සෝතාපන්නයින් 8 වැනි භවයට නොගොස් රහත්වීම

noble

Member
Mar 16, 2011
96
21
0
සෝතාපන්නයින් 8 වැනි භවයට නොගොස් රහත්වීම

aniwheel2.gif


මෙය දීර්ඝතම බුද්ධ මාර්‍ග න්‍යායයි. සෝතාපන්න වීමට සංයෝජන දහයෙන් 3 ක්ෂය කල නිසා තව දුරටත් ඇත්තේ සංයෝජන 7 ක් ක්ෂය කිරීමට පමණි. ඉඳින් එක් භවයක් තුල එක සංයෝජනය බැගින් ක්ෂය කලත් භව හතේ සංයෝජන සියල්ල ක්ෂය වන නිසා අටවන භවයට නොයාම න්‍යායකි. න්‍යාය එසේ වුවත් බොහෝ සෝතාපන්නයින් ඊට අඩු භව ගණනකින් නිවන් දකී. (ඊලඟ භවයේදිම )

ඉඳින් භව 7ක්ම ඉපදිය හැක්කේ කාම සුගති හතයි. ඒ සදෙව් හා මිනිස් ලොවයි. ඉඳින් ඔහුන්ට සත් සුගතියේ ඉපදීමට අවකාශ තිබුනත් ඉපදෙන්නේ සම්බෝධි පරායනය සඳහයි.

ඔහුන් සෝවාන් වී අභාවප්‍රාප්ත වන විට සදිව්‍ය ලෝකවල දෙවිවරු ඔහුගේ සිත, මෙලොවින් චුතවීමට පෙර පැමිණ, "නිදුකාණෙනි, අප දෙව්ලොව දිව්‍ය සභාවට පැමිණෙන්න. එය අපට මහත් ලාභයකි" කියා ආරාධනා කරත්. මිනිස් ලොවෙන් ආරාධනා නොලැබෙත්. ඒ මන්ද සෝතාපන්නයා මිනිසුන්ට හඳුනා ගත නොහැකිවීමම අභාග්‍යකි.

ඉඳින් මේ සෝතාපන්න්න උතුමා මරණාසන්නයෙහි සති පඤ්ඤාවෙන්ම චුත වෙයි. එබැවින් ඔහුට ඉතා ඉක්මනින් නිවනට යන්නට හැකි දෙව් ලොව තෝරා ගනියි. බෝහෝ අය තෝරා ගෙන ඇත්තේ චාතුර්මහ රාජිකයයි. ඒ "සුඛා පටිපදා සුඛා අභිඤ්ඤා"වෙන් නිවන් දැකීමට ඇති පුණ්‍ය සම්භාරය නිසාය.

සෝවාන් වූවෝ "ජාත සෝතාපන්නයෙකු" වී මිනිස් ලොව පැමිණෙන්නේ කලාතුරකිනි. (ජාත සෝතාපන්නයා යනු පෙර භවයක දී සෝවාන් ඵලයට පැමිණ, මරණයට පත් වී, නැවත භවයක උපත ලබන උත්තමයන්ය.)

මෙතෙක් කිසිම බුද්ධොත්පාද කාලයක එවැනි "ජාත සෝතාපන්නයෙකු" මිනිස් ලොව වරක් හෝ කීප වරක් හෝ ඉපදී ඇති බවට කිසිම පොතක පතක හෝ ජනකතා වලින් හෝ ත්‍රිපිටකය, අර්ථ කථාවල, මහවංශය, චූලවංශය යන පොත්වල වත් මෙලොව බිහිවූ ජාත සෝතාපන්නයින් ගැන කිසිම සඳහනක් නැත.

අපේ බුදුරදුන් කල සෝවාන්, සකෘදාගාමි වී අනාගාමි හෝ රහත් නොවූ සියලු දෙනාම පාහේ චතුර්මහ රාජිකය ප්‍රධානකොට පහල වී ඇති බව "ආටානාටිය" මහාසමය" සූත්‍ර වැනි සූත්‍රවල සඳහන් වී ඇත. අනාථ පිණ්ඩික වැනි උදවිය තාවතිංසයට ගිය බව සඳහන් වේ.
 

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    aniwheel2.gif




    මෙතෙක් කිසිම බුද්ධොත්පාද කාලයක එවැනි "ජාත සෝතාපන්නයෙකු" මිනිස් ලොව වරක් හෝ කීප වරක් හෝ ඉපදී ඇති බවට කිසිම පොතක පතක හෝ ජනකතා වලින් හෝ ත්‍රිපිටකය, අර්ථ කථාවල, මහවංශය, චූලවංශය යන පොත්වල වත් මෙලොව බිහිවූ ජාත සෝතාපන්නයින් ගැන කිසිම සඳහනක් නැත.


    මමත් දන්න තරමින් එහෙම නැහැ.

    ඒත් බලන්ගොඩ හාමුදුරුවෝ එහෙම පොත් වල තමන්ට හමු වුනා යයි කියන එවැනි අය ගැන දක්වල තියනවලු...:baffled:

    හරිම ගැටළුවක්...

    එවැනි අය හමු වුනා නම් ඒ අය දෙව්ලොව නොගිය කාරණය පැහැදිලිව කිව්වනම් හොඳයි.
     

    noble

    Member
    Mar 16, 2011
    96
    21
    0
    මමත් දන්න තරමින් එහෙම නැහැ.

    ඒත් බලන්ගොඩ හාමුදුරුවෝ එහෙම පොත් වල තමන්ට හමු වුනා යයි කියන එවැනි අය ගැන දක්වල තියනවලු...:baffled:

    හරිම ගැටළුවක්...

    එවැනි අය හමු වුනා නම් ඒ අය දෙව්ලොව නොගිය කාරණය පැහැදිලිව කිව්වනම් හොඳයි.

    සෝවාන් මාර්ගඵල ලැබූ බව තමා හැර අන් කිසිවකු දැන ගැනීමට විදියක් නෑ. ඔහු ඒ බව බුදුන්ට හෝ රහතුන්ට ප්‍රකාශ කළ යුතුය. සෝවාන් මාර්ගඵලය පෘථක්ජනයන්ට ප්‍රකාශ කිරීමට සෝතාපන්නයන් මැලි වන්නේ ඔහුන් කෙරෙහි සැක සංකාර කරමින් පෘථක්ජනයන් අපහාස අවලාද කර අකුසල් රැස් කරගන්නා හෙයිනි. එබැවින් ඔහුන් බුදුන්ට හෝ රහතුන්ට තම ඵලය ප්‍රකාශ කොට අනුමෝදන් කරගනී. මේ තත්වය උන්වහන්සේලා මැනවින් දන්නා නිසා හරියට තත්වය උන්වහන්සේට ප්‍රකාශකලහොත් "සාධු, සාධු", "ඔබ සතර අපායෙන් නිදහස් විය, අටවෙනි භවයකට නොයයි. නොඉපදිය යුතු ස්ථාන හයේ නොඉපදෙයි. භව 7කින් මෙහා රහත් අධිගමනය ලබා නිවන් දකියි. ධම්ම ඨිතියට පත් සම්බෝධි පරායනට පත් කෙනෙකුය" ය කියා අනුමෝදන් වේ.

    ඔහුන් මිනිස් ලොවට එන්න කැමති නැත්තේ සකෘදාගාමී වීමට මිනිස් ලොව පහසු ස්ථානයක් නොව, ජීවිතය ගෙනයාමට අහිතකරම සුගතියයි. මිනිස් ලොව දුක් ජීවිතයක් ගත කරමින්, කාම රාග, පටිඝ නැති කිරීම හෝ රූප රාග, අරූප රාග නැති කිරීම හෝ එතරම් පහසු කාර්යක් නොවේ. එබැවින් සෝවාන් වුවහොත් "ජාත සෝතාපත්තයකු" වී මිනිස් ලොව ඉපදීමට පැමිණෙන්නේ ඉතාමත් කලාතුරකිනි.
     
    Last edited: