සොයිසා_සල්ලංකළ SF ලොකු

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    සොයිසා_සල්ලංකළ SF ලොකු

    අපිත් මෙහේ... ඒ සෙල්ලං අපිට දාන්න එපා..


    page2.jpg


    අනුරාධපුර මුදිතා මාවතේ පිහිටි පැනොරාමා රාත්‍රි සමාජ ශාලාව සුදු පැහැති සැරසිලිවලින් වැසී ගොසින්ය. මුළු පළාතම දෙදරුම්කවමින් වෙනදා ඇසුණු සංගීත රාවය අද නැත. පැනොරාමා හෝටලයේ හිමිකරු වූ වසන්ත සොයිසාගේ ආදරණීය පුත්‍රයා වූ ගිසර සොයිසාගේ විලාප හඬ හද කකියවන සුළුය.

    අනේ මගේ තාත්තා මගේ දිහාමයි බලාගෙන ඉන්නෙ. ඇයි තාත්තෙ අපිව දාල ගියේ. මගේ රත්තරන් තාත්තා ආයේ දකින්න වෙන්නෙ නැහැ...

    ගිසර හඬා වැටෙයි. වසන්ත සොයිසාගේ ආදරණීය දියණිය මෙන්ම දයාබර බිරිඳ දරාගත නොහැකි වේදනාවෙන් බලා සිටියි. වාර්තා පිට වාර්තා තබමින් ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක්‌ ගෙන ආ මේ අසහාය මිනිසාට අවසන් බුහුමන් දැක්‌වීමට පැනොරාමා හෝටලය වෙත නන් දෙසින් වැල නොකැඩී ජනයා ඇදී ආහ.

    සිය කාය ශක්‌තියෙන් අනුරාධපුරය පමණක්‌ නොව මුළු රටම ආකර්ෂණය කරගත් ඒ අසහාය මිනිසා අද ජීවතුන් අතර නැත. ඔහුගේ නිසල දේහය පැනොරාමා හෝටලය මධ්‍යයේ වූ දෙනක්‌ මත උඩුකුරුව තබා තිබෙයි.

    සාමාන්‍ය මිනිසකුට කිරීමට තබා සිතීමටවත් නොහැකි ආකාරයේ වීරවික්‍රම ක්‍රියාවන්ගෙන් ඔහු තැබූ වාර්තා ඉතිහාස ගතවෙයි.

    ගිනස්‌ වාර්තා එකක්‌ දෙකක්‌ නොව දහයක්‌ම පිහිටුවමින් ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක්‌ ගෙන එන්නට හැකි වුණේ ඔහු තුළ තිබූ අසහාය කාය ශක්‌තිය නිසාමය.

    එහෙත් ඒ ශක්‌තිවන්ත මිනිසා සාහසිකයන් පිරිසක්‌ විසින් කෲර අන්දමින් කපා කොටා පහරදී ඝාතනය කළහ.

    අසාමාන්‍ය කාය ශක්‌තියකින් පිරිපුන් 57 හැවිරිදි මේ යකඩ මිනිසා බිහිකළ ගිනස්‌ වාර්තා බිඳ දැමීම සාමාන්‍ය මිනිසකුට කළ නොහැක.

    පැය 1 විනාඩි 15 ක්‌ තුළදී උළු කැට 525 ක්‌ තම සිරුරේ ගසා කඩා දැමීමෙන් ඔහු පළමු ගිනස්‌ වාර්තාව තැබුවේය. ඉන් පසුව නෝර්වීජියානු ජාතිකයකු වූ නාවිත් ලෙඩච් නමැත්තා බිහිකර තිබූ ගිනස්‌ වාර්තාව බිඳ දැමූ වසන්ත සොයිසා කොන්ක්‍රීට්‌ කුට්‌ටි 12 ක්‌ තම හිසෙන් ගසා එකවර බිඳ දමමින් නව ගිනස්‌ වාර්තාවක්‌ බිහි කළේය.

    ඉන් නොනැවතුණු ඔහු පොලු 29 ක්‌ තම සිරුරේ ගසා කඩා දමා තව ලෝක වාර්තාවක්‌ පිහිටුවේය. විනාඩියක්‌ වැනි සුළුÊකාලසීමාවකදී උළුකැට 104 ක්‌ ශරීරයේ ගසා කඩා දැමීම අයිස්‌ කුට්‌ටි 29 ක්‌ එක අත් පහරින් කඩා දමමින් තවත් වාර්තාවක්‌ බිහිකිරීමට වසන්ත සොයිසාට හැකි විය.

    ඩෑම් ෙµදර්ලන්ඩ් නමැත්තා විසින් ටොන් 4 ක්‌ බර කොන්ක්‍රීට්‌ කැට 29 ක්‌ කඩාදමා බිහිකළ වාර්තාව බිඳ දැමූ වසන්ත ටොන් 7 ක්‌ බර කොන්ක්‍රීට්‌ කැබලි 34 ක්‌ එක අත් පහරින් කඩා දමා නව ගිනස්‌ වාර්තාවක්‌ බිහි කළේය.

    ඇණ ගැසූ ලෑල්ලක්‌ මත වැතිර සිට තවත් ඇන ගැසූ ලෑල්ලක්‌ උදරය මත තබා කිලෝ 800 ක්‌ බර කොන්ක්‍රීට්‌ තට්‌ටුවක්‌ කඩා දැමීම වසන්ත සොයිසා බිහිකළ තවත් ගිනස්‌ වාර්තාවකි.

    කොන්ක්‍රීට්‌ කැබලි 49 ක්‌ හිසෙන් ගසා එකවර බිඳ දැමීම, ඇණ ගැසූ ලෑල්ලක්‌ මත වැතිර කළුගල් කියුබ් එකක්‌ උදරය මත තබා කඩා දැමීම ඔහුට අයත් වූ තවත් ගිනස්‌ වාර්තා දෙකකි.

    මෙවැනි හපන්කම් සාමාන්‍ය මිනිසකුට කළ නොහැක. ඒවා කළ හැක්‌කේ කිසියම් අද්භූත බලයක්‌ ඇති පුද්ගලයකුට යෑයි සිතීම වරදක්‌ නොවේ. එහෙත් මේ යකඩ, මිනිසා ඒ සියලු වීර ක්‍රියාවන් සිදු කළේය. ඒ වීර ක්‍රියාවන් කිරීමට යැමේදී ඔහු කිසිම අනතුරකට ලක්‌ නොවීම ද විශේෂත්වයකි.

    හෝමියෝපති වෛද්‍යවරයකු වූ ඇල්µඩ් සොයිසා වසන්තගේ පියාය. කලත්තෑවේ සොයිසා නම් වූ ඔහු ඉතිහාසගත වූ චරිතයකි. මිනී මැරුම් කීපයක්‌ සම්බන්ධයෙන් වැරදිකරුවකු වූ කලත්තෑවේ සොයිසා අවසානයේ එල්ලුම් ගස්‌ ගියේය.

    වසන්ත සොයිසා තම පිය උරුමයෙන් ලැබූ විශාල දේපළක හිමිකරුවකුව සිටියේය. කුඩා කල සිටම ඔහු කරාතේ ක්‍රීඩාවට ප්‍රිය කළේය. වසන්තගේ මුල්ම රැකියාව වුණේ ලංකා ගමනාගමන මණ්‌ඩලයේය.

    රැකියාව කරන අතරතුර ඔහු කරාතේ ක්‍රීඩාව ප්‍රගුණ කළේය. අනුරාධපුරයේ තරුණයන් සඳහා කරාතේ පන්ති කීපයක්‌ පැවැත්වීමටද වසන්තට හැකි විය. ඔහු අනුරාධපුරයේ ජනප්‍රිය චරිතයක්‌ බවට පත්වන්නේ එතැන් සිටය. සී.ටී.බී. රැකියාවට නැවතීමේ තිත තැබූ වසන්ත සොයිසා අවසානයේ කරාතේ පන්ති පැවැත්වීම සිය රැකියාව කරගත්තේය.

    `උතුරු මැද පළාතේ හිටපු මහ ඇමැති බර්ටි ප්‍රේමලාල් සමඟ සමීප මිතුදමක්‌ පවත්වාගෙන ගිය වසන්ත සොයිසා ඒ මිත්‍රත්වය හරහා බොහෝ දේ කර ගත්තේය.

    කලත්තෑවේ සොයිසාට අයත්ව තිබූ අනුරාධපුර නගරයේ පිහිටි ඉඩමක රජයේ ආයතනයක්‌ පිහිටුවා තිබුණේය. මේ ඉඩමේ අයිතිය වෙනුවෙන් වසන්ත සොයිසා කාලයක්‌ තිස්‌සේ නඩු කීවේය.

    එහි අවසාන ප්‍රතිඵලය වුණේ වසන්ත සොයිසාට රජයෙන් විශාල මුදලක්‌ හිමි වීමය. වසන්ත ඒ මුදල් සිය ව්‍යාපාර කරගෙන යන්නට වියදම් කළේය.

    වසන්ත සොයිසා අනුරාධපුර පූජා නගරය තුළ කැරොකේ රාත්‍රි සමාජ ශාලාවක්‌ පිහිටුවන්නේ බෞද්ධ ජනතාවගෙන් එල්ල වූ විරෝධය තඹ සතයකට මායිම් නොකරය.

    මේ රාත්‍රි සමාජ ශාලාවට අරක්‌කු බලපත්‍ර ලබා ගන්නේ එවකට රජයේ සිටි ප්‍රබල ඇමැතිවරයකුගේ උදව් උපකාර ඇතිවය.

    දුටුගැමුණු රජුට නෑකම් කියූ මේ ඇමැතිවරයාගේ මිත්‍රත්වය හරහා ද වසන්ත සොයිසා තම ව්‍යාපාර දියුණුව වෙනුවෙන් බොහෝ දේ කරගත්තේය.

    පූජා නගරය ආසන්නයේ කැරොකේ සමාජ ශාලාවක්‌ පවත්වාගෙන යැම, අරක්‌කු විකිණීම, සමාජ ශාලාව තුළ රූමත් තරුණියන් සේවය සඳහා යෙදවීම පොලිසියට පවා නතර කිරීමට නොහැකි වුණේ වසන්ත සොයිසා ගොඩනාගෙන තිබූ දේශපාලන හයිය නිසාය.

    අනුරාධපුර පූජා භූමිය ආසන්නයේ ඉදිකළ පැනොරාමා සමාජ ශාලාව වසන්ත සොයිසාගේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත්ව තිබුණේය. ඔහු මේ සමාජ ශාලාවට දැඩි ලෙස ආදරය කළේය. එහෙත් කිසියම් දිනක තම ජීවිතය අකාලයේ කෙළවර වන්නේ පැනොරාමා හෝටලය නිසා බව ඔහු කිසිවිටෙකත් සිතුවේ නැත.

    වසන්ත සොයිසා ඝාතනය කරන්නේ අනුරාධපුරය දහයියාගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන විසි අට හැවිරිදි එස්‌. එෆ්. ලොකු නමින් හඳුන්වන මැරයකු විසින් බව මේ වන විට හෙළිවී හමාරය. එස්‌. එෆ්. ලොකූ වටා සිටිමින් ඔහුගේ ඉඳුල් අනුභව කරන කාලකණ්‌ණියන් රැලක්‌ මේ ඝාතනයට සම්බන්ධ වූ
    හ.

    gossipnews.jpg


    එස්‌. එෆ්. ලොකු


    එස්‌. එෆ්. ලොකූ සහ වසන්ත සොයිසා අතර වූ ආරවුල පසුගිය මැයි මාසය දක්‌වාම දුර දිග ගිය එකකි. පසුගිය වෙසක්‌ පොහොය දිනයට දින දෙකකට පසු රාත්‍රියේ එස්‌. එෆ්. ලොකූ තම සහචරයන් කීප දෙනකු ද සමඟ පැනොරාමා හෝටලය වෙත ආහ.

    වෙසක්‌ සතිය වුවද පැනොරාමා හෝටලයට මත්පැන් අලෙවියට ගැටලුවක්‌ තිබුණේ නැත. සුරූපී නළඟනන් ගේ සේවය ලබා ගැනීමට ගැටලුවක්‌ තිබුණේද නැත. ඒ වසන්ත සොයිසා ගොඩනගා ගෙන තිබූ දේශපාලන හයිය මේ සියලු නීති විරෝධී ක්‍රියාවන් හමුවේ ඔහුට ගැටලුවක්‌ වුණේ නැත.

    ඒ වන විට අනුරාධපුර නගරයේ වෙසක්‌ සැණකෙළිය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණේය. වෙසක්‌ සැණකෙළියේ හොල්මන් මන්දිරය නමැති කුටියක්‌ ඉදිකර වන්දනාකරුවන් නොමග යවා මුදල් කඩාගැනීමේ කටයුත්තක නිරත වූ එස්‌. එෆ්. ලොකූ ඇතුළු ගෝලබාලයන් ඉන් විශාල මුදලක්‌ උපයා ගත්හ.

    මොවුන් පැනොරාමා හෝටලය වෙත එන්නේ දින ගණනක්‌ තිස්‌සේ අහිංසක වන්දනාකරුවන්ගෙන් හූරාගත් මුදල් වියදම් කරමින් විනෝද වීම සඳහාය.

    මත්පැන්, විවිධ "බයිට්‌" වර්ග ඇතුළු සියලුම රසමසවුළු ඇනවුම් කළ එස්‌. එෆ්. ලොකූ සිය ගෝල බාලයන් සමඟ එදින රැය පහන් වනතුරුම විනෝද වුණේය. රාත්‍රි කැරොකේ සමාජ ශාලාවේ සුරූපිනියන්ගේ පහස ලබමින් ගත කළ කාලය ඔවුන්ට දැනුනේ නැත.

    පැය ගණනක්‌ තිස්‌සේ බුක්‌ති විඳිනු ලැබූ රාජ භෝජන සඳහා බිල්පත එස්‌. එෆ්. ලොකූ අතට පත්වෙද්දී ඔහුට හීන් දාඩිය දැම්මේය.

    යකෝ මේ පැය තුන හතරට අපි රුපියල් අසූ දාහක කෑවද? එස්‌. එෆ්. ලොකූ ගේ ඉහමොළ රත්වුණේය. ඔහු පැනොරාමා හෝටලයේ වේටර්වරයකු කැඳෙව්වේය.

    "අපි කාපු බීපුවගේ බිල් එක ගේනවා. උඹලා හිතෙන හිතෙන ගණන් දැම්මට අපිට එහෙම ගෙවන්න පුළුවන්ද?

    එස්‌. එෆ්. ලොකූ බාල්දියක්‌ පෙරළුවේය. අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේ චණ්‌ඩියකු ලෙස ජීවත් වූ එස්‌. එෆ්. ලොකූ පැනොරාමා හෝටලය දෙවනත් කරමින් කෑගසන්නට වුණේය.

    කලක්‌ යුද හමුදා විශේෂ බළකායේ සේවය කර පසුව ඉන් ඉවත් වූ එස්‌. එෆ්. ලොකූ දහයියාගමට පැමිණ නන්නත්තාර ජීවිතයක්‌ ගත කරන්නට පටන් ගත්තේය.

    නීත්‍යානුකූල නොවන ක්‍රියාවන්ගෙන් මුදල් උපයාගෙන කාබී විනෝද වීම ඔහුගේ එකම විනෝදාංශය විය.

    එස්‌. එෆ්. ලොකූගෙන් පිනට කන්නටත් පිනට බොන්නටත් සැදී පැහැදී සිටි පිංගුත්තරයන් පිරිසකි. එස්‌. එෆ්. ලොකූගේ ගණන්කාරකම් හිතට ගත් මේ පිංගුත්තරයන් පිරිස ඔහු යන එන තැන්වල එකට ගියහ.

    එස්‌. එෆ්. ලොකූගේ ගාලගෝට්‌ටිය එන්න එන්නම දරුණු විය. වසන්ත සොයිසා ඊට මැදිහත් වන්නේ ඉන් පසුවය.

    "උඹලා මෙතන කෑවනම් බිව්වනම් ජොලි කරානම් සල්ලි ගෙවලා පලයල්ලා. මමත් බොහොම අමාරුවෙන් මේව කරගෙන යන්නෙ. මෙතන අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න ආවොත් උඹලා දන්නවනේ මගේ හැටි....

    වසන්ත සොයිසාගේ වදන් තර්ජනාත්මක ඒවා විය. ඒ වාග් ප්‍රහාරවලින් එස්‌. එෆ්. ලොකූ සැලුනේවත් පසුපසට ගියේවත් නැත.

    උඹලා මෙතනට එන එවුන්ට දාන සෙල්ලං අපි දන්නවා. අපිත් මේ අනුරාධපුරේ උපන් උන්. අපිට ඒ සෙල්ලං දාන්න එපා.

    පැයකට ආසන්න කාලයක්‌ තිස්‌සේ මේ ආරවුල පැවතුනේය.

    අපිට මෙච්චර ගෙවන්න සල්ලි නැහැ. හෙට ඇවිත් ඉතිරි සල්ලි දෙන්නම්.

    අවසානයේ එස්‌. එෆ්. ලොකූ ඇතුළු පිරිස පැනොරාමා හෝටලයෙන් පිටවුණේ පසුදා පැමිණ මුදල් ගෙවන පොරොන්දුව පිටය.

    එහෙත් එදින වසන්ත සොයිසා සහ එස්‌. එෆ්. ලොකූ අතර ඇතිවූ ආරවුල මහා වෛරයක්‌ දක්‌වා දුරදිග යන්නට වැඩි දවසක්‌ ගත වුණේ නැත.

    අනුරාධපුර පැනොරාමා හෝටලයේ කාබී විනෝදවීමට එන බොහෝ දෙනකුට මේ තත්ත්වයට මුහුණ දෙන්නට සිදු වුණේය. මාසයකට දෙතුන් වතාවක්‌ විවිධ සිදුවීම් සම්බන්ධයෙන් පොලිසිය වෙත පැමිණිලි ලැබී තිබුණේය.

    එක්‌කෝ බිල්පත්වලට වැඩි මුදලක්‌ අය කිරීම, එහෙමත් නැතිනම් පහරදීමක්‌ සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබිණි.

    මේ ආකාරයට පොලිසිය වෙත ලැබෙන පැමිණිලිවලට වඩා නොලැබෙන පැමිණිලි ප්‍රමාණය ඉහළය.

    වෙසක්‌ පොහොයට පසු දිනක ඇතිවූ ආරවුල දුරදිග ගොස්‌ තිබිණි. ඊට පසු අවස්‌ථා තුනකදීම එස්‌. එෆ්. ලොකූ පැනොරාමා හෝටලයට ආවේය. ඒ ඔහුගේ ගෝලබාලයන්ද සමඟය.

    වසන්ත සොයිසා එස්‌. එෆ්. ලොකූ වෙත කිසිම ආකාරයක බුරුලක්‌ පෙන්නුවේ නැත.

    උඹ මෙතන අනවශ්‍ය ප්‍රශ්න දාන්න ආවොත් මම උඹව කම්බස්‌ කරනවා. උඹ එස්‌. එෆ්. එකේ හිටිය කියලා මට උඹව ලොකු නැහැ.

    වසන්ත සොයිසා අවස්‌ථා කීපයකදීම එස්‌. එෆ්. ලොකූට තර්ජනය කළේය.

    එස්‌. එෆ්. ලොකූ යනු කිසිම අණක්‌ ගුණක්‌ නොමැති කාලකණ්‌ණි චරිතයක්‌ බව වසන්ත සොයිසා දැන සිටියේය. ඔහු වාග් ප්‍රහාරවලින් බියට පත්කිරීමට වසන්ත සොයිසා හැම විටම උත්සාහ කළේ ඔහු ගැන හොඳින් දැන සිටි නිසාය.

    වරක්‌ තමන්ට බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල කළ බවට වසන්ත සොයිසා එස්‌. එෆ්. ලොකූට එරෙහිව අනුරාධපුර පොලිසියේ පැමිණිල්ලක්‌ කළේය. අවසානයේ හෙළි වුණේ ඒ පැමිණිල්ල ව්‍යාජ එකක්‌ බවයි.

    ඒ අයුරින් හෝ එස්‌. එෆ්. ලොකූ බියවද්දාගෙන සිටීමට වසන්ත සොයිසා උත්සාහ කළේය.

    "වසන්ත මාව අමාරුවෙ දාන්න හදන්නෙ. කොයි වෙලාවක හරි ඌ මාව පොලිසියට මාට්‌ටු කරලා දෙනවා."

    එස්‌. එෆ්. ලොකූ සිය ගෝලබාලයන්ට කීවේය. මේ ගැටුමින් පසු එස්‌. එෆ්. ලොකූ පොලිසිය මගහරිමින් සැඟවී සිටින්නට උත්සාහ කළේය. එහෙත් ඔහු ලෙහෙසියෙන් පරාජය භාරගන්නා පුද්ගලයකු නොවීය. වසන්ත සොයිසාගෙන් පලිගන්නා ආකාරය ගැන එස්‌. එෆ්. ලොකූ නිතර කල්පනා කළේය. ඒ සඳහා විවිධ සැලසුම් සකස්‌ කරන්නට වුණේය. එහෙත් ඒවා කිසිවක්‌ ක්‍රියාවට නන්වන්නට ඔහුට ඉඩ ලැබුණේ නැත.

    මේ අතර වසන්ත සොයිසා යුද හමුදා මේජර්වරයකුට පැනොරාමා හෝටලයේදී දත් දෙකක්‌ කැඩෙන්නට පහරදුන් පුවතක්‌ එස්‌. එෆ්. ලොකූගේ කන වැකුනේය.

    ඔහු ඒ පිළිබඳව සොයන්නට වුණේය. මේජර්වරයාට පහරදීමේ සිද්ධිය සත්‍ය එකක්‌ බව ඔහු අවසානයේ සොයා ගත්තේය.

    යුද හමුදා මේජර්වරයා මීට සති තුනකට පමණ උඩදී පැනොරාමා හෝටලයේ කැරෝකේ සමාජ ශාලාව වෙත විනෝද වන්නට පැමිණියේ මිතුරන් කීප දෙනකු සමඟය.

    මත්පැන් පානය සඳහා ලබාදී තිබූ කටගැස්‌ම රස නැති බව කියමින් මේජර්වරයා හෝටලයේ කාර්ය මණ්‌ඩලය සමඟ ආරවුලක්‌ ඇති කර ගත්තේය.

    පදමට මත්පැන් පානය කර සිටි මේජර්වරයා වසන්ත සොයිසා සමඟද පැටළුනේය. අවසානයේදී මේජර්වරයාට දත් දෙකක්‌ කැඩෙන්නට පහරදුන් වසන්ත සොයිසා ඔහු හෝටලයෙන් පිටතට ඇද දැම්මේය.

    පැනොරාමා හෝටලයේදී විඳින්නට සිදුවූ අමිහිරි අත්දැකීම තම නිලයට විශාල කැලලක්‌ වන නිසා ඒ පිළිබඳව පොලිසිය වෙත පැමිණිලි නොකිරීමට මේජර්වරයා වගබලා ගත්තේය.

    මේ සිදුවීමේ වාසිය තමන් වෙත හරවාගත් එස්‌. එෆ්. ලොකූ තම වෛරකාරයා වූ වසන්ත සොයිසාගෙන් පළිගැනීමට සැලසුමක්‌ සකස්‌ කළේය.

    අපි ලොකු ටීම් එකක්‌ අරගෙන ගිහින් වසන්තයට ගහලා උගේ හෝටලේ කුඩු කරමු. මේක ගුටිකාපු මේජර් කරපු වැඩක්‌ විදිහට කවුරුත් හිතයි" එස්‌. එෆ්. ලොකූ තම සැලසුම පිළිබඳව සගයන් දැනුවත් කළේය.

    ප්‍රහාරය සඳහා ඔක්‌තෝබර් මස 24 වැනිදා දිනය යොදා ගත්තේය. කාලයක්‌ තිස්‌සේ යුද හමුදා විශේෂ බළකායේ රාජකාරි කිරීමෙන් ලබා තිබූ හමුදා දැනුම ප්‍රයෝජනයට ගත් එස්‌. එෆ්. ලොකූ ඉතාම ප්‍රාථමික සැලසුමක්‌ ඒ සඳහා සකස්‌ කළේය.

    ප්‍රහාරය සඳහා පුද්ගලයන් 28 දෙනකු සම්බන්ධ කර ගත්තේය. සියලු දෙනා කළු රෙදිවලින් මුහුණු ආවරණය කර පොහොර බෑග් කපා සකස්‌ කරගත් ජැකට්‌ටුවක්‌ ඇඳගෙන යැමටත් සැලසුම් කළේය. නින්ජා සටන් ක්‍රමයට මේ ප්‍රහාරය එල්ල කිරීමට සියලු කටයුතු සූදානම් කළේය.

    උඹල හෝටලේ කුඩු කරපල්ලා වසන්තයගෙ ජීවිතේට අනතුරක්‌ කරන්න එපා...

    පැනොරාමා හෝටලයට කිලෝ මීටරයක්‌ පමණ දුරින් පිහිටි සමනල ගෙස්‌ට්‌ හෝටලය වෙත පැමිණෙන ලෙස එස්‌. එෆ්. ලොකූ සිය සගයන්ට දැනුම් දුන්නේය. සමනල ගෙස්‌ට්‌ හෝටලයේ ගරාජය තුළ 24 වැනිදා රාත්‍රියේ පුංචි සාදයකි. මත්පැන් බෝතල් හත අටක්‌ ඒ වන විට හිස්‌ව ගොස්‌ තිබුණි.

    එස්‌. එෆ්. ලොකූ ප්‍රහාරයට එක්‌වීමට සිටි සියලු දෙනාට හොඳ පදමට මත්පැන් පානය කිරීමට ලබා දුන්නේය. එස්‌. එෆ්. ලොකූ පසුපස යමින් ඔහුගේ දන්කුඩ අනුභව කරමින් සිටින දහයියාගම රස්‌තියාදුකාරයන් පිරිසක්‌ මේ ප්‍රහාරයට එක්‌ව සිටියහ.

    ප්‍රහාරය සඳහා අවශ්‍ය කරන පොලු මුගුරු කපා ගත්තේද සමනල ගෙස්‌ට්‌ හෝටලය වටා තිබූ ගස්‌වලින්ය.

    "උඹලා හෝටලේට පැනලා අහුවෙන අහුවෙන දේවල් පොඩිපට්‌ටම් කරලා දාපල්ලා. වසන්තයට අමතක නොවෙන්න ගහපල්ලා. හැබැයි උගේ ජීවිතේට අනතුරක්‌ කරන්න එපා.

    එස්‌. එෆ්. ලොකූ ප්‍රහාරය එල්ල කළ යුතු ආකාරය පිළිබඳව සිය ගෝලබාලයන් දැනුවත් කළේය.

    ඝන අන්ධකාරය මුළු ප්‍රදේශයම ගිලගෙන තිබුණේය. ඒ වන විට මධ්‍යම රාත්‍රියට ආසන්න වෙමින් තිබිණි. එස්‌. එෆ්. ලොකූ ඇතුළු පිරිස කැන්ටර් ලොරියක්‌ සහ මෝටර් රථයක නැගී පැනොරාමා හෝටලය ආසන්නයට ගමන් කළහ.

    ප්‍රහාරය සඳහා අවශ්‍ය කරන පොලු මුගුරු කඩු පොරොව වැනි ආයුධ කැන්ටර් ලොරියේ දමාගෙන ගොස්‌ තිබුණේය.

    හෝටලයට නුදුරින් වාහන නතර කළ එස්‌. එෆ්. ලොකූ ඇතුළු පිරිස කළු ඇඳුම්වලින් මුහුණු ආවරණය කර ගත්හ. අත්ආවරණ ද පළ¹ ගත්තෝය.

    පොහොර බෑග් කපා සකස්‌ කරන ලද ජැකට්‌ටුවක්‌ බඳු ඇඳුම ඇඟලාගත් පිරිස පාගමනින්ම පැනොරාමා හෝටලය වෙත ආවේය.

    ඔවුන් කිසිවකුත් වෙන්කර හඳුනා ගත නොහැක. සියලු දෙනාම එකහා සමාන ඇඳුම්වලින් සැරසී සිටියහ. බැලූ බැල්මට ඔවුන් කිසියම් ආරක්‍ෂක අංශයකට සම්බන්ධ වී සිsටින්නක්‌ බව පෙනුනේය.

    කලින් සකස්‌ කරන ලද පෙට්‍රල් බෝම්බ කීපයක්‌ද එස්‌. එෆ්. ලොකූ රැගෙන ආවේය. නින්ජා ප්‍රහාරය ආරම්භ වුණේය. හෝටලයට ඇතුළු වූ මැර පිරිස එකවරම ඊට පෙට්‍රල් බෝම්බ ප්‍රහාර කීපයක්‌ එල්ල කළහ. ඉන් කලබලයට පත්වූ හෝටලයේ ආරක්‍ෂාවට සිටි පිරිස හිස්‌ලූලූ අත දිවයන්නට වූහ.

    ඒ සැණින් හෝටලයට ඇතුළු වූ එස්‌. එෆ්. ලොකූ ඇතුළු මැර පිරිස හෝටලේ වටිනා කියන සියලු දේපළවලට පහර දෙමින් ඒවා පොඩිපට්‌ටම් කරන්නට පටන් ගත්තේය.

    ඒ වන විට වසන්ත සොයිසා සිටියේ හෝටලයේ උඩුමහලේය. වසර ගණනක්‌ තිස්‌සේ දුක්‌ මහන්සියෙන් ගොඩනඟාගත් ව්‍යාපාරය මේ ආකාරයට පොඩි පට්‌ටම් කර විනාශ කරනු දැකිය නොහැකිව වසන්ත සොයිසා කෝපයෙන් කෑගැසුවේය.

    කවුද යකෝ හෝටලේට ගහන්නෙ. මම තොපිව ඉතුරු කරන්නෙ නැහැ. වසන්ත සොයිසා ඉවසාගත නොහැකි කෝපයෙන් වෙව්ලන්නට විය. ඔහු උඩු මහලේ සිට පහළට දිව එන්නට සූදානම් වුණේය.

    වසන්තගේ රැකවරණයට සිටි කීප දෙනකු ඔහු වළකාලන්නට උත්සාහ කළද එය සාර්ථක නොවීය. වසන්ත කිසි විටෙකත් ගිනි අවි පාවිච්චි කළේ නැත. ඔහුට ඔහුගේ ශරීර ශක්‌තිය සෑම විටම විශ්වාසවන්ත විය.

    හෝටලය කුඩු කරන මැරයන් අල්ලා පොළොවේ ගසන්නට තරම් කෝපයකින් සිටි වසන්ත එක වරම ඔවුන් වෙත කඩා පැන්නේය.

    වසන්ත සොයිසා යනු කවුරුන්දැයි මැරයන් සියලු දෙනා හොඳින් දැන සිටියහ. ඔහුට හසු වූවොත් අනිවාර්යයෙන්ම ජීවිතය හැර යැමට සිදුවන බව සියලු දෙනා දැන සිටියහ. පොලුවලින් පහරදී වසන්ත සොයිසා බිම දැමිය නොහැකි බවද මැරයන් හො¹කාරවම දැන සිටියේය.

    ජීවිතය බේරා ගැනීමට ඇති එකම මාර්ගය වසන්ත මරා දැමීම බව තේරුම් ගත් මැරයන් ඔහුගේ හිසට පොරෝ පහර කීපයක්‌ එල්ල කළහ. අනපේක්‍ෂිත ලෙස එල්ල වූ පොරෝ පහරින් අඩපණ වූ වසන්ත සොයිසා නම් යකඩ මිනිසා කපා හෙලූ කෙසෙල් කඳක්‌ මෙන් බිම ඇද වැටුණේය. වසන්ත සොයිසාට පොරොවෙන් ගැසුවේ මාළු චූටීය.

    විනාඩි 4 ක්‌ වැනි කෙටි කාලසීමාවක්‌ තුළදී සිය ප්‍රහාරය අවසන් කළ එස්‌. එෆ්. ලොකූ ඇතුළු මැර පිරිස පැනොරාමා හෝටලයෙන් නික්‌ම ගියහ.

    ඒ වන විට හෝටලයේ දේපළවලට රුපියල් කෝටි ගණනක අලාභයක්‌ සිදුවී හමාරය. හෝටල් සේවකයකු වසන්ත සොයිසාගේ පුත්‍රයාට මේ පිළිබඳව දුරකථනයෙන් දැනුම් දුන්නේය.

    ගිසර සොයිසා හෝටලය වෙත එද්දී තම පියා ලේ විලක්‌ මැද වැටී සිටියේය. හෝටල් සේවකයන් තිදෙනෙකුද කැපුම් තුවාල සහිතව විලාප තබමින් වැතිර සිටියහ.

    තුවාලකරුවන් සියලු දෙනා වහාම අනුරාධපුර රෝහල වෙත ගෙන යන්නට ගිසර ඇතුළු පිරිස කටයුතු කළහ. එහෙත් ඒ වන විටත් ප්‍රමාද වැඩිය. ගිනස්‌ වාර්තාවලින් මුළු රටම හෙල්ලූ වසන්ත සොයිසාට මරුවා පරාජය කිරීමට හැකියාවක්‌ ලැබී තිබුණේ නැත.

    අනුරාධපුර නගරය තුළදී මේ ආකාරයේ ප්‍රහාරයක්‌ එල්ල කිරීම පොලිසිය වෙත එල්ල වූ විශාල අභියෝගයක්‌ විය. රටේ නීතිය ආරක්‍ෂාව තඹ දොයිතුවකට මායිම් නොකළ මැරයන් හෝටලයකට කඩාවැද එහි හිමිකරු ඝාතනය කර දේපළ විනාශ කර පලා යැම අනුරාධපුරයේ ආරක්‍ෂාව පිළිබඳව බරපතළ ගැටලුවක්‌ විය.

    උතුරුමැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති රවී විඡේගුණවර්ධන, අනුරාධපුර නියෝජ්‍ය පොලිස්‌පති ඒ. පද්මසිරි, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අතුල වීරසිංහ යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ අනුරාධපුර මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ජයපද්ම මෙම ප්‍රහාරය පිළිබඳව සෙවීමේ පුළුල් විමර්ශනයක්‌ එදින රාත්‍රියේදීම ආරම්භ කෙරිණි. මෙම පරීක්‍ෂණය සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අතුල වීරසිංහ මහතා පෞද්ගලිකවම සම්බන්ධ වුණේ මෙය ඉතාම බරපතළ තත්ත්වයක්‌ව තිබීම නිසාය. බැලූ බැල්මට මෙම ප්‍රහාරය ආරක්‍ෂක අංශ විසින් එල්ල කළ එකක්‌ බව පෙනෙන්නට තිබිණි.

    සති කීපයකට උඩදී හමුදා මේජර්වරයකුට හෝටලයේදී සැකකරුවන් තම පහරදුන් සිද්ධිය මෙම ප්‍රහාරය හා සම්බන්ධ වන්නට ඇති බවට සැකයක්‌ මතුව තිබුණේය.

    මේ අතර හෝටලය ආසන්නයේ නිවාසවල ව්‍යාපාර ස්‌ථානවල සවිකර තිබූ සී. සී. ටී. වී. කැමරාවල දර්ශන පොලිසිය පරීක්‍ෂා කරන්නට වුණේය.

    එමෙන්ම පැනොරාමා හෝටලය අවට පදිංචිකරුවන්ගෙන්ද ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගන්නට පොලිසිය කටයුතු කළහ.

    සර් ඊයේ රෑ සමනල ගෙස්‌ට්‌ එකේ කට්‌ටියක්‌ අරක්‌කු බිව්වා. ඒ අය රෑ දෙගොඩහරියක්‌ වෙනකල් එතන හිටියා. වාහන එහෙට මෙහෙට යන සද්දෙත් ඇහුණා.

    අසල්වාසියකු ලබාදුන් තොරතුරු ඉතාම වැදගත් විය. පොලිසිය එදින අලුයම් කාලයේදීම සමනල ගෙස්‌ට්‌ හෝටලය පරීක්‍ෂා කළහ. එහි ගරාජය තුළ හිස්‌ කළ මත්පැන් බෝතල් රැසක්‌ විය. කපා දැමූ පොලු කිහිපයක්‌ සහ ගස්‌වල කොළ අතු රැසක්‌ ගරාජය අසල වැටී තිබී පොලිසිය සොයා ගත්තේය.

    එකත් එකටම මෙතන ඉඳලා තමයි ටීම් එක හොටෙල් එකට යන්න ඇත්තේ.

    අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අතුල වීරසිංහ සහ මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ජයපද්ම ඇතුළු නිලධාරීන් පරීක්‍ෂා කර එහි සිටි ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත්හ.

    සැකකරුගෙන් ප්‍රශ්න කිරීම් ඇරඹිනි. පොලිසියේ සැකය තහවුරු විය. මැරයන් මේ ප්‍රහාරය එල්ල කර තිබුණේ සමනල ගෙස්‌ට්‌ හෝටලයේ සිට බව හෙළිදරව් විය.

    ප්‍රහාරයට නායකත්වය දෙනු ලැබුවේ එස්‌. එෆ්. ලොකූ විසින් බවත් ඊට දහයියාගම රස්‌තියාදුකාරයන් විසි දෙනකු පමණ සම්බන්ධ වී ඇති බවත් හෙළි කරගන්නට පොලිසියට එතරම් අපහසු වුණේ නැත.

    පසු දින හිරු උදා වන්නට පෙර පොලිසිය දහයියාගම පීරන්නට පටන් ගත්තේය. ප්‍රහාරය එල්ල වී පැය හයක්‌ ගත වන්නටත් මත්තෙන් ඊට සම්බන්ධ වූවන්ගෙන් දස දෙනෙක්‌ අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වූහ. සැකකරුවන් අතර වසන්ත සොයිසාට පොරොවෙන් කොටා ඝාතනය කළ මාළු චූටීද සිටියේය. ප්‍රහාරය එල්ල වී පැය හයක්‌ ගතවන්නට පෙර ඊට සම්බන්ධ වූ අපරාධකරුවන් හඳුනාගෙන ඉන් පිsරිසක්‌ අත්අඩංගුවට ගැනීම පොලිසිය ලැබූ විශාල ජයග්‍රහණයක්‌ විය.

    සිකුරාදා වන විට (30 වැනිදා) ප්‍රහාරයට එක්‌ව සිටි මැරයන් 21 දෙනෙක්‌ අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව සිටියහ.

    එහෙත් ප්‍රහාරයේ මහ මොළකරු වූ එස්‌. එෆ්. ලොකූ ඔහුගේ සොහොයුරු සහ තවත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබිණි.

    28 හැවිරිදි එස්‌. එෆ්. ලොකූ තම ෙµaස්‌ බුක්‌ ගිණුම හරහා ද මෙම ප්‍රහාරය පිළිබඳව කලින් දැනුම් දීමක්‌ කර තිබුණේය. පැනොරාමා හෝටලයේ හිමිකරු වන වසන්ත සොයිසාට අමතක නොවන පාඩමක්‌ උගන්වන බව ඔහු කලින්ම සිය මිතුරන්ට කියා සිටියේ ෙµaස්‌බුක්‌ වෙබ් අඩවිය හරහාය.

    අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහි වී සිටි එස්‌. එෆ්. ලොකූ ඇතැම් දේශපාලනඥයන් සමඟ පවා කිට්‌ටු මිතුදමක්‌ ගොඩනඟාගෙන සිටියේය.

    මොන තරම් හැඩිදැඩි ජවසම්පන්න පුද්ගලයකු වුවද වසන්ත සොයිසාගේ හදවතේ කලාකාමියකුද සැඟවී සිටියේය.

    ඔහු වරක්‌ ටෙලි නාට්‍යයක්‌ද නිෂ්පාදනය කළේය. කලාකාරයන්ට ඔහු දැඩි ඇල්මක්‌ දැක්‌වූවේය. තමන්ගෙන් උපකාරයක්‌ ගන්නට එන කලාකාරයන්ට හැකි උපරිමයෙන් උපකාර කිරීමට ඔහු කිසිවිටෙකත් පසුබට වුණේ නැත.

    තම පියාණන් වූ කලත්තෑවේ සොයිසාට වසන්ත සොයිසා දැඩි ලෙස ඇලුම් කළේය. තම පියාගේ ජීවිත කතාව අළලා චිත්‍රපටයක්‌ නිෂ්පාදනය කිරීමට ද වසන්ත සොයිසා සිහින මවමින් සිටියේය.

    ලබන මාසයේ ජපානයේ පැවැත්වීමට නියමිත කරාතේ තරගාවලියක්‌ සඳහා සිය ගෝලයන් පිරිසක්‌ද සමඟ සහභාගි වීමට වසන්ත සොයිසා සැලසුම් කරගෙන සිටියේය. එම චාරිකාවෙන් පසු තවත් ගිනස්‌ වාර්තා දහයක්‌ පිහිටුවීමටද ඔහු සූදානමින් සිටියේය.

    එහෙත් ඒ සියල්ල මේ වන විට සිහිනයක්‌ බවට පත්වී හමාරය.

    ඔහු දුක්‌ මහන්සියෙන් පිහිටුවනු ලැබූ ගිනස්‌ වාර්තා සියල්ල ඉතිහාසයට එක්‌ව තිබෙයි.

    හේමන්ත රන්දුණු( irida divaina)
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    SF ලොකු කියන එකා බෝට්ටුවකින් ඉන්දියාවට පැන්නා කියලා ආරංචියි..:yes:ඔන්න පේනවනේ ලංකාවේ ඇමති ගොට්ටෙක් උනහම ඕන දහ ජරා වැඩක් කරලා බේරෙන්න පුළුවන්.:angry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    SF ලොකු කියන එකා බෝට්ටුවකින් ඉන්දියාවට පැන්නා කියලා ආරංචියි..:yes:ඔන්න පේනවනේ ලංකාවේ ඇමති ගොට්ටෙක් උනහම ඕන දහ ජරා වැඩක් කරලා බේරෙන්න පුළුවන්.:angry:
    හෙංචයියො ටික හිරේ යයි. පවු වැඩේ :dull:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මේක ලියල තියෙන්නේ වසන්ත හොද මිනිහෙක් කියල පෙන්නන්න. මම කලින් බලපු website facebook post බැලුවම පෙන්නේ වසන්ත මැරයෙක්, මිනිමරුවෙක්, sf එකා මිනිස්සු අතර හොද එකෙක් කියන අදහස. fb comment වලත් ගොඩක් එවුන් වසන්ත මරපු එක හොදයි කියල තිබුන. දැන් අපි කවුරු කියන එකද විස්වාස කරන්නේ ?? :confused::confused: