සොයුර..! ඔබට ඉක්මන් සුව.!!!
දුම්රිය වර්ජකයනි,
දුම්රිය වර්ජනයේ ඉල්ලීම් සාධාරණද. නැද්ද යන්න නොදනිමි..
එය පසුපස ඇති දේශපාලනික පසුබිම හරිද, වැරදිද යන්න නොදනිමි..
නමුත් අද (2019-10-03) සවස කැළණිය දුම්රිය ස්ථානයේ අධික මගී තදබදය නිසා මහව දුම්රියෙන් ඇද වැටී දරුණු ලෙස තුවාල ලැබුවේ ඔබ අප වන් මධ්‍යම පාන්තික තරුණයෙක් බව නම් හොදාකාරවම දනිමි.
අදිසි හස්තයන්ගෙන් ඇති පලක් නැත.මෙය රට පුරා වන සිද්ධීන් ගත් කල එකක් පමණි.කාලයත් සමඟ ඔබටත් අපටත් ඔහුව අමතක වී යා හැක.
නමුත් අමතක නොකල යුතු කරුණක් ඇත.අදත් ඔහු නිවස බලා එනතෙක් ඇඟිලි ගණිනා ඔහුගේ දෙමව්පියන්ට හෝ පවුලේ සැමට එය සමහර විට ජීවිත කාලයම දුක්මුසුව සිහියට නඟාගත යුත්තක් වන්නටත් පුළුවන.
සොයුර..!
මම ඔබ නොහඳුනමි..
නමුත් ඔබද අප මෙන් අරමුණක් උදෙසා දිවි අරගලයේ යෙදෙන්නට මේ අවදානම ගෙන දුම්රියේ එල්ලෙන්නට ඇත.
ඔබට ඉක්මන් සුව.!