සේයා crime එකට අහු උනු පොඩි කොල්ලා

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,499
    3,077
    113
    පහල තියෙන්නේ fb එකේ තිබුණු හෑල්ලක්. ඒත් උබලා දැනන් හිටියද, සේයාගේ කේස් එකට අහු උන පොඩි කොල්ලා මාට්ටු කරලා තියෙන්නේ දොස්තරයෙක් කියලා? පොඩ් එකා දොස්තර ගාවට ගිහින් ්‍ියෙන්නේ ජුන්ඩගේ රෑෂ් එකක් පෙන්නන්න, ඒක නිසා මූ පොලිසියට කියලා තියෙනවා පොඩ් එකා රේප් කරන්න ඇති කියලා…

    බලහන් කාලකණ්ණින්ගේ තරම 😢

    ———-/—————————————-

    අපරාධ සහ මාධ්‍ය - 2

    සේයා දැරියගේ ඝාතණය ගැන මා පළ කල පෝස්ටුව දුටු මගේ මාධ්‍යවේදි මිත්‍රයෙක් එය අනුමත කරමින් මා වෙත දීර්ඝ සටහනක් එවා ඇත. ඔහු සේයා ඝාතණ සිද්ධිය මාධ්‍ය ආවරණයට ඍජුවම සම්බන්ධ වූ අයෙකි. ඔහු එම සටහන උපුටාගෙන ඇත්තේ ඔහු ඉදිරියේදී පළ කිරීමට නියමිත කෘතියකින් බැවින් එය මෙහි නොකරමි.

    කෙසේ නමුත් ඔහුගේ සටහන අනුව මා ලියූ පෝස්ටුවේ කරුණු තහවුරු වේ. ඇත්ත වශයෙන් මේ සේයා ගේ මරණය සම්බන්ධයෙන් අපේ රටේ මාධ්‍ය ක්‍රියා කළ ආකාරය සහ ඒ මඟින් ජනතාවට සිදු වූ බලපෑම විශ්ව විද්‍යාලවල ජනමාධ්‍ය පාඨමාලාවන් සඳහා හොඳ ප්‍රත්‍යෙක අධ්‍යයනයකි (case study).

    මුලින්ම මේ ඝාතණය ගැන ඇඟිල්ල දිගු වුනේ සේයාගේ දෙමාපියන්ටය. මාධ්‍ය මඟින් එලෙස ඇඟවෙන පරිදි සිදු වීම් ජවනිකාරණය කරන ලදී. එය කොතරම් "සහකම්පනයක්" රට පුරා ජනතාව අතර ඇති කළේද යත් අනුරාධපුර සේයා ඝාතණයේ සැක කරුවන් අල්ලන ලෙස බලපෑම් කරමින් පෙළපාලි සංවිධානය විය. ගාල්ල වැනි ප්‍රදේශවල සිට මිනිස්සු බස් රථ කුලියට ගෙන සේයා ගේ අවමඟුල් උත්සවයට සභභාහී වූහ. අවසානයේ පොලිසියේ ප්‍රයත්නය නොවන්නට සේයාගේ දෙමාපියන්ගේ ගෙවල් ගිනි බත් වන අතර ඔවුනගේ ජීවිත පවා හානි වීමට ඉඩ තිබිණි. සිය දියණිය ගේ භූමදානය සඳහා ඔවුනට සභභාගී වීමට පවා නොහැකි වූයේ එතරම් ජනතාව කුපිත වී සිටි නිසාය.

    කෙසේ නමුත් මේ දෙමාපියන් මේ සිද්ධියට සම්බන්ධයක් ඇති බවට පොලිසියට සාක්ෂි නොමැති වූ අතර මාධ්‍ය මඟින් කරන ලද ජවනිකා වලට නොරැවටී ඔවුනගේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් පොලිසියට ස්තුති වන්ත විය යුතුය.

    මේ අතර මේ ප්‍රදේශයේ වයස අවුරුදු 17ක සිසුවකු ප්‍රදේශයේ වෛද්‍ය ප්‍රතිකාර ස්ථානයකට පැමිණෙන්නේ තම ලිංග ප්‍රදේශයේ ඇති ව ඇති තුවාල කිහිපයකට ප්‍රතිකාර ලබා ගැනීමටයි. නමුත් සේයා සිද්ධිය ගැන මාධ්‍ය වෙත ඇති කර තිබූ අනවශ්‍ය අතිශයෝක්තිය (hype) කොතෙක්ද යත් එම වෛද්‍යවරයා එම සිසුවා සේයා ඝාතණයට සම්බන්ධ යැයි ක්ෂණිකවම සැක සිතයි. ඒ අනුව ඒ අවස්ථාවේම පොලිසිය කැඳ වූ ඔහු සිසුවා සහ ඔහු සමඟ ගිය තවත් අයෙකු පොලිසියට භාර දෙයි. මේ සිද්ධියට වහාම මාධ්‍ය ආවරණය ලැබෙන අතර සිසුවාගේ පරිගණකයේ තිබූ අසභ්‍ය විඩියෝ , සිසුවා සේයා ඝාතණයට ඇති සම්බන්ධයක් ලෙස මාධ්‍ය මඟින් දැක් විණි. සිසුවාගේ තොරතුරු ප්‍රසිද්ධ වීම නිසා ඔවුනගේ පවුලට ගමේ විසීමට නොහැකි විය.

    සිද්ධිය ගැන තිබූ අනවශ්‍ය මාධ්‍ය ආවරණය නිසා පොලිසියට අනවශ්‍ය පීඩනයක් එල්ල විය. ප්‍රදේශය භාර පොලිස් ස්ථානාධිපතිවරයාට වහාම වෙනත් ප්‍රදේශයකට මාරු කර හරින ලදී. ඉන් පසු මේ පීඩනය නිසාම පොලිසිය විසින් ප්‍රදේශයේ කොණ්ඩයා නම් පුද්ගලයකු අත් අඩංගුවට ගන්නා ලදී. මාධ්‍ය මඟින් ඊළඟට කොණ්ඩයා වැරදිකරු කරන ලදී.

    කෙසේ නමුත් සේයා ඝාතණයට සම්බන්ධ බවට පසුව ඔප්පු වූයේ වෙනත් අයෙකි. ඒ වන විට සිද්ධියට සම්බන්ධ මාධ්‍ය සහ සමාජ අවධානය නැති වී ගොස් තිබිණි.

    සේයාගේ ඝාතණයට සමාජයේ ඇති වූ සහකම්පනය ඇගේ පියා කෙරෙහි ඇති වී නැත. පුද්ගලික ආයතනයක ඉංගිරිසි කථිකාචාර්යවරයකු ලෙස සේවය කරමින් සිටි සේයා ගේ පියාට රැකියාව අහිමි වූ අතර ඔහු අද ජීවත් වන්නේ කුලී වැඩ කරමිනි.
     
    • Sad
    Reactions: NaOH