සේයා,සුජී ,චාමරලා සහ වෙනස් වන සමාජය....

pulsedeal

Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    සේයා,සුජී ,චාමරලා සහ වෙනස් වන සමාජය....

    ඔබ ජීවත් වෙන්නේ ඇයි ?
    කවුරු හරි මෙහෙම ඔබෙන් ඇහුවොත් ඔබ දෙන පිළිතුර කෙසේ වෙනස් වේවිද ?මොනවගේ වේවිද?


    01 මේ සමාජයේ මමත් කොටසක් ,ඒ නිසා දුක සැප දරාගෙන හොඳට හොඳත් නරකට නරකත් කරමින් ජීවත් වෙනවා
    02 මැරෙන්න බැරි කමට ජීවත් වෙනවා
    03 අම්මලා සහෝදරයෝ දරුවෝ ජීවත් කරවන්න ඕන නිසා ජීවත් වෙනවා
    04 මනුෂ්‍ය ආත්මය දුර්ලභයි....ඒ නිසා මටයි,මගේම අයටයි,මට අනුකම්පා සිතුවිලි පහළ වෙන අයටයි බොහෝ දේ ලබාදෙන්න මට ඕනි.ඔවුන් වෙනුවෙන් පෙනී ඉන්න ඕනි ඒ නිසා මටයි,මගේම අයටයි,මට අනුකම්පා සිතුවිලි පහල වෙන අයටයි බොහෝ
    දේ ලබා දෙන්න සතුටින් තියන්න මම ජීවත් වෙනවා.


    දැන් හිතන්න.යථාර්ථය වෙන්නේ ,බොහෝදෙනෙක්ගේ හොඳ හෝ නරක හැසිරීම් ඔවුන්ගේ වර්තමාන ආර්ථික තත්වයන්,මානසික හැසිරීම් සහ
    සමාජයේ අවස්ථානුකූලව ඇතිවන තත්වයන් මත පදනම් වෙනවා....ඒත් මම විශ්වාස කරන්නේ
    වර්තමාන සමාජයේ ඇතිවන සමහර ව්‍යසනයන් මත පදනම්ව හොඳ මිනිසුන් යැයි සමාජයට පෙන්වීමට උත්සාහ දරන බොහෝ අය ව්‍යාජ මිනිසුන් බව....

    බොහෝ මිනිසුන් හදිස්සියට ණයක් ඉල්ලාගන්න කෙනෙක් නැති වුණාම ,ලෙඩකදි දුකකදි අසරණ වුණාම සමාජයෙන් ලොකු අසාධාරණයන් ඉදිරියේ දැඩි ලෙස මොරදෙන්නේ මට මම විතරයි සමාජයට හෙණ ගැහුවත් මම මගේ පාඩුවේ ජීවත් වෙනවා.එහෙම කියන අයම බොහෝ විට සමාජයේ ඇතිවන යම් යම් ගැටලුකාරීතත්වයන් ඉදිරියේ ඒවා විග්‍රහ කරමින් සමාජය තුළ සාධාරණත්වය, මානුශීය බව ඇති කිරීමට තමාද පෙනී සිටින බවද ඒත්තු ගැන්වීමට ගන්නේ දැඩි වෙහෙසක්.


    ඉහත 04 වෙනි පිළිතුර බලන්න එහෙම පිළිතුරක් දෙන්නේ එක්කෝ ජීවිතයක වටිනාකම තේරුම් ගත්ත මහා ඉවසීමක් තියෙන මහා ජීවිතාබෝධයක් එක්ක ධර්මාවබෝධයක් තියෙන කෙනෙක්ම විතරයි කියලා ඔබට හිතේවී.එහෙම මිනිස්සුනම් නොමැති තරම්..

    ඒ වගේ මිනිස්සු අපේ සමාජයේ ඉඳහිට අපිට දකින්න ලැබෙනවා.
    ඒ මොනවගේ අයද ??

    # ආබාධිත වෙච්ච දරුවෝ වෙනුවෙන් තමන්ගේ ජීවිතයම කැපකරපු දෙමව්පියෝ....
    # අසරණ වුණ සතා සිවුපාවා වෙනුවෙන් යමක් කරමින් සරල ජීවිත ගත කරන මිනිස්සු
    # පටු දේශපාලන අරමුණුවලින් තොරව ,ආර්ථික අරමුණු වලින් තොරව ,බුකියේ සහ සමාජයේ
    මහා චරිත වීම ඒකායන අරමුණ කර නොගත්ත මනා ජීවිත දැක්මක් තියෙන
    සමාජය වෙනුවෙන් පෙනී ඉන්න සමාජයට සේවය කරන නිර්ව්‍යාජ මිනිස්සු...


    බොහෝවිට ඉන්නේ ඉහත 01,02,03 වගේ තත්වයන් තුළ සිටින මිනිස්සු,
    සමාජයක මේ වගේ අයත් ඉන්නවා.

    # තමන් නිතරම කරන වරද ,වෙනත් කෙනෙක් එක් වරක් කෙරුවොත් ඒක මහා වරදක් ලෙස
    සමාජයට පෙන්වීමට උත්සාහ කරන අය...
    # බාහිර සමාජයට තමා තුළ ජීවත් වනේ මහා චරිතයක් බව පෙන්වීමට උත්සාහ දරන අය
    # ඉන්න හිටින්න ගෙපැළක් නැති,අඳින්න වස්ත්‍රයක් නැති,කන්න බත් මිටක් නැති සැබෑ දුප්පතුන්ව
    නොසලකා හරිමින්,එහෙත් සමාජ අවධානයට පාත්‍ර වූ පාර්ශව කෙරෙහි පමණක් වරදාන ලබා දී
    සමාජ අවධානය ලබාගන්නා පිරිස්....
    (මේ මේනියාව ගොඩක්ම තියෙන්නෙ මැති ඇමතිවරුන්ට හොඳේ..කැමරාව ඉදිරියේ
    මනුෂ්‍යත්වය පෙන්වන්නන්-බෝහෝ විට මෙහෙන් තෑගි දෙද්දී තව පැත්තකින් ඒ මිනිස්සුන්ගේ මුලු
    ජීවිතයම විනාශ කරන ව්‍යාපාර වල මොවුන් නිරත වෙනවා.එහෙම අයගේ නම්,මටනම් මතක නෑ...)


    මේ දේවල් ගොඩක්ම කියන්න හේතු වුණේ පහු ගිය කාලේ වුණ සිඳුවීම් වලදී ෆේස්බුක් එකේ ශෙයාර්
    වුණ සමහර පෝස්ට් දැක්කම මිනිස්සුගේ වෙස් මාරු කිරීමේ වේගවත් කම දැකපු නිසා.

    උදා:

    නිශාන් ජයතිලකගේ (මන: කල්පිත නමකි)ෆේස් බුක් ගිණුම​


    උදේ 8.00 ට - සේයාට ඔය අපරාදේ කරපු කොල්ලව එල්ලා මරන්න ඕනේ.
    උදේ 10.00 ට - තව මොනව හොයන්නද ලැප් එකේ තිබිල තියෙන්නේ උගේ මේනියාවේ තරම.
    අද කාලේ තරුණ හිත් මෙච්චර දූශිත නිසානේ ඕවා ලැප් වල දාගන්නේ
    දවල් 12 ට - පොඩි එකාගේ අම්මලාට උල තියන්න ඕනී ළමයගේ මළඟමටවත් එන්න දෙන්න නරකයි.ළමයාගැන බලලා නෑ.
    සවස 04 ට -සේයාව විනාස කරපු උඹට ඉපදෙන ආත්මෙකවත් මනුස්ස ජීවිතයක් ලැබෙන්න එපා කොල්ලෝ.මොළයක් තිබිලා ඉගෙනගත්තට උඹට හදවතක් නෑ
    පසුවදා උදේ 07ට- යාලුවනේ අර නාකි ලොක්කනේ වැඩේ කරලා තියෙන්නේ...
    පහුවදා උදේ 10ට - අර අහිංසක කොල්ලාගේ ජීවිතය විනාශ කරන පෝස්ට් ශෙයා කරපු උන්ට හෙණම ගහපිය...
    පහුවදා උදේ 11ට - එළ කොල්ලෙක්නේ ශිෂ්‍යත්වෙට 184 ක් මළයා අරන්ලු ඒ කාලේ බ්‍රයිටෙක් වගේ ...මෙහෙම දක්ශ දරුවෙක්ගේ
    ජීවිතය විනාශ වෙන විදිහට පෝස්ට් ශෙයාර් කරපු උඹලාට නම් හොඳක් වෙන්නෑ....


    සමාජය ඉදිරියේ ප්‍රදර්ශන මානව හිතවාදියෙකු නොවී...තමන්ගේ හෘදසාක්ෂියට අනුව ජීවත් වීමට ඔබටත් මටත් නුවණ පහළ වේවා....

    වෙනස් වන ලෝකයේ නොවෙනස් වන එකම දෙය අම්මාගේ ආදරය සහ "වෙනස්වීම " පමණයි...:yes::yes::yes:

    මගේ වෙනත් Threads...

    GF නිසා ජීවිතය නතර කරගත් අයට විශේෂයි....
     
    Last edited:

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    හ්ම්ම්.. පිස්සු ලෝකයක්. :dull: රැල්ලට ගියොත් දියඹෙ තමා නවතින්නෙ. හොඳ පෝස්ට් එකක් :cool:
    9+ ~♥~
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    Great Post..!:yes:

    සමාජය ඉදිරියේ ප්‍රදර්ශන මානව හිතවාදියෙකු නොවී...තමන්ගේ හෘදසාක්ෂියට අනුව ජීවත් වීමට ඔබටත් මටත් නුවණ පහළ වේවා....
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    කාලෙකට පස්සේ දැක්ක හොදම පොස්ට් එකක් ! සමාජයේ සැබෑ පැතිකඩ පෙන්නුම් කරන !
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    සමාජය ඉදිරියේ ප්‍රදර්ශන මානව හිතවාදියෙකු නොවී...තමන්ගේ හෘදසාක්ෂියට අනුව ජීවත් වීමට ඔබටත් මටත් නුවණ පහළ වේවා.... :) :) :)

    දිව අග තිබ්බ දේ අමුවෙන්ම කියල තියෙනවා .. good thread.. !
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    ralla

    ♥-Aurora-♥;19130346 said:
    හ්ම්ම්.. පිස්සු ලෝකයක්. :dull: රැල්ලට ගියොත් දියඹෙ තමා නවතින්නෙ. හොඳ පෝස්ට් එකක් :cool:
    9+ ~♥~
    Rallata ena adahas tamai jivitha jivath karavanneth vinaasha karavanneth...
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    Great Post..!:yes:

    සමාජය ඉදිරියේ ප්‍රදර්ශන මානව හිතවාදියෙකු නොවී...තමන්ගේ හෘදසාක්ෂියට අනුව ජීවත් වීමට ඔබටත් මටත් නුවණ පහළ වේවා....

    :):):)
     

    AnuradhaRa

    Well-known member
  • වර්තමාන සමාජයේ ඇතිවන සමහර ව්‍යසනයන් මත පදනම්ව හොඳ මිනිසුන් යැයි සමාජයට පෙන්වීමට උත්සාහ දරන බොහෝ අය ව්‍යාජ මිනිසුන් බව....

    එකෙන්ම සහෝදරය... :yes:
    රෙප් 7+
     

    AnuradhaRa

    Well-known member
  • මිනිස්සුන්ට උදව් කරන්ඩ ආසයි...
    ඒත් ඒ මිනිස්සුන්ගෙම තියෙන කුහකම් කපටි කෛරාටිකකම් දකිනකොට, ඇයි මම උදව් කරන්නෙ කියල හිතෙනව..
    ඒ වගේම කිසි ගුණයක් නැති මිනිස්සුත් හරියට ඉන්නව..
     
    Last edited:

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    ow

    සමාජය ඉදිරියේ ප්‍රදර්ශන මානව හිතවාදියෙකු නොවී...තමන්ගේ හෘදසාක්ෂියට අනුව ජීවත් වීමට ඔබටත් මටත් නුවණ පහළ වේවා.... :) :) :)

    දිව අග තිබ්බ දේ අමුවෙන්ම කියල තියෙනවා .. good thread.. !

    :):)
     

    Similar threads