සේයා ඝාතනයේ සිදුවූ අත්වැරදීම !
පසුගිය දිනවලදී සේයා සදෙව්මි දැරිය ලිංගික අතවරයට ලක් කර ඝාතනය කර දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාකල ආකාරය බොහෝ දෙනෙකුගේ දෝෂ දර්ශනයට ලක්වී තිබේ .විශේෂයෙන්ම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට 18 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි පාසැල් සිසුවෙක් අත්අඩංගුවට ගන්නා ලදී.
එම දරුවා අත්අඩංගුවට ගැනීමේදී දරුවාගේ අයිතිවාසිකම් උල්ලංඝණය වන ලෙසට මෙන්ම දරුවාගේ ජිවීතයට දැඩි බලපෑම් එල්ල වන ලෙසට පොලිසිය ක්‍රියා කර තිබුණි .එම පසැල් සිසුවාගේ මව දිගින් දිගටම තම පුතා නිවැරදි බව ප්‍රකාශ කරද්දිත් පොලිසිය එම පරීක්ෂණ කටයුතු සිදු කලේ කිසිදු පදනමකින් නොවේ.ඒ හරහා එම දරුවාගේ ජිවිතයට දැඩි බලපෑමක් එල්ලවූ බව අප අමුතුවෙන් සදහන් කල යුතු නෑ.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාරද කියා සිටියේ ,සේයා දැරිය ඝාතනය කරන ලද සැකකාර සැබෑ අපරාධකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති නමුත් ඊට පෙර මෙම සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කරනු ලැබූ පාසල් ශිෂ්‍යයාට පොලිසියෙන් වන්දියක් ගෙවීමට කටයුතු කළ යුතු බවයි.යම් කටයුත්තක් සම්බන්ධයෙන් පොලිසියට විමර්ශන කටයුතු සිදු කිරීමට සම්පූර්ණ අයිතිය ඇති බව අපද පිළිගන්නෙමු .නමුත් සිදුකරන පරීක්ෂණයක් පොලිසිට නියම අපරාධකරු සොයා ගන්නා තුරු රහස්‍ය ලෙස සිදු කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් අප තුළද ඇත්තේ බලවත් පිළිකුලකී.
දැන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් 18 හැවිරිදි පාසැල් සිසුවාට සිදුවූ අපහාසය පිළිබද මෙරට පොලිසිය වගකිව යුතු නොවේද ?එහිදී ඇතැම් මාධ්‍යවල හැසිරීමද ඉතා අප්‍රසන්නය.මේ මොහොතේ අප සේයා සදෙව්මි දියණියට සාධාරණය ඉටු කරන්නා සේ සිද්ධිය සම්බන්ධයෙන් මහත්සේ පිඩාවට පත්වූ බඩල්ගම ප්‍රදේශයේම පදිංචි සේයාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අවුරුදු 18ක පාසැල් සිසුවාගේ කළු පැල්ලම නැති කර දැමීමට කටයුතු කල යුතු නොවේද ?
සේයා ඝාතනය කල දුනේෂ් ප්‍රියශාන්ත (32) හෙවත් කොටදෙණියාවේ ”කොණ්‌ඩයා”ගේ මූණ මාධ්‍යයෙන් පවා පෙන්වීමෙන් වැළකී ඔහුට සම්පූර්ණ ආරක්ෂාව ලබා දෙමින් කටයුතු කරන පොලිසියට අවුරුදු 18ක පාසැල් සිසුවකුගේ ගරුත්වය රැකීමට නොහැකි වුණේ කුමන අත්වැරදීමක් නිසා දැයි අපද දැන ගැනීමට කැමැත්තෙමු .
ලංකා නිවුස් එම දරුවා අත්අඩංගුවට ගැනීමේදී දරුවාගේ අයිතිවාසිකම් උල්ලංඝණය වන ලෙසට මෙන්ම දරුවාගේ ජිවීතයට දැඩි බලපෑම් එල්ල වන ලෙසට පොලිසිය ක්‍රියා කර තිබුණි .එම පසැල් සිසුවාගේ මව දිගින් දිගටම තම පුතා නිවැරදි බව ප්‍රකාශ කරද්දිත් පොලිසිය එම පරීක්ෂණ කටයුතු සිදු කලේ කිසිදු පදනමකින් නොවේ.ඒ හරහා එම දරුවාගේ ජිවිතයට දැඩි බලපෑමක් එල්ලවූ බව අප අමුතුවෙන් සදහන් කල යුතු නෑ.