නොව මහාචාර්ය වෙෙද්‍ය සේනක බිබිලේය. අපේ රටේ සාමාන්‍ය ජනතාව වෙතින් සැඟවී තිබූ, මෙම ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයාගේ කතා පුවත මෙරට ජනතාව වෙත අනාවරණය කිරීම, දෙනගම සිරිවර්ධන මහතා විසින් මාධ්‍යවේදියකු වශයෙන් ඔහුගේ වගකීම ඉහළින්ම ඉටු කිරීමකි. පසුව එම ලිපි පෙළ 'යුගයේ මිනිසා' නමින් ග්‍රන්ථයක් ලෙසද ප්‍රකාශයට පත්විය.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයකු වූ මහාචාර්ය සේනක බිබිලේ අබිරහස් මරණයකට ගොදුරු වී මෙම වසරේ සැප්තැම්බර් 29 වන දිනට වසර 39ක් සපිරේ. ලෝකයට ඔෟෂධ ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළේ මහාචාර්ය බිබිලේය. ඔහු අබිරහස් මරණයකට ගොදුරු වූයේද බහුජාතික ඔෟෂධ සමාගම්වලට එරෙහිව ඔහු ගෙන ගිය අරගලය හේතුවෙනි.
2004-2005 කාලයේ අප විසින් පක්ෂයට කරන ලද යෝජනාවක් වූයේ මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණය කිරීමේ වැඩසටහනක් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති හරහා පැවැත්වීමට කටයුතු කරන ලෙසයි. ඒ අනුව මහාචාර්ය බිබිලේගේ 28 වන ගුණානුස්මරණය, ''මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ ජාතික සංවිධානය'' නමැති වෘත්තීය සමිති එකතුව විසින් 2005 සැප්තැම්බර් 29 වන දින කොළඹ, මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබීය.
මෙහිදී දෙනගම සිරිවර්ධන මහතා විසින් මහාචාර්ය සේනක බිබිලේ පිළිබඳව දේශනයක් පවත්වන ලදී. මා විසින් මෙම දේශනය අැසුරෙන් සකස් කළ ලිපිය මුල් වරට 2005 නොවැම්බර් 'මුරගල' සඟරාවේ පළ වූ අතර, ඒම දේශනයේ වැදගත්කම සලකා එය නැවත මෙලෙස ඔබ හමුවේ තබන්නට සිතුවෙමි. මහාචාර්ය බිබිලේ යනු කවුද, ඔහුගේ භූමිකාව කුමක්ද යන්න නොදන්නා වර්තමාන සමාජයේ බොහෝවුන්ට ඒ පිළිබඳව හඳුනාගැනීම පිණිස මෙය සප්‍රයෝජනවත් වනු අැත.
1977 සැප්තැම්බර් 29 වන දා උදෑසන 9.00ට ඒ විරෝදාර පුරුෂයා මරණය හමුවේ සිට ''අර ඔෟෂධය මට ලබාදෙන්න'' යැයි සිය බිරිඳගෙන් ඉල්ලා සිටියේය. ඔහු ඒ වන විට නවාතැන් ගෙන සිටියේ ඝානා දේශයේ හෝටලයකය. ඔහු ඉතා අසාධ්‍ය ලෙස රෝගී වී සිටියේය. ඒ අවස්ථාවේ ඔහු රෝහලට ගෙන යා යුතුව තිබිණි. නමුත් කිසියම් බලවේගයක් ඔහුට රෝහලට අැතුළු වීමට බාධා කළේය. ඔහු නවාතැන් ගෙන සිටි හෝටලය අසල වෙනත් දිනවල ලෝක සෞඛ්‍ය සංවිධානයට අයත් ජීප් රථ, ගිලන් රථ විශාල ගණනක් තිබුනත් ඒ මොහොත වන විට ඉන් එකක්වත් නොතිබිණ. ඒ සියල්ල අතුරුදන් වී (අතුරුදන් කර ?) තිබිණි. ඔහු තදබල ලෙස හෘදයාබාධයකට ගොදුරු වූ මොහොතේවත්, ඒ හෝටලයේම නවාතැන් ගෙන සිටි හෘද රෝග විශේෂඥ මහාචාර්යවරයා ඔහුගේ අසනීපය ගණන් ගත්තේ නැත. ඔහුගේ රෝගී තත්ත්වය දරුණු වන්නට වූ විට, ඝානා දේශයේ ඔෟෂධ සංස්ථාවේ සභාපති, චීන ජාතික ගස් ලී ඔහු රෝහලට ගෙනයාම සඳහා වාහනයක් එවීය. ඒ පරණ කසිකබල් වාහනයේ නැඟී ඔහු රෝහලට යාමට පිටත් විය. ඒ යන අතරේත් ඔහු සිය බිරිඳගේ උකුලේ හිස තබාගෙන ''අර බෙහෙත මට දෙන්න'' යැයි නැවත නැවතත් ඉල්ලා සිටියේය. අඩු මිලට හොඳ බෙහෙත් ජනතාවට ලබාදෙන්නට සිය ජීවිතය කැප කළ ඒ නිසාම බහුජාතික සමාගම් නමැති මකරාට ගොදුරු වූ මහචාර්ය සේනක බිබිලේ ඉල්ලා සිටි ඒ බෙහෙත නොලැබීම නිසා ඔහු මිය ගියේය. ඒ 1977 සැප්තැම්බර් 29 වනදාය.
එදායින් පසු, තමන්ට අවශ්‍ය ඔෟෂධ ලබාගත නොහැකිව මිය ගිය, මිය යන ලක්ෂ සංඛ්‍යාත අසරණ රෝගීන් පිළිබඳ පුවත් අසන හැම විටෙකම මට සිහිවන්නේ බෙහෙත් නැතිව මිය ගිය මහාචාර්ය සේනක බිබිලේය. කැරිබියන් දූපත් රටවල් 13ක ඔෟෂධ ප්‍රතිපත්ති පිළිබඳව මහාචාර්ය බිබිලේ විසින් සකස් කෙරුණු වාර්තාව ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් කරන්නට නියමිතව තිබුණේ 1977 සැප්තැම්බර් 30 වන දා ය. ඔහු එම වාර්තාව ඉදිරිපත් කළා නම්, එම රටවල් තුළදී ඔෟෂධ සමාගම් සිදු කරනු ලබන බරපතළ වැරදි, ගසාකෑම් ජනතාවට හෙළිදරව් වන්නට ඉඩකඩ තිබිණි. එහෙත් ඊට පෙර දින, එනම් සැප්තැම්බර් 29 වන දා ඔහු අබිරහස් මරණයකට ගොදුරු වූයේ ය. කිසිදු පරීක්ෂණයකින් තොරව, ඒ උතුම් මනුෂ්‍යයා දරාගත් ශරීරය ඝානා වෙරළේ කපුරු දර ගොඩක් මත දැවී ගියේය. එය එසේ සිදු වූයේ නමුදු, කපුරු දර ගොඩත් සමග ඔහුගේ ජනතාවාදී ඔෟෂධ ප්‍රතිපත්තිය දැවී නොගියේය.
ඔහුගේ මරණය සිදුවී වසර 15කට පසුව 1992දී පිලිපීනයේ මැනිලා නගරයේ පැවති, ජනතාවාදී ඔෟෂධ ප්‍රතිපත්තියක් පිළිබඳ වෙෙද්‍යවරුන්ගේ හා මාධ්‍යවේදීන්ගේ අන්තර්ජාතික සම්මන්ත්‍රණයකට මට සහභාගී වන්නට අවස්ථාව ලැබුණි. ජනතාවාදී ඔෟෂධ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන රටවල් 13ක වෙෙද්‍යවරු එම සම්මන්ත්‍රණයට සහභාගී වී සිටියහ. එදා ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් මගේ හදවත මහත් දුකකින් හා මහත් අාඩම්බරයකින් පිරී ගියේය. එක් එක් වෙෙද්‍යවරු අපට හඳුන්වා දෙනු ලැබූහ. 'මේ තමයි බංග්ලාදේශයේ සේනක බිබිලේ' කියමින් වෙෙද්‍ය චෞද්රි අපට හඳුන්වා දෙනු ලැබිණි. 'මේ තමයි මැලේසියාවේ සේනක බිබිලේ' කියමින් වෙෙද්‍ය බාලසුබ්‍රමනියම් හඳුන්වා දෙනු ලැබිණි. 'මේ තමයි ඔස්ට්‍රේලියාවේ සේනක බිබිලේ' කියමින් වෙෙද්‍ය හාවි හඳුන්වා දෙනු ලැබිණි. ඒ අාකාරයට රටවල් 13ක වෙෙද්‍යවරුන් ඒ ඒ රටවල සේනක බිබිලේ නමින් අපට හඳුන්වා දෙනු ලැබීය. ඝානාවේදී ඔහු අභිරහස් ලෙස මිය ගියද ඔහු රටවල් 13ක ඉපදී සිටිය හැටි එදින අපට දැනිණ. ''සේනක බිබිලේ රටවල් 13ක පුනරුත්පත්තිය ලබලා !'' මගේ දෑස කඳුළින් පිරිණි. ඔහුගේ හඬ, ඔහුගේ මඟ, ඔහුගේ දර්ශනය ලෝකය පිළිගත් අාකාරය එදා මම දුටුවෙමි.
