පරදේශක්කාරයන් සියවසකට අධික කාලයක් තිස්සේ නැව් පිටින් අප රටේ තාක්ෂණය මුසුවූ නිර්මාණ, පොත්පත් සොරාගත් අතර, ඉතිහාසය මතුවේදොයි බියෙන් සෙල්ලිපි හා වෙනත් සාක්ෂි විනාශ කරනු ලැබීය. සමහර තැන් ජලාශ තනා යට කරනු ලැබීය. අද හෙළබිමේ ඉතිරිව ඇත්තේ වඩාත් ආරක්ෂාකාරීව පැවති ඔවුන් ගේ ඇස නොගැටුණු දේ හා එදා රට ගැන කැක්කුමක් ඇති හෙළයන් සැඟවූ දේ පමණි.
මේ මහනුවර රාජකීය කාලතුවක්කුව - වසර 1700 මුල් කාලයේදී නිපැයුමක්. මෙම කාලතුවක්කුව ලෙව්කේ මුදලි විසින් එදවස රජු ශ්රී විජය රාජසිංහ රජුට තිළිණ කර ලද්දකි. රන් රිදියෙන් වැඩ දමා, මැණික් ඔබ්බවා නිපයු ඉතා අලංකාර නිර්මාණයකි. මෙහි ඇති හෙළ කැටයම් හොඳින් බලන්න. මෙය රාජකීය අමුත්තන් පිළගැනීම සඳහා ආචාර වෙඩිමුර වලට පමණක් යොදාගෙන ඇත.
1765 දී මෙම කාලතුවක්කුව ලන්දේසින් විසින් අල්ලාගෙන 1795 දී නෙදර්ලන්තයට රැගෙන යන ලදී. මෙය දැන් නෙදර්ලන්තයේ ජාතික කෞතුකාගාරයේ ප්රදර්ශනයට තබා තිබේ.
මෙය හොඳින් නිරීක්ෂණය කිරීමේදී මහනුවර යුගයට අයත් කැටයම් හොඳින් නිරීක්ෂණය කළ හැකි බව විදේශීය පරීක්ෂකයින් පවසයි. අප රටට අයත් පව්රානික වස්තුවක් වෙනත් රටක සන්තකයේ තබා තිබීම කණගාටුවට කරුණකි