අප රැගත් රථය මීගමුව-කුරුණෑගල පාරේ ඉදිරියට ඇදෙමින් තිබේ. උස පොල් රුප්පාවෙන් මනහර වූ මග අසිරියද විඳිමින් අපි ඉදිරියට ඇදෙමු. දකුණු පසින් පිහිටි සුවිසල් ඉඩමක ප්‍රකට ජාත්‍යන්තර පාසලක නාම පුවරුවක් දිස් වේ
“මේකත් සෙලින්කෝ ව්‍යාපාරයට අයත්ව තිබුණු පාසලක් නේද?” මම වාහනය පැද වූ අපේ ඥාති සොයුරාගෙන් අසමි.
“ඔව් අයියෙ. මේකත් කොතලාවල මහත්තයට අයිතිව තිබුණු එකක් තමයි,” ඔහු දිග කතාවකට මුල පුරයි. “බලන්ඩ අයියෙ. මේ යක්කු ඒ රත්තරන් මිනිහව අමානුෂික විදියට හිර කෙරුවනෙ.”
“මල්ලි කොහොමද ලලිත් කොතලාවල මහත්තයව දන්නෙ ?” මම අසමි.
“මම ඒ කාලෙ බ්ලූ ඩයමන්ඩ් එකේ වැඩ කළානෙ. ඒ දවස්වල අපේ අත මිට සරුයි. ඒ කාලෙ ෆැක්ටරියෙදි අපට නොමිලේ දීපු කෑම වේල් ගාණ වුනත් ඇති ඒ මනුස්සයට යහපතක් වෙන්න. මේ යක්කුන්ට හෙන ගහන්ඩ ඕනැ මේ රත්තරන් මනුස්සයට කරපු අපරාදෙට ..” ඔහු තරමක් කේන්තිය මුසු වූ වේදනාවෙන් කියාගෙන යයි.
වසර කිහිපයකට පෙර නුවර යන අතර මග ඇති වූ මේ කතා බහ මට සිහිපත් වූයේ දේශමාන්‍ය ලලිත් කොතලාවල මහතා ජීවිතයෙන් සමුගත් බව දැනගත් මොහොතේය.
ලලිත් කොතලාවල මිය ගියා නොවේ. ඔහු මරා දමන ලද්දේ ය. ඔහු මරා දමන ලද්දේ රටම මහ දවල් සොරා කා ජනතාව කුස ගින්නට ඇද දැමූ රාජපක්ෂ චෞරයන් ඔහු සොරෙකු ලෙස හංවඩු ගසා ඔහු ගේ ව්‍යාපාර අත්කරගත් දවසේ ය. ඒ මහ පොළොව නුහුලන බොරු චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගෙන ඔහුගේ නම මරා දමා ඔහුට නින්දා කළ දවසේ ය. ඉන් පසුව ඔහු ජීවත් වූයේ මැරි මැරී ය. ලලිත් කොතලාවල මෙවැනි මරණයක් ලැබිය යුතු කෙනෙක් නොවේ. එහෙත් ලංකා මාතාවගේත් ඇයගේ දරු ජනතාවත්ගේත් සියලු දේපල කොල්ල කා, රට මරා දමා ඇති ආකාරයටම ඒ අපරාධකාර පවුල ඔහු ද ඔහු ගේ යහපත් නමද මරා දැම්මේ ය ! දෙවියන් අදහන්නකුට වුවද “දෙවියනි ඔබ කොහිද?” කියා හිතෙන්නේ මෙවැනි අයුක්ති සහගත අපරාධ දකින විට ය. එවැනි අපරාධ ඉදිරියේ දෙවියන් ගේ නියෝජිතයන් ලෙස වැජඹෙන පූජ්‍ය-පූජක පැලැන්තිය නිහඬව සිටින විටය.
පිලිපීනයේ වෙරිටාස් සිංහල අංශයට මා තෝරා ගන්නා විට මා සේවය කරමින් සිටියේ සීමාසහිත ද ෆිනෑන්ස් සමාගමේ ගම්පහ ශාඛාවේ ය. ලලිත් කොතලාවල තුළ ජීවත් වූ ‘සුහද හදක් ඇති’ මිනිසා, මහත්මයා, සේවක හිතැති හාම්පුතා මට හඳුනාගන්නට ලැබුණේ ඒ කාලයේ ය.
ඒ අත්දැකීම් ඇසුරින් මට එක දෙයක් හඬ නගා කිව හැකිය. ඒ, ඔහු ජනතාව ගේ මුදල් සොරා ගන්නා සොරකු නොවන බවයි.
මේ මොහොතේ මගේ ඒ අත්දැකීම් අතරින් කිහිපයක් හෝ හැකි තරම් කෙටියෙන් හෝ නොකීවොත් එය ලලිත් කොතලාවල නම් මිනිසාට කරන අසාධාරණයක් වනු ඇත.
1986 වසරේ දිනක පුවත්පත් දැන්වීමක් අනුව ද ෆිනෑන්ස් සමාගමේ අලුතින් පිහිටුවීමට යන ගම්පහ උප කාර්යාලයේ මුදල් භාරකරු සහ ගිණුම් ලිපිකරු තනතුරට අයදුම් කළෙමි. කොළඹ සෙලින්කෝ ගොඩනැගිල්ලේ මුල් සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වූ මට අවසන් පරීක්ෂණයට ඇරයුම් ලැබිණි. ඒ සම්මුඛ පරීක්ෂණය පවත්වන ලද්දේ සභාපති ලලිත් කොතලාවල මහතා ඉදිරියේ ය. මගේ අධ්‍යාපන සහ වෙනත් සහතික කියවා මගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසු ඔහු “මෙයා තමයි කෙනා. මෙයාව ගන්න” යි ඊට එක්ව සිටි මීගමු ශාඛාවේ මූල්‍ය කළමනාකරු රූමි බතුෂා මහතාට උපදෙස් දුන්නේ ය. ගම්පහ උප ශාඛාව පිහිටුවන ලද්දේ මීගමු ශාඛාවේ උප කාර්යාලයක් ලෙස ය.
ගම්පහ උප කාර්යාලය පටන් ගත්තේ සේවකයන් තිදෙනෙකුගෙනි. සහකාර කළමනාකරු ස්ටැන්ලි සමරකෝන්, කාර්යාල කාර්ය සහයක ගාර්දිආරච්චි සහ මුදල් භාරකරු ලෙස මා ය.(සමාගමේ සමකාලීනයන් මා දන්නේ කපිල ලෙස ය.) අපට ලැබුණු ඉලක්කය ආරම්භක පිරිවැය ද පියවා කෙටි කලකින් ලාබ ලැබීමය. තුන් මාසයක් තුළ ලාබ ලැබීමට අපි සමත් වුණෙමු. සමරකෝන් මහතා වෙළෙඳ කළමනාකරු ලෙස උසස්වීමක් ලද්දේ ය. මටත් ගර්දිආරච්චිටත් ආකර්ශනීය වැටුප් වර්ධක ලැබිණි.
ද ෆිනෑන්ස් සමාගමේ දී මා දුටු ලලිත් කොතලාවල නම් මිනිසා සිය සේවකයනට හිතවතුනට මෙන් සැලකූ විශිෂ්ට ගණයේ හාම්පුතෙක් විය. මගේ ජීවිත කාලයේ මට ලැබුණු “සුහද හදක් ඇති” විශිෂ්ට ම හාම්පුතා ඔහු ය.
මෙහි දී මට ඉතා පෞද්ගලික දේ කියන්නට සිදු වීම අනිවාර්යය.
සමාගමට මා එක්වන සමයේ ආර්ථික අගහිඟ කම් අපේ පවුල වෙලාගෙන තිබිණි. තාත්තා නිතර රෝගී වීම නිසා ඔහු රැකියාව කරන්නට නොහැකි තත්වයක් තිබිණ. ඒ ආර්ථික දුබලකම් බිඳ දමා ආත්ම විශ්වාසයෙන් මට නැගිටින්නට ශක්තියක් වුයේ සමාගමෙන් ලද වැටුප, වෙනත් දීමනා සහ සමාගම තුළ මා ලැබූ පිළිගැනීම ය.
ලක්දිව බොහෝ ව්‍යාපාර සේවකයන් වෙනුවෙන් සෞඛ්‍ය හෝ වෛද්‍ය රක්ෂණ ක්‍රම හඳුන්වා දෙන්නට පෙර සිට ලලිත් කොතලාවල සිය සමාගම්වල සේවකයින්ට එවැනි රක්ෂණ ක්‍රම හඳුන්වා දී තිබිණි. මේ නිසා තාත්තාට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම ගැන මට කනස්සලු වන්නට කාරනාවක් තිබුනේ නැත. ඔහු වෙනුවෙන් මා කරන වියදම් සමාගමෙන් ප්‍රතිපූරණය කර දෙන බැවිනි. සමාගමේ බොහෝ දෙනෙකු සතුව මෙබඳු කතා තිබුණු බව මම දනිමි. ඒ කාලයේ සේවකයන් සහ සමාගම සම සමව දායක වූ මරණාධාර අරමුදලක් තිබු එකම සමාගම ද එය විය.
රජය විසින් අනුමත කරන ලද ජීවන වියදම් දීමනාව ද ෆිනෑන්ස් සමාගම විසින් සේවකයන්ගේ මාස් පතා වැටුපට එක්කර තිබුනේ නැත. ඒ වෙනුවට එම මුදල එක් චක්‍රයකට සකස් කොට එක්ගෙවීමක් ලෙස වසරකට වරක් අගෝස්තු හෝ සැප්තැම්බර මාසයේ සේවකයන්ට ගෙවනු ලැබිණි. එසේ ගෙවන විට වැඩිම වාසියක් ලැබුණේ අඩු වැටුප් ලාභී සේවකයන්ටයි. එවැනි සේවකයන් ගේ මේ වාර්ෂික ජීවන වියදම් දීමනාව මාසික වැටුප් දෙකක් හෝ තුනක් තරම් හෝ ඊටත් වඩා විශාල වූ බව අප ශාඛාවේ එම දීමනා සකස් කළ මම දනිමි. ඒවායින් බොහෝ සේවකයන්ට ඔවුන් ගේ ජීවිත ඉලක්ක ජයගත හැකි විය.
සේවකයන් දිරිගැන්වීම, ශක්තිමත් කිරීම සහ එකමුතුකම වර්ධනය කිරීම සඳහා වැඩසටහන් රැසක් ම ක්‍රියාත්මක් විය.
ද ෆිනෑන්ස් සමාගමේ සේවක වෘත්තීය සමිතිය ඉන් එකකි. එහි අනුශාසක ලෙස ක්‍රියා කළේ ද සභාපතිවරයා ය. එහි දී ඔහු සේවක අයිතීන් කප්පාදු කිරීමට නොව සෑම විටම සේවකයන් ආරක්ෂා කිරීමට ක්‍රියා කළ බව වසරක කාලයක් එහි සාමාජිකයකු ලෙස ක්‍රියා කළ මම දනිමි.
දිනක් TFC සේවක වෘත්තීය සමිති රැස්වීම සෙලින්කෝ මහලේ පැවැත්වෙද්දී රත්නපුර ශාඛාවෙන් තේරී පත්ව සිටි සේවක නියෝජිතයකු ඊට පැමිණ නොසිටි බව සටහන් විය. ඊට හේතුව එවකට කොතාලාවල මහතා ගේ අතිශය විශ්වාසවන්තයකු වූ අධ්‍යක්ෂ-සාමාන්‍යාධිකාරි ඇන්තනි පෙරේරා මහතා ඔහු යටතේ පැවැති රත්නපුර ශාඛාවේ නිල ශාඛා නිරීක්ෂණයට යන බැවින් එම ශාඛාවේ නියෝජිතයාට රැස්වීමට පැමිණීමට අනුමැතිය දීම ප්‍රතික්ෂේප කර තිබීමයි. මෙය සේවක අයිතිය උල්ලඝනය කිරීමක් බව සාමාජිකයන් සහ වෘත්තීය සමිතියේ නීතීඥයෝ පෙන්වා දුන්හ.
“ඇන්තනි පෙරේරා මහත්තයට මෙමෝවක් ටයිප් කර මගේ අත්සනට දමන්න” කොතලාවල මහතා සිය ලේකම්ට උපදෙස් දුන්නේ ය. “වෘත්තී සමිති රැස්වීම පැවැත්වෙන දිනවල ප්‍රමුඛතාව ලැබිය යුත්තේ මේ රැස්වීමට බව දන්වා සියලුම අධ්‍යක්ෂ සාමාන්‍යාධිකාරිවරුන්ටත් ලියුමක් යවන්න. මගේ අත්සනට දමන්න.” මෙවැනි සිදුවීම් කිහියක් මගේ මතකයේ තිබේ.
TFC වෘත්තීය සමිතියේ වාර්ෂික සම්මේලනය පවත්වන ලද්දේ පිළියන්ද ප්‍රදේශයේ දූවක පිහිටා තිබූ එම ව්‍යාපාරයට අයත් හෝටලයේ ය. සමස්ත කාර්ය මණ්ඩලය ඊට ආරාධනා ලැබූහ. එහි ප්‍රධාන අරමුණක් වී තිබුනේ කාර්ය මණ්ඩලය පුළුල් ලෙස එකිනෙකා හඳුනාගෙන, ක්‍රීඩා කර, සිත් සේ කා බී, සතුටු වීමය. ඔව්. එදාට අපට හොඳට බොන්නටත් ලැබිණ. එය අධ්‍යක්ෂ වරුන්, කළමනාකරුවන් සහ සෙසු සේවකයන් එකම තලයට ගෙනා අපූර්ව සුහද හමුවක් විය. ද ෆිනෑන්ස් වාර්ෂික ක්‍රීඩා උත්සවය ද කාර්ය මණ්ඩලය අතර උස් මිටි තැන් සමතල කළ එවැනි තවත් ප්‍රීතිමත් අවස්තාවක් විය.
තම සමාගමේ ම අර්ථසාධක අරමුදලක් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහා බැංකුව ද ෆිනෑන්ස් සමාගමට අනුමැතිය දී තිබිණි. එවැනි අනුමැතියක් ලැබූ වෙනත් සමාගමක් තිබුනේ දැයි මා දන්නේ නැත. “සීමාසහිත ද ෆිනෑන්ස් සමාගම - සේවක අර්ථසාධක අරමුදල” නමින් එම අරමුදල පවත්වාගෙන යනු ලැබිණි. ඉතා වගකීමෙන් එය කළමනාකරණය කිරීමට ලලිත් කොතලාවල මහතා පියවර ගෙන තිබිණි. සෑම ශාඛාවක ම සෑම මාසයක ම සේවකයන් ගේ අර්ථසාධක දායක මුදල් (සේවක සහ සමාගම දායකත්ව එකතුව) ඊ ළඟ මාසයේ 10 වැනි දාට ප්‍රථම චෙක් පතක් මගින් ප්‍රධාන කාර්යාලයට යැවීම එක් එක් ශාඛාවල ගිණුම් ලිපිකරුවන් ගේ වගකීම වී තිබිණි. එසේ නොවූ විට ගත යුතු විනය පියවර සඳහන් වී තිබුනත් එවැනි වගකීම් කඩ කිරීමක් කිසි විටෙකත් සිදු වුනේ නැත. මේ තරම් වගකීම් දැරූ ව්‍යාපාරිකයෙක් සොරෙක් වන්නේ කෙසේද?
සමස්ත ලංකාවේම EPF සහ ETF භාරව සිටි රාජපක්ෂ පවුල ජනතාවට හිමි එම මුදල් කොල්ල කෑ අන්දම දැන් ජනතාවට රහසක් නොවේ. “කොතලාවල හොරා” යයි අභූත චෝදනා නැගුවේ එවැනි නීල කාස චෞර සහ අපරාධකාර පවුල් රෙජීමයක් විසිනි. පුදුමය, සොරකු නොවූ කොතලාවල නොකළ වරදකට නින්දා විඳින විට එලෙස මුළු රටම කොල්ල කෑ උන් තවමත් රට ආණ්ඩු කරමින් සිටීමය.
එපමණක් නොවේ. විටින් විට බංකොලොත් වන හෝ ප්‍රශ්න සහිත මුල්‍ය සමාගම් කළමනාකරණය කිරීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එකල පවරන ලද්දේ ද ද ෆිනෑන්ස් සමාගමටය. කොතලාවල එතරම් ම විශ්වාසවන්ත ව්‍යාපාරිකයෙක් විය.

හඳුනාගැනීම

සේවකයනට සැලකීම