සොබාදහමේ විස්මිත අසිරිය අත්විඳීමට 'රිවස්

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    සොබාදහමේ විස්මිත අසිරිය අත්විඳීමට 'රිවස්

    ශ්‍රී ලංකාව සොබාදහමේ පාරා‍දීසයක් හැටියට ලොව පුරා ප්‍රසිද්ධවන්නට බලපාන හේතු රැසක් තිබෙනවා. ඒ අතරින් කඳුකර මිශ්‍ර දේශගුණික කලාප සහිත නකල්ස් කඳුවැටියට හිමිවන්නේ ප්‍රධාන තැනක්. මිට මෙලවූ අතක ඇඟිලි මෙන් එක් පෙළට විහිදීම නිසා ඉංග්‍රීසින් විසින් නකල්ස් (Knuckles) යනුවෙන් හඳුන්වනු ලැබූ මෙම වන පාරාදීසය කඳු මුදුන්, නිම්න සහ ජල මූලාශ්‍ර රැසකින් පොහොසත්. ඒ ප්‍රදේශය අවට සුවිසල් වන ගහනයක් පැතිර ඇති අතර එම වනාන්තර කඳුකර, තෙත් උප කඳුකර , කුරු, අතරමැදි, වියළි මිශ්‍ර ආදී ප්‍රභේද කිහිපයකට අයත්. අප රටේ එකම පරිසර පද්ධතියක් තුළ මෙලෙස වනාන්තර වර්ග කිහිපයක් දැකගත හැකි එකම ප්‍රදේශය වන්නේත් මෙම නකල්ස් කඳු පියසයි. රිවස්ටන් යනු නකල්ස් කඳුවැටි ආශ්‍රිත සංචාරක පාරාදීසයක්. සොබාදහමේ අසිරිය සිත්සේ විඳගැනීමට කැමති දෙස් විදෙස් සංචාරකයන් නිතර මේ රිවස්ටන් ප්‍රදේශයට පැමිණෙනවා. අතීතයේ 'බටඅඬුකන්ද' නමින් හැඳින්වුණු මෙහි ඇති සුළං කපොල්ල සොබාදහමේ විස්මිත නිමැවුමක්.
    rivastan.jpg
    මාතලේ රත්තොට සිට කිලෝ මීටර් 15 ක් දුර ගෙවා මෙම රිවස්ටන් කඳු මුදුනට ළංවිය හැකියි. ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතට, මාතලේ දිස්ත්‍රික්කයට හා ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මෙම සොබාදම් පාරාදීසය වෙත ලග්ගල, ඌරුගල ඔස්සේ‍ද පැමිණීමට පුළුවන්.
    රිවස්ටන් වෙත පැමිණීමෙන් අතීත ගැමියන් 'දුම්බර මිටියාවත' යනුවෙන් හැඳින් වූ ප්‍රදේශයේ සුන්දර ගම්මාන රාශියක් ඔබේ නෙත ගැටෙනු ඇති. ඵෙතිහාසික වශයෙන් ද ප්‍රසිද්ධියක් උසුලන 'ඇටන්වල වෙල්යාය' මුල් කොට ගත් ගම්මානය ඉන් ප්‍රධානයි. පැහැදිළි අහසකින් යුත් හෝරාවක නෙතු මානයේ බොහෝ දුරක් පැහැදිළිව දිස්‍වන මෙහි සිට සන්ධ්‍යාවේ හිරු බැස යන දර්ශනය සිත් සේ දැක බලා ගත හැකියි.

    ශ්‍රී ලංකාවේ වන පද්ධතීන් අතරින් මෙම ප්‍රදේශයට පමණක් ආවේණික 'මාංශභක්ෂක ශාක' වන කඳුලැස්ස, නිල්මොනරැස්ස, වටැස්ස ආදී ශාක ඇතුළු ශ්‍රී ලංකාවේ විවිධ දේශගුණ කලාප වලට අයත් ශාක වර්ග රැසක් මෙහිදී දැක ගත හැකියි. එමෙන්ම අතිශය දුලබ සමනල සහ උරග විශේෂ රැසක් ද ඔබට මෙහිදී නිරීක්ෂණය කළ හැකියි.

    rivastana.jpg
    රිවස්ටන් සිට කිලෝමීටර් 07 ක් පමණ දුර ගෙවීමෙන් ඔබට සොබාදහමේ අතිශය චමත්කාරජනක ඉසව්වක් වන බිම් ශාක වලට පමණක් සිමා වූ පිටවල පතන දැක ගත හැකි අතර ඉන් මීටර් 700 ක් පමණ ගිය විට 'පුංචිලෝකාන්තය' නම් සොබාදහමේ විස්මය ජනක ඉසව්වටත් ළඟාවීමට ඔබට පුළුවන්.
    මෙම නකල්ස් ඉසව්ව වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රක්ෂිතයක් වන අතර මෙම චාරිකාවේ දී ඔබට අවශ්‍ය නම් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශකයෙකුගේ සහය ලබා ගැනීමටත් පුළුවන්. එමෙන්ම මෙම සොබාදම් පාරාදීසයේ දිනකට වැඩි කාලයක් රැඳී සිටින ඔබට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් 'සයනාගාරයක (Dormitory)' රැයක් දෙකක් ගත කළ හැකියි. ඊට අමතරව දෙස් විදෙස් සංචාරකයන් සඳහා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ 'පරිසර කුටි (eco lodge)' මෙහි ඉදිකොට තිබෙ නවා. නමුත් මේවා කල් ඇතිව බත්තරමුල්ල රජමල්වත්තේ පිහිටි වනසංරක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයෙන් කල් ඇතිව වෙන්කර ගත යුතුයි.
    rivastanb.jpg
    එළඹෙන ජූනි සිට සැප්තැම්බර් දක්වා කාලය රිවස්ටන් සංචාරයක් සඳහා අතිශයින් යෝග්‍ය වන්නේ එම කාලයට වසර පුරා පැතිරගත් වර්ෂාවේ යම් අඩුවක් දැකගත හැකි නිසයි. එමෙන්ම මේ සඳහා හිමිදිරි යාමය වඩාත් යෝග්‍ය වන්නේ බොහෝ විට පස්වරුව එළැඹීමෙන් පසු මෙම ප්‍රදේශය මිහිදුමින් බරව යන නිසයි. අපේ පැරණි ගැමියන් මෙම ප්‍රදේශය දුම්බර නමින් හඳුන්වා ඇත්තේ ද මේ පරිසරය එලෙස මිහිදුමින් බරවීම නිසා බව ඔබට වැටහෙනු ඇති.
    rivastanc.jpg
    මෙහිදී විශේෂයෙන් සිත තබා ගත යුතු කරුණු දෙකක් තිබෙනවා.

    ඉන් පළමු වැන්න මෙම පරිසර පද්ධතිය හරහා ගලා බසිනා තෙල්ගමු ඔය සහ කළු ගඟ ආදී එහි ශාකාවන්ගෙන් දිය නෑමේ දී අතිශයින් ප්‍රවේශම් විය යුතු බවයි. දිය නෑමේ දී සේම ඔය ඉවුරේ රැඳී සිටීමේ දීත් වඩාත් ප්‍රවේශම් විය යුත්තේ හිටි හැටියේ දුම්බර කඳු මුදුන්වලට ඇද හැලෙන වර්ෂාවෙන් එහි ජල පහර එක්වරම ඉහළ නැංවෙන නිසයි. පසුගිය දිනවල මෙම තෙල්ගමු ඔය ආශ්‍රිත දිය අනතුරු වලින් සිදුවූ මිනිස් ජීවිත හානි ද මෙම චාරිකාව අවසන් වන තුරු සිතේ කෙළවරක හෝ තබා ගැනීම වැදගත්.

    rivastand.jpg
    එමෙන්ම මෙම සමස්ත පරිසර පද්ධතියම පොලිතින් ප්ලාස්ටික් ඇතුළු නොදිරන ද්‍රව්‍ය වලින් අත්මිදුණු කලාපයක් බව ඔබ තරයේම සිහිතබා ගත යුතු වෙනවා. ඒ වගේම මෙම චාරිකාවේ දී වන සතුන්ගෙන් පැමිණෙන උවදුරු ගැන බිය විය යුතු නැතත් මෙම ඉසව්වේ ගමන් කරන විට පරිසරය පිළිබඳව බෙහෙවින් සංවේදී විය යුත්තේ සර්පයන්, වැනි සතුන් මෙහි ඉද හිට හෝ සිටිය හැකි නිසයි. නමුත් මේ ගමනේ දී කූඩැල්ලන්ගෙන් ආරක්ෂා වීමටනම් ඔබ විශේෂ උපක්‍රම භාවිතා කළ යුතුම වන බව අනිවාර්යෙන්ම සඳහන් කළ යුතු වෙනවා.

    rivastane.jpg

    rivastanf.jpg

    rivastang.jpg


    සටහන සහ ඡායාරූප - වෛද්‍ය සුගත් විජේවර්ධන
    lakbima
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,614
    21,196
    113
    Panadura
    පට්ට ප්ලේස් එක බන් යන්නම ඕන තැනක් තමයි ඉතින්

    :yes: :D :D
    අම්මෝ ඒ උනාට කූඩැල්ලෝ විමානේ
    කොහොම උනත් මරු ගමන හැබැයි