අද අපේ කතාව තුරු ලතා බලකොටුවක සැගවුණු ලස්සන දිය ඇල්ලක් ගැන එය නමින් සේර ඇල්ලයී..
මේ ඇල්ල අනෙක් දිය ඇලි වලට සාපේක්ෂව සුවිශේෂි වන්නේ මේ දිය ඇල්ලට පිටුපසින් ගල් ගුහාවක් පැවතීම හේතුවෙනී...
ඒ ගුහාවේ එක පැත්තක් කළු ගලින් සැදිලා තිබෙන අතර අනෙක් පැත්ත කඩා හැලෙන දිය තලයෙන් ආවරණය වෙලා තියෙනවා...
සේර ඇල්ලට මේ නම ලැබිලා තියෙන්නේ මෙහෙමයි... අත්ලට සේරඇට අහුරක්ගෙන අතේ ඇගිලි දිගහැර සුලගිල්ල පැත්ත ඇලකල විට එක සීරුවට වැටෙන සේර ඇට මෙන් මෙම ඇල්ලද කඩාවැම හේතුවෙන් මෙයට සේර ඇල්ල යන නම ලැබී තිබෙනවා...
අඩි 70කට ආසන්න පළලකින් යුතු සේර ඇල්ල, අඩි 30ක් විතර උසයි..ඇත්තටම මානසික සුවය විදින්න යන්න කියාපූ ස්ථානය කිව්වොත් නිවැරදියි.
මෙම ගුහාව තුලට ගියවිට දියඇල්ලේ පිටුපස සිට දියඇල්ලක් නැරබීමේ අපුරු අත්දැකීම ලබා ගන්න ඔයාලට පුලුවන්..
හැබැයි වියලි කාලයේ මෙහි මෙම සුන්දරත්වය සම්පුර්ණයෙන් අත්විදිය නොහැකි වන අතර වැසි කාලයට හරී අපූරුවට මේ ඇල්ල බැබළෙනවා...
තොල්ගමු ඔයෙන් සේරඇල්ල නිර්මාණය වන අතර මේ ඇල්ල අබන් ගගට ගලාබසී, අබන් ගග මහවැලි ගගට ගලා බසී....
මේ අපූර්වත්වය නැරඹීමට.. ගුහාව පිටුපස සිට දිය ඇල්ල අල්ලන්නට ඔබත් මෙහි යන්න... පරිස්සමින් ගිහින් එන්න.. පරිසරය විනාශ නොකර...
මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න
Original Article Click Here