සොරකම් කලොත් හොයාගන්න

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    සොරකම් කලොත් හොයාගන්න

    ඔබේ පරිගණකය යම් කෙනෙක් සොරකම් කලොත් නැවත හොයාගන්න විදියක්..

    stolen-laptop-300x199.jpg


    හොදයි මෙම ලිපියෙන් කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබට බොහොම වැදගත් මාතෘකාවක් ගැන. යම් අයුරකින් ඔබේ පරිගණකය කිසියම් කෙනෙක් සොරකම් කලොත් එය හොයාගන්න විදිය පිලිබදවයි. මෙය ඔබේ Desktop Computer එකට Laptop එකට වගේම ඔබේ smart phone එකටත් බාවිතා කරන්න පුළුවන් ක්‍රමයක්.
    ඉතින් එම සේවාව කිසිදු අය කිරීමකින් තොරව ඔබට ලබාදෙන්නේ, "prey" කියන වැඩසටහන මගින්.

    ඔබේ පරිගණකය සොරගත්තේ (stolen) යැයි prey වෙබ් සයිට් එකේ ඔබේ control panel එකෙහි Device Status එක සැකසුව විට ඔබේ සොරාගත් පරිගණකයේ පහත දක්වා ඇති තොරතුරු prey විසින් එකතු කරගන්නවා.

    Network information. (remote and private IP addresses, gateway ip address etc)
    Picture of thief (If you configure your devise web came).
    Desktop screen shots.
    Total up-time.
    Logged user account name.
    Modified files details.
    Ruing programs.
    Active controls.
    WiFi information.
    ඉතින් ඔය තොරතුරු prey වෙබ් සයිට් එකේ ඔබේ control panel එකෙන් බලාගන්න පුළුවන්.

    අප්පට හුඩු හොරාගේ පින්තුරයකුත් ගන්න පුළුවන් නේද..? හෙ හේ... ඔව් ඔව්. හොරාව ගෙදරටම හොයාගෙන යන්න පුළුවන්. :D

    ඉතින් ඔය මොන දේ කරන්නත් මුලින්ම අපිට සිදු වෙනවා, prey client වැඩ සටහන අපේ පරිගණකයේ නිවැරදිව ස්ථාපිත කරගන්න.

    මුලින්ම අපි prey client එක බාගතකරගෙන පරිගණකයේ ස්ථාපිත කරගමු. ඉතින් එය ඔබේ desktop pc එක හෝ lap එක උනාට ප්‍රශ්නයක් නැහැ. ඔබට පුළුවන් prey වැඩසටහන ඔවුන්ගේ වෙබ් අඩවියෙන් බාගන්න. එය Windows, Linux , Mac, Ubuntu වගේම Android mobile OS එකටත් සරිලන ලෙස මෙන්න මෙතනින් Download කර ගන්න පුළුවන්. ඉදිරියේදී එය Nokia ජංගම දුරකථන (Symbian OS) සදහාත් එන්න නියමිතයි.

    http://preyproject.com/download

    download කරගත්තට පස්සේ එම වැඩසටහන ඔබේ පරිගණකයට install කරගන්න.

    දැන් අපි devise client එක configure කරමු
    පලවෙනි පියවර setup reporting method.
    start menu එකෙහි prey icon එක ක්ලික් කලාට පසුව පහත රුපයේ පරිදි window එකක් දැකගන්න පුළුවන් ඔයාලට. එහි "setup reporting method" යන්න තෝරන්න.

    tricks%2Blanka.jpg



    Setup how to view report.
    ඉහත මම කියුව පරිදි, ඔබේ පරිගණකය සොරකම් කල විට ඔබ ඔබේ සොරාගත් පරිගණකයෙන් ලැබෙන report එක ඔබට ලැබෙන්නට අවශ්‍ය විදියට රුපයේ පරිදි එම window එකෙන් හදාගන්න පුළුවන්. මම ඔබට කියන්නේ "Prey+control panel" යන්න තෝරන්න කියලා. එවිට පහසුවෙන් ඔබට ඔබේ prey control panel එකෙන් එම report එක බලන්න පුළුවන්.

    Create or log in your Prey account.
    පහත රුපයේ පරිදි මීලග window එකෙන් ඔබ "New User" යන්න තෝරන්න. එසේ නැතිනම් දැනටමත් ඔබ සතුව prey account එකක් ඇත්නම් "Existing user" යන්න තෝරන්න.

    tricks%2Blanka%2B3.jpg


    Give your details.
    මීලග අවස්ථාවේදී ඔබට සිදු වෙනවා contact details submit කරන්න. එහිදී සත්‍ය තොරතුරු ලබාදෙන්න.

    හොදයි දැන් යම් විදියකින් ඔබේ පරිගණකය යම් අයෙක් සොරාගත්තේ නම් පහත දක්වා ඇති පිලිවෙලින් අනුගමනය කරන්න.
    Log in to your "Prey" account.
    Go to configuration.
    Set your devise status as "Stolen"
    Set how often you want generate your stolen devise report minimum time is 10 minutes.
    Select other settings as you want.
    Click "save".
    ඉතින් දැන් එම report එක සැකසී ඔබට ලැබීම සදහා ඔබට ටික වෙලාවක් රැදී සිටින්නට සිදු වෙනවා.

    ඉතින් මෙතැනදී තවත් බොහොම වැදගත් කාරණයක් තියෙනවා කියන්න. ඒ තමයි මෙම prey වැඩසටහන start-up program එකක් ලෙස සකසන විදිය.

    ඒ සදහා start menu හරහා ගොස් prey වැඩසටහන නැවත විවුර්ත කරගන්න. අනතුරුව පහත රූපයේ පරිදි ලැබෙන window එකෙන් "Option for execution" යන්න තෝරන්න.

    tricks%2Blanka%2B4.jpg


    පහත රූපයේ පරිදි මීලගට ලැබෙන වින්ඩෝ එකෙන් "Run as window service" යන්න තෝරන්න. ඒ වගේම එතනින් report එක ලැබෙන කාල පරාසය ත් සකසා ගන්න පුළුවන්.


    prey වැඩසටහන පරිගණකයේ control panel එකෙහි add/remove programs වල නොපෙන්වන අතර තවද එම වැඩසටහන ස්ථාපිත කර තිබෙන folder එක hide කරන්නත් අමතක කරන්න එපා.

    ජය !!

    සැලකිය යුතුයි: - ඔබේ පරිගණකය සොරාගත් පසු ඔබ ඔබේ prey control panel එකෙන් ඔබේ පරිගණකය සොරාගෙන ඇති බවට සැකසුව පසුව සොරාගත් පරිගණකයෙන් එම විස්තර ලැබීම සදහා එය එන්තර්ජාලය සමග සම්බන්ද වී තිබිය යුතුයි.

    Comments එකක් දල යන්න Re-Post නම් Sorry
     
    Last edited:

    Buddhika072

    Active member
  • Sep 16, 2008
    478
    147
    43
    Bahrain
    මචන් අමු අමුවේම කොපි කරලා දාන්න එපා. ගත්තේ කොහෙන්ද කියලත් පොඩ්ඩක් දාපන් මචන්. :(

    උපුටා ගත්තේ. :
    http://www.trickslanka.com/
     

    Tricks Lanka

    Member
    May 1, 2011
    22
    3
    0
    37

    මොනවද මචන් repost?? දෙයියනේ කියල මගේ අත්දෙකින්මයි මම ලියුවේ. නමුත් මේ Upul ගෙඩි පිටින්ම කොපි කරගෙන ඇවිත්. :no:
     

    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    මොනවද මචන් repost?? දෙයියනේ කියල මගේ අත්දෙකින්මයි මම ලියුවේ. නමුත් මේ Upul ගෙඩි පිටින්ම කොපි කරගෙන ඇවිත්. :no:


    ඔව්..ඔව් මම කිව්වේ නැනේ...මේක මම ලියපු එකක් කියල. මුලින්ම ඔයාට ස්තුතීවන්ත වෙනවා Original Poster නිසා.

    එත් මම මේක එළකිරි වල දැම්ම නිසා තවත් අය මේ ගෙන දැනගත්ත නේද......
    මොනවා උනත් අයෙමත් ඔයාට ගොඩාක් ස්තුතියි ....:yes::yes::yes: