සොඳුරිය මට නොකියාම ගියා..!

mash malinga

Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    සොඳුරිය මට නොකියාම ගියා..!

    [FONT=&quot]


    දවසක් සංගීත් නිපුන් සනත් නන්දසිරි මහත්මයව හම්බවෙන්න තරුණයෙක් එනව. දන්න විදියට දුම්රිය පළක [/FONT]
    [FONT=&quot]ස්ථානාධිපති කෙනෙක්. මේ කෙනා ගීයක පද පේළි[/FONT][FONT=&quot]යක් ලියුව කඩදාසියක් සනත් නන්දසිරි මහත්මයාට දීලා [/FONT][FONT=&quot]කියල තියෙනව "මහත්තයෝ මේ මම ලියන අන්තිම සින්දුව.මම අයෙත් සින්දු ලියන්නෙ නැහැ. පුලුවන් කමක්[/FONT]
    [FONT=&quot]තියෙනවානම් ඕක කියන්න" ය කියල... සනත් නන්දසිරි හොඳින් පැදි පේලිය කියවල අහනවා "ඇයි මේ වගෙ[/FONT]
    [FONT=&quot]දෙයක් ලියන්න හේතුව" කියල.
    [/FONT]

    [FONT=&quot]පිලිතුර වෙන්නෙ "ඕක මගෙ ඇත්ත අත්දැකීම" යන්න පමණයි...[/FONT]
    [FONT=&quot]මේ තරුණයා දහසක් බලාපොරොත්තු තියාගෙන තම පෙම්වතියට අසීමිත ලෙස ආදරය කරපු පෙම්වතෙක්. ජීවිතෙ මොන ප්‍රශ්න ආවත් තම ආදරය හැර නොයන්න මේ දෙදෙනා ගිවිස ගන්න ඇති. ඒත් මාපිය පාර්ශවයෙන් මේ [/FONT][FONT=&quot]දෙන්නට කිසිම බුරුලක් හමබවෙන්නෙ නැහැ. දෙමව්පියන්ගේ බලපෑම නිසාම මේ තරුණියට සම්බන්ධය නවත්තන්න [/FONT][FONT=&quot]වෙනවා...[/FONT]
    [FONT=&quot]ප්‍රේමයේ නාමයෙන් සිදුවුනු පොරොන්දු තමා අතින්ම කඩ කෙරෙනකොට ඒ වරද තවත් ඉවසා දරාසිටින්න ඇයට[/FONT]
    [FONT=&quot]බැහැ. අපේක්ෂා භන්ගත්වය උපරිමයි. අවසන් ප්‍රතිපලය වෙන්නෙ තමාට තවදුරටත් පොලෝ තලයෙ ජීවත් වෙන්න [/FONT][FONT=&quot]ඇති අයිතිය තමන් විසින්ම උදුරා ගැනීම....ඔව් තරුණිය සියදිවි නසා ගන්නවා..![/FONT]
    [FONT=&quot]මේ පෙම්වතා මේ කිසි දෙයක් දන්නෙ නැහැ. ඇත්තම කිව්වොත් ඔහුත් ඇයගේ ගෙදර හා සම්බන්දයක් තිබිලා[/FONT]
    [FONT=&quot]නැහැ. ඒත් හදිස්සියේම තරුණියගෙ පියා මොහුට වහාම එන්න කියලා පණිවිඩයක් එවනවා. මොහු ඒ වෙලාවෙ[/FONT]
    [FONT=&quot]අතිශය ප්‍රීති ප්‍රමෝදයට පත් වෙනෙවා.මොකද කියනවා නම් ඔහු හිතාගෙන ඉන්නේ මේ කතාකරන්නේ කාලයක්[/FONT]
    [FONT=&quot]තිබ්බ විරෝදකම් අහවරක් කරලා කැමැත්ත දෙන්න තමයි කියල. ඒත් ගේ ඉස්සරහ සුදු කොඩි..! තරුණයාට මතක්[/FONT]
    [FONT=&quot]වෙනෙවා පෙම්වතියගෙ ආච්චි ගොඩක්ම වයසයි කියල. ඔහු ගෙට ගොඩ වෙන්නෙ තම පෙම්වතියගෙ මියගිය[/FONT]
    [FONT=&quot]ඤාතියාට ගෞරව කරන්න...[/FONT]
    [FONT=&quot]ඒත් ඔහුගේ ජීවිතය හා බැඳිච්ච දෛවය ඔහුට කොච්චර අකාරුණිකද කියනව නම් ඔහුට අවසන් ගෞරව දක්වන්න[/FONT]
    [FONT=&quot]වෙන්නෙ තාමගෙම ආදරණීය පෙම්වතියට.ඒ වෙලාවෙ ඔහුගෙ සිතට ඇතුළුවන හැඟීම් සමුදාය තමයි මේ විදියට[/FONT]
    [FONT=&quot]ගීතවත් වෙන්නෙ...[/FONT]



    [FONT=&quot]එදා මෙදාතුර කඳුලට විවරවූ[/FONT]
    [FONT=&quot]දෑස් පියන්පත් කවුළු වසා[/FONT]
    [FONT=&quot]ළයේ ගලා ගිය සෙනේහයේ සුව[/FONT]
    [FONT=&quot]සිනා පෙරූ රත් දෙතොල පියා...[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මිලාන වී ගිය රෝස කුසුම් පෙති[/FONT]
    [FONT=&quot]කම්මුල් සුදු මැලි පාට පොවා[/FONT]
    [FONT=&quot]දෑත ළයේ බැඳ අවසන් ගමනට[/FONT]
    [FONT=&quot]සොඳුරිය මට නොකියාම ගියා...[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]දැස් කවුළු පත් පලා කඳුළු කැට[/FONT]
    [FONT=&quot]වැහෙද්දී මගේ දෑස් අගින්[/FONT]
    [FONT=&quot]කාත් කවුරුවත් වෙතත් හිතයි මට[/FONT]
    [FONT=&quot]පාත් වෙන්න ඔය මුවට උඩින්...[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඈත්ව යන්නට සමුගෙන කවුරුත්[/FONT]
    [FONT=&quot]ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්[/FONT]
    [FONT=&quot]මාත් මගෙ හිතටත් ඔබ සුවඳයි[/FONT]
    [FONT=&quot]ඈත්නොවේමැයි ඒ සුවඳින්...[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඊයේ ඉපදී අද මිය යන්නට[/FONT]
    [FONT=&quot]පෙරුම් පුරාගෙන උපන් ළයේ..[/FONT]
    [FONT=&quot]හීයේ වේගෙන් අහස උසට බැදි[/FONT]
    [FONT=&quot]ආදර ලොකය හෙටත් තියේ....[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නෙත..[/FONT]
    [FONT=&quot]ඇයි මේ ලොව මා තනිව ගියේ...[/FONT]
    [FONT=&quot]ආයේ දවසක එක හිත් ඇත්තන්..[/FONT]
    [FONT=&quot]වී අපි ඉපදෙමු එකට ප්‍රියේ[/FONT]




    [FONT=&quot]
    [/FONT]

     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පට්ටා
    11.gif