සැගවුණු ලෙන සහිත - පීස්ස ඇල්ල 🍀🌳🏊🏻‍♂️ (Peessa Ella)

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    සැගවුණු ලෙන සහිත - පීස්ස ඇල්ල 🍀🌳🏊🏻‍♂️ (Peessa Ella) - Your Choice Way
    අද අපේ කතාව බදුල්ල දිස්ත්‍රික්කයේ තියෙන තවත් ලස්සන දිය ඇල්ලක් ගැන.එය නමින් පීස්ස ඇල්ලයී.

    දිය ඇල්ලක වටිනාකම රදා පවතින්නේ එහි කඩා හැලෙන ජල ප්‍රවාහය මත පමනක්ම නොවේ.. දිය ඇල්ල අවට සොබා සෞන්දර්යය සහිත අවට ගස් වැල් සතා සිව්පාවා පවා දිය ඇල්ලට වටිනාකමක් එක් කරනවා.

    පීස්ස ගමේ තමා මේ පීස්ස ඇල්ල තියෙන්නේ... මේ ගම කිරි ගම්මානයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති මුත් පීස්ස ගම්මානයේ තේ හා රබර් වගාවන් බහුලව දැකිය හැක.

    තේ හා රබර් වතු මැදින් වැටී ඇති සුන්දර මාර්ගයක තමා මේ ඇල්ලට පාර හදන්නේ... මේ පාරේ ගමන් කරද්දි පසෙකින් දර්ශනීය ලුණුගල කදු පන්තියත් දකින්ම පුලුවන් වෙනවා.

    මේ දිය ඇල්ල පටන් ගන්නේ මෙහෙමයි..මඩොල්සිම ප්‍රදේශයෙන් ආරම්භ වන කුරුක්කන් ඔය හරහා... ලුණුගල කඳු වැටියේ උස බෑවුමකින් ජල කද පහලට ඇද වැටීමෙන් මෙම සුන්දර ඇල්ල නිර්මාණය වෙනවා... මීටර් 45ක් පමණ මේ දිය ඇල්ල උසයි.

    මේ ඇල්ල සම්බන්ධයෙන් ජනප්‍රවාදයක් තියෙනවා ඒ තමයී.මෙහි ගියොත් ඔයාලට දැකගන්න පුලුවන් මේ දිය ඇල්ලේ ජල ප්‍රවාහයට පිටුපසින් ගල් කුලෙහි ගල් ලෙනක් පිහිටි බව.

    ඔයාලා දන්නවාද ඓතිහාසිකව වැදගත් ස්‌ථානයක්‌ ලෙස සැළකෙන මෙම ස්ථානය පෙර පණ්‌ඩුකාභය රජ දවසට නෑකම් කියනු ලබන බව සදහන්.


    ගබ්බරු කන්දේ ගලෙක කෙටූ අක්‍ෂර මාලාවකිනි මේ ලෙන් ගැන මුලින් තොරතුරු වාර්තා වෙලා තියෙනවා.

    මේ ලෙනට පිවිසීමේ භාග්‍ය ලද පළමුවැන්නා වන්නේ පණ්ඩුකාභය රජතුමන් බව ද සදහන් වෙනවා.

    ඌව විහාර වංශය පිරික්සීමෙන් මේ පිළිබද වැඩිදුර තොරතුරු ඔයාලට හොයාගන්න පුලුවන්.

    පීස්ස ඇල්ල මුල් කාලයේදී මොරහෙල ඇල්ල කියලත් හදුන්වලා තියෙනවා.විශාල ගල් කුට්ටි භාවිතා කරලා ගුහාවට යන මාර්ගය සකසලා ඇත්තේ ඒ කලේ විසූ යෝධයන් බවත් කියවෙනවා.

    ගල් ගුහාව වෙත පිවිසීම තරමක් දුශ්කර කටයුත්තක් වන අතර ලිස්සනසුලු ගල් මත ගමන් කිරිමේදී ප්‍රවේශම් වෙන්න හොදේ

    ඇල්ලට යන්නේ මෙහමයි...මෙම දිය ඇල්ලට ළඟා වීමට බදුල්ල – බිබිල ප්‍රධාන මාර්ගයේ ගමන් කළ යුතුය. සමීපතම නගර වන්නේ පස්සර සහ ලුණුගල ය. පස්සර නගරය පසු කිරීමෙන් පසු බිබිල දෙසට කිලෝමීටර් 10 ක් පමණ ගමන් කළ යුතු අතර දකුණු පෙදෙසෙහි පීස්ස ඇල්ලෙහි නාම පුවරුවක් දැකිය හැකිය.

    මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න

    Original Article Click Here