ඒ සම්මේලනයේදී 'බංග්ලාදේශයේ සේනක බිබිලේ' හෙවත් වෙෙද්‍ය චෞද්රි කී කතාවක් මට සිහිපත් වේ. එවක බංග්ලාදේශ ජනාධිපති එර්ෂාඩ්, සිය රටට ජාතික ඔෟෂධ ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා එරට වෙෙද්‍යවරුන් සමග සාකච්ඡාවක් පැවැත්වීය. එම සාකච්ඡාවේදී වෙෙද්‍ය චෞද්රි විසින් ලංකාවේ ඔෟෂධ ප්‍රතිපත්තියක් සැකසීමේ කාර්යයේදී මහචාර්ය බිබිලේ මුහුණ දුන් දුෂ්කරතා, බහුජාතික සමාගම්වලින් එල්ලවූ තර්ජන අාදිය පිළිබඳව ජනාධිපති එර්ෂාඩ් දැනුවත් කරනු ලැබිණි. එවිට ජනාධිපතිවරයා පවසා තිබුණේ, මහාචාර්ය සේනක බිබිලේගෙන් පාඩම් ඉගෙන ගෙන ඒ දුෂ්කරතා මතු නොවන අාකාරයට බංග්ලාදේශයේ ජනතාවාදී ඔෟෂධ ප්‍රතිපත්තියක් සකස් කරන ලෙසය.
1970 දශකයේදී මහාචාර්ය බිබිලේ ලංකාවට ඔෟෂධ ප්‍රතිපත්තියක් සකස් කරන්නට පටන්ගත් දා සිටම ඔහුට අනේකවිධ බාධාවන්ට මුහුණ පාන්නට සිදු විය. එහෙත් ඔහු ඒ කිසිවකින් සැලුනේ නැත. ඔහු එම කාර්යයෙහි යෙදුණේ තමන්ගෙන් ජනතාවට ඉටු විය යුතු යුතුකමක් සේ සලකමිනි. එවැනි උදාර, බෝසත් චරිතාංග ඔහු තුළ රෝපණය වූයේ කෙසේදැයි සොයමින් මම ඔහුගේ ගමට - බිබිලේ - ගියෙමි. ඔහු අැසුරු කළ අය මුණ ගැසුණෙමි. ඔහුගේ මව, නංගි සහ මල්ලිලා, ඔහුගේ බිරිඳ හා ඔහුගේ ශිෂ්‍යයන් මම මුණ ගැසුනෙමි. එමෙන්ම ඔෟෂධ සංස්ථාව බිහි කිරීමට මුල් වුණු උපසේන ජයරත්න සහෝදරයා වැනි සහෝදරවරුන් මට මුණගැසිණ. ඔවුන් සියලු දෙනාගෙන්ම ලද තොරතුරු අැසුරු කරගෙන 'යුගයේ මිනිසා' නමින් සේනක බිබිලේගේ කතාව මට ලියන්නට පුළුවන්කම ලැබිණි. අැත්තටම මා 'සේනක බිබිලේ' ගැන ලියන්නට පටන්ගත්තේ මා 'විදුසර' විද්‍යා සඟරාවේ සේවය කරන අවධියේදී රැකියාවේ අංගයක් වශයෙනි. නමුත් සේනක බිබිලේ ගැන තොරතුරු සෙවීමට තුන් හතර දෙනකු සමග කතාබහ කරන විට එය මගේම කතාවක්, මගේම වැඩිමහලු සහෝදරයකුගේ කතාවක් ලෙස මට හැඟුණි. මට හමුවූ බොහෝ ගොවීන් වයස අවුරුදු 90 පසුකළ උදවියය. ''එතුමා බෝධිසත්ත්වයෙක්. එතුමා බෙහෙත් සමග අපගේ මන්දපෝෂණය නැති කරන්න හෝර්ලික්ස් බෝතල් ලබාදුන් හැටි අපට මතක් වෙනවා...'' යැයි එම ගොවි ජනතාව මා සමග කීය. වයස්ගත හාමුදුරුවරු සේනක ගැන මා සමග බොහෝ දේ පැවසූහ. අපූරු දෙය වූයේ සේනක ගැන කතා කළ හැම කෙනෙකුම සිය කතාව නැවැත්වූයේ තම කඳුළු පිසිමින් වීමය.
මේ අාකාරයට මේ ශ්‍රේෂ්ඨ මිනිසාගේ උප්පත්තියේ පටන් තොරතුරු සොයාගන්නට මට හැකි විණි.
සේනක, 1920 පෙබරවාරි 13 වන දා ගාල්ලේ කතලුවේ උපත ලැබීය. ඔහුගේ පියා 'රටේ මහත්තයා' නමින් හැඳින්වුණු නිලධාරියෙක් විය. ඔහුගේ ගම බිබිලය. 'බිබිලේ රටේ මහත්තයා' සුද්දාගේ අාණ්ඩුවේ නිලධාරියකු වුවත් ඔහු දැඩි අධිරාජ්‍ය විරෝධියකු විය. උග්‍ර අධිරාජ්‍ය විරෝධියකු වූ අනගාරික ධර්මපාලතුමාගේ හඬ ඔහුගේ කණට වැටී තිබිණි. ධර්මපාලතුමාගේ අධිරාජ්‍ය විරෝධී හඬ උෟවෙහිද පැතිරිණි. 'බිබිලේ රටේ මහත්තයා' ඒවාට සවන් දුන්නේය. සේනක ගාල්ලේ ඉපිද මාස දෙකකට පසු ගමට -බිබිලට- ගෙන ගියේය. බිබිලේ ජනතාව මේ පුංචි බිළිඳා සමග සම්බන්ධ වූ සැටි කියැවෙන්නේ අපූරු කතාවකිනි. සේනකගේ මවට ටික දිනකින් සේනකට දෙන්නට කිරි නොමැති විය. එහෙත් ඒ නිවස අවට සිටි දිළිඳු හේන් ගොවි පවුල්වල අම්මලා බිළිඳු සේනකට තමන්ගේ තනවලින් කිරි දෙන්නට පෝලිමේ අාහ. රටේ මහත්තයාගේ රදළ නෑදෑයින්ගේ විරෝධතා මැද, මේ දරුවාට වැඩ කරන පංතියේ අහිංසක හේන් ගොවි කාන්තාවන්ගේ කිරි ලැබිණ. සේනක මුල් මාස කිහිපයේ වැඩුණේ ඒ කිරිවලිනි. පසුකලෙකදී ඔහු මේ සිදුවීම ඉතාම සතුටින් හා අාඩම්බරයෙන් සිහිපත් කළේය. ඔහුට විශාල යුතුකමක් තිබිණ. ''මම වැඩ කරන ජනතාවගේ කිරිවලින් වැඩුණු කෙනෙක්. වැඩ කරන ජනතාවට මම අනිවාර්යයෙන්ම සේවය කළ යුතුයි.'' යන හැඟීම ඔහු තුළ අැති වී තිබිණ.
ඔහු අධ්‍යාපනය ලැබුවේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේය. නිවාඩු කාලයේ ගමට එන සේනක, ගම පුරා අැවිදිමින් ගමේ දිළිඳු ගොවි ජනතාව සමග කතාබහ කරන්නේය. මේ සිදුවීම් සිහිපත් කරන සේනකගේ මව මා සමග මෙබඳු කතාවක් කීවාය. ඒ, එවක සේනක කී කතාවකි. ''අම්මේ... මේ මිනිස්සු අපිත් එක්ක හිනා වෙනවා. නමුත් මේ මිනිස්සුන්ගේ ගෙවල් මතක් වෙන කොට මට ඒ හිනාව පේන්නේ අඬනවා වගේ. මේ මිනිස්සුන්ට හොඳ ජීවිතයක්, හොඳ ගෙයක්, හොඳ කෑම, ලෙඩට බෙහෙත් ලැබෙන හොඳ කාලයක් ඒවිද?'' පුතාගේ සිතේ තිබෙන කරුණාව දකින අම්මාගේ දෑස තෙමිණ.

Last edited: