සේයාරුවකින් දකිනා.....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සේයාරුවකින් දකිනා.....

    මල් සිනාකැන් නැගෙනා....
    සුදු වත මාගෙන් සගවා....
    දිගු දෑසින් ඔය බලනා.....
    බැල්මට හිත ඇවිලෙනවා.....

    සේයාරුවකින් දකිනා.....
    රූපෙට උපමා නොයෙනා....
    බැල්මට හිත ඇවිලෙනවා......
    සත්තයි ආදරෙ දැනුනා.....

    දහසක් මල් මැද කිසි දින නොදුටුව..
    මලකට ඇයි හිත යන්නේ......
    රහසින් බැදෙනා ආදර හැගුමන්...
    කිසිවිට නෑ නවතින්නේ....
    දිලිසෙන දෙනෙතින් ආදර බැල්මක්...
    ඇයිදෝ හිත ඉල්ලන්නේ.....
    නිදි නැති රැයකට සොදුරුම ඇරයුම්..
    ඔබේ රුවයි ගෙන එන්නේ...

    සේයාරුවකින් දකිනා.....
    රූපෙට උපමා නොයෙනා....
    බැල්මට හිත ඇවිලෙනවා......
    සත්තයි ආදරෙ දැනුනා.....

    කාගේ කවුරුද ඉන්නේ කොතැනද..
    නෑ මා නම් එය දන්නේ......
    හිතක රැදෙනවද හිතක් පතනවද....
    කොහොමද මා දැනගන්නේ......
    මනසේ නලියන ආදර සිතුවිලි...
    කෙලෙසද මා පවසන්නේ......
    මුවැත්තියේ ඔබෙ රුව ලග මාගේ...
    හිතමයි අවතැන් වෙන්නේ......

    සේයාරුවකින් දකිනා.....
    රූපෙට උපමා නොයෙනා....
    බැල්මට හිත ඇවිලෙනවා......
    සත්තයි ආදරෙ දැනුනා.....

    මල් සිනාකැන් නැගෙනා...
    සුදු වත මාගෙන් සගවා....
    දිගු දෑසින් ඔය බලනා.....
    බැල්මට හිත ඇවිලෙනවා.....


    original.png


     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    කාගේ කවුරුද ඉන්නේ කොතැනද..
    නෑ මා නම් එය දන්නේ......
    හිතක රැදෙනවද හිතක් පතනවද....
    කොහොමද මා දැනගන්නේ......
    මනසේ නලියන ආදර සිතුවිලි...
    කෙලෙසද මා පවසන්නේ......
    මුවැත්තියේ ඔබෙ රුව ලග මාගේ...
    හිතමයි අවතැන් වෙන්නේ......






    10173491_569221296524648_560350374_n.png