ගත්තේ facebook 1කෙන්....
තීරණය ඔබේ...
https://www.facebook.com/indranathathenuwara/posts/870245756416986?pnref=story
මරණ දඬුවම් දිය යුත්තේ කාටද...??
සේයා දියණිය තිරශ්චීන ලෙසින් මරා දැමූ පුවත අසා බෙහෙවින් කම්පා වීමි. කිසිවක් ලියන්නට සූදානම් වුව ද ඊට මනස එකලස් කර ගත නොහැකි තරමින් ඒ වේදනාව අතිශයින් දරුණු වූයේ මගේ දියණිය ද ඔය වයස පසුකරමින් අද මහා දුරක් ආ වග සිහිපත් වීමෙනි.
ඊටත් පසු තවත් බොහෝ අය ඒ මහ පොළොව නුහුලන අපරාධය කළ පාපතර තිරිසනා මරා දමනා ලෙසින් අවි අමෝරාගෙන අකුරු කරනු දුටුවෙමි..!!
කවදාකවත් නොදුටු, කාගේ කවුදැයි නොදන්නා වුව ද, ඒ කිරි සප්පයාට අවසන් ගෞරව දක්වන්නට රටේ හතර දිග්බාගයෙන් ම පැමිණි ජනී ජනයා සිය වේදනාව ද, කෝපය ද, වෛරය ද මුදා හැර ඇතැයි ඇසුවෙමි.
මේ මෙවන් කිරි සප්පයන් පැහැරගෙන ගිය පළමු අවස්ථාව ද, අවසන් අවස්ථාව ද නොවේ...
ඒ හැම විටෙක ම දස දහස් ගනන් ජනයා සිය හඬ අවදි කළ අයුරු ද, ඉතා ඉක්මණින් ඒ සියල්ල අමතක කර දමනු ද දුටුවෙමි...
මීට හාත්පසින් ම වෙනස් මොකක් හෝ සිද්ධියක් සිදු වූ වහා ම, මේ දියණය හැර දමා, අලුත් ගොදුර ඩැහැ ගන්නට මාන බලන සහ එයින් තම තමන්ගේ පුරප්පට්ටුව වයා ගන්නට කැස කවන සුවහසක් පුබ්බඩයින් ගැන මනසින් දකිමි...
මගේ දුව ද, පුතා ද මේ කිරි වයස පසු කළේ ය...උන්ට ගේ දොර ද, නිසි රැකවරණ ද තිබුණු බව ඇත්ත ය..
අපි දු ඔය කිරි වයස පසු කළෙමු. ඒ අම්පාරේ මහ හද්දා මූකලානක් අද්දර ය... ග්‍රිල් ගැසූ ජනෙල තබා, වැසිය හැකි දොරක් පවා තබා, නිවෙසේ උස බිත්ති ද නැති පොල් අතු මඩුවක අප මී පැටවුන් මෙන් ආරක්ෂා වූයේ ලොකු හිල් තිබුණු මදුරු දැලකින් පමණි. සේයා දියණිය මරා කෑ අධමයින් නොසිටි එකල, වන සතුන්ගෙන් පවා අප ආරක්ෂා වූයේ අපේ තාත්තා අප ගැන නිරන්තරයෙන් සොයා බැලූ නිසා ය...!!
මගේ දුවණිය ද, පුතණ්ඩියා ද පුංචි සන්දියේ පමණක් නොව උන් උස් මහත් වූ අද දවසේ පවා මම, ගෙදර යන මොනයම් මොහොතක හෝ උන්ගේ කාමරවලට එබී බලා උන් සුරැකි ව සිටිනා වග පසක් කර ගන්නෙමි. ගෙයින් පිට ව යන අවස්ථාවක පවා උන් නිදිනම් පිටවන්නට පෙර කාමරවලට එබී බලා සුවඳ ආඝ්‍රාණය කර ගනිමි.
උන් දෙන්නා ඉතා කුඩා සන්දියේ දී, මා නිදා ගන්නට පෙර උන් හුස්ම ගන්නවාදැයි සෙවිල්ලෙන් බලා සිටීමේ පුරුද්දක් මට තිබුණේ ය...!! සාලයේ හිටි තැන ම නිදා වැටුණු විට ඔසවා ගෙන ගොස් ඇඳේ තබා එන්නේ දොර රෙද්ද පවා මෑත් කර උන් පෙනෙන ආකාරයට සකස් කිරීමෙන් පසු ව ය... අදටත්, ඇඳටත් වඩා දිග දීග ජන්තුවා නිදා ගන්නා කාමරයේ හෝ, දීග තලා ගිය දෝණියන්දෑ නිදා ගන්නා කාමරයේ හෝ අපේ නිවෙසේ කිසිදු කාමරයක් රාත්‍රී කාලයේ දී අගුලු දමා වසන්නේ නැත....
මේ සේයා කිරි සප්පයා නිදා ගත් පසු ව, ඈ නිදි කරවූවායැයි කියන ඇගේ අම්මා පවා නින්දට යන අවස්ථාවේ වත් ඈ ගැන සොයා බලා නැත...
කොටින් ම ඈ නිදන්නට යන අවස්ථාවේවත් සිය දියණිය කාමරයේ සිටියාදැයි ඈ නිකමටවත් සොයා බලා නැත...!!
තමන් නිදාගත් කාමරයේ ම නිදා සිටි කිරි කැටියා පැහැරගෙන ගිය අධමයා, ඇගේ ඇඳුම් ගලවා මෙට්ටය යට සඟවා යන තෙක් ඒ අම්මා ට මීක් සද්දයක්වත් ඇසුනේ නැත්තේ ඈ මර නින්දේ සිටි නිසා ම විය යුතු ය...!!
මහ රෑ සිය රාජකාරි අවසන් කර පැමිණි පියා පවා, තමන්නේ කිරි සප්පයා කොහිදැයි නිකමටවත් සොයා බලා නැත..
එනිසා
මරණ දඬුවම දිය යුත්තේ මෙවන් අමන අම්මලා තාත්තලාට ය...!!
එය ෂරියා නීතියෙන් වුව ද කම් නැත...!!