සොළොස්මස්ථාන

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    [FONT=&quot]සොළොස්මස්ථාන[/FONT]

    solosmasthana_zpsce9e1e96.jpg
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    [FONT=&quot]මහියංගණං නාගදීපං[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]කල්‍යාණං පාද ලාංඡනං[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]දිවාගුහං දීඝවාපී[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]චේතියංච මුතියංගණං[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]තිස්ස මහා විහාරංච[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]බෝධිං මරිචවට්ටියං[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]සොණ්ණමාලී මහා චේතියං[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ථූපාරාම භයාගිරිං[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ජේතවනං සේලචේතියං[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]තථා කාචර ගාමකං[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]එතෙ සොළසඨානානි[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]අහං වන්දාමි සබ්බදා[/FONT]
    [FONT=&quot]

    [/FONT]
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    [FONT=&quot]බෞද්ධයන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විසින් එකම ගාථාවකින් සිද්ධස්ථාන දහසයක්ම එකම තැනක සිට වන්දනා කිරීමට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]භාවිත කරනු ලබන සොළොස්මස්ථාන වඳීන ගාථාව නොදන්නා බෞද්ධයකු සොයා ගැනීම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අපහසුය. මෙම සිද්ධස්ථාන [/FONT][FONT=&quot]16 [/FONT][FONT=&quot]පිළිබද විස්තර මෙසේය...[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]01[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මහියංගණ චෛත්‍යය:-[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]බුද්ධත්වයෙන් නව වැනි මස ලක්දිවට බුදුරජාණන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වහන්සේ පළමුවැනි වරට වැඩි ස්ථානය සිහිකිරීමට මෙම චෛත්‍යරාජයාණන් වහන්සේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඉදිකර ඇත. යක්ෂ ගෝත්‍රික දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් සමථයකට පත් කිරීමට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මෙසේ බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩි සේක. එම ස්ථානයට පැමිණි සමනළ කන්දට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අධිපති සුමන සමන් දෙවියන් බුදුරදුන්ගෙන් පූජා කිරීමට යමක් ඉල්ලා සිටිවිට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලැබුණ කේශධාතුන් වහන්සේ තැන්පත් කොට සමන් දෙවියන් විසින් සත් රියන් උස නිල්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මැණික් චෛත්‍යයක් කරවනු ලැබීය. සරභු මහ රහතන් වහන්සේ විසින් බුදු සිරුර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ආදාහනය වෙමින් තිබියදි ලබාගත් ගි‍්‍රවා ධාතුන් වහන්සේ තැන්පත් කොට දොළොස්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]රියන් උසට චෛත්‍යය විශාල කරන ලදී. දෙවන පෑතිස් රජතුමාගේ සොයුරු උද්ධ චූලාභය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]රජ විසින් තිස්රියන් උසට චෛත්‍යය විශාල කරවන ලදී. දුටුගැමුණු රජතුමා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අසූරියන් උසට චෛත්‍යය විශාල කරවීය. කලක් වල්බිහිව තිබූ අතර විසිවැනි සියවසේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මැද භාගයේ දී එවකට අගමැති ඩී.එස්.සේනානායක මහතා විසින් ප්‍රතිසංස්කරණය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කරවන ලදී.[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]02[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]නාගදීප චෛත්‍යය:-[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස්වැනි වසරේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බක් මස චූලෝදර මහෝදර යන නාග ගෝත්‍රිකයන් දෙදෙනා අතර මැණික් පුටුවක් සඳහා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඇතිවූ සටනක් සමථයකට පත් කිරීමට දෙවැනි වර ලක්දිවට වැඩි අවස්ථාව සිහි කිරීමට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මේ ස්ථානයේ නාගදීප චෛත්‍යය ඉදිකර ඇත. මුහුදෙන් වටවූ. [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]නයිනතිව්[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]නම් දූපත[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නාගදීපය යනුවෙන් නම් කරයි. එම සටනට හේතුවූ මැණික් පුටුව උන්වහන්සේටම පූජා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කළ අතර පසුව එය තැන්පත් කොට චෛත්‍යය තනවා ඇත. රාජායතන නම් වෘක්ෂයද රෝපණය කළ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බැවින් රාජායතන චෛත්‍ය නමින්ද ව්‍යවහාර වේ.[/FONT]
    [FONT=&quot]

    [/FONT]
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    [FONT=&quot]03.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කැලණි චෛත්‍යය:-[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]බුද්ධත්වයෙන් අටවැනි වසරේ වෙසක්පුර පසළොස්වක පෝ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දින බුදුන් වහන්සේ තෙවැනි වරට ලක්දිවට වැඩීම වෙනුවෙන් මෙම චෛත්‍යය තනවා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඇත. දෙවැනි වර නාගදීපයට වැඩි අවස්ථාවේදී මණිඅක්ඛික නා රජු කළ ඉල්ලීමට අනුව[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තෙවැනි වර කැලණියට වැඩියහ. බුදුන් වහන්සේ වැඩ සිටි මැණික් පුටුව නිදන් කොට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මේ චෛත්‍යය යටාල තිස්ස රජු විසින් කරවනු ලැබ ඇත.දැනට දක්නට ඇති එකම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ධාන්‍යාකර චෛත්‍යයයි. සෝලියස් මැන්දිස් චිත්‍ර ශිල්පියා විසින් අඳින ලද[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බිතු සිතුවම් සහිත විහාර මන්දිරය පසු කලෙක තනවා ඇත.[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]04[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ශ්‍රී පාදස්ථානය:-[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]බුදුන් වහන්සේ තෙවැනි වර ලක්දිවට වැඩි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අවස්ථාවේදී සමනළ කන්දට අධිපති සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් සමනළ කන්දට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වැඩ වම් සිරි පතුල් සටහන තැබූ ස්ථානයයි. කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජු බුදු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සිරිපා සටහන දහ අට රියන් ගලකින් ආවරණය කොට ඒ මත සිරිපා සටහනක් කොටා ඇති[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බවක්ද කියැවේ.[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]05.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දිවාගුහාව:-[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]බුදුන් වහන්සේ සමනළ කඳු මත තමන් වහන්සේගේ සිරි පා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සටහන තබා දිවා කාලය ගත කිරීමට පැමිණි ස්ථානය වශයෙන් මේ ස්ථානය සැලකෙයි.[/FONT][FONT=&quot] ‘[/FONT][FONT=&quot]භගවා ලෙන[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]නමින් හැඳින්වෙන මේ ලෙන ඉඩකඩ ඇති ලෙනකි. මෙතැනට රාත්‍රී කාලයේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දී ශ්‍රී පාදස්ථානයේ ආලෝක ධාරා පවා හොඳින් පෙනේ.[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]06[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දීඝවාපි චෛත්‍යය:-[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]බුදුන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටි ස්ථාන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කිහිපයකම චෛත්‍යය ඉදිකර ඇති අතර දීඝවාපි චෛත්‍යයද ඉන් එකකි. අම්පාර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. සද්ධාතිස්ස රජතුමා විසින් තනවනු ලැබ ඇත.එතුමා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විසින් කරවන ලද [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]දීඝවාපි[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]නම් වැව අසල ඇති බැවින් චෛත්‍යයටද ඒ නම යොදා ඇත.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දැනට ඉතිරිව ඇත්තේ චෛත්‍යයේ පහළ කොටස පමණකි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    [FONT=&quot]07.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මුතියංගණ චෛත්‍යය:-[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි මේ චෛත්‍යය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පිහිටි ස්ථානය බුදුන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටි භූමියකි. ජෙට්ඨතිස්ස[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නම් රජ කෙනකු විසින් විශාල කොට තනවනු ලැබ ඇත. දෙතිස්ඵල බෝධින් වහන්සේ නමක්ද[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මෙහි වැඩ සිටිති. මලියදේව රහතන් වහන්සේ ස්ථාන සැටකදී දේශනා කළ [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]ඡඡක්ක[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සූත්‍රය[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]අසා සැට දෙනා බැගින් රහත්වූ බවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මේ ස්ථානයේදීද එසේ සස රින් මිදී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විමුක්තිය ලැබූ බැවින් විමුක්තිය ලැබූ තැන යන අර්ථයෙන් [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]මුතියංගණ[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]යැයි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නම් තබා ඇත.[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]08.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තිස්සමහාරාමය:-[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]සොළොස්මස්ථාන අතර ඇති තිස්ස මහා විහාරය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හම්බන්තොට ආසන්නයේ ඇති තිස්සමහාරාමය බව බොහෝ දෙනා සලකති. කාවන්තිස්ස රජතුමා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විසින් තනවනු ලැබ ඇත. එතුමා විසින්ම බුදුන් වහන්සේගේ ලළාට ධාතුන් වහන්සේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නිදන් කොට තනවන ලද සේරුවාවිල චෛත්‍යයද තිස්ස මහා විහාරය යැයි නම් කරන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බැවින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තිස්සමහාරාමය යනු සේරුවාවිල චෛත්‍යයැයිද මතයක් ඇත. කෙසේ වෙතත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තිස්සමහාරාමයද බුදුන් වහන්සේගේ ශ්‍රී පාද ස්පර්ශය ලද භුමියකි.[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]09.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ශ්‍රී‍්‍ර මහා බෝධින් වහන්සේ:-[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]මිහිඳු මහරහතන් වහන්සේ විසින්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බුදුසමය ගෙන එනු ලැබීමෙන් පසු ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සඟමිත් තෙරණින් වහන්සේ විසින් වැඩමවන ලදුව අනුරාධපුරයේ මහ මෙවුනා උයනේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]රෝපණය කරන ලදී.[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]10.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මිරිසවැටි දාගැබ:-[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]දුටුගැමුණු රජතුමා තිසාවැවට ස්නානය කිරීමට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යද්දි ගලක් මත තබා ගිය කුන්තය (ධාතුන් වහන්සේ තැන්පත් කර ඇති) ආපසු පැමිණ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගැනීමට තැත් කළද අපහසු වූ බැවින් එය වටකොට තැනූ චෛත්‍ය මිරිසවැටි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]චෛත්‍යයයි. ආහාර ගැනීමට පෙර සංඝයා වහන්සේට පුදා ආහාර ගැනීමට පුරුදුව සිටි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]රජතුමාට මිරිස් මාළුවක් පිදීමට අමතක වූ අතර ඒ නිසා මීට [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]මිරිසවැටි[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]දාගැබයැයි නම් කෙරිණි. සියම් රජ කුමරකුගේ ධන පරිත්‍යාගයෙන් පිළිසකර කිරීම්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සිදු කෙරිණි.[/FONT]
    [FONT=&quot]

    [/FONT]
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    [FONT=&quot]11.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]රුවන්මැලිසෑය:-[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]මෙයද දුටුගැමුණු රජතුමා විසින් ඉදිකරනු ලැබ ඇත.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ද්‍රෝණයක් පමණ සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් කර ඇති බැවින් මහා සෑය නමින්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හඳුන්වයි. අඩි [/FONT][FONT=&quot]350[/FONT][FONT=&quot] ක් උස මේ චෛත්‍යය ලක්දිව තුන්වැනි උසම චෛත්‍යයයි.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බුබ්බුලාකාර හැඩයක් ගනී. දුටුගැමුණු රජතුමා මරණාසන්නව සිටියදී [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වැඩ නිමවී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඇති බව පෙන්වීමට සුදුරෙදි වලින් වසා තිබී ඇත. සද්ධාතිස්ස රජ විසින් වැඩ නිම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කරන ලදී.[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]12.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ථූපාරාම චෛත්‍යය:-[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ලක්දිව බුදුසමය ස්ථාපිත වීමෙන් පසු ඉදිකරවූ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මුල්ම චෛත්‍යයයි. මිහිඳු මහ රහතන් වහන්සේට වැඳුම් පිදුම් කිරීමට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දේවානම්පියතිස්ස රජු විසින් කරවනු ලැබ ඇත. සුමන සාමණේරයන් වහන්සේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දෙව්ලොවෙන් ලබාගත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බුදුන් වහන්සේගේ දකුණු අකුධාතුව නිදන් කර තනා ඇත. උස[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අඩි [/FONT][FONT=&quot]59 [/FONT][FONT=&quot]කි. වසභ රජතුමා විසින් ඒ වටා චේතිය ඝරයක් කරවනු ලැබ ඇත. බුදුන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටි භූමියකි.[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]13.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අභයගිරි චෛත්‍යය:-[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ලෝකයේ උසම චෛත්‍ය අතරින් දෙවැනි වන මෙම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]චෛත්‍යය ලක්දිවද දෙවැනි උසම චෛත්‍යයයි. අඩි [/FONT]
    [FONT=&quot]370[/FONT][FONT=&quot][/FONT][FONT=&quot] ක් උසවේ. වට්ටගාමිණී අභය[/FONT][FONT=&quot] ([/FONT][FONT=&quot]වළගම්බා) රජු විසින් කරවනු ලැබ ඇත. රජු පලා යද්දී [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]මහා කළු සිංහලයා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පලායයි[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]යනුවෙන් කී ගිරි නිඝණ්ඨක සිටි ආරාමය කඩා බිඳ දමා දෙවැනි වරට බලයට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පැමිණ මෙය කරවා ඇත. තමාගේ නම හා ගිරි නිඝන්ඨයාගේ නම එක් කොට නම් කර ඇත.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සැඟවී සිටියදී රැකවරණය දුන් කුපික්කල විහාරතිස්ස හිමියන්ට පූජා කර ඇත. ඒ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සිද්ධියට සමගාමීව ලක්දිව නිකාය භේදය ආරම්භ විය. සංස්කෘතික ත්‍රිකෝණ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වැඩපිළිවෙළ යටතේ අභයගිරි චෛත්‍යයෙහි ප්‍රතිසංස්කරණ කටයුතු කෙරෙයි.[/FONT]
    [FONT=&quot]


    [/FONT]
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    [FONT=&quot]14.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ජේතවන චෛත්‍යය:-[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ලෝකයේ උසම හා ලක්දිව උසම චෛත්‍යයයි. අඩි [/FONT]
    [FONT=&quot]400[/FONT][FONT=&quot][/FONT][FONT=&quot] ක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]උසය. මහසෙන් රජතුමා විසින් බුදුන් වහන්සේගේ පටි ධාතුන් වහන්සේ තැන්පත් කොට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කරවනු ලැබ ඇත. කොහොන්තිස්ස නම් භික්ෂුන් වහන්සේට පූජා කර ඇත. බුදුන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටි තැනකි. සංස්කෘතික ත්‍රිකෝණ වැඩපිළිවෙළ යටතේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පිළිසකර කෙරෙයි.[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]15.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සේල චෛත්‍යය:-[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]මිහින්තලයේ අම්බස්ථලයට ඉහළින් ගල්තලාවක පිහිටි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බැවින් ශෛල හෙවත් සේල චේතිය යැයි නම් කෙරෙයි. බුදුන් වහන්සේගේ ඌර්ණ රෝම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ධාතුන් වහන්සේ තැන්පත් කොට තනවා ඇත. මහා දාඨික මහානාග රජ විසින් කරවනු ලැබ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඇත. බුදුන් වහන්සේ මෙබිමෙහි සමවත් සුවයෙන් වැඩ සිට ඇත.[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]16.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කතරගම කිරි වෙහෙර:-[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරු මහානාග රජු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විසින් කරවනු ලැබ ඇත. බුදුන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටි රන් පුටුවද[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කේශධාතුන් වහන්සේ ද නිදන් කොට මේ චෛත්‍යය කරවා ඇත. මුලින් මංගල මහා චෛත්‍ය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යැයි නම් කර ඇති අතර කිහිරි ගස්වලින් යුත් උයනක කරවූ බැවින් කිරි වෙහෙර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යැයි නම් කෙරිණි. මේ අසලම අෂ්ඨඵල බෝධින් වහන්සේගෙන් එක් නමක් රෝපණය කර ඇත.[/FONT]
    [FONT=&quot]

    [/FONT]
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    [FONT=&quot]ඉහත සඳහන් කළ සොළොස්මස්ථාන හැර තවත් බෞද්ධ පුද බිම් රැසක්ම අපට හිමිව[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඇත. මේ අතරින් බුදුන් වහන්සේගේ එක් දළදා වහන්සේ නමක් සුරක්ෂිතව තැන්පත් කොට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වැඳුම් පිදුම් කරන මහනුවර දළදා මැඳුර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තවත් දළදා වහන්සේ නමක් නිදන් කොට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තනා ඇති සෝමවතී චෛත්‍යය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බුදුන් වහන්සේගේ ලළාට ධාතුන් වහන්සේ තැන්පත් කොට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඉදිකර ඇති සේරුවාවිල චෛත්‍යය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තපස්ස භල්ලුක වෙළෙඳ සොහොයුරන්ට ලැබුණු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කේශධාතුන් වහන්සේ තැන්පත් කොට ඉදිකර ඇති ගිරිහඬු සෑය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එසේම අවුකන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මාලිගාවිල සහ පොළොන්නරුවේ ගල් විහාරය වැනි සිද්ධස්ථානද අතිශය වැදගත්කමක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගනී.[/FONT][FONT=&quot]

    [/FONT]