ඔසී යනව නම් ස්කිල් මයිග්‍රෙශන් වලින්, මෙතනට ගිහින් තමන්ට තියන පොයින්ට්ස් චෙක් කරගන්න. දැන් ඩිමාන්ඩ් එක වැඩි හින්ද ටෝටල් පොයින්ට්ස් 80+ තියෙන්න ඔනෙ කොහෙට යන්නත්.
තමන්ගෙ පොයින්ට්ස් ටික තමන්ටම හදල බලාගන්න පුලුවන් මෙතනින් -
https://immi.homeaffairs.gov.au/help-support/tools/points-calculator
මේ විදිහට තමයි පොයින්ට්ස් වෙනස් වෙන්නෙ. ඊට අමතරව පාර්ට්නර් පොයින්ට්ස්, ස්පොන්සර්ශිප් පොයින්ට්ස් එහේම පොඩ්ඩ පොඩ්ඩ දාගෙන >= 80 ගන්න.
Age -
* 18 - 25 yrs = 25 points
* 25 - 33 = 30 points
* 33 - 40 = 25 points
* 40+ = 15 points
Experience -
* 3 - 5 yrs = 5 points
* 5 - 8 yrs = 10 points
* 8+ yrs = 15 points
* You will get more points if you have work in Australia before.
* එක්ස්පීරියන්ස් වෙරිෆයි කරගන්න තමන්ගෙ සර්විස් ලෙටර්ස් ඔක්කොම යවන්න ඕනෙ Australian Computer Society (ACS) එකට. මෙකෙදි කරපු ප්‍රොජෙක්ට්ස්, යූස් කරපු ටෙක්නොලොගීස්, තමන්ගෙ රෝල් එක සහ රෙස්පොන්සිබිලිටීස් ඔක්කොම දාන්න ඕනෙ සර්විස් ලෙටර් එකට. එයාල ඒව බලල තමයි ඩිසයිඩ් කරන්නෙ ඔයාට SE ෆීල්ඩ් එකට හරියන එක්ස්පීරියන්ස් අවුරුදු කීයක් තියනවද කියල. ඉන්ටර්න් පීරියඩ් එක ගනන් ගන්නෙ නෑ. ACS තීරණය මත තමයි එක්ස්පීරියන්ස් පොයින්ට්ස් ටික තීරණය වෙන්නෙ.
Qualifications -
* PhD = 20 points
* Bachelors = 15 points
English Competency
* IELTS 7 / PTE 65+ = 10 points
* IELTS 8 / PTE 79+ = 20 points
IELTS කරන්න කැමති අය ඒක කරන්න. නැත්තම් PTE කරන්න. පර්සනලි මට නම් PTE ලේසී ඔන්ලයින් එකක් හින්දා. පොඩි පොඩි ජිල්මාර්ට්ස්/ට්‍රික්ස් තියනව යූස් කරල ස්කොර් කරන්න පුලුවන්.
--------------------------------
* මුලුන්ම ACS validation එකට ඇප්ලයි කරන්න. ඒ ප්‍රොසෙස් එකට මාස 2ක් විතර යනවා.
* ඒ අතරෙ IELTS/PTE කරන්න. PTE රිසාල්ට්ස් දවස් 2න් එනවා. IELTS රිසාල්ට්ස් 2 වීක්ස් වගෙ ඇතුලත එනව.
* උඩ ඒවගෙ රෙසාල්ට්ස් ආවම අවශ්‍ය කරන පොයින්ට්ස් ටික තියනව නම්, ඊට පස්සෙ එකක් EOI (Expression of Interest) ලොග් කරන්න ඕනෙ. එකෙන් කියන්නෙ මන් මෙහෙ ඇවිත් වැඩකරන්න කැමතී වගෙ දෙයක් කියල ස්ටේට්ස් ස්පොන්සර්ශිප් එකක් ඉල්ලනව වගේ වැඩක්. ඒකට ස්පොන්සර්ශිප් එකක් ලැබුනොත් ඉතින් වැඩේ ඕල්මෝස්ට් හරි. මේකට නම් ටික කාලයක් යනව. ඉක්මනට ලැබිච්ච උනුත් ඉන්නව.
* EOI ආවට පස්සේ ඉතින් තියෙන්නෙ වීසා ඇප්ලයි කරන්න.
** ඔච්චරයි