සේයා සදෙව්මි

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    kondayage DNA galapenne nathi case ekak thiyenwalu,
    aththada boruda kiyalanam danne naha

    :lol::lol: ඕක තමයි බන් කිව්වේ පොලිස් වේසිගෙ පුතාලා මොකකට හරි ගහලා උබ කල කියපන් උබ කළා කියපන් කියනවා, අන්තිමට ලොල් සින් එක
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    :lol::lol: ඕක තමයි බන් කිව්වේ පොලිස් වේසිගෙ පුතාලා මොකකට හරි ගහලා උබ කල කියපන් උබ කළා කියපන් කියනවා, අන්තිමට ලොල් සින් එක

    මේක හෙන බරපතල සීන් එකක් බන් :frown: දැන් කොණ්ඩයත් නෙවේද දන්නේ නෑ ඝාතකයා. සමහරවිට ඔය අලුතෙන් අල්ලපු එකත් අහිංසකයෙක් ද දන්නේ නෑ :oo:

    එහෙමනම් අපරාධකාරය තාම එළියේ :shocked:

    දැන්නම් පොලිසිය ගැන කිසි විස්වාසයක් නෑ. පහුගිය කාලේ ආයුධ පෙන්නන්න ගිහින් වෙඩි කාපු, ගඟේ පැනපු කීදෙනෙක් අහින්සකයෝද දන්නේ නෑ :(
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේක හෙන බරපතල සීන් එකක් බන් :frown: දැන් කොණ්ඩයත් නෙවේද දන්නේ නෑ ඝාතකයා. සමහරවිට ඔය අලුතෙන් අල්ලපු එකත් අහිංසකයෙක් ද දන්නේ නෑ :oo:

    එහෙමනම් අපරාධකාරය තාම එළියේ :shocked:

    දැන්නම් පොලිසිය ගැන කිසි විස්වාසයක් නෑ. පහුගිය කාලේ ආයුධ පෙන්නන්න ගිහින් වෙඩි කාපු, ගඟේ පැනපු කීදෙනෙක් අහින්සකයෝද දන්නේ නෑ :(

    එක තමයි මචං අපි ඔය ආයුධ පෙන්වන ඒවාට ගගට මුද්හට ධාන එපාව සුදුවෑන් වලට විරුදද උනේ. දැන් ත්රෙඅව නේද මොකද වෙන්නේ කියල
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කොටදෙණියාව අකරන්ගහ ගමේ විසූ සේයා සදෙව්මි නම් වූ පුංචි පැටික්‌කිය කිසියම් නරුමයකු විසින් තලා පෙලා මරා දැමීය.


    මේ හමුවේ විමර්ශන පැවැත්වූ ශ්‍රී ලංකා පොලිසිය මෙරට සිටි කීර්තිධර සියලු ගත් කතුවරයන් පරයා යමින් දැන් ත්‍රාසය භීතිය පිරි ඉතිහාසයේ දැවැන්තම නවකතාව ලියා අවසන්ව ඇත.
    ඉන් නොනැවතුනු පොලිසිය එකී කතාව තිර නාටකයක්‌ බවට පෙරලා සමාජය ඉදිරියට ගෙන එන්නටද කටයුතු කළේය. එහිදී කතාවේ එන දුෂ්ටයාගේ චරිතයට පණ පෙව්වේ ධර්ම චක්‍රය උර පැළඳි කොටදෙණියාව පොලිසියේ ඕඅයිසී ඇතුළු පොලිස්‌ පැටව් ටික බව මේ වන විට රටම දන්නා කතාවකි.
    ඉදින් රූපගත කෙරුණු පොලිස්‌ කතාවට අනුව දුෂ්ටයෝ එසේ හතර කොන පැන රඟද්දී සමාජය ඉදිරියේ ආත්ම ඝාතනයකට ලක්‌ වෙමින් දහහත් හැවිරිදි පාසල් ශිෂ්‍යයකුගේ සහ එක්‌ දරු පියකුගේ අනාගතය වැනසී යන්නට විය.
    එහිදී හදවත ගිනියම් වී කඳුළු සැලුවෝ එකී පාසල් ශිෂ්‍යයාගේ මව සහ එක්‌දරු විවාහකයාගේ බිරිඳ, ඥතීහු ඇතුළු අවශේෂ චරිත වූහ. මෙසේ දුක සහ කඳුළ ඉස්‌මතු වෙද්දී පොලිස්‌ නාටකයේ සදොස්‌ තැන් නිදොස්‌ කරමින් රට ඉදිරියේ එය සංස්‌කරණය කරන්නට ඇතැම් තුට්‌ටු දෙකේ පොලිස්‌ ලොක්‌කන් නින්දිත උත්සාහයක යෙදුණු අන්දමද ප්‍රේක්‌ෂක අපි දුටුවෙමු.
    පොලිස්‌ ලොක්‌කන්ගේ එකී උත්සාහයන් හමුවේ ප්‍රේක්‌ෂකයා අන්ද මන්ද වූයෙන් මේ පොලිස්‌ නාටකයේ සංස්‌කරණය නොකළ කතාව කුමක්‌දැයි දැන ගැනීමේ වුවමනාවක්‌ අපට තිබිණි. ඒ සේයා සදෙව්මි ඝාතනය හමුවේ දිගහැරෙමින් තිබූ පොලිස්‌ නාටකය හේතුවෙන් වරින් වර රටේ ප්‍රේක්‍ෂකයන් හෙවත් ජනතාවද ගැලරියට ඇද වැටෙමින් සිටින වග අපට පෙනී ගිය නිසාය.
    ඉතින් අපි එය සොයා ගියෙමු. එහිදී අප ඉදිරියේ එහි දර්ශන පෙළ ඇතිව හා නැතිව පොලිස්‌ ලොක්‌කන් සංස්‌කරණය නොකළ පොලිස්‌ නාටකය දිගහැරෙන්නට විය. එහි කිසිදු වෙනසක්‌ නොකොට අපි එය ඔබට ඉදිරිපත් කරන්නෙමු. ඒ ගිනස්‌ පොතට යා යුතු පොලිසියේ කතා ගෙතීමේ දක්‍ෂතාව සහ සැබෑ නිරුවත අවබෝධ කරගනු පිණිසය.
    ස්‌ථානය මිනුවන්ගොඩ අධිකරණය. දිනය 2015-10-01. ලෝක ළමා දිනය යෙදුණු දවස.. පොලිස්‌ නාටකයේ දුෂ්ටයන් වූ කොටදෙණියාව පොලිසියේ ඕඅයිසී සහ පොලිස්‌ පැටව් බලා සිටියදී එකී දුෂ්ටයන් නිසා ආත්මය වැනසුණු පාසල් සිසුවා සහ විවාහකයා අධිකරණයට රැගෙන එයි.
    ඔවුන් මහෙස්‌ත්‍රාත්වරයා ඉදිරියට පමුණුවයි. “ස්‌වාමීනී.. සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් සිදු කළ ජාන විද්‍යා පරීක්‍ෂණයට අනුව මේ පාසල් සිසුවා සහ විවාහකයා ඊට සම්බන්ධ නැති බවට තහවුරු වී තිබෙනවා..” සීඅයිඩීය විනිශ්චයකාරතුමාට කරුණු දක්‌වයි..
    “එසේ නම් ඉදිරිපත් වූ කරුණු අනුව ඔවුන් දෙදෙනා මෙම නඩුවෙන් නිදහස්‌ කරනවා.. කොටදෙණියාව පොලිසියේ කටයුතු නිසා මෙම විමර්ශන මුල සිටම අවුල් වී තිබෙනවා.. එනිසා සියලු පරීක්‍ෂණ මෙතැන් සිට රහස්‌ පොලිසියට භාර කරනවා..”
    මහෙස්‌ත්‍රාත්වරයා සිය තීන්දුව ප්‍රකාශ කරනු ලබයි. දින දහතුනක්‌ තිස්‌සේ රක්‍ෂිත බන්ධනාගාරගතව සිටිමින් නොකළ වරදකට දඬුවම් විඳි තරුණයා සහ පාසල් සිසුවා ලද නිදහසෙන් සතුටට පත්ව අධිකරණ ශාලාවෙන් පිටතට පැමිණෙති. නිදහස හිමි වූ ඔවුන් දෙදෙනාගේ මුහුණු ආවරණය කර රථයකට නංවා ගන්නා කිහිප දෙනකු ඔවුන්ව අධිකරණ භූමියෙන් පිටතට ගෙන යනු ලබයි.
    ….දැන් දර්ශන තලයේ වෙනසකි…
    ස්‌ථානය කොටදෙණියාව අකරන්ගහ ප්‍රදේශයේ නිවසකි. නිදහස හිමිවූ පාසල් සිසුවාගේ මව සහ විවාහකයාගේ බිරිඳ මෙන්ම ඔහුගේ සහෝදරියක ඒ නිවසේ සිටියි. පොලිසියක මන්දබුද්ධික බව නිසා මෙතෙක්‌ තමන්ට මෙන්ම පවුලේ සියලු දෙනාට විඳින්නට වූ අපහාසයන් වේදනාවන් ඔවුහු කඳුළු බවට පත් කර දිය කර හරිමින් සිටිති.
    මේ අතරේ පොලිස්‌ කතාවට අනුව දුෂ්ටයාගේ චරිතයට පණදුන් කොටදෙණියාව පොලිසියේ ඕඅයිසී ඇතුළු පොලිස්‌ පැටවුන්ට මැදිවී ආත්ම ඝාතනයකට ලක්‌ව අවසානයේ අධිකරණයෙන් නිදහස හිමි වූ පාසල් සිසුවා සහ එක්‌ දරු විවාහකයා ඒ නිවසට පැමිණෙති.
    “අපි ලොකු ටි්‍රප් එකක්‌ ගියා.. ගියා නෙමේ කොටදෙණියාව පොලිසියේ මහත්තුරු අපිව එක්‌කගෙන ගියා.. නිවසට පැමිණි ඔවුන් දෙදෙනා සිනහමුසුව එසේ පවසන අතරේ පුටුවක වාඩි වෙමින් සංස්‌කරණය නොකළ ඒ පොලිස්‌ කතාව දිගහරින්ට සැරසේ..”
    අසල්වැසියන් මෙන්ම ඥතීන් ඇතුළුව මෙකී පොලිස්‌ කතාව අසා දැන ගැනීමේ පිපාසයෙන් ඒ නිවසට රැස්‌ව සිටින්නෝ බොහෝ වෙති. ඒ අතරේ දහහත් හැවිරිදි පාසල් සිසුවා වන සුරංජිත් සියල්ලන්ටම ඇසෙන්නට කතාව ඉදිරිපත් කිරීම අරඹයි..
    “එදා සැප්තැම්බර් 16 වැනිදා.. මම නිවසේ නිදාගෙන හිටියේ.. උදේ නවයට විතර පොලිසියේ මහත්තුරු කට්‌ටියක්‌ ගෙදරට ආවා.. ඇවිත් මගේ අම්මටත් බැනලා මාව කාමරයකට දාගෙන ප්‍රශ්න කරන්න පටන් ගත්තා.. ඒ ආපු අය මට කුඩුකාරයා කියලා බැන්නා.. තෝ කුඩු ගහනවා නේද කියලා කාමරය සම්පූර්ණයෙන්ම අවුස්‌සලා ඊයම් කොළ හෙව්වා..
    පස්‌සේ ඔවුන් මගේ ලැප්ටොප් එක අරගෙන මගෙන්ම අහගෙන එකේ තියෙන දේවල් බැලුවා.. එහෙම බලනකොට මම “ෙµaස්‌ බුක්‌” එකේ තිබිලා මගේ මිතුරන් අතරේ ෂෙයා කරපු සේයා නංගිගේ පිංතූරයක්‌ ඔවුන් දැකලා ඒ පිංතූරේ ලැප් එකේ දාගෙන හිටියේ මොකටද කියලා මගෙන් ඇහුවා..
    මම කිව්වා ඒක මම දාගත්ත එකක්‌ නෙමේ ෙµaස්‌ බුක්‌ එකේ තිබුණේ කියලා.. ඒත් පොලිසියේ අයට ඒක තේරුණේ නැහැ.. ඔවුන් හිතුවේ මම ඒ පිංතූරය අරගෙන දාගෙන ඉන්නවා කියලා.. ඔවුන් අම්මටයි මටයි ගෙදරදි බැණ වැදුණා.. එවෙලේ අම්මගේ ඇස්‌ දෙකේ කඳුළු පිරිලා.. ඒක දැකලා මටත් ඇඬුණා..
    මගේ අම්මා ගෙදරට ආපු පොලිසියේ මහත්තුරුන්ට කිව්වා මගේ පුතා වරදක්‌ කරන කෙනෙක්‌ නෙමේ කියලා.. ඒත් ඔවුන් ඒවට කන් දුන්නේ නැහැ.. අන්තිමේ ඔවුන් මාව ත්‍රීවීල් එකක දාගෙන අරගෙන ගියා.. ඒ අරගෙන ගියේ පොලිසියට නෙමේ.. කාමරයකට.. එතැනට ගෙනිච්චට පස්‌සේ ඒ නිලධාරින් මට හොඳටම පහර දුන්නා.. මාව සම්පූර්ණයෙන්ම නිරුවත් කරලා ඡායාරූප ගත්තා..
    “දණගස්‌සවලා මට පහර දුන්නේ.. පහර දෙන අතරේ කිව්වා සේයා නංගිව මරපු හැටි කියපන් අපි ඔක්‌කොම දැනගෙන ඉන්නේ කියලා.. මට කියන්න දෙයක්‌ තිබුණේ නැහැ.. මම කිව්වා කිසි දෙයක්‌ දන්නේ නැහැ කියලා.. එහෙම කියනකොට තව තවත් පහර දුන්නා..
    “එතනදී ඔවුන් මට කිව්වා “උඹලගේ ගෙවල් ළඟ ඉන්න පැතුම්ව අපි අරන් ඉන්නේ. ඌව පෑලියගොඩ පොලිසියට ගෙනිහින් ගහනකොට හැම දෙයක්‌ම කිව්වා.. ඒ නිසා උඹත් දැන් වරද භාර අරගෙන ඇත්ත කියපන් කියලා..” මම දිගින් දිගටම කිව්වේ “සර් මම කිසි දෙයක්‌ දන්නේ නැහැ කියලා..
    “පස්‌සේ එදා පොලිසියේ අය මාව දාල හිටිය කාමරයෙන් අරගෙන ඇවිත් පොලිසියේ කූඩුවට දැම්මා.. මගේ අම්මා මාව බලන්න ආවත් අම්මට එන්න දුන්නේ නැහැ.. කැත විදිහට බැනලා අම්මව එලවනවා මට ඇහුණා..
    “එහෙම පොලිස්‌ කූඩුවේ දාලා ඊට පහුවැනිදා මාව සීඅයිඩී එකට භාර දුන්නා.. සීඅයිඩී එකේ කලු මහත කෙනෙක්‌ මාව කොටදෙණියාව පොලිසියේ කොන්µරන්ස්‌ හෝල් එකේ දණ ගස්‌සලා හොඳටම ගැහුවා.. ගහන ගමන් කිව්වෙම ඇත්ත කියපන් කියලා.. මම කිව්වා කිසිම දෙයක්‌ දන්නේ නැහැ කියලා.. ඒ ඇරෙන්න මට කියන්න දෙයක්‌ තිබුණේ නැහැ.. මගෙන් සීඅයිඩී එක ප්‍රශ්න කරන අවස්‌ථාවේ තමයි මම දැක්‌කේ කැලුම් අයියවත් ගෙනත් ඉන්නවා.. එයාටත් හොඳටම පහර දුන්නා..
    “පස්‌සේ සීඅයිඩී එකෙන් මගේ ප්‍රකාශයක්‌ අරගෙන ආයෙත් පොලිස්‌ කූඩුවට දැම්මා.. මාව පොලිසියට අරගෙන ගිය දවසේ රෑ ඒඑස්‌පී කියල කියපු මහත්තයෙක්‌ ඇවිත් අමු තිත්ත කුණුහරුපෙන් මට බැන බැන මගේ නිරුවත් පිංතූර ගත්තා.. ඇයි පොලිසිය මට ඒ විදිහට සැලකුවේ.. මම කරපු වැරැද්ද මොකක්‌ද?
    “මේ හැම දේම කරලා 19 වැනිදා අපිව උසාවියට අරගෙන ගියා.. ඒ වෙනකොට පොලිසිය තේරුම් අරගෙන හිටියා අපි මේකට සම්බන්ධ නැහැ කියලා.. ඒත් ඔවුන් අපිව නිදහස්‌ කළේ නැහැ.. උසාවි දාලා රිමාන්ඩ් කළා..
    මම ලබන අවුරුද්දේ උසස්‌ පෙළ විභාගයට ලියන්න හිටියේ.. ඒත් දැන් මම කොහොමද මේ සිද්ධිය නිසා සමාජයට මුහුණ දෙන්නේ.. මගේ අම්මා මාව හැදුවේ තාත්තත් නැතුව.. අම්මා ගොඩාක්‌ දුක්‌ වින්දා මාව මෙතෙන්ට ගේන්න.. ඒත් අද මට විතරක්‌ නෙමේ අම්මටත් පාරේ බැහැල යන්න බැරි තත්ත්වයක්‌ උදා වෙලා.. මගේ අම්මා ගැන මට තියෙන්නේ ලොකු වේදනාවක්‌..
    “අද අපි නිදහස්‌ කියලා මුළු ලෝකයටම ඇහෙන්න කෑ ගහලා කිව්වත් කවදා හරි දවසක මම පාරේ යනකොට දකින කෙනෙක්‌ මාව හඳුන්වන්නේ “අර යන්නේ සේයා මරපු එකට හිරේ ගිය” ළමයා කියලා නෙමෙයිද? ඇයි පොලිසිය මගේ ජීවිතයට මේ වගේ අපරාධයක්‌ කළේ..
    “මම මේ රටේ පොලිසියෙන් ඉල්ලන්නේ එකම එක ඉල්ලීමයි. අනේ ආයේ කවදාවත් මට කළා වගේ කිසිම තරුණයකුගේ ජීවිතය, අනාගතය මේ විදිහට විනාශ කරන්න එපා.. මගේ අනාගතය මොනවගේ වෙයිද කියන්න බැහැ.. ඒත් මම උත්සාහ ගන්නවා හොඳින් විභාගය පාස්‌ වෙලා හොඳ පුරවැසියෙක්‌ විදිහට රටට සමාජයට වැඩක්‌ කරන්න..”
    විටෙක කඳුළු සලමින් සිය මෑණියන් දෙස අසරණව නෙත් යොමන අතරේ දාහත් හැවිරිදි පාසල් සිසුවා ඒ කතාව නිම කිරීමත් සමග කුඩා දැරියකගේ පියකු වූ කැලුම් අත්තනායක එහි ඉතිරි කොටස අරඹයි.
    “මම එදා හිටියේ ගෙදර කාමරයේ බිරිඳයි දරුවයි එක්‌ක නිදාගෙන.. සේයාගේ අවසන් කටයුතුවලටත් සහභාගි වෙලා ඇවිත් මම නිදාගෙන හිටියේ.. පාන්දර 2.00 ට විතර කොටදෙණියාව පොලිසියේ ඕඅයිසි අපේ ගෙදරට ආවා.. ඇවිත් මට කිව්වා කමිසයක්‌ දාගෙන එන්න පොඩ්ඩක්‌ එළියට යමු කියලා.. මම ගියා..
    “එළියට එනකොටම විස්‌සක විතර පොලිස්‌ නිලධාරින් පිරිසක්‌ මාව වට කළා.. මම දැක්‌කා ඈතින් ජීප් එක තිබෙනවා.. පස්‌සේ ඕඅයිසී මාව ජීප් එකට නැග්ගුවා.. ජීප් එක්‌ට නැග්ගා විතරයි එකපාරට දුවගෙන ආපු සුදු තට්‌ටය තිබෙන පොලිස්‌ නිලධාරියෙක්‌ බෙඩ් ෂීට්‌ එකක්‌ මගේ ඔලුවට දාලා තද වෙන්න බැන්දා.. කිසි දෙයක්‌ පෙන්නේ නැහැ..
    “දැන් ජීප් එකේ මාව අරගෙන යනවා.. ඒ යන අතරේ පොලිසියේ අය මගේ බෙල්ල මිරික මිරික කියනවා තෝව අද මරනවා ඒ නිසා සේයාව මරපු විදිහ කියපන් කියලා.. ඔවුන් මාව අරගෙන ආවේ කාමරයක්‌ වගේ එකකට. එතැනට ගෙනත් මගේ ඇඳුම් ඔක්‌කොම ගලවලා දැන් කියපන් ළමයා මැරුවේ කොහොමද කියලා අත් පිටිපස්‌සට තියලා බැඳලා බාල්කයක එල්ලලා මට හොඳටම ගැහුවා..
    “එහෙම ගහනකොට මගේ පිට කොන්ද මොනවද වුණා.. ඒ වේදනාව ඉවසගන්න බැරුව ගියා.. ඒවෙලේ මම කෑගහලා අඬලා කිව්වා මගේ කොන්දට මොනවද වුණා.. මම වරදක්‌ කරපු කෙනෙක්‌ නෙමේ මාව බිමට ගන්න කියලා.. ඒත් උන් මට මාරුවෙන් මාරුවට ගැහුවා.. ගහලා පැය භාගයකට විතර පස්‌සේ ඔවුන් මාව බිමට ගත්තා..
    “ඒ වෙලාවේ එතනට පොලිසියේ ඕඅයිසී මහත්තයා ආවා.. ඇස්‌ පේන්නේ නැහැ.. එත් මම කටහඬින් ඕඅයිසී ආවේ කියලා අඳුර ගත්තා.. ඒවෙලේ මම කිව්වා “සර් මගේ අත්දෙක පණ නැහැ මගේ අත් ලිහන්න කියන්න කියලා.. පස්‌සේ අත් දෙක ලිහලා කාමරයේ තිබුණු ඇඳකට අල්ලලා මට මාංචු දැම්මා.. ඒත් මගේ ඇස්‌ ඇරියේ නැහැ.. පහුවදා උදේ 10.30 ට විතර තමයි මගේ ඇස්‌ බැඳලා තිබුණු රෙද්ද ගැලෙව්වේ.. එදා රෑ මාව පොලිසියට අරගෙන ආවා..
    “එහෙම අරගෙන ඇවිත් පහුවෙනිදා සීඅයිඩී එකට භාර දුන්නා.. සීඅයිඩී එකේ අයත් මාව කාමරයකට අරගෙන සේයා මැරුව විදිහ කියපන් කිය කියා හොඳටම ගැහුවා.. එක වෙලාවක මගේ කටට පිස්‌තෝලයක්‌ දාලා දැන් තෝව මරනවා ඇත්ත පිළිගනින් කියලා තද කළා.. ඒකෙන් දවස්‌ දෙකක්‌ යනකම් මගේ උගුර තුවාල වෙලා වතුර ටිකක්‌වත් බොන්න බැරුව ගියා.. මට බිරිඳයි දරුවයි මතක්‌ වුණා.. මිනිස්‌සු ඒ දෙන්නට කරදරයක්‌ කරයි කියලා විශාල බයකුත් හිතට දැනුනා..”
    ඔහුගේ හඬ හැඬුම්බර වෙයි. මොහොතක්‌ සිට යළි කතාව කියයි.
    “මට කොච්චර ගැහුවත් කියන්න දෙයක්‌ තිබුණේ නැහැ.. පස්‌සේ හැමෝටම තේරුම් ගියා අපි සේයා මරපු එකට සම්බන්ධ නැහැ කියලා.. සීඅයිඩී එකෙන් මට ගහනකොට තමයි මම දැක්‌කේ සුරංජිත් මල්ලිවත් තව තැනක බිම දණගස්‌සලා පහර දෙනවා..
    “මේ විදිහට හොඳටම ගහලා බැරිම තැන ඔවුන් අපිව 19 වැනිදා උසාවි දාලා ජාන පරීක්‍ෂණයක්‌ කරන්න ඕනේ කියලා 28 වැනිදා වෙනකම් රිමාන්ඩ් කළා.. අපිව බන්ධනාගාරයට ගෙනියනකොට අනිත් හිරකාරයෝ අපි දෙන්නව මරන්න සූQදානම් වෙලා හිටියේ.. මොකද ඒ වෙනකොට මාධ්‍ය මගින් අපි දෙන්නව වැරදි කාරයෝ කරලා ඉවරයි..”
    ඔහු යළිත් හැඬුම්බර වෙයි. ඒ අතරේ මෙසේද කියයි. “මම මේ රටේ මාධ්‍යවලින් ඉල්ලනවා කවදාවත් පොලිසිය කරන පාපකර්ම වැඩවල හවුල්කාරයෝ වෙන්න එපා කියලා.. බන්ධනාගාරයට ගියාට පස්‌සේ තමයි දැන ගත්තේ ඒකෙ ඇතුළේ ඉන්න හුඟක්‌ අය පොලිසිය නිසයි හිරේ දුක්‌ විඳින්නේ කියලා.. මේ රටේ පොලිසියේ ඉන්නේ ඒ තරම්ම පව්කාරයෝ ටිකක්‌..
    “අපිව බන්ධනාගාරයට ගෙනිච්චට පස්‌සේ දැම්මේ තරුණයන් රඳවලා ඉන්න වයි.ඕ. වාට්‌ටුවට. සේයා මරපු එකට කොණ්‌ඩයව ගෙනාවට පස්‌සේ තමයි අපිව ඒකෙන් එළියට අරගත්තේ.. ඒ වෙනකොට ඇතුළේ අය වටහාගෙන තිබුණා අපි වැරදි නැහැ කියලා.. ඒ නිසා ඔවුන් අපි දෙන්නට හැම පහසුකමක්‌ම සලසලා දුන්නා.. මීගමුව බන්ධනාගාරයේ නිලධාරිනුත් අපිට හොඳින් සැලකුවා..
    “කොණ්‌ඩයා කියලා කෙනෙක්‌ අකරන්ගහ ගමේ හිටියා කියලා අපි දැන ගත්තෙත් එයාව බන්ධනාගාරයට ගෙනාවට පස්‌සේ.. කවදාවත් එයාව ගමේදී දැකලා තිබුණේ නැහැ.. ඒත් කොණ්‌ඩයා ගෙනල්ලා සතියකට විතර පස්‌සේ ඇතුළේ අය කිව්වේ එයත් ළමයා මරපු එකට සම්බන්ධ නැහැ කියලා.. ඒක බන්ධනාගාරය ඇතුළේ මේ වෙනකොට ලැව් ගින්නක්‌ වගේ යන කතාවක්‌..
    විවාහකයකු වූ කැලුම්ද කතාව නිම කරයි. යළිත් මේ පොලිස්‌ නාටකයේ දර්ශන තලය වෙනස්‌ වෙයි…
    කොණ්‌ඩයා මීගමුව බන්ධනාගාරයේ සිර මැදිරියක රඳවා සිටියි. ඒ අතරේ පොලිසියේ ලොක්‌කෙක්‌ කාටදොa කොණ්‌ඩයා ගැන පැහැදිලි කිරීමක්‌ කරයි. “ඒයි.. දන්නවද. අරූ තමයි භාණ්‌ඩේ.. මූ ළමයා අරගෙන යනකොට ඇහැරිලා.. පස්‌සේ මුණයි කටයි වහලා තමයි අරගෙන ගිහින් තියෙන්නේ.. කාලකණ්‌ණියා, ඌ වැඩේ කරපු විදිහ ඔක්‌කොම අපිට කිව්වනේ..”
    පසුදින කොණ්‌ඩයා පොලිස්‌ ලොක්‌කාට කළ සේයා දැරියගේ ඝාතනය පිළිබඳ පාපොච්චාරණය රටේ මාධ්‍යවල පොල්ගෙඩි අකුරෙන් පළ වෙයි. ඒ මෙසේයි. “මම අම්මගේ තුරුළේ නිදාගෙන හිටිය දැරිය වඩා ගන්නකොට ළමයා අම්මේ.. අම්මේ.. කියල කෑගහුවා.. එවෙලේ දරුවගේ කටයි මූණයි තද කරලා වහලා එළියට අරගෙන ඇවිත් ගෙවල් ළඟ පාළු තැනකදී බෙල්ල මිරිකලා දූෂණය කළා.. පස්‌සේ ඇඳුමෙන් බෙල්ල තද කරලා මරලා ඇළට දාලා යන්න ගියා..”
    …දැන් යළිත් මේ පොලිස්‌ නාටකයේ දර්ශන තලය වෙනස්‌ වෙයි… රටේ ජනතාව පාපතර කොණ්‌ඩයාට ශාප කරමින් දෙස්‌ දොවොල් තබමින් සිටිති. ඒ අතරේ මාධ්‍යවේදියකු මීගමුව බන්ධනාගාරයේ දන්නා හඳුනන අයකුගෙන් කොණ්‌ඩයා පිළිබඳ විමසයි..
    “මල්ලී.. මොකද කොණ්‌ඩයා කියන්නේ.. ඌද වැඩේ කරපු මෑන්..” “අනේ මන්දා අයියේ.. අපි දෙකක්‌ නෙලලා උගෙන් කතාව ඇහුවා.. ඌ කියනවා පොලිසිය ගහපු ගැහිල්ලට මරයි කියල බයවෙලා කියන කියන දේට ඔව් කිව්වලු.. කොණ්‌ඩයා අපිට නම් කියන්නේ ළමයා මැරුවේ ඌ නෙමේ කියලා.. උගේ ඩීඑන්ඒ එකත් අවුල් කියලා තමයි ආරංචි..”
    “හුටා.. පොලිසියට මඤ්ඤංද මල්ලි..? මාධ්‍යවේදියාට ඉබේම එසේ කියෑවෙන අතරේ කරන ඒ කතා බහද නිමා වෙයි.. මේ අතරේ සුදු පිරුවටයක්‌ වගේ දෙයක්‌ දර්ශනතලයේ කොනක ඈතින් දිස්‌වේ. එතැනින් කොටදෙණියාවේ සේයා සදෙව්මි සිඟිත්තිය මරා දැමීම පිළිබඳ පොලිස්‌ නාටකයේ පළමු කොටස නිමා වේ.
    ඒ නිමාවත් සමග දැන් ඔබට කියන්නට අපටද කතාවක්‌ තිබේ. එකමත් එක දවසක ලොව හොඳම පොලිසිය තේරීමේ තරගයක්‌ තිබුණේලු. ස්‌කොට්‌ලන්ඩ්යාඩ් ආදී ලෙසින් ලොව දියණුම රටවල පොලිස්‌ නිලධාරින් සමග අපේ පොලිසියේ නිලධාරින් කිහිප දෙනකුද ඊට සහභාගි වූයේලු.
    තරග සංවිධායකයන් තරගය අරඹමින් විශාල කැලයකට හාවෙක්‌ අතහැර ඌව සොයාගෙන එන්නැයි ඊට සහභාගි වූ පොලිස්‌ තරගකරුවන්ට කීවේලු. මෙසේ තරගය ඇරඹී මාරුවෙන් මාරුවට ඇමරිකන්, එංගලන්ත, ප්‍රංශ ආදී ලෙසින් දියුණු යෑයි කියන රටවල් ඇතුළු සියලුම රටවල පොලිස්‌ නිලධාරින් වරින් වර හාවා සොයා කැලයට ගියද එකකුටවත් හාවා සොයාගත නොහැකි වූයේලු.
    අවසානයේ ශ්‍රී ලංකා පොලිසියේ කණ්‌ඩායම පොලු කිහිපයක්‌ද අතට ගෙන කැලයට ගියේලු. විනාඩි කිහිපයක ඇසිල්ලේ ඔවුන් තඩි වලහෙක්‌ද රැගෙන ඌට පහර දෙමින් යළි පිටතට ආවේලු. මෙය දුටු තරග සංවිධායකයන් මේ සිටිනුයේ හාවා නොව වලහෙක්‌ නොවේදැයි ඔවුන්ගෙන් ඇසුවේලු. එහිදී එකකු අමුතු බැල්මකින් වලහා දෙස බැලුවේලු.
    එකෙනෙහි වලහා “බුදු සර් මම වලහෙක්‌ නෙමේ වලහෙක්‌ නෙමේ.. හාවෙක්‌.. හාවෙක්‌” යෑයි කියමින් තරග සංවිධායකයන්ගේ කන් අඩි පැලෙන්නට මොර දුන්නේලු. ඉතින් අපේ පොලිසියේ අය වැඩේ ගොඩ දා ගත්තේලු. මාරයි නේ..?

    සමන් ගමගේ
    තව කෙනෙකුට කියවන්න Share කරන්න


    http://sriavtvnetwork.blogspot.com/...&utm_medium=facebook&utm_source=socialnetwork
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    එක තමයි මචං අපි ඔය ආයුධ පෙන්වන ඒවාට ගගට මුද්හට ධාන එපාව සුදුවෑන් වලට විරුදද උනේ. දැන් ත්රෙඅව නේද මොකද වෙන්නේ කියල

    මිනිස්සුන්ට ඕව කිව්වට තේරුම් ගන්නේ නෑ බන්. හැමෝම තීරණ ගන්නේ හැගීම් වලින් මිසක් බුද්ධියෙන් නෙවේ :(

    අපරාධකාරයෝ 1000ක් නිදහස් වෙනවට වඩා එක අහිංසකයෙක් නිරපරාදේ දඬුවම් විඳින එක බරපතලයි :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මහ පොන්න හැත්ත බං.. හෙට අනිද්දට කියයි වෙන එකෙක් දූෂණය කරල තියෙන්නෙ කියලා.. :lol: අපේ උන් හොඳයි කොමඩි ෆිල්ම් එකක් ගහන්න අරන් යන්න..:rofl:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අපරාදේ ,
    මුලින්ම අර පොඩි කොල්ලව අල්ලන් එල්ලුම් ගහට නියම කරලා , ඊට පස්සේ උගේ අනිත් යාළුවා වත් බෙල්ලෙන්ම එල්ලලා ..
    පස්සේ අර කොන්ඩයගේ කොන්ඩේන් අල්ලලා උවත් එල්ලලා ..
    දැන් ඔය සීන් එකට එන්ටර් වෙන්න ඉන්න පොරවත් එල්ලුම් ගහට නියම කරා නං ...

    ගොඩම තමා , ඒක සීන් එකකට මෙච්චරක් එල්ලුව කියල අනිවා දුෂකයෝ ටික බය වෙලා ලංකාවේ අපරාධ අඩු වෙනවා ..
     

    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    කොණ්ඩයාගේ ඩී.එන්.ඒ එක අනුව ඌ නෙමේලු වැඩේ කරලා තියෙන්නෙ. උගේ අහවල් එක තුවාල වෙලත් නැහැලු. පත්තර වල ඌ මාර වනචාරියා කිව්වට ඌ ඒ වෙලාවෙ ගැරිජ් එකක් වැඩ කරපු සාක්ෂි තියෙනවාලු.


    දන්න පොලිසියේ එකෙක්ගේ පුතෙක් කිව්වේ.. බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොණ්ඩයාගේ ඩී.එන්.ඒ එක අනුව ඌ නෙමේලු වැඩේ කරලා තියෙන්නෙ. උගේ අහවල් එක තුවාල වෙලත් නැහැලු. පත්තර වල ඌ මාර වනචාරියා කිව්වට ඌ ඒ වෙලාවෙ ගැරිජ් එකක් වැඩ කරපු සාක්ෂි තියෙනවාලු.


    දන්න පොලිසියේ එකෙක්ගේ පුතෙක් කිව්වේ.. බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා
    පොලීසියෙ එකෙක් කියපු නිසා විශ්වාස කරන්න බෑ බං..:no:
    මොනා උනත් කොණ්ඩයා කියන්නෙත් අපරාධකාරයෙක්..:dull:
    මල මිණීයකට වැඩේ කලා කිව්වම උගේ අසහනය ගැන හිතාගන්න පුළුවන් නේහ්..:growl:
     

    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    පොලීසියෙ එකෙක් කියපු නිසා විශ්වාස කරන්න බෑ බං..:no:
    මොනා උනත් කොණ්ඩයා කියන්නෙත් අපරාධකාරයෙක්..:dull:
    මල මිණීයකට වැඩේ කලා කිව්වම උගේ අසහනය ගැන හිතාගන්න පුළුවන් නේහ්..:growl:
    මෙහෙමයි මචන් ඕකා මළ මිණියකට කලේ මහ දවල් ටවුන් එක මැද ඉඳන් නෙමෙයි නේද? ඕවා හොයාගෙන හොයාගෙන ගියොත් අන්තිමට දැකපු එකක් නැහැ. උඹව හිරේට දැම්මත් පත්තරකාරය්න්ට ඔය වගේ කතා දාන එක ගේමක් නැහැ. ඌ අපරාධකාරයෙක් කියලා ගමේ වෙන හැම රේප් එකටම ඌව හිරේ දාලා හරි යන්නෙත් නැහැ නේද බන්? පොලිසිය කෙලින්න කලින් රිපෝට් එක එන කල් ටිකක් හිටියා නම් හරි
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Kondaya ge brother kiwalu ne kalin , kondya baya vela vage kiyala ave, mokadha kiyala ahuvama kiwwalu, kondaya thama lamayava maruve kiyala. Ethakota u kiwwe borudha ?? Aka nisa arrest karanna athi
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Kondaya ge brother kiwalu ne kalin , kondya baya vela vage kiyala ave, mokadha kiyala ahuvama kiwwalu, kondaya thama lamayava maruve kiyala. Ethakota u kiwwe borudha ?? Aka nisa arrest karanna athi

    කාටද උබටද කිව්වේ ?? උබ අහන හිටියද කියනවා ?? උගේ සහිදරය කියපු පලියට ඇත්ත වෙනවද ?? පොලිසියෙන් පව්ලම බය කරලා මරනවා කියල එහෙමයි ගන්නේ කට උත්තර??
     
    Nov 29, 2011
    354
    30
    0
    මචන්ලා ...මම මේහෙම දෙයක් දැක්කා ඔය කේස් එකේ මුළු ඉඳලා...අම්මායි,තාත්තයි කියන සමහර කරුණු පරස්පර විරෝධි කරුණු....තව දෙයක් ඝාතනයට ලක්වුණු දැරිවි‍යගේ පියාගේ අයියා කියලා තියනවා ඒ වෙලාවේ වාහනයක් යන් සද්දයක් ඇහුණා කියලා...ඔහු හිතලා තියෙන්නේ මල්ලිගෙ වාහනය කියලා(ඒ කියන්නේ දැරියගේ තාත්තා).....නමුත් ඒ වාහනය නැවත ගිහින් ටික වෙලාවකින් ලු මල්ලිගේ වහනය ඇවිල්ලා තියෙන්නේ......

    අනෙක් කාරණයයි....ඒ අම්මා කියන යම් යම් කරුණු සිදුවීමට ගැලපිමක් නැහැ....ඒක තැනක අම්මා කිව්වා ටි.වි බල බල හිටියා..ඒ වෙලාවේ ළමයාව නිදි කෙරෙව්වා....නමුත් දෙවැනි සැරෙදි ප්‍රකාෂක් කරේ අම්මා ගාව ඉඳඳි ළමායාව අරන් ගිහින් කියලා..........නමුත් ඝාතකයා ඇවිල්ලා තියෙන්න දොරෙන්....? බල්ලා බිරුවේ නැහැ.........මීලඟ කරුණ නම් ඇ‍ඳේ මඩ සලකුණ.කොණ්ඩ යා පවසන පරිදි ඔහු පැමිණ ඇත්තේ නිවෙසේ ප්‍රදාන දොරෙන්.......ඝාතකයා අම්මා ඉන්න නිදි ඇ‍ඳෙම අම්මා නිදි අතරේ..දැරවිය නිර්වස්ත්‍ර කරලා‍ මෙට්ටය යට ඇඳුම් සඟවා ,දැරිය පැහැරගෙන ගියාද?


    අනෙක් කරුණු මර්ණ පරිකෂන වලදි කියවෙන්නේ දැරිවිය ඝාතනය කර ඇත්තේ ....පැහැරගත් දිනයට පසුවදා බවය....නමුත් කොණ්ඩ යා කියන ආකාර‍යට ඝාතනය සිදු කර ඇත්තේ එදිනම යි...


    ගොඩක් වෙලාවට මාධ්‍ය රිපොර්ට් කරන්නේ....ඇත්ත කරුණු කියා මා දන්නේ නැහැ....නමුත් මේ කරුණු කොහෙත්ම සිදුවීමත් එකක් ගැලපිමක් නැහැ....පොලිෂ් මාමා ලා ක්‍රියාකරන අකාරයනම් සම්පුර්ණ විහිළුවක්.......:baffled:
     
    -සිංහයා-;19060601 said:
    මචන්ලා ...මම මේහෙම දෙයක් දැක්කා ඔය කේස් එකේ මුළු ඉඳලා...අම්මායි,තාත්තයි කියන සමහර කරුණු පරස්පර විරෝධි කරුණු....තව දෙයක් ඝාතනයට ලක්වුණු දැරිවි‍යගේ පියාගේ අයියා කියලා තියනවා ඒ වෙලාවේ වාහනයක් යන් සද්දයක් ඇහුණා කියලා...ඔහු හිතලා තියෙන්නේ මල්ලිගෙ වාහනය කියලා(ඒ කියන්නේ දැරියගේ තාත්තා).....නමුත් ඒ වාහනය නැවත ගිහින් ටික වෙලාවකින් ලු මල්ලිගේ වහනය ඇවිල්ලා තියෙන්නේ......

    අනෙක් කාරණයයි....ඒ අම්මා කියන යම් යම් කරුණු සිදුවීමට ගැලපිමක් නැහැ....ඒක තැනක අම්මා කිව්වා ටි.වි බල බල හිටියා..ඒ වෙලාවේ ළමයාව නිදි කෙරෙව්වා....නමුත් දෙවැනි සැරෙදි ප්‍රකාෂක් කරේ අම්මා ගාව ඉඳඳි ළමායාව අරන් ගිහින් කියලා..........නමුත් ඝාතකයා ඇවිල්ලා තියෙන්න දොරෙන්....? බල්ලා බිරුවේ නැහැ.........මීලඟ කරුණ නම් ඇ‍ඳේ මඩ සලකුණ.කොණ්ඩ යා පවසන පරිදි ඔහු පැමිණ ඇත්තේ නිවෙසේ ප්‍රදාන දොරෙන්.......ඝාතකයා අම්මා ඉන්න නිදි ඇ‍ඳෙම අම්මා නිදි අතරේ..දැරවිය නිර්වස්ත්‍ර කරලා‍ මෙට්ටය යට ඇඳුම් සඟවා ,දැරිය පැහැරගෙන ගියාද?


    අනෙක් කරුණු මර්ණ පරිකෂන වලදි කියවෙන්නේ දැරිවිය ඝාතනය කර ඇත්තේ ....පැහැරගත් දිනයට පසුවදා බවය....නමුත් කොණ්ඩ යා කියන ආකාර‍යට ඝාතනය සිදු කර ඇත්තේ එදිනම යි...


    ගොඩක් වෙලාවට මාධ්‍ය රිපොර්ට් කරන්නේ....ඇත්ත කරුණු කියා මා දන්නේ නැහැ....නමුත් මේ කරුණු කොහෙත්ම සිදුවීමත් එකක් ගැලපිමක් නැහැ....පොලිෂ් මාමා ලා ක්‍රියාකරන අකාරයනම් සම්පුර්ණ විහිළුවක්.......:baffled:

    :(:(:(:(
    මොකක්ද මේකේ ඇත්ත නැත්ත
    :(:(:(:(
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පොලිසිය කතා ගොතනවා... උඔලත් ඔය පොඩි එවුන් වඩා ගන්නේ බලාගෙනයි....මොකද නිකමට හරි මයිල් ගහක් ගැලවිලා ඇගේ තිබ්බොත්....මොකක් හරි වෙච්ච ගමන් උඔවව අල්ලන් යනවා...බලනවා ඩී.එන්.ඒ මැච්...
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    පොලිසිය කතා ගොතනවා... උඔලත් ඔය පොඩි එවුන් වඩා ගන්නේ බලාගෙනයි....මොකද නිකමට හරි මයිල් ගහක් ගැලවිලා ඇගේ තිබ්බොත්....මොකක් හරි වෙච්ච ගමන් උඔවව අල්ලන් යනවා...බලනවා ඩී.එන්.ඒ මැච්...


    ඉස්සරහට අපරාධකාරයො තට්ටෙ බූගාල ඉතුරු ඒවත් අයින් කරල තමයි බහින්නෙ..:lol:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කෝරලේමහත්තයා;19061252 said:
    ඉස්සරහට අපරාධකාරයො තට්ටෙ බූගාල ඉතුරු ඒවත් අයින් කරල තමයි බහින්නෙ..:lol:

    අනිවා බං..මේ පොලීසිය මහ ජරාම ජරා වේස හැත්තක්...:growl:
    මම ළඟදි ට්‍රැෆික් එකේ එකෙකුට විරැද්ධව SSP ට පැමිණිලි කරා.:eek:.. මුන් සාක්ෂි ඉල්ලුවා නැති හන්දා බුද්ධි අංශෙට දැම්ම...:nerd:. උන් ඔක්කොම එකතු වෙලා අමුතුම කතාවක් ගොතලා ලස්සන රිපෝට් එකක් දීලා.:P. ඒක දකිද්දි මට හිතුනා මං වගේ වැරදි කාරයෙක් කියලා...:lol:
    පස්සේ SSP රිපෝට් එක බලල පැත්තකට විසි කරලා මගෙන් ඇත්තටම වෙච්ච දේ අහලා.... අන්න ඌට මොන වගේ දඬුවමක්ද දෙන්න ඕනේ කියලා ඇහුවා.:baffled:. මම කිව්වා අවවාද කිරීමක් හැර වෙන දෙයක් කරන්න එපා කියලා.:dull:. අන්න ඌට එන්න කියලා චෝදනා ඉදිරිපත් කරන්න දැම්මා..:oo:. හොඳ කනෙක්ෂන් එකෙන් නොගිය නම් මම තමයි ලංකාවේ ඉන්න නරකම පුද්ගලයා :lol